Author: Buzzer Editor

අවට වාතය පිරිසිදු කිරීමේ සුවිශේෂී ගුණයකින් යුත් මදුරුතලා ඖෂධීය ගුණයෙන් පිරිපුන් සෞඛ්‍යයට හිතකර කුඩා පැළෑටියක් වේ. Lamiaceae ශාක කුලයට අයත් ශාකයක් ලෙස මෙය හදුනා ගත හැකිය. තලා යනුවෙන් ද හදුන්වන මෙම ශාකයේ දේශීය විශේෂ කිහිපයක්ම තිබේ. සියලු මදුරුතලාවල වාෂ්ප ශීලී සුගන්ධ තෙල් අඩංගු වන බැවින් එම ශාකයට ආවේණික සුගන්ධයක් ඇත. රෝග වලට ප්‍රතිකාර කිරීමේදී මදුරුතලා ශාකයේ කොළ ,මුල් ,ඇට ආදී ශාක කොටස් භාවිත කරනු ලැබේ .එහි ගුණ භාවිතයෙන් සුවපත් කර ගත හැකි රෝග රැසක් පවතී. මදුරුතලා ශාකයේ ඖෂධීය ගුණ භාවිතය.  අස්ථි වේදනාවන් හා සන්ධි වේදනාවන් සුවපත් කරයි.සන්ධි වේදනා සදහා මදුරුතලා කොළ ඇල් ජලයෙන් හොඳින් අඹරා වේදනා ගෙන දෙන සන්ධිය වටා…

Read More

2022 පාපන්දු ලෝක කුසලානයේ ඊයේ (22) පැවති තරඟවලින් ජයග්‍රහණ ලබා ගැනීමට සෞදි ආරාබි කණ්ඩායම හා ප්‍රංශ කණ්ඩායම සමත්වූ අතර අනෙක් තරඟ දෙක ජය පරාජයෙන් තොරව අවසන් වුණා. ආජන්ටිනා කණ්ඩායම හා සෞදි ආරාබි කණ්ඩායම අතර තරඟයෙන් ගෝල 02-01 ක් ලෙස ජය ගැනීමට සෞදි ආරාබි කණ්ඩායම සමත් වූ අතර සෞදි ආරාබි කණ්ඩායම වෙනුවෙන් SALEH ALSHEHRI, හා SALEM ALDAWSARI එම ගෝල වාර්තා කළා. C කාණ්ඩය නියෝජනය කරන මෙක්සිකෝ කණ්ඩායම හා පෝලන්ත කණ්ඩායම අතර පැවති තරඟයේදී දෙපිළම කිසිඳු ගෝලයක් වාර්තා නොකිරීම හේතුවෙන් ජය පරාජයෙන් තොරව තරඟය අවසන් වුණා. එසේම D කාණ්ඩය නියෝජනය කරන ඩෙන්මාර්ක කණ්ඩායම හා ටියුනීසියා කණ්ඩායම් අතර පැවති තරඟයේදීද දෙපිළම කිසිඳු ගෝලයක්…

Read More

මෙරට ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. 2005 වර්ෂයේදී සකස්කරන ලද ඖෂධ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත්කර මේ වන විට වසර 15 කට ආසන්න කාලයක් ගත වී ඇති අතර වර්තමාන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි එම ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත්කරනු ලබන කමිටුවක් මගින් ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිවී ඇති බවයි සඳහන් වන්නේ. අදාළ කැබිනට් තීරණය පහතින්, Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං වයඹ හෝ නිරිතදෙසින් හමා යන අතර සුළගේ වේගය පැයට කිලෝ මීටර 20-40 ත් අතර වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කන්කසන්තුරය සිට මුලතිවු හරහා ත්‍රිකුණාමලය දක්වා සහ කොළඹ සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළුවීමේ හැකියාව පවතනවා.

Read More

75 වන නිදහස් දිනය ට සමගාමීව ලබන වසරේ පෙබරවාරි 4 දිනයේ මහජනතාවට ජාතික උද්‍යාන, උද්භිද උද්‍යාන හා විනෝද උද්‍යාන / ස්ථාන නොමිලේ නැරඹීමට මහජනතාවට අවස්ථාව ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. එසේම ලබන වසරේ පෙබරවාරි 4 දිනයේ රටපුරා පිහිටි සිනමාහල්වල ප්‍රවේශපත්‍ර ගාස්තුව 50% කින් අඩුකර චිත්‍රපට නැරඹීම සඳහා මහජනතාවට අවස්ථාව ලබාදීමට ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවයි සඳහන් වන්නේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ යෝජනා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. අදාළ කැබිනට් තීරණය පහතින්, Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

