Author: Buzzer Editor

අද (15) දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත්වල විශේෂයෙන් වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ මිහිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා…

Read More

පවතින අර්බුදකාරී තත්ත්වය කළමනාකරණය කරගනිමින් ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා 2023 අයවැය වැදගත් වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. මහ බැංකු අධිපතිවරයා සඳහන් කරන්නේ, මුදල් ප්‍රතිපත්ති තර කර පොලී අනුපාත වැඩි කරමින් සහ රජය බදු වැඩිකිරීම් සිදු නොකළ සිටියේ නම් මේ වන විට රට තුල උද්ධමනය 100% ඉක්මවීමට ඉඩ තිබූ බවයි. ඒ අනුව එම තත්ත්වයත් සමඟ ගත් තීරණ හේතුවෙන් මේ වන විට සියයට සියයක් නැතත් යම් ස්ථාවරත්වයක සිටින බවත්ඇදවැටුණු සමහර ව්‍යාපාර දැන් නැවත ක්‍රියාත්මක වෙමින් පවතින බවත් නමුත් සමහර අංශවලට තවමත් බලපෑම් ඇති බවද ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කළා. Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

Read More

මිල සංශෝධනයෙන් පසු CPC ඛනිජ තෙල් නිෂ්පාදන පිරිවැය සම්බන්ධයෙන් වාර්තාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. අදාළ වාර්තාවට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් 22.71 ක ලාභයක් ලබන අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් ලබන ලාභය රුපියල් 126.49 ක් වනවා. එසේම ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 0.89 ක ලාභයක් සහ සූපර් ඩීසල් ලීටරයකින් රුපියල් 36.50 ක ලාභයක් ලබන බවයි එහි දැක්වෙන්නේ. භූමිතෙල් අලෙවියෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් 2.10 ක ලාභයක් ලබන බවයි අදාළ වාර්තාව මඟින් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ. අදාළ වාර්තාව පහතින්,

Read More

2023 අයවැය මගින් රජය අපේක්ෂා කරන සමස්ත ආදායම රුපියල් බිලියන 3,415ක් වන අතර සමස්ත වියදම රුපියල් බිලියන 5,819 ක් බව මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ අනුව අයවැය හිඟය රුපියල් බිලියන 2,404ක් ලෙස දැක්වෙන අතර එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.9% ක් වනවා. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

ලොව පුරා සංචාරය කරන්නන් අතර ප්‍රසිද්ධියට පත් ලෝකයේ සුන්දරම විල් පිළිබඳ සටහනක් මේ ලිපියේ දැක්වෙනවා. 1. ඉතාලියේ කොමෝ විල උතුරුඉතාලියේ ලොම්බාඩි ප්‍රදේශයේ හිම කඳුවැටි අතර පිහිටා ඇති ඉතා සුන්දර විලක් වන කොමෝ විල උතුරු ඉතාලියේ සංචාරය කරන්නන් අතර බොහෝ ජනප්‍රිය ස්ථානයක් වෙනවා. 2. කැනඩාවේ මැලිග්න් විල ග්ලැසියර් වලින් පෝෂණය වන සුන්දර කැනේඩියානු කඳු මැද පිහිටා ඇති මැලිග්න් විල එහි සංචාරය කරන්නන්ගේ සිත් ඇදගන්නා සුලු පාරාදීසයක් බවට පත්වී තියෙනවා. 3. ඉන්දියාවේ පිචෝලා විල ඉන්දියාවේ මහාරානා වරයකු වූ උදයි සිං 14 වන සියවසේදී ඉදිකරන ලද සිය මාලිගාවේ කෘතීමව ඉදිකරන ලද විලක් ලෙස මෙය සැලකෙනවා. මේ විල දෙපස ආකර්ෂණීය දූපත් දෙකක් වන අතර එම දූපත් දෙකෙහිම…

