Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, July 17
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » තමන්ගේ ඇඳුමට ෆැෂන් එකට ගැලපෙන බ්‍රේස්ලට් එකක් ‍තෝරගන්න කොල්ලෙක්ට උපදෙස් 7ක්!
Fashion 15 Views

තමන්ගේ ඇඳුමට ෆැෂන් එකට ගැලපෙන බ්‍රේස්ලට් එකක් ‍තෝරගන්න කොල්ලෙක්ට උපදෙස් 7ක්!

Buzzer EditorBy Buzzer EditorNovember 16, 2022No Comments6 Mins Read15 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

කොල්ලෝ වුනහම ෆැෂන් කරන්න හරි කැමතියිනේ. ගොඩක් කොල්ලෝ කරන ෆැෂන් එකක් තමයි අතේ මොකක් හරි බඳින එක. හැබැයි ගොඩක් අය එහෙම අතේ බ්‍රේස්ලට් එකක් වගේ දෙයක් බඳින්නේ කැෂුවල් ඇඳුමකට විතරයි. සමහරු නම් වෙඩින් කිට් එකටත් අර සර්ෆින්ග් බ්‍රේස්ලට් බඳිනවා. අපි කියන්නේ තමන් අඳින ඇඳුමට, තමන් ඉන්න අවස්ථාවට ගැලපෙනවා නම් අතේ ඔරලෝසුව වෙනුවට මේවගේ එකක් බැන්දට කමක් නැහැ කියලා තමයි. අන්න ඒ නිසා කොල්ලෙක් වුනහම බ්‍රේස්ලට් ‍තෝරාගැනීමට ෆැෂන් ගැන දැනුමක් තියෙන එක වටිනවා!

1. ලෙදර් බ්‍රේස්ලට්

ලෙදර් කියන්නේම එක්තරා විදියකට සුඛෝපභෝගීත්වයේ සංකේතයක්. අන්න ඒ නිසා ලෙදර් බ්‍රේස්ලට් එකක් කැෂුවල් ඇඳුමකට වගේම ඔ‍ෆිස් ඇඳුමකටත් මැච් කරන්න පුලුවන්. හැබැයි එකක්. ලෙදර් බ්‍රේස්ලට් එකක් ‍තෝරගන්න එක, ලෙදර් සපත්තු දෙකක් හෝ ලෙදර් වොලට් එකක් ‍තෝරගන්නවා වගේම තමයි. ඒ කියන්නේ නියම ලෙදර් වලින් නිර්මාණය කරපු ක්ලාස් එකක් තියෙන මේවගේ එකක් තමයි ‍තෝරගන්න ඕන. ඒකට පහසුම ක්‍රමය තමයි හැම වෙලාවේම අනන් මනන් යකඩ කෑලි හැම තැනින්ම එල්ලෙන, පටි පටි ගොඩක් තියෙන ලෙදර් බ්‍රේස්ලට් එකක් වෙනුවට, පුලුවන් තරම් සිම්පල් ඒත් වැදගත් පෙනුමක් තියෙන ලෙදර් බ්‍රේස්ලට් එකකට යන එක. ඒක සමහර වෙලාවට තනි ලෙදර් පටි දෙකක් සහ ගාංචුවක් විතරක් වෙන්න පුලුවන්. හැම මොහොතකම හොඳ ලෙදර් බ්‍රේස්ලට් එකක් වෙනුවෙන් මුදලක් වැය කළාට කමක් නෑ.

හැබැයි එකක්, ඔ‍ෆිස් ඇඳුමකට මේවගේ එකක් මැච් වුනාට ෆෝමල් ඉවෙන්ට් එකකට අඳින ෆුල් සූට් එකකට ලෙදර් බ්‍රේස්ලට් එකක් ගැලපෙන්නේ නෑ.

