- 2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.8%ක වර්ධනයක්
- සