Author: Buzzer Editor

යාල උද්‍යානයේ සතුනට හිංසා වන අයුරින් ජීප් රථ පැදවීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවන් නම දෙනකු අත්අඩංගුවට ගත් බව යාල උද්‍යාන භාරකර මනෝජ් විද්‍යාරත්න සඳහන් කළේය. එදින පැදවූ බව කියන ජීප් රථ හතක් මේ වන විට වනජීවී බාරයට ගෙන ඇත. ඔවුන් අද දින තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read More

ආහාර අපට අත්‍යවශ්‍යම දෙයක්. ඒ වුණත් අපි ගන්නා ආහාර ඒ ආකාරයෙන්ම අපේ ශරීරයට ප්‍රයෝජනයට ගන්නට අපහසුයි. ආහාර සරල තත්ත්වයට පත්වීම එහෙමත් නැත්නම් තීරණය විය යුතුය. අපි ලබාගන්නා ආහාර ජීරණය වීමට ගතවන කාලය අපේ සෞඛ්‍ය සම්පන්න බවට හේතු වන නිසාම ඒ ක්‍රියාවලිය වැඩිදියුණු කරවා ගැනීමට ඉඟි 10 ක් අපි ඉදිරිපත් කරමු. 1. කෙඳි සහිත ආහාර වැඩිපුර ලබා ගන්න ඔබ ලබාගන්නා ආහාර වේලක අඩංගු වන කෙඳි සහිත ආහාර ප්‍රමාණය වැඩිවීම ආහාර ජීරණය වීමෙන් පසුව ශරීරයට අවශෝෂණය කර ගැනීමේ ක්‍රියාවලිය පහසු කරවයි. ඒ නිසාම කාර්යක්ෂම හා නිරෝගී ආහාර ජීරණ පද්ධතියක හිමිකමක් ඔබට ලබාගත හැකි වේ. 2. වැඩිපුර ජලය පාවිච්චි කරන්න ජලය මගින් අපේ…

Read More

පවතින ආර්ථික අර්බුදය සමඟ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 100 ක පමණ හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ ECG ලබාගන්නා කඩදාසි හිඟය මෙන්ම, X-Ray ඇතුළු විකිරණශීලී පරීක්ෂණ සිදු කිරීමේ ගැටලුද මේ වන විට මතුව ඇති බවයි. මේ අතර රට තුළ පවතින ඖෂධ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊට අදාළ විශේෂ කමිටුව දිනපතා රැස්වීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල තීරණය කර ඇති බව වාර්තා වනවා.

Read More

රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට මැදහත්කරුවකු වෙන්නැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හට ඔහුගේ ඩිමොක්‍රටික් පක්ෂ සාමාජිකයන්ගෙන් බලපෑම් එල්ල වෙමින් පවතින බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. රුසියාව, යුක්රේනය ආක්‍රමණය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. ඒ, යුක්රේනය රුසියාවට තර්ජනයක් වෙමින්, ‘නෝටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකත්වය අපේක්ෂා කළ බැවිනි. ‘නේටෝ’ යනු රුසියාවේ තර්ජන පිටුදැකීමේ අරමුණින් පිහිටුවා ගනු ලැබූ යුද සන්ධානයයි.(රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහවයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More

වැඩි කළ ඉන්ධන සලාකය ලබාදීමේ හැකියාව පවතින්නේ මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ සඳහා පමණක් බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසනවා. ඒ අනුව දුරකථන අංකය හරහා ත්‍රීරෝද රථය මගී ප්‍රවානයේ යෙදෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් නියාමනය වන බවයි ඔහු සඳහන් කළේ. මගී ප්‍රවාහනයේ අදාළ ත්‍රීරෝද රථය නොයෙදෙන බවට අනාවරණය වුවහොත් වැඩි කළ ඉන්ධන සලාකය අහිමිවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

ණය ප්‍රතිව්‍යහුගත කිරීමේ ක්‍රියාවලියට සමගාමීව පැවති සාකච්ඡාවලදී සියලු ණයහිමියන් ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට කැමැත්ත පළකළ බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් සංවිධානය කරනු ලැබු ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව සම්මන්ත්‍රණ අමතමින් ඔහු මේ බව සඳහන් කළා. මෙරට බැංකු පද්ධතියේ අර්බුදයක් ඇතිවනු දැකීම අපේක්ෂා නොකරන බව සෑම ණයහිමියෙක්ම පැහැදිලිව ප්‍රකාශ කළ බවද, ඉදිරියේදී හෝ ණය හිමියන්ට ඔවුන්ගේ ණය නැවත අයකර ගැනීම සඳහා මෙරට ශක්තිමත් බැංකු පද්ධතියක් පැවැතිය යුතු බවද ඔහු පෙන්වා දුන්නා. එසේම ආර්ථිකය ප්‍රකෘතිමත්වීමේ මාවතට අවතීරණයවීම රඳාපවතින්නේ, වැදගත් යැයි හඳුනාගැනුණු ප්‍රතිසංස්කරණ බලධාරීන් විසින් කෙතරම් සාර්ථකව ක්‍රියාවට නංවන්නේද යන සාධකය මත බව​ද,…

Read More

T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා. තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 157 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දුවට පහරදීමේදී පැතුම් නිස්සංක ලකුණු 40 ක්, ධනංජය ද සිල්වා ලකුණු 26 ක් හා නොදැවී පන්දුවට පහරදෙමින් විශිෂ්ට පිති හරඹයක නිරත වූ චරිත් අසලංක ලකුණු 38 ක් ලබා ගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම 17 වන පන්දුවාරයේදී කඩුලු 3 ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.…

Read More

වහල මත සවිකරන සෝලාර් පද්ධති වෙනුවෙන් ලබාදෙන ගාස්තු සංශෝධනයට අනුමැතිය හිමිවී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව මීට පෙර පැවති රු.22ක සහ රු.15.50ක ස්ථර දෙකක ගාස්තු ක්‍රමය වෙනුවට, 500KW ට අඩු පද්ධති වෙනුවෙන් රු.37ක ස්ථාවර ගාස්තුවක් සහ 500KW ට වැඩි පද්ධති වෙනුවෙන් රු.34.50ක ස්ථාවර ගාස්තුවක් ලබාදීමට අවසර හිමිව තිබෙනවා. වහලය මත සූර්යබල පද්ධති සවිකරන්නන් වෙනුවෙන් වසර 20ක් සඳහා මෙම නව ගාස්තු ලබාදෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

Read More

ඔස්ට්‍රේලියානු දඟපන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පා ට කොවිඩ් 19 රෝගය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව ඔහුට T20 ලෝක කුසලානයේ අද (25) ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තර​ඟය ස​ඳහා ක්‍රීඩා කිරීමට නොහැකි වීමේ අවදානමක් මතුව ඇති බවයි සඳහන් වන්නේ. ICC රෙගුලාසිවලට අනුව කොවිඩ් 19 රෝගය ආසාදනය වූ ක්‍රීඩකයෙකුට වුව ද මෙවර ලෝක කුසලානයේ දී ක්‍රීඩා කිරීමේ අවස්ථාව පවතිනවා. කෙසේ නමුත් ඇඩම් සම්පා අද තරඟයට සහභාගී වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

Read More