2. සර්ෆින් බ්‍රේස්ලට්

සර්ෆින් බ්‍රේස්ලට් එකකට යනවා නම් බලන්න ඕන දේත් උඩ කිවුව වැදගත් පෙනුම තමයි. කොහොමත් මේවගේ එකක් හදලා තියෙන්නේම කැෂුවල් ඇඳුමකට දාන්න පුලුවන් වෙන්නනේ. ඒ නිසා ඔය පටියක් දෙකක් වැඩිපුර තියෙන විදියේ සර්ෆින් බ්‍රේස්ලට් එකක් ‍තෝරගත්තට කමක් නෑ. හැබැයි අනවශ්‍ය තරම් විච්චූරණ තියෙනකොට මේවගේ එකක් කැතයි. අනික් එක සර්ෆින් බ්‍රේස්ලට් වල ගොඩක් වෙලාවට ඔය මැද තියෙනවා මොකක් හරි සංකේතයක්. ඒක සාමයේ ලකුණ වෙන්න පුලුවන්. සතෙක්ගේ සංකේතයක් වෙන්න පුලුවන්. මේ කෝක වුනත් ඒ සංකේතය තමන්ට ගැලපෙනවද කියලා පොඩ්ඩක් බලන්න.

ෆෝමල් ඇඳුම් වලට සර්ෆින් බ්‍රේස්ලට් මැච් වෙන්නෙ නෑ!

3. පබළු නැතිනම් ඇට බ්‍රේස්ලට්

බීඩඩ් බ්‍රේස්ලට් කියලා කියන ජාතියට අපි කියන්නේ ඇට ඇට තියෙන බ්‍රේස්ලට් කියලනේ. පබළු බ්‍රේස්ලට් කියන්නත් පුලුවන්. හැබැයි පබළු කිවුව ගමන් ගොඩක් දෙනෙක්ට සිහියට එන්නේ අර පොඩි ළමයින්ගේ අත් වල බඳින පොඩි පබළු. අපි කියන්නේ එව්වා ගැන නෙවෙයි. මේ අර ලොකු ඇට තියෙන පබළු වලින් හදපු බ්‍රේස්ලට්. මේ විදියේ බ්‍රේස්ලට් වල කැපී පෙනෙන වෙනසක් තියෙනවා. ඒ තමයි වැරදි බ්‍රේස්ලට් එකෙන් අපි චීප් කියන අදහස දකින අයට යන්න පුලුවන් වගේම හරි බ්‍රේස්ලට් එකෙන් අපි රිච් ලුකින් කියන අදහස දකින අයට යන්න පුලුවන්. ඇත්තටම රිච් ලුක් එකක් තියෙන මේවගේ එකක් දැක්ක හැටියේම වෙනස තේරෙනවා. ඒ වගේ බ්‍රේස්ලට් එකක ගාංචුව වුනත් බොහොම ක්ලැසික් ලුක් එකක් තියෙනවා. හැබැයි එහෙම බ්‍රේස්ලට් පොඩ්ඩක් ගණන් වැඩියි.

බීඩඩ් බ්‍රේස්ලට් එකක් ඇඳුමකට මැච් කරන එක පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න ඕන දෙයක්. මොකද බීඩ් වල ප්‍රමාණය, නිමාව සහ වර්ණය මත තමයි ඒක තීරණය වෙන්නේ. ගොඩක් ලොකු නැති පබළු තියෙන, අඳුරු වර්ණයක මේවගේ එකක් ස්මාට් කැෂුවල් ඇඳුමකට වුනත්, ෆෝමල් ඇඳුමකට වුනත් ගැටලුවක් නෑ. පොඩ්ඩක් ලොකු බීඩ් තියෙන, අර නවගුණ ඇට මාලයක් වගේ අතේ කීප විටක් ඔතන්න පුලුවන් බ්‍රේස්ලට් එකක් හොඳයි කැෂුවල් ඇඳුමකට. ඒකෙන් පොඩි ඔරියන්ටල් ලුක් එකකුත් එනවා. හැබැයි බීඩඩ් බ්‍රේස්ලට් ගන්නකොට ගොඩක් කැපිලා පේන දීප්තිමත් වර්ණ තියෙන ඒවා නම් ගැලපෙන්නෙ නෑ කියලා මතක තියාගන්න ඕන.

