Author: Buzzer Editor

එන්නතක් රුපියල් 255 කට මිලදී ගැනීමට ඇස්තමේන්තු කර තිබියදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව එකක් රුපියල් 40,869 බැගින් එන්නත් 1,563ක් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි හතකට ආසන්න මුදල් වැය කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබේ. රාජ්ය් ඖෂධ නීතිගත සංස්ථාව සම්බන්ධයෙන් සිදුකළ විගණනයකදී අනාවරණය වූ කරුණු අනුව විගණකාධිපති දෙපාර්තමේන්තුව මෙම නිර්දේශය කර ඇත. එම විගණන වාර්තාවට අනුව ලිංගික උත්තේජනය සඳහා භාවිත කරන මෙම එන්නත ඇස්තමේන්තු කළ මිලට හෝ ඒ ආසන්න මිලකට මිලදී ගත්තේ නම් වැයවන්නේ ලක්ෂ හතරකට ආසන්න මුදලකි. එහෙත් සංස්ථාව මෙම එන්නත සඳහා රුපියල් හයකෝටි අසූහත් ලක්ෂයක මුදලක් වැය කර ඇතැයිද විගණන වාර්තාවේ සඳහන්වේ.

Read More

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින පහල වායුගෝලයේ කැළඹිලි තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බැවින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර , ඌව, උතුරු සහ උතුරු මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර නැගෙනහිර , ඌව, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 වැඩි තද වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන…

Read More

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හටගත් දෝෂය මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබෙනවා. ඒ අනුව අද (09) උදෑසන සිට යළි විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට හැකි බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් ඊයේ (08) දහවල් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලුම ප්‍රාදේශීය කාර්යාලවලින් විදෙස් ගමන් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවා තිබුණා.

Read More

මිල්ලනිය ගුංගමුව කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන්ට වධ හිංසා පැමිණවීමේ සිද්ධියට අදාලව එම විදුහලේ විදුහල්පතිවරයා සහ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මගේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. ඒ අනුව ඔවුන් එළඹෙන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මෙලෙස නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

Read More

සංවර්ධිත රටවල අසීමිත කාර්මීකරණය දේශගුණික විපර්යාසවලට මූලික හේතුව වන අතර එහි ප්‍රතිවිපාක සංවර්ධනය වෙමින් පවතින රටවලට විඳීමට සිදුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. COP 27 දේශගුණික විපර්යාස සමුළුව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ප්‍රමාණවත් අරමුදල් නොමැතිකම හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන ගැටලු උග්‍ර වී ඇති බවත් ජනතාවගේ ජීවන තත්ත්වය ආරක්ෂා කරන අතරම ආර්ථික දියුණුව උදාකර ගැනීමේ ද්විත්ව සටනක එම රටවල් නියැලී සිටින බවයි. එබැවින් සංවර්ධනය වෙමින් පවතින රටවලට සිදුවන අලාභය සහ හානිය වෙනුවෙන් වන්දි ගෙවීමට සංවර්ධිත රටවල් ඔවුන්ගේ අරමුදල් දෙගුණ කිරීම මගින් ග්ලාස්ගෝහිදී ඔවුන්ගේ ප්‍රතිඥාව ඉටු කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී සඳහන් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…

Read More

අප අවට පරිසරයේ දක්නට ලැබෙන තුරු ලතාවන් අතුරින් තවත් එක් වැදගත් ලතාවක් ලෙස අගමුල නැති වැල් හැඳීන්විය හැකිය. පරපෝෂිත ශාකයක් ලෙස හඳීන්විය හැකි අගමුල නැති වැල් ශීර්ෂ ආබාධ ඇතුළු රෝගාබාධ රාශියකට ගුණ දෙනු ලබන දේශීය වෛද්‍ය ක්‍රමයේ මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දැක්වෙන තවත් එක් අගනා ඔසුවකි. පරපෝෂී කොළ රහිත දඟරමය වැල් විශේෂයක් වන අගමුල නැතිවැල් අඩංගු ඖෂධ යෝග රාශියක් විවිධ රෝග රාශියකට යෙදෙන බව පැරණි වෛද්‍ය ග්‍රන්ථ පරිශීලනයේදී දක්නට ලැබේ. ඇතැම් ග්‍රන්ථ වල අගමුල නැති වැල් ලෙස Cuscuta සහ Cuscuta chinensis යන උද්භිද, විද්‍යාත්මක නාමයන්ගෙන් යුතු වැල් වර්ගයන් දෙකම දක්වා ඇත. ඇතැම් ග්‍රන්ථවල මින් එක් වර්ගයක් පමණක් අගමුල නැති වැල්…

