- යුද්ධ හමුදාධිපති ඉන්දියාවේ නිල සංචාරය නිම කරයි
- 2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.8%ක වර්ධනයක්
- සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කෙරේ
- තාක්ෂණික දෝෂයක් නිසා එයාර් ඉන්දියා ගුවන්යානයක් නැවත හරවයි
- උසස් පෙළ විශිෂ්ටයින්ට ඇගයීමක්
- වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අයත් වාහන විකිණිමට ටෙන්ඩර් කැඳවයි
- මෙය අවසාන IMF වැඩසටහන බවට පත්කර ගැනීම අපේක්ෂාවයි – ජනපති
- කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට
Author: Buzzer Editor
කීකිරිඳිය (Eclipta prostrata) මුකුණුවැන්න කොළයට හුරු පත්‍රයක් ඇති ඖෂධිය ගුණයෙන් සපිරි තෙතමනයෙහි වැඩෙන පැළෑටියක්. මල් කොළ පොතු ඇට මුල් යන සියලුම කොටස් ඖෂධ සඳහා යොදා ගැනෙනවා. වඩාත් සුදුසුවන්නේ සුදු පැහැති මල ඇති වර්ගයයි. වාත සෙම් පීනස් ඇස් රෝග ඇදුම සෙංගමාලය දියවැඩියාව මල බද්ධය අම්ලපිත්ත, ක්ෂය රෝගය . වණ, මුත්‍රා හර්ද, අක්මා , ගර්භාෂරෝග ඇතුළු රෝග ගණනාවක් සුව කිරීමට මෙම පැළෑටිය දායකත්වය ලබා දෙනවා.රක්තානු වර්ධනය කරනවා. ලේ පිරිසිදු කරනවා. වෑංජනයට සකසා ආහාරයට ගැනීමෙන් නේත්‍රාබාධවලින් වැළකිය හැකි බවත්, වයසට වඩා තරුණ පෙනුමක් ලබා ගත හැකි බවත් සඳහන් වෙනවා. අක්මාව විස සෛලවලින් මුදා එහි ඇති වන රෝග නසාලීමට කීකිරිඳිය ඉටු කරන්නේ සුවිශේෂ මෙහෙයක්.…
කොල්ලෝ වුනහම ෆැෂන් කරන්න හරි කැමතියිනේ. ගොඩක් කොල්ලෝ කරන ෆැෂන් එකක් තමයි අතේ මොකක් හරි බඳින එක. හැබැයි ගොඩක් අය එහෙම අතේ බ්‍රේස්ලට් එකක් වගේ දෙයක් බඳින්නේ කැෂුවල් ඇඳුමකට විතරයි. සමහරු නම් වෙඩින් කිට් එකටත් අර සර්ෆින්ග් බ්‍රේස්ලට් බඳිනවා. අපි කියන්නේ තමන් අඳින ඇඳුමට, තමන් ඉන්න අවස්ථාවට ගැලපෙනවා නම් අතේ ඔරලෝසුව වෙනුවට මේවගේ එකක් බැන්දට කමක් නැහැ කියලා තමයි. අන්න ඒ නිසා කොල්ලෙක් වුනහම බ්‍රේස්ලට් තෝරාගැනීමට ෆැෂන් ගැන දැනුමක් තියෙන එක වටිනවා! 1. ලෙදර් බ්‍රේස්ලට් ලෙදර් කියන්නේම එක්තරා විදියකට සුඛෝපභෝගීත්වයේ සංකේතයක්. අන්න ඒ නිසා ලෙදර් බ්‍රේස්ලට් එකක් කැෂුවල් ඇඳුමකට වගේම ඔෆිස් ඇඳුමකටත් මැච් කරන්න පුලුවන්. හැබැයි එකක්. ලෙදර් බ්‍රේස්ලට් එකක්…
ලෝක ජනගහනය බිලියන අට සීමාව පසු කළේය. බිලියන අට වැනියා ලෙස මෙලොව එළිය දුටුවේ පිලිපීන බිලිඳියක යැයි විදෙස් මාධ්‍ය පවසයි. දරු උපත සිදුවී ඇත්තේ පිලිපීනයේ මැනිලා නුවර බව ද පැවැසෙයි. ලෝක ජනගහනය බිලියන හතේ සිට බිලියන අට පසු කිරීමට ගත වී ඇත්තේ වසර 11 ක් යැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි. ලෝක ජනගහනය බිලියන 9 සීමාව පසු කිරීම ඉදිරි වසර 15 ඇතුළත සිදුවනු ඇති බවත්, බිලියන 10 සීමාව පසු කිරීම 2080 වසරේ දී සිදුවනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. මේ වනවිට ලොව වැඩිම ජනහනයක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙනි. ඒ, චීනය දෙවැනි ස්ථානයට පත්…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල තැනින් තැන, සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ මිහිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව චීනය සහ ජපානය ඇතුළු බහු ණයහිමියන්ගෙන් මූල්‍ය සුරක්ෂිතතාවයක් ශ්‍රී ලංකාවට කඩිනමින් අවශ්‍ය වන බව G20 සමුළුවට සහභාගිවී සිටින රාජ්‍ය නායකයින් පෙන්වාදී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ ඇති බැවින් මෙම සුරක්ෂිතතාවය කඩිනමින් අවශ්‍ය කරන බවට ඔවුන් පෙන්වාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ලොව ප්‍රධානම ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල නායකයින්ගේ ප්‍රධානත්වයෙන් G20 සමුළුව සමුළුව ආරම්භ වූ අතර එහිදී මැදි ආදායම් ලබන රටවල් මුහුණ දෙන ණය ආපසු ගෙවීමේ ගැටලුව පිළිබඳ අද (15) අවධානය යොමුකර ඇති බවයි සඳහන් වන්නේ.
