Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 21
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » හිසේ රෝග සඳහා අගනා ඔසුවකි අගමුල නැති වැල්
Medical 31 Views

හිසේ රෝග සඳහා අගනා ඔසුවකි අගමුල නැති වැල්

Buzzer EditorBy Buzzer EditorNovember 8, 2022No Comments5 Mins Read31 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

අප අවට පරිසරයේ දක්නට ලැබෙන තුරු ලතාවන් අතුරින් තවත් එක් වැදගත් ලතාවක් ලෙස අගමුල නැති වැල් හැඳීන්විය හැකිය.

පරපෝෂිත ශාකයක් ලෙස හඳීන්විය හැකි අගමුල නැති වැල් ශීර්ෂ ආබාධ ඇතුළු රෝගාබාධ රාශියකට ගුණ දෙනු ලබන දේශීය වෛද්‍ය ක්‍රමයේ මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දැක්වෙන තවත් එක් අගනා ඔසුවකි.

පරපෝෂී කොළ රහිත දඟරමය වැල් විශේෂයක් වන අගමුල නැතිවැල් අඩංගු ඖෂධ යෝග රාශියක් විවිධ රෝග රාශියකට යෙදෙන බව පැරණි වෛද්‍ය ග්‍රන්ථ පරිශීලනයේදී දක්නට ලැබේ.

ඇතැම් ග්‍රන්ථ වල අගමුල නැති වැල් ලෙස Cuscuta සහ Cuscuta chinensis යන උද්භිද, විද්‍යාත්මක නාමයන්ගෙන් යුතු වැල් වර්ගයන් දෙකම දක්වා ඇත. ඇතැම් ග්‍රන්ථවල මින් එක් වර්ගයක් පමණක් අගමුල නැති වැල් ලෙස දක්වා ඇත. කෙසේ වුවද මෙම වැල් වර්ග දෙකම පරපෝෂිත ලතාවන් වන අතර එම දෙවර්ගයේම බොහෝ සමාන ලක්ෂණයන්ද දක්නට ඇත.

වැවෙන ප්‍රදේශ

විදේශීය වශයෙන්

ඉන්දියාව, මලයාව, ඇෆ්ඝනිස්ථානය, ඕස්ට්‍රේලියාව, සහ චීනය ආදී රටවල දක්නට ලැබේ.

දේශීය වශයෙන්

ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ එනම් උඩරට කඳුකරයේ ගන්නොරුව, පේරාදෙණිය වැනි ප්‍රදේශ ආශ්‍රිතවද රත්නපුර ප්‍රදේශයේද වෙනත් යම් යම් වනගත පෙදෙස් වලද වැවේ. තෙතමනය සහිත පහත් බිම් වල සිට අඩි 8000 දක්වා උස ඇති බිම්වල දක්නට ලැබේ.

ස්වරූපය

කුඩා පඳුරු සහ ශාක මතුපිට වසාගෙන පැතිරීම මෙම වැල්වල ස්වභාවයයි. මෙම වැල් කොළ රහිත දඟරමය ඉතා සිහින් බොහෝ ශාඛා සහිත කහ පැහැති කඳකින් යුතු වෙළුනු පඳුරුමය ගොනුවකි. මෙහි කඳ ක්‍රිමීන් සහිත වේ. කුඩා පඳුරු මතද පොළොවේ පැතිරී වැවෙන පළා වර්ග ආදිය මතද වෙළෙමින් පැතිරී වැඩෙයි. මෙහි හටගනු ලබන මල් සුදු පැහැ වන අතර දිවිලිංගික මි.මි. 3ක් පමණ විෂ්කම්භයෙන් යුතුවේ. කුඩා පෙති 1 සිට රාශියක් වන ලෙස පිහිටයි. මෙහි මල් හටගැනීම අප්‍රේල්, නොවැම්බර්, දෙසැම්බර්, ආශ්‍රිත කාලවලදි සිදුවේ.

