Author: Buzzer Editor

පිරිමි ඇඳුම් සඳහා ශ්‍රී ලංකාවේ නිවහන වන Shirtworks (SWX) සිය කොළඹ 04හි පිහිටි ශාඛාව නැවත විවෘත කිරීම සහ සුවිශේෂී විලාසිතාවන්ගෙන් යුත් නිමි ඇඳුම් කට්ටල රැසක් හඳුන්වා දීම පසුගියදා සිදු කෙරුණි. මෙම සුවිශේෂී අවස්ථාව තුළින් Shirtworks, උසස් තත්ත්වයෙන් යුත් එකිනෙකට වෙනස් විලාසිතාවන් පාරිභෝගිකයින්ට හඳුන්වාදීම සඳහා වූ සිය කැපවීම යළිත් තහවුරු  කළේය. SWX විසින් ED’s Array, Leonardo, Class One, Crocodile සහ Emerald වැනි ජාත්‍යන්තර සන්නාමවලින් යුත් එකතුවක් නූතන මහත්වරුන් සඳහා ඉදිරිපත් කරනු ලබයි. ගෝලීය මට්ටමේ මෝස්තරවලින් සමන්විත සහ උසස් තත්වයේ රෙදි යොදාගනිමින් නිර්මාණය කරන ලද “Bespoke” කාණ්ඩය මෙම සුවිශේෂී අත්දැකීම තවදුරටත් ඉහළ නංවයි. මේ පිළිබඳව සිය අදහස් දැක්වූ Shirtworks හි විධායක අධ්‍යක්ෂ…

Read More

ඇමෙරිකානු ජනාධිපතිවරණය නොවැම්බරයේ පැවැත්වීමට නියමිත අතර, ඊට පෙර ජනපද මට්ටමින්, ප්‍රධාන පක්ෂ වන ඩිමොක්‍රටික් පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂය ඔවුන්ගේ ප්‍රධාන අපේක්ෂකයා තෝරා ගැනීමට ඡන්ද පවත්වයි. වොෂින්ටනයේ පැවැති එම ඡන්ද විමසුමේ දී, හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ට අභියෝගයක් වෙමින්, රිපබ්ලිකන් පක්ෂයෙන් ඉදිරියට පැමිණීමට නිකී හේලි සමත් වූවාය. ට්‍රම්ප් සහ නිකී හේලි අතරේ මීට පෙර සිට සටනක් පැවැති නමුත්, හේලි හිටපු ජනාධිපති ට්‍රම්ප් පරාජය කළ පළමු අවස්ථාව මෙයයි. 52 හැවිරිදි නිකී හේලි, දකුණු කැරොලිනා ජනපද ආණ්ඩුකාර ධුරය හෙබවීය. 2017 සිට 2018 තෙක් කාලයේ එක්සත් ජාතීන්ගේ ඇමෙරිකන් තානාපතිනිය ලෙස කටයුතු කළාය. නිකී හේලි ඉන්දීය සම්භවයක් ඇති ඇමෙරිකන් කාන්තාවකි. (AFP) තවත් විදෙස් තොරතුරු සඳහා…

Read More

අභ්‍යවකාශ තරණයටත්, විශ්ව ගවේෂණයටත් යොමු වී සිටින ඉන්දියාව, වසර 2035 වනවිට, අභ්‍යවකාශ නැවැතුම්පොළක් ඉදිකිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දියාව අභ්‍යවකාශ කටයුතු සිදු කරන්නේ ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයයි. ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, ඉන්දීය අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදි කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් කළේ තිරුවාන්නතපුරම් නුවර, වික්‍රම් සාරාබායි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැවැති දේශනයක් අතරතුරේදීය. මෙම 2024 වසරේ දී, ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය, එරට නිෂ්පාදිත රොකට්ටුක් සහ ගගන කැප්සියුලයක් ආධාරයෙන් ඉන්දීය ගගනගාමීන් සිවු දෙනකු ද අභ්‍යවකාශයට යවා ගෙන්වා ගැනීමට නියමිතය. Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.