Read More

වසර 30 කින් කිසිවකු පදිංචි නොවූ ගම්මානයක් යුරෝ 227,000 කට විකිණී ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. ‘සැල්ටෝ දෙ කැස්ත්‍රෝ’ Salto de Castro නමැති මෙම කුඩා ගම්මානය, ස්පාඤ්ඤයේ පිහිටා තිබේ. ඒ, පෘතුගාලයට මායිම් වූ සමෝරා ප්‍රාන්තයේය. මෙම ගම්මානයට නිවාස 44 ක්, දෙව් මැදුරක්, පාසලක්, පරිපාලන ගොඩනැගිල්ලක්, විශාල පිහිනුම් තටාකයක් අයත් වෙයි. ගම්මානය මිලදී ගෙන ඇත්තේ ‘රෝයල් ඉන්වෙස්ට්’ නමැති සගාමය. (බීබීසී) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

යූරියා පොහොර මෙට්‍රික් ටොන් 22,000 ක් රැගත් තවත් නෞකාවක් කොළඹ වරායට ළඟාවූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. මෙවර මහ කන්නයේ වී හා බඩඉරිඟු වගාවන් සදහා අවශ්‍ය යූරියා පොහොර මිලදී ගැනීමට ලෝක බැංකුව විසින් ලබාදුන් අමෙරිකානු ඩොලර් මිලියන 105 ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ, මෙරටට පැමිණි දෙවන නෞකාව මෙය බවයි සඳහන් වන්නේ. මෙම නෞකාව මැලේසියාවේ සිට පැමිණ ඇති අතර එහි යූරියා පොහොර තොගය ගොඩබෑමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මේ මස 28 වනදා තවත් යූරියා පොහොර රැගත් නෞකාවක් මෙරට ලඟාවීමට නියමිත අතර ලබන මස පළමු සතියේ බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත්…

Read More

මෙවර T20 ලෝක කුසලානය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (13) සමත් වුණා. ඒ එංගලන්ත කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවති අවසන් මහා තරඟයෙන් එංගලන්ත කණ්ඩායම කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමත් සමඟයි. තරඟයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට පාකිස්තාන කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 137 ක් ලබා ගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ එංගලන්ත කණ්ඩායම 19 වන පන්දුවාරයේදී කඩුලු 5 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගිය අතර ඒ අනුව ඔවුන් 2022 T20 ලෝක කුසලානය දිනා ගැනීමටද සමත් වුණා. ලකුණු පුවරුව පහතින්,

Read More

ස්ථාවර හා දිගුකාලීන ආර්ථික වර්ධනයක් වෙනුවෙන් සැකසුණු 2023 අය-වැය, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ප්‍රාග්ධන වෙළෙඳපොළ, අපනයන වෙළෙඳපොළ, ශ්‍රම වෙළෙඳපොළ සහ ඩිජිටල් ආර්ථිකය යන අංශ කෙරෙහි විශේෂ අවධානයක් 2023 අය-වැය මඟින් යොමු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ. සමාජ සුබසාධන ප්‍රතිලාභ නිශ්චිතවම අවශ්‍ය වන ජනතාව වෙත පිරිනැමීමටත්, පුද්ගලික අංශය මෙරට ආර්ථිකයේ ගාමක බලවේගය ලෙස ගොඩනැඟීම සඳහා වන ප්‍රතිපත්තිමය පරිසරයක් සකස් කිරීම කෙරෙහි ද මෙවර අය වැයෙන් වැඩි අවධානයක් යොමු කෙරෙන බවද සඳහන්. අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේ සජීවී යාවත්කාලීන කිරීම් ඔබ වෙත ගෙන ඒමට එසැණ මේ වන විටත් සියලුම කටයුතු…

Read More

පසුගියදා ඉන්ධන මිල සංශෝධනය කළ බැවින් නැවතත් 15 වනදා මිල වෙනස් නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. එසේම සැපයුම්කරු සමග නව ක්‍රමවේදයකට එකඟවීමෙන් පසු ESPO බොරතෙල් ගොඩබෑම ඊයේ (12) රාත්‍රියේ ආරම්භ කළ බවයි සිය Twitter ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ. මේ අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ආනයනය කරන ලද ඔක්ටේන් 95 පෙට්‍රල් තොගය ගොඩබෑම ඊයේ රාත්‍රියේ ආරම්භ කළ බවයි. අදාළ Twitter පණිවිඩය පහතින්,

Read More