4. මළ නොබඳින වානේ බ්‍රේස්ලට්

මෙන්න තවත් සැලකිලිමත් වෙන්න ඕන තැනක්! ස්ටීල් බ්‍රේස්ලට් ගත්තහම කොටස් කීපයක් තියෙනවා. එක්කෝ අර ලොකු දම්වැලක් වගේ එල්ලෙන බ්‍රේස්ලට්. එහෙම නැතිනම් ලෙදර් පටි වගේ තව අනන් මනන් කෑලි බෑලි එක්ක එකතු කරලා හදපු බ්‍රේස්ලට්. එහෙමත් නැතිනම් ඉතාම වැදගත් පෙනුමක් තියෙන තනි ස්ටීල් රවුමක් වගේ පේන, සිහින් පෙනුමක් තියෙන බ්‍රේස්ලට්.

ඇත්තටම ස්ටීල් බ්‍රේස්ලට් එකක් ඕනෑම තැනකට ගැලපෙනවා. ඕනෑම ඇඳුමකට මැච් වෙනවා. හැබැයි ඒක තීරණය වෙන්නේ තමන් ‍තෝරගන්න ස්ටීල් බ්‍රේස්ලට් වර්ගය අනුව. උදාහරණයක් විදියට කිවුවොත් දම්වැල් වගේ බ්‍රේස්ලට් එකක් ෆෝමල් ඇඳුමකට ගැලපෙන්න නම් සාමාන්‍යයෙන් කුඩා, අතෙන් ගොඩක් පහළට එල්ලෙන්නේ නැති එකක් වෙන්න ඕන. තනි රවුම් වළල්ලක් වගේ එකක් නම් අනවශ්‍ය කැටයම්, එල්ලෙන කෑලි බෑලි නැති වෙන්න ඕන.

තව දෙයක්. මේ බ්‍රේස්ලට් එක එක සයිස් වලින් එන්න පුලුවන්. එතකොට තමන්ට ගැලපෙන එක ‍තෝරගන්න ඕන තමන්ගේ ඇ‍ඟේ විදියට. උදාහරණයක් විදියට ඉතාම සිහින් වළල්ලක් වගේ ස්ටීල් බ්‍රේස්ලට් එකක් පොඩ්ඩක් ඇඟ පත තියෙන හාදයෙක්ට මැච් වෙන්නෙ නෑ. එහෙම කෙනෙක් වඩා පළල තියෙන බ්‍රේස්ලට් එකකට යන්න ඕන.

5. තඹ හෝ වානේ කලාත්මක බ්‍රේස්ලට්

ඉස්සර මතකද මොන්ඩියල් කියලා පිස්සුවක් තිබුණා? ඒ කාලේ බාල මහළු හැමෝම මොන්ඩියල් දානවා. මොන්ඩියල් එකක් පළඳින්න ලොකුම හේතුව වුනේ ඒකෙන් ලෙඩ රෝග හොඳ වෙනවාය කියලා තිබුණු විශ්වාසය මිසක් ෆැෂන් එක නෙවෙයි. හැබැයි හිතලා බලන්න ඒ වගේ බ්‍රේස්ලට් එකක් ෆැෂන් ස්ටේට්මන්ට් එකක් වෙන්නේ නැද්ද කියලා?

මේ වගේ බ්‍රේස්ලට් එකක තියෙන්න ඕන කොන්දේසිය තමයි කලාත්මක වීම. ඒ කියන්නේ බොහොම සියුම් කැටයම් තියෙන, කලාත්මක නිමාවක් තියෙන බ්‍රේස්ලට්. මේවා එන්නේ වළල්ලක් විදියට මිසක් ගාංචු තියෙන බ්‍රේස්ලට් විදියට නෙවෙයි. මේ සමහරක් බ්‍රේස්ලට් වල ගල් අල්ලලා තියෙනවා. ඒ කොයි විදිය වුනත් මේ වගේ කලාත්මක බ්‍රේස්ලට් එකකින් ගොඩක් වෙලාවට පෙරදිග පෙනුමක් තමයි ලබාදෙන්නේ. හැබැයි මේ විදියේ බ්‍රේස්ලට් එකක් ෆෝමල් ඇඳුමකට දාන්න නම් බොහොම සරල, වඩා සිහින් පෙනුමක් තියෙන, විච්චූරණ නැති එකක් වෙන්න ඕන.

