Author: Buzzer Editor

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ, යුරෝපා රටවල් අනුගමනය කරන්නේ නම් සෑම වසරකම වායු දූෂණය හේතුවෙන් සිදුවන මරණ දෙලක්ෂ 38,000 ක් පමණ වළක්වා ගත හැකි බව යුරෝපා පරිසර ඒජන්සිය එළිදැක්වූ වාර්තාවක වෙයි. වායු දූෂණය සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීමට හැකිවන්නේ නම්, මරණ ලක්ෂ 4 කට වඩා වැඩි ප්‍රමාණයක් වළක්වා ගත හැකි බව ද එම වාර්තාවේ දැක්වෙයි. පසුගියදා යුරෝපා සංගම් කවුන්සිලය රැස්වුණු අතර, 2030 වසරේ සිට වායු දූෂණය අවම කරගැනීමට සඳහා නව නීති සකස් කිරීමට එකඟ වූ බවය. ප්‍රංශය පෝලන්තය, ඉතාලිය, ඔස්ට්‍රියාව, බෙල්ජියම, ස්පාඤ්ඤය, ඩෙන්මාර්කය ඇතුලු රටවල් 27 ක් යුරෝපා සංවිධානයට අයත් වෙයි. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

ශ්‍රී ලංකාව සිය කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග හොලිවුඩයේ ජනප්‍රිය නළුවකු වන ජේසන් මමෝවා ගේ සතුටට හේතුවක් වී ඇත. 45 හැවිරිදි මමෝවා, ලොව පුරා ලොකු කුඩා කා අතරේත් ජනප්‍රිය වී සිටින්නේ, ‘ඇක්වා මෑන්’ නමැති සුපිරි වීරයාගේ චරිතයට පණ පොවමිනි. ජේසන් මමෝවා, මෙරට තරුණ තරුණියන්ගේ, විශේෂයෙන් තරුණියන්ගේ ආදරණීය රංගන ශිල්පියෙකි. රංගන ශිල්පියකු ලෙස ලැබූ ජනප්‍රියත්වයත් සමඟ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, පරිසර වැඩසටහන් හා සම්බන්ධ විශේෂ නියෝජිතයකු ලෙස ද මමෝවා කටයුතු කරයි. ඒ, සාගරය සුරැකීම සහ සාගර පරිසර පද්ධති ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ලෝවැසියන් දැනුවත් කරමිණි. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඔවුන්ගේ ‘වර්ල්ඞ් රෙස්ටෝරේෂන් ෆ්ලෑග්ෂිප්’ වැඩසටහන යටතේ, ආර්ථික සංවර්ධනයක් පෙන්නුම් කරමින්, සාගර පරිසර…

Read More

පවතින අධික උෂ්ණත්වය මාසයක පමණ කාලයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සුළඟ නිශ්චිත දිශාවකින් තොරව හමායෑ​ම හා වායුගෝලයේ ජල වාෂ්ප අඩුවීම මෙම උණුසුම් කාලගුණය ඇතිවීමට හේතුව බවයි එහි අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අජිත් විජේමාන්න සඳහන් කළේ. කෙසේ නමුත් රතු නිවේදන නිකුත් කරන මට්ටමකට මෙය පැමිණ නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් ගොනුකර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික විරෝධතා මතුකර තිබෙනවා. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත පාර්ලිමේන්තුව තුළදී නිත්‍යානුකූලව සම්මතවී නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා එම පෙත්සම ගොනුකර තිබෙනවා. මෙම පෙත්සම සලකාබැලීම සඳහා ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. (එසැණ) Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

රුසියන් විපක්ෂ නායක තම සැමියා ඇලෙක්සි නෙවල්නි ඝාතනය කළේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් බවත්, නෙවල්නි මියගියත්, ‘නිදහස් රුසියාවක්’ වෙනුවෙන් ඔහු ආරම්භ කළ සටන අත්හැරීමට තමන් සූදානම් නැති බවත් නෙවල්නිගේ බිරිඳ යුලියා නවල්නායා පවසයි. නෙවල්නිගේ බිරිඳ මෙසේ පැවැසුවේ, මිනිත්තු නවයක වීඩියෝ පටයක් හරහාය. එම වීඩියෝ පටය ඊයේ (19) මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් විය. ‘දින තුනකට කලින් ව්ලැදිමීර් පුටින් මගේ සැමියා ඇලෙක්සි නෙවල්නි ඝාතනය කළා. ඒ සමඟ මගෙන් කොටසක් මියගියා. මගේ හදවතෙන් කොටසක්, ආත්මයෙන් කොටසක් මියගියා. මගේ සැමියා වෙනුවෙන් මම ඔහුගේ සටන අත්හරින්නේ නැහැ. දූෂණයෙන්, වංචාවෙන් තොර රුසියාවක් වෙනුවෙන් මගේ සැමියා ගෙන ගිය සටන මා ඉදිරියට ගෙන යනවා. මගේ රට වෙනුවෙන්, අපේ…

