Author: Buzzer Editor

රුමේනියාවේ රැකියා අවස්ථා ලබාදීම සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වමින් සිටි ස්ථානයක සිදුකළ වැටලීමකින් විදේශිකයෙකු ඇතුළු පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බදුල්ල ප්‍රදේශයේ හෝටලයක සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

Read More

වියට්නාමයේ හැනෝයි ජාත්‍යන්තර සිනමා උළලේ දී හොඳම නළුවාට හිමි සම්මානය ශ්‍රී ලාංකික රංගන ශිල්පින් 07 දෙනෙකු දිනා ගනු ලැබුවා. වියට්නාමයේ දි 6වන වරටත් පැවති හැනෝයි ජාත්‍යන්තර සිනමා සම්මාන උළලේදියි මෙම රංගන ශිල්පින් සම්මානයට පාත්‍ර වුණේ. ඒ අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කල මාරියා චිත්‍රපටයේ රංගන දායකත්වය වෙනුවෙන්. මහේන්ද්‍ර පෙරේරා, හේමාල් රණසිංහ, අශාන් ඩයස්, ප්‍රියන්ත සිරිකුමාර, දසුන් පතිරණ, සුරන් දිසානායක යන රංගන ශිල්පිනුයි සම්මානය දිනා ගත්තේ. එමෙන්ම මෑතක දි ජිවිතයෙන් සමුගත් රංගන ශිල්පි දර්ශන් ධර්මරාජ් ද එම රංගන ශිල්පින් 07 දෙනා අතරට එක්වසිටිම විශේෂත්වයක්. හැනෝයි චිත්‍රපට උළෙල සදහා රටවල් 50ක් නියෝජනය කරමින් චිත්‍රපට 123ක් ඉදිරිපත් කර තිබුණා. (ITN News) Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන්…

Read More

2022 FIFA ලෝක කුසලානය අද (20) ආරම්භ වනවා. මෙවර තරඟාවලිය කටාර් රාජ්‍යයේදී ආරම්භ වන අතර මෙය මැද පෙරදිග කලාපීය රටකදී පැවැත්වෙන පළමු පාපන්දු ලෝක කුසලාන තරගාවලිය වීම විශේෂත්වයක්. කාණ්ඩ 8ක් යටතේ රටවල් 32ක් හෙට සිට ලබන දෙසැම්බර් 18 වනදා තෙක් එක් කුසලානයක් වෙනුවෙන් තරඟ වැදීමට නියමිතව තිබෙනවා. මෙවර පාපන්දු ලෝක කුසලානයට අදාළ තරග ක්‍රීඩාංගන 8 කදී පැවැත්වීමට නියමිත අතර එම ක්‍රීඩාංගණ 8ම කිලෝමීටර් 55ක අරයකින් යුත් සීමිත ප්‍රදේශයක පිහිටා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. තරගාවලිය ආරම්භ කරමින් සමාරම්භක තරගය ලෙස කටාර් කණ්ඩායම සහ ඉක්වදෝර කණ්ඩායම අතර තරඟය අද රාත්‍රී 9.30 ට ආරම්භවීමට නියමිතයි.

Read More

ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ ඊට යාබදව පැවති අඩු පීඩන කලාපය බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කර, මේ වනවිට දකුණු-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 12 තුලදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, තමිල්නාඩු-පුදුචෙරි වෙරළ වෙත ලඟා වීමේ වැඩි හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවීමේ හැකියාවද පවතින බවයි සඳහන් වන්නේ. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක්…

Read More

ඩොලරය ඉහළ යාමත් සමඟ බස් රථ අමතර කොටස් මිල ඉහළ ගොස් ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහට පෙන්වාදුන් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව ඉදිරියේදී එම තත්ත්වය බෙහෝ දුරට අඩුවනු ඇති බවට මහ බැංකු අධිපතිවරයා එහිදී සඳහන් කළ බවයි එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ. එසේම කොන්දොස්තරවරයෙකු නොමැතිව (Wallet System) මගී බස්රථ ධාවනය කිරීමට සහය ලබාදෙන ලෙස මෙහිදී මහ බැංකු අධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවත් ඒ සඳහා පූර්ණ සහය ලබාදෙන බව මහ බැංකු අධිපතිවරයා පැවසූ බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

ලබන මාසයේ සිට ඉන්ධන මිල සංශෝධනය මසකට වරක් සිදුකිරීමට අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව ඒ පිළිබඳ වන යෝජනාව හෙට (21) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ 50 වන සංවත්සරය අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ. මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය සෑම මසකට 1 වනදා සහ 15 වනදා සිදු කිරීමට මීට පෙර තීරණය කර තිබුණා. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