Read More

බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සහ දිවයින පුරා පිහිටි සියලුම ප්‍රදේශීය කාර්යාලවල විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට තාවකාලිකව අත්හිටුවා ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා. පරිගණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

මෙම වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අද (08) පස්වරුවේ දැකගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා. එය පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙස අනෙකුත් රටවල් වලට දිස් වුවද මෙරටට දිස්වන්නේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස බවයි මහාචාර්යවරයා සඳහන් කළේ. ඒ අනුව පස්වරු 5.48 සිට 6.19 වනතෙක් විනාඩි 31 ක් අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස එය ශ්‍රී ලංකාවේ නැගෙනහිර ක්ෂිතිජයේ දැකගත හැකි බවයි මහාචාර්ය චන්දන ජයරත්න වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

නවසිය බර ගණන් වල අපේ මුත්තලා මුලින්ම ලංකාවේ කලිසම් ඇන්දේ සුද්දා දිහා බලලා. එදා ගමේ ටේලර් සාප්පුවෙන් කලිසම මහද්දි එයාල කිව්වේ දිග කලිසමක් කියලා. ඒත් පස්සේ දැන් වෙද්දි දිග කලිසම් වුණත් ඩෙනිම්ද? චිනෝස්ද? ක්‍රොප් ට්‍රව්සර්ද ආදී වශයෙන් ගොඩක් තියෙනවා. යෝග පෑන්ට්ස්, ජොගින් පෑන්ට්ස් ගෑණු පිරිමි දෙපාර්ශවය අතරම ජනප්‍රිය වෙලා තියෙනවා. ඉතින් අපි මේ ට්‍රව්සර් වර්ග කීපයක් ගැන තොරතුරු ටිකක් බලමු. 1. කාගෝ පෑන්ට්ස් (Cargo Pants) කාගෝ පෑන්ට්ස් ස්ටයිල් එකට වගේම බර වැඩටත් හොඳ පෑන්ට් එකක්. කාගෝ පෑන්ට්ස් වල සාමාන්‍යයෙන් කකුලේ මැද හරියේත් පොකට් එනවා. ඒත් එහෙම නැති කාගෝ පෑන්ට්ස් වුණත් දැන් වෙළඳපොළේ තියනවා. සාමාන්‍යයෙන් රැප් සීන් එකේ ඉන්න අයත් මේ…

Read More

තලේබාන් සංවිධානය ආරම්භ කිරීමට පුරෝගාමී ඔහු එහි පළමු නායක මුල්ලා ඕමාර් සොහොන ඇති ස්ථානය ප්‍රසිද්ධ කිරීමට තලේබාන් සංවිධානය පියවර ගෙන ඇත. මුල්ලා ඕමාර්ගේ සොහොන ඇති ස්ථානය පසුගිව වසර කීපය පුරා රහසක් ලෙස තබා ගැනීමට තලේබාන්වරුන් කටයුතු කළ අතර දැන් ඇෆ්ගන් තලේබාන් රජය එය ප්‍රසිද්ධියට පත් කර ඇත. සොහොන ඇත්තේ සබුල් පළාතේ සූරි දිස්ත්‍රික්කයේය. මුල්ලා ඕමාර් ජීවිතක්ෂයට පත් වූයේ ඇමෙරිකන් හමුදා ප්‍රහාරයකිනි. මුල්ලා ඕමාර් මියගිය බව තලේබාන් සංවිධානය ප්‍රසිද්ධ කළේ 2015 වසරේදීය. කෙසේ නමුත් ඔහු මියගොස් තිබුණේ ඊට වසර තුනකට පෙර යැයි පැවැසෙයි. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More