අගමුල නැති වැල් වල Cuscuta නාමයෙන් හඳුන්වනු ලබන ලතාවේ කඳ කොළ පැහැයෙන්ද Cuscuta chinensis නාමයෙන් හඳුන්වන ලතාවේ කඳ කහ පැහැයෙන්ද යුක්ත වේ.

මෙම වැල් විවිධ භාෂාවලින් හඳුන්වන නාමයන් සැලකීමේදී පොදු සිංහල නාම :- අගමුල නැති වැල් හා අක්මුල් නැතිවැල් යන නාමයන්ද වේ. ඉංග්‍රීසි බසින් – Dodder ලෙස යෙදේ.

අගමුල නැති වැල් වල උද්භිද විද්‍යාත්මක නාම Cuscuta සහ Cuscuta chinensis ද වෙයි.

මෙහි කුලය CONVOLVULACEAE හෙවත් තිවෘත් කුලයයි. මේ ආදී වශයෙන් විවිධ භාෂා වලින් විවිධ නාම රාශියක් මෙම වැල් සඳහා යෙදේ. මේ අතර අමරවල්ලී යන නාමය ගැන ආයුර්වේද මූල ග්‍රන්ථවල දක්නට නොමැති වුවද අමරවල්ලී වශයෙන් Cuscuta වර්ගයද, ආකාශ වල්ලිය වශයෙන් Cuscuta chinensis වර්ගයද ගතයුතු යැයි සමහරු කියති. මෙම වර්ග දෙකම පරපෝෂී ලතාවන්ය.

අමරවල්ලී ලෙස තවත් තැනක Cuscuta chinensis වර්ගය ගැනෙන අතර එය භාරතයේ සෑම පෙදෙසකමද සාමාන්‍යයෙන් මුහුදු වෙරළ ආශ්‍රිත ප්‍රදේශ වලද වැවෙන බව දක්වා ඇත.

අගමුල් නැති වැල්වල

ඖෂධීය අංග –

මෙහි සම්පූර්ණ ශාකයම ඖෂධ සඳහා ගනු ලබයි.

ඖෂධීය ගුණ

මෙහි Cuscuta නම් වර්ගය ප්‍රධාන වශයෙන් විරේචන ගුණ වලින් යුතු වේ. එසේම Cuscuta chinensis වර්ගය ප්‍රධාන වශයෙන් අනුලෝමන, පිත්තසාරක, අක්මා උත්තේජක, විරේචන, ජ්වරනාශක, රක්තශෝධක සහ කාමෝද්දීපන ගුණවලින් යුතුවේ. මෙම වැල් වල අඩංගු ඖෂධ යෝග යෙදෙන රෝග අවස්ථා සැලකීමේ දී

කැඬුම් බිඳුම් සඳහා

අගමුල නැති වැල්, ලතාවේ මූල, අමුකහ, පොල් සමව ගෙන කොටා මිරිකා ගත් යුෂය දින 3ක් භාවනා දී ප්‍රයෝග කරනු.

සමේ කැසීම් ඇතිවිට

අගමුල නැති වැලේ යුෂය, ඇත්තෝර කොළ යුෂ සමඟ දෙහි යුෂය කලවම් කර කකාරා සමේ ආලේප කරනු.

හිසකෙස් ගැලවී යාමට –

අගමුල නැති වැල් මුළු ශාකයම වියලා කොට චූර්ණ කර තලතෙල් දමා කකාරා පෙරා හිස ගල්වනු ලබයි. හිසේ දැවිල්ල, හිස්හොරි, හිසරදය, හිස කැසීම, හිසකෙස් කළුවීමට සහ පීනස සඳහා අගමුල නැති වැල් මුළුමනින්ම ගෙන වියළා කොට කුඩුකර තලතෙල් දමා තෙල සංස්කරණය කර හිසේ ගැල්වීමට යොදා ගනු ලබන අතර එයින් විශේෂ ගුණ ළඟාකර දෙයි. උදරයේ වාතය පිරී ඇති අවස්ථාවලදී සහ ජ්වර(උණ) ආදියේදී අගමුල නැති වැල් වල ඖෂධ යෝග අභ්‍යන්තර වශයෙන් යොදයි.