6. රබර් බ්‍රේස්ලට්

මේ වලට අපි ලේසියට රබර් බ්‍රේස්ලට් කියලා කිවුවට, ඇත්තටම  මේ වලට කියන්නේ Cause Bands කියලා. ඒ කියන්නේ මොකක් හරි සමාජ ප්‍රගමන ව්‍යාපාරයක් වෙනුවෙන් අතේ පළඳින රබර් බ්‍රේස්ලට් එකක්. මේවා කිසිමාකාරයක කැටයම් නැති, බොහොම සරල රබර් වළල්ලක් විදියට තියෙන්නේ. මේවා එන්නේ දීප්තිමත් වර්ණයන්ගෙන්. පිට පැත්තේ මොකක් හරි ඒ Social Cause එක ගැන ගහලා තියෙනවා. ඒක “වන සම්පත සුරකිමු” වගේ එකක් වෙන්න පුලුවන්.

මේ විදියේ බෑන්ඩ්ස් ඇත්තටම කැෂුවල් ඇඳුමකට හොඳයි. හැබැයි මේ බෑන්ඩ් එකක දීප්තිමත් පාට සහ රිච් ලුක් එකක් නැති වීම නිසා පොඩි ෆන්කි ෆීලින් එකක් තමයි දෙන්නේ. ඒ හින්දා ෆුල් කැෂුවල් දවසකට මේ වගේ බෑන්ඩ් එකක් දැම්මට කමක් නෑ. හැබැයි එකක්. මේ වගේ බෑන්ඩ් එකක් දාන්න ඕන කලාතුරකින් මොහොතක මිසක් හැමදාම නෙවෙයි.

7. රත්තරන් හෝ රිදී බ්‍රේස්ලට්

සමහර කොල්ලෝ ඉන්නවා රත්තරන් හෝ රිදී වගේ වටිනා ලෝහයකින් හදපු බ්‍රේස්ලට් පෙන්නන්න බැරි. තව කොටසක් ඉන්නවා මේ වගේ බ්‍රේස්ලට් වලට ආස කරන. ඉතින් රත්තරනින් වගේ හදපු බ්‍රේස්ලට් එකක් දාන්න ආස කොල්ලෙක් ඉන්නවා නම්, හිතලා බලන්න ඕන කරුණු කීපයයි තියෙන්නේ.

මුලින්ම මේ වගේ බ්‍රේස්ලට් එකක් හැම වෙලාවේම සරල සහ ක්ලාසි ලුකින් වෙන්න ඕන. ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. හැබැයි මේ බ්‍රේස්ලට් එකක් දානකොට හරියට පාට මැච් කරන්න වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් රත්තරන් බ්‍රේස්ලට් එකක් දානවා නම් තමන් අඳින ඇඳුමේ තියෙන අනෙක් ලෝහමය දේවලුත් ඒ පාට වෙන්න ඕන. ඒ කියන්නේ ෆුල් සූට් එකකට රත්තරන් දම්වැල් බ්‍රේස්ලට් එකක් දාලා, කෆ් ලින්ක්ස් හරි ටයි පින් හරි සිල්වර් වෙන්න බෑ. ඒක කැතයි. අනික මොන වටිනා ලෝහයෙන් හදන බ්‍රේස්ලට් එකක් වුනත් දිලිසෙන පෙනුමක් තියෙන එක ඒ තරම් ගැලපෙන්නෙ නෑ. ඇත්තටම මේක තීරණය වෙන්නේත් වටිනාකම මත. ගොඩක් වටින බ්‍රේස්ලට් එකක් නම් දිලිසෙන චීප් පෙනුමකට වඩා නියම රත්තරන් හෝ නියම රිදී එක්ක එන රිච් ලුක් එකක් තියෙනවා. හැබැයි මේ වගේ බ්‍රේස්ලට් එකක් ෆුල් කැෂුවල් ඇඳුමකට ගැලපෙන්නේත් නෑ. (Lifie)

එහෙමනම් මේවගේ ෆැෂන් ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer Fashion සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනි විලාසිතා ප්‍රවෘත්ති ගැන වැඩි විස්තර දැන ගන්න.

fashion featured pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleගෝලීය මිනිස් ජනගහනය බිලියන 8 පසු කරයි
Next Article කීකිරිඳිය වල ගුණ
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 20267 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 202607 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.