රජය දැනට පියවා නොමැති බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 200ක් පමණ වන බව මුදල් අමාත්‍යාංශ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන පවසනවා. ඒ සඳහා ඉදිකිරීම් හා වෙනත් ආයතනවලට ගෙවිය යුතු බිල්පත්ද අයත් බවත් එම බිල්පත් ගෙවිය නොහැකි තත්ත්වයක රජය සිටින බවයි ලේකම්වරයා සඳහන් කළේ. එම හේතුව නිසා රජය ආදායම් උත්පාදනය කිරීමට නව මූල්‍ය සහ බදු ප්‍රතිපත්ති ගෙන එන බවත් කැප කිරීමකින් තොරව රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම සිදුකළ නොහැකි බවද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළා. එසේම පසුගිය අප්‍රේල් මාසයේදී රේඛීය අමාත්‍යංශවලට ඔවුන්ගේ වියදම් අඩු කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා ලෙසට පළමු චක්‍රලේඛය නිකුත් කළ බවත් එම ක්‍රියාමාර්ගයේ යම් ප්‍රතිඵල මේ වන විට දැකගත…
ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා පත්කර තිබෙනවා. ඒ අනුව වසර 05ක කාලයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ පත්වීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.
චීන රජය විසින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා ධීවර කටයුතු සඳහා ඉන්ධන ලීටර් මිලියන 10.6ක් ලබා දීමට රජයට එකඟත්වය පළ කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් චීන රජයෙන් කරන ලද ඉල්ලීමක් පරිදි මෙම පරිත්‍යාගය සිදුකර ඇති අතර එම ඉන්ධනවලින් ලීටර් මිලියන 7.5ක් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබා දීමට නියමිතයි. මෙම ඉන්ධන තොගය මෙම වසරේ දෙසැම්බර් මස වනවිට මෙරටට ලැබීමට නියමිත බැවින් මෙරට ගොවීන්ට කුඹුරු අස්වැද්දීම සඳහා ලබා දීමට නොහැකි වුවත්, අස්වනු නෙළන අවස්ථාවේදී එම ඉන්ධන ගොවීන් සඳහා ලබා දීමට පියවර ගන්නා බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ. චීන රජය විසින් මෙරටට පරිත්‍යාගයක් වශයෙන් ලබා දෙන මෙම ඉන්ධන තොගය ගොවි ජනතාවට…
ලස්සන, නීරෝගි , දිගු කෙස් කලඹක් ලැබීම බොහෝ කාන්තාවන් තුල ඇති ආශාවකි. හිසකෙස් දිගුව වර්ධනය කරගැනීමට නිවසේදීම සිදුකල හැකි බොහෝ සත්කාර ක්‍රම තිබෙනවා. අද අපි හිතුවා තරමක් වෙනස් හිස්කෙස් සත්කාර ක්‍රමයක් ගැන ඔබව දැනුවත් කරන්නට. සාමාන්‍යයෙන් අපි හිසකෙස් සත්කාර සඳහා නිවසේ ඇති මේ මේ අමුද්‍රව්‍ය , ඖෂධ වර්ග සහ තෙල් වර්ග සූදානම් කරගන්න කියා ඔබව දැනුවත් කරනවානේ. නමුත්, මේ ක්‍රමයට ඒ කිසිම දෙයක් භාවිතා වන්නේ නැහැ. ඒ සඳහා ඔබේ අතේ නියපොතු පමණයි භාවිතා වෙන්නේ. මොකක්ද මේ ක්‍රමය? මෙය හඳුන්වන්නේ බලයම් යෝගා ලෙසයි. මෙය රිෆ්ලෙක්සොලොජි චිකිත්සාවේ (reflexology therapy) එන එක්තරා චිකිත්සක ක්‍රමයකි. මෙදිදී සිදු කිරීමට අවශ්‍ය වන්නේ එක් සරල පියවරක් පමණි.…
තුර්කියේ ඉස්තාන්බුල් නුවර ජනාකීර්ණ වීදියක බෝම්බයක් පුපුරා යෑමෙන් 6 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 81 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් එරට මාධ්‍ය පවසයි. තුවාල ලැබූවන් කීප දෙනකුගේ තත්ත්වර බරපතල බැවින්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යෑමට ඉඩ ඇතැයි රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි. බෝම්බ පිපිරුම සම්බන්ධයෙන් විමර්ශන මේ වනවිට ආරම්භ වී ඇති අතර, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පැවැසුවේ, එය ත්‍රස්ත ක්‍රියාවක් බවය. බෝම්බය පුපුරා ගියේ ඉස්තාන්බුල් නුවර, බෙයොග්ලූ දිස්ත්‍රික්කයේ පිහිටි ඉස්තිකාල් වීදියේය. ඉස්තාන්බුල් යනු තුර්කියේ විශාලතම නගරයයි. මෙය සංචාරක ආකර්ශනයකි. තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සුලෙයිමාන් සොයිලූ මාධ්‍ය හමුවේ කියා සිටියේ බෝම්බය ඉස්තිකාල් වීදියේ දමා ගිය තැනැත්තා අත්අඩංගුවට ගත් බවය. එම…