අක්මා රෝග සහ පිත්තාශගත රෝග සඳහා –

මෙම වැල්වල ඖෂධ යෝග අභ්‍යන්තර වශයෙන් යෙදීමෙන් බොහෝ සෙයින් ගුණ ගෙනදේ.

මේ ආදී වශයෙන් මෙම වැල් වල ඖෂධීය වටිනාකම ඉතා හොඳ මට්ටමක පවතියි. මෙහි දක්නට ලැබෙන විවිධ ප්‍රභේදයන් නිසා යම් යම් වෙනස්කම් දක්නට ලැබෙතත් ඒවායේ ගුණ බොහෝ සෙයින් සමාන නිසා ඒ ඒ පළාත්බදව යොදනු ලබන ඒ ඒ ප්‍රභේදවල එතරම් වෙනසක් නොවේ.

වර්තමානයේ බොහෝ සෙයින් වටිනා ඖෂධීය ශාක වඳවීයන තත්ත්වය දක්නට ලැබෙන නිසා මෙම වැල් වැනි ආදී ශාකයන්ද වඳවී යා නොදී ආරක්ෂා කර ගැනීම වැදගත් වේ.

බොහෝ දෙනා මෙවන් ශාකයන් ඉතා හොදින් නොහඳුනන නිසා අගමුල නැති වැල් වැනි ශාකයන් වගා කර ආරක්ෂා කිරීම වැදගත් වේ.

රෝපණය කර ගැනීම

වැඩුණු මෙම වැල් වලින් මේරූ බීජ ලබාගෙන එම බීජ පොහොර මිශ්‍රණය සහිත වූ කෙටිකාලීන(වාර්ෂික) වන කූර තම්පලා, හුලංතලා ආදිය වගා කර ඇති පොලිතින් බඳුන්වල සිටුවා මාස 2ක් පමණ පසුව වැඩී එන මේ අගමුල නැති වැල් ශාකය එහි ධාරක ශාකය මත එතී එමඟින් පෝෂණය ලබා ගනිමින් පූර්ණ පරපෝෂී තත්ත්වයට පත්වේ. මෙහිදි මෙහි ධාරක ශාකයට හොඳීන් ජල සැපයීම කළ යුතු අතර හොඳීන් පැතිරී වැඩී යන මෙම වැල්වල කොටස් අස්වැන්න ලෙස ලබා ගත හැක. මේ අදි වශයෙන් මෙවන් වටිනා ශාක ආරක්ෂා කර ගැනීම අප සතු යුතුකමකි. එනිසා දේශීය වෛද්‍ය ක්‍රමයේ මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ බොහෝ ප්‍රයෝජන ගෙන දෙන මෙම වැල් හොඳීන් හඳුනා ගෙන එහි ඖෂධීය ප්‍රයෝජන නිසි පරිදි ලබාගත යුතු අතරම ඒවා සංරක්ෂණය කර ගැනීමද ඉතා වැදගත්වේ.

මේ ආදී මත රාශියක් මෙම අගමුල නැති වැල් සඳහා දක්නට ලැබේ.

කථිකාචාර්ය වෛද්‍ය මධුර පරණවිතාන මහතාගේ සටහනක් ඇසුරිණි.

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්‍රවෘත්ති අංශයට පිවිසෙන්න.

featured medical pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleවිදේශ ගමන් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවයි
Next Article සංවර්ධිත රටවල් සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට වන්දි ගෙවිය යුතුයි – ජනපති
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

July 21, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 21, 20262 Views

ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි

By Buzzer EditorialJuly 21, 202602 Views

ඉදිරි සති තුනක කාලය සඳහාද ඩෙංගු අවදානම් මට්ටමේ පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

July 21, 2026

නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්

July 21, 2026

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
  • නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.