Read More

විදුලිය සහ ඉන්ධන අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. විදුලිය සැපයීම සම්බන්ධ සියලු සේවාවන් ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම සම්බන්ධ සියලු සේවාවන් මෙම ගැසට් නිවේදනය මගින් අත්‍යවශ්‍ය සේවා බවට පත්කර තිබේ. ජනාධිපතිවරයාගේ අණ පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මෙම ගැසට් නිවේදනයට අත්සන් තබා ඇත. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් උන්හිටිතැන් අහිමි වී, කුසගින්නේ පෙලෙන, ගාසා පලස්තීන වැසියන්ට ඇමෙරිකාන ගුවනින් ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා දීම ආරම්භ කර ඇත. ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වීමෙන් පසු, ඇමෙරිකාව පලස්තීන වැසියන් මේ අයුරින් ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ලබා දීමට පියවර ගත් පළමු අවස්ථාව මෙයයි. ඇමෙරිකන් හමුදාව, ඊයේ (2) සී-130 වර්ගයේ ගුවන් යානා තුනක් යොදාගෙන ආහාර මලු 30,000ක් පමණ ගාසා තීරයට දැමූ බව පැවැසෙයි. ඇමෙරිකාව මෙම තීරණය ගත්තේ, ඉකුත් බ්‍රහස්පතින්දා ආහාර රැගත් ලොරි පෙළක් අසලට රැස්වී ආහාර ගැනීමට පොරකන්න වූ පලස්තීන වැසියන් 100කට අධික පිරිසක් ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරයකින් මියයෑමෙන් පසුවය. එම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගණන 700 කට වැඩිය.…

Read More

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ දෛනික මෙහෙයුම් 2024 ජූලි මස සිට දින 45ක් දක්වා තාවකාලිකව අත්හිටුවා නඩත්තු කටයුතු සිදුකෙරෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරනවා. වසර තුනකට වරක් යෙදී ඇති පරිදි අනිවාර්ය නඩත්තු සහ අලුත්වැඩියා කටයුතු සඳහා මෙලෙස පිරිපහදුව වසා දැමෙන බවයි නිවේදනයේ සඳහන් වන්නේ. එමඟින් ඉදිරි වසර 03ක කාලයක් සඳහා සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ උපරිම නිෂ්පාදන ධාරිතාවය ද, ආරක්ෂිත සහ විශ්වසනීය ක්‍රියාකාරිත්වයක් ද අපේක්ෂා කෙරෙන බව සඳහන්. පිරිපහදු කටයුතු අත්හිටවූවත්, අදාල කාලය තුල ප්‍රමාණවත් ඉන්ධන තොග ඇණවුම් කර උපරිම ධාරිතාවයෙන් පවත්වා ගෙන යන බවත්, කිසිදු බාධාවකින් තොරව පාරිභෝගිකයන්ට අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව සැපයීමට පියවර ගෙන ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.…

Read More

නීති විරෝධී සංක්‍රමණ සම්බන්ධයෙන් සොයා බැලීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පමණක් නොව, හිටපු ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ද අවස්ථා දෙකකදී, ඇමෙරිකන් මෙක්සිකෝ දේශසීමාවේ සංචාරය කළහ. බයිඩන් මෙන්ම ට්‍රම්ප් ද මෙම වසරේ නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි. මෙක්සිකෝ දේශසීමාව හරහා ඇමෙරිකාවට අනවසරයෙන් පිවිසෙන සංක්‍රමණිකයන් සම්බන්ධ ගැටලු ඇමෙරිකන් ජනාධිපතිවරණයේදී වැදගත් සාධකයක් වනු ඇත. ට්‍රම්ප් ජනාධිපති ධුරයේ සිටිද්දී, ඇමෙරිකාවට පැමිණෙන අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කළේය. ඇමෙරිකන් මෙක්සිකෝ දේශසීමාවේ, දේශසීමා වැටක් ඉදි කළේ ද ට්‍රම්ප්ගේ නියෝගයකට අනුවය. අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් රිපබ්ලිකන් පාක්ෂික ට්‍රම්ප්ට වඩා ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළත්, ඩිමොක්‍රටික් පාක්ෂික බයිඩන්, අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ගත් තීන්දු තීරණ ආපසු හැරවීමක් කළේ නැත.…