චීනයේ පරිත්‍යාගයක් ලෙස මෙරට පාසල් දරුවන්ට බෙදා හැරීම සඳහා සහල් මෙට්‍රික් ටොන් 1000ක් (සහල් පැකට් ලක්ෂයක්) රැගත් චීන නෞකාව අද ‍(19) උදෑසන කොළඹ වාරය වෙත පැමිණ තිබෙනවා. මෙරට චීන තානාපති කාර්යාලය ට්විටර් සටහනක් නිකුත් කරමින් පවසා සිටියේ මෙම සහල් තොගය කඩිනමින් බෙදා දීමට කටයුතු කරන බවයි. පසුගිය ජූනි මාසයේ සිට මේ දක්වා චීන ආධාර යටතේ ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 7000ක් ලබාදී තිබෙනවා.

Read More

2022 දී වෙළෙඳපොළට හදුන්වා දෙන මෙම ස්මාට් වොච් එකේ මූලික වැඩ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව සඳහන් වනවා. පණිවුඩ හුවමාරුව හා සෞඛ්‍යය පහසුකම් ඉලක්ක කරගනිමින් මෙම හදුන්වාදීම සිදු කර ඇති බවත් වාර්තා කරනවා. මෙහිදී ඔවුන් ෆේස්බුක් සේවාවන් එනම් Facebook, Messenger, Instagram හා whatsapp යන සේවාවන් මෙන්ම සෞඛ්‍ය හා ශාරීරික සුවතාවයන් ඉලක්ක කර ගනිමින් සුවිශේෂී වූ ලෙස මෙම ස්මාට් වොච් එක නිර්මාණකරණයේ යෙදෙන බවද සදහන්. ඊට අමතරව Facebook සමාගම මගින් සිය දෘඨකාංග සහිත උපාංගයන් වල operating system එකක් ධාවනය කිරීමද දැනටමත් නිර්මාණය කරමින් පවතින බවද ආරංචි මාර්ග වාර්තා කරයි. එනිසා මෙම ස්මාට් වොච් එකට ඔවුන් Google wear operating…

Read More

සංචාරක ක්ෂේත්‍රය සඳහා වූ විශාලතම පශ්චාත් COVID ආයෝජනය සංඥා කරමින්, සිංගප්පූරුවේ Kreate Design Pte Limited, කොළඹ නෙළුම් කුළුණ විනෝදාස්වාද මධ්‍යස්ථානයක් බවට පත් කිරීම සඳහා ඉදිරි වසර තුන ඇතුළත රුපියල් බිලියන 360 (USD බිලියනයක්) ආයෝජනය කිරීමට පොරොන්දු විය. මෙම ආයෝජනයට කැසිනෝ, සම්මන්ත්‍රණ සහ ජාත්‍යන්තර සාප්පු මධ්‍යස්ථාන, ජල ක්‍රීඩා මෙන්ම තවත් විනෝදාස්වාද විකල්ප කිහිපයක් ඇතුළත් වන බව ක්‍රේට් ඩිසයින් සිංගප්පූරු ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ, සින්ටියා චෑන් පැවසීය. ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රශ්න හරහා ගමන් කරමින් සිටියද තවමත් ආයෝජකයන්ගේ රුචිය ආකර්ෂණය කර ගන්නා බවත් ඒ නිසා අපි ආයෝජනය කිරීමට ඩොලර් බිලියනයකට වැඩි මුදලක් ගෙන එන බවත් ඇය පැවසුවාය. “ශ්‍රී ලංකාව පොහොසත් ස්වභාවික සම්පත් ඇති සුන්දර…

Read More

කොළඹ ජාතික රෝහල, බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල සහ කාසල් වීදිය කාන්තා රෝහල ඇතුළු රෝහල් කීපයක රසායන ද්‍රව්‍ය හිඟය හේතුවෙන් රුධිර පරීක්‍ෂණ කටයුතු රාශියක් ඇනහිට ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. මේ තත්ත්වයන් හේතුවෙන් පෞද්ගලික රසායනාගාරවලින් රුධිරය පරීක්‍ෂා කර ගැනීමට රෝගීන්ට සිදුවීම නිසා ඔවුහු දැඩි අපහසුතාවයට පත්ව සිටිති. අප මේ ගැන රෝහල් බලධාරීන්ගෙන් විමසූ විට කියා සිටියේ රුධිර පරීක්‍ෂණ කටයුතුවලට අවශ්‍ය රසායනික ද්‍රව්‍යවල යම් හිඟයක් පැවතුණ ද රෝහල් වැඩකටයුතු අඩාල වීමට ඉඩ නොදෙන බවය.

Read More