Read More

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය අද (20) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ අනුව වගන්ති කිහිපයක් විශේෂ බහුතරකින් සහ තවත් වගන්ති කිහිපයක් විශේෂ බහුතරයකින් හා ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට තීන්දු කර තිබෙනවා. කෙසේ නමුත් කාරක සභා අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර ඇති සංශෝධන සිදු කරන්නේ නම් පමණක් පාර්ලිමේන්තුවේදී සරල බහුතරයකින් එය සම්මත කළ හැකි බවයි එම තීරණයේ වැඩිදුරටත් දක්වෙන්නේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ  ඛාවඩා හි පළමු MW 551 සූර්ය ධාරිතාව ක්‍රියාත්මක කරයි. – වාර්ෂිකව විදුලි ඒකක බිලියන 81ක් උත්පාදනය කිරීම සඳහා ඛාවඩා හි පිරිසිදු බලශක්තිය 30 GW සංවර්ධනය කිරීමට අදානී ග්‍රීන් එනර්ජි සමාගම සැලසුම් කරයි. – මෙමඟින් ඉන්දියාවේ නිවාස මිලියන 16.1ක් පමණ බලගැන්වීමට හැකියාව ලැබෙන අතර වාර්ෂිකව කාබන් විමෝචනයෙන් ටොන් මිලියන 58ක් පමණ වළක්වා ගත හැකිය. දකුණු ආසියාවේ විශාලතම පුනර්ජනනීය බලශක්ති (RE) සමාගම මෙන්ම ලෝකයේ දෙවන විශාලතම සූර්ය PV සංවර්ධකයා වන අදානි ග්‍රීන් එනර්ජි සමාගම (Adani Green Energy Limited (AGEL),) ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඛාවඩා හී ඉදිකරන ලද පුනර්ජනනීය බලශක්ති උද්‍යානයේ 551 MW පමණ සූර්ය ධාරිතාවක් ක්‍රියාත්මක කර තිබේ. මාර්ග ඇතුළු…

Read More

බ්‍රිතාන්‍ය සිනමා සහ රූපවාහිනී සම්මාන උලෙළ හෙවත් ‘බෙෆ්ටා’ සම්මාන උළෙල ලන්ඩන් නුවර රෝයල් ෆෙස්ටිවල් රඟහලේ පැවැත්විණි. මෙවර සම්මාන උළෙලේ ක්‍රිස්ටෝපර් නෝලන් අධ්‍යක්ෂණය කළ ‘ඕපන්හයිමර්’ චිත්‍රපටය, හොඳම චිත්‍රපටයට අමතරව, ප්‍රධාන සම්මාන රැසක් දිනා ගත්තේය. හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූයේ ‘ඕපන්හයිමර්’ චිත්‍රපටයේ පරමාණු බෝම්බය නිපදවූ ඕපන්හයිමර්ගේ චරිතය රඟ දැක්වූ කිලියන් මර්ෆිය. චිත්‍රපටයේ අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් නෝලන් හොඳම අධ්‍යක්ෂවරයා ලෙස සම්මානයට පාත්‍ර විය. හොඳම සහාය නළුවා ලෙස සම්මානය දිනුවේ ‘ඕසපන්හයිමර්’ චිත්‍රපටය වෙනුවෙන් එහි රංගනයෙන් දායක වූ ජනප්‍රිය නළු රොබට් ඩවුනි ජූනියර්ය. හොඳම සංස්කරණය, සංගීතය ඇතුළු තවත් සම්මාන රැසක් ද ‘ඕපන්හයිමර්’ චිත්‍රපටය දිනාගත්තේය. ‘බෙෆ්ටා’ සම්මාන උළෙල මෙවර පැවැත්වූයේ 77 වැනි වරටය. සම්මාන උළෙලේ හොඳම…

Read More

පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමග දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 3 – 4 අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙන බව ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, නොයෙල් ප්‍රියන්ත පැවසුවා. මේ වන විට ජල විදුලි බලාගාර ආශ්‍රිත ජල ධාරිතාව, 83% ක් දක්වා පහත වැටී ඇති බවත්, ඒ අනුව ජල විදුලි උත්පාදනය 21% ක් දක්වා පහළ ගොස් ඇති බවත් ඔහු පෙන්වා දෙනවා. මේ හේතුවෙන් විදුලිය ජනනයෙන් 64% ක්ම සිදු කරන්නේ තාප බලාගාර හරහා වන නිසා හැකිතාක් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට දැනුම් දෙන්නේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

ඉන්දු – කැනඩා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අර්බුදයකට ලක් වී ඇති මොහොමක, දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතරේ හමුවක් පැවැත්විණි. මෙම හමුව පැවැත්වූයේ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් සහ කැනඩා විදේශ ඇමැතිනී මෙලීන් ජොලී ජර්මනියේ පැවැත්වෙන ආරක්ෂක සමුළුවට සහභාගී වූ අවස්ථාවේදී, එම සමුළුවට සමගාමිවය. දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා යළි වර්ධනය කර ගන්නා ආකාරය සහ වර්තමානයේ ගෝලීය වශයෙන් පවතින අභියෝග සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More