Read More

බස්නාහිර පළාතේ ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරින් ‍2500 කට පත්වීම් ලබාදෙන බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සිරිසෝම ලොකුවිතාන සඳහන් කරනවා. පසුගිය ඔක්තෝම්බරයේ පැවති ගුරු විභාගයේ ප්‍රතිඵල මත ප්‍රාථමික, කලා, වාණිජ, විද්‍යා හා ගණිතය විශය ධාරා ද, සාමාන්‍ය පෙළ විෂයයන් ඉගැන්වීම සඳහාද මෙහිදි ගුරුවරුන් බඳවා ගන්නා බවත්, ඒ සඳහා පත්වීම් ලිපි ප්‍රදානය අද සිදු කෙරෙන බවත් ලේකම්වරයා පවසා සිටිනවා. කෙසේ වෙතත් බස්නාහිර පළාතේ තවත් ගුරු පුරප්පාඩු 2000කට අධික සංඛ්‍යාවක් පවතින බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ජපානයෙන් කළ ඉල්ලීමක් අනුව ජපානයේ ගොඩනැගිලි පිරිසිදු කිරීමේ වෘත්තීය රැකියා අවස්ථා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට විවෘත වී තිබෙනවා. ඒ අනුව එම ශ්‍රමිකයින් තෝරාගැනීම සදහා වන පරීක්ෂණ මෙම වසරේ ජුනි මාසයේදී ආරම්භ වන බවයි මනුෂ නානායක්කාර අමාත්‍යවරයා සඳහන් කරන්නේ. අමාත්‍යවරයා සහ ජපානයේ ගොඩනැගිලි පිරිසිදු කරන්නන්ගේ සංගමය අතර ඊයේ (28) දිනයේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මේ බව අනාවරණය වී තිබෙනවා. N4 මටටමේ ජපන් භාෂා ප්‍රවීණතාවය ලබාගත් අයට SSW කාණ්ඩය යටතේ මේ සදහා සුදුසුකම් ලබන අතර සුදුසුකම් තහවුරු කරගැනීමේ පරීක්ෂණ කොටස් දෙකකින් සමත්විත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. (එසැණ) දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ…

Read More

බේබි ෂෙරමි, ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යයතනය හා එක්ව නිර්මාණය කල පුංචි පැටියාට සුරක්ෂිත නිවහනක් කෘතිය මුල් ළමාවිය සංවර්ධන ලේකම් කාර්යාලයේ නිළධාරීන්ට හදුන්වා දීමේ සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ ඉහළම පාරිභෝගික ආකර්ෂණයක් හිමි කරගත් ළදරු සන්නාමය වන බේබි ෂෙරමි දරුවන් වෙනුවෙන් වඩාත් සුරක්ෂිත ලෝකයක් නිර්මාණය කිරීමේ මෙහෙවරෙහි ඉදිරියෙන් සිටියි. මෙම අඛණ්ඩ මෙහෙවරෙහි තවත් එක් පියවරක් ඔස්සේ ඉදිරියට යමින් ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යයතනය හා බේබි ෂෙරමි එක්ව අපේ රටේ දරුවන්ට සුරක්ෂිත ලොවක් තැනීම වෙනුවෙන් ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංශය යටතේ ඇති මුල් ළමාවිය සංවර්ධන ලේකම් කාර්යාලයේ නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය…

Read More