ධීවර ප්‍රජාව වෙනුවෙන් භූමිතෙල් බෙදාහැරීම විධිමත්ව සහ අඛණ්ඩව සිදු කිරීමට රජය පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ඒ අනුව ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) කීර්ති තෙන්නකෝන් විසින් 2022 නොවැම්බර් 22 දිනැතිව මේ පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ ලිපියක් දිස්ත්‍රික් ලේකම්රුන්, පළාත් ධීවර අමාත්‍යාංශ ලේකම්වරු සහ පළාත් සමූපකාර අමාත්‍යාංශය ලේකම්වරු වෙත යොමු කර ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව ධීවරයින්ගේ භුමිතෙල් අවශ්‍යතාව සැපිරීම සඳහා දිනකට ඉන්ධන බවුසර් 50 බැගින් නිකුත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

Read More

ජීවිතය කියන්නේ හැල හැප්පීම් එක්ක ගෙවෙන දෙයක්. සතුටක් විඳලා මොහොතක් යන්නත් කලින් ඒක දුකක් බවට පත්වෙලා වැඩක් කරන්නත් එපා වෙලා ජීවත් වෙන එකත් එපා වෙන තත්වෙට පත්වෙන එක ඕනම කෙනෙක්ට නිතර සිද්ධ වෙන්න පුළුවන්. ඒත් අපිට දුකක් කරදරයක් වුණාම හිතෙන්නේම මේක අපිටම වෙච්ච දෙයක්, අපේ ප්‍රශ්නෙ අමාරුව දන්නේ අපි විතරයි කියලා. හැබැයි ලෝකෙ හැම කෙනෙක්ටම තියෙන්නේ එකම ප්‍රශ්න ටික තමයි. මේවා අතරෙන් ගෙවෙන ජීවිතය සතුටෙන් ගෙවන්න අපි චුට්ටක් tricky වුණොත් ලස්සන ජීවිතයක් ගෙවන්න පුළුවන් වේවි. 01. ශරීර සෞඛ්‍යය ගැන කල්පනාකාරී වෙන්න අවුල් ගැහුවාම ගොඩක්ම කල්පනාකාරී විය යුතු දෙයක් තමයි ශරීර සෞඛ්‍යය. හිත අවුල් වුණාම කන්න හිතෙන්නේ නෑ, කල්පනා කරමින් ඉන්න…

Read More

ඉන්දුනීසියාවේ ප්‍රධාන දූපත වන ජාවා හි ප්‍රබල භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 162 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තවත් පුද්ගලයින් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර සුන්බුන්වලට සිරවී සිටින පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ. රිච්ටර් මාපකයේ ඒකක 5.6 ක ප්‍රබලත්වයෙන් සිදුවූ භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය වූයේ ජකර්තා අගනුවරට ගිනිකොන දෙසින් කිලෝමීටර් 75ක් පමණ දුරින් පිහිටි බටහිර ජාවා කඳුකරයේ සියන්ජුර් නගරය ආසන්නයේ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

2022 පාපන්දු ලෝක කුසලානයේ ඊයේ (21) පැවති තරඟවලින් ජයග්‍රහණ ලබා ගැනීමට එංගලන්තය සහ නෙදර්ලන්තයට හැකිවූ අතර අමෙරිකාව හා වේල්ස් අතර තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. එංගලන්තය සහ ඉරාන කණ්ඩායම අතර පැවති තරඟය ගෝල 06-02 ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වූ අතර එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් Jude Bellingham, Bukayo Saka, Raheem Sterling,Marcus Rashford, Jack Grealish එම ගෝල වාර්තා කිරීමට සමත් වුණා. සෙනගාලය සහ නෙදර්ලන්තය අතර පැවති තරඟය 02-00 ක් ලෙස ජය ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වූ අතර නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් Cody Gakpo සහ Davy Klaassen ගෝල වාර්තා කර තිබෙනවා. අමෙරිකාව හා වේල්ස් අතර තරඟයේදී දෙපිලම ගෝල එක බැඟින් වාර්තා…

Read More

පීඩන අවපාතය, බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කර දකුණු අන්ද්‍රා ප්‍රදේශය සහ උතුරු තමිල්නාඩු-පුදුචෙරි වෙරළ වෙත ලඟා වීමට වැඩි හැකියාවක් ඇති අතර මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුළ, ක්‍රමයෙන් දුර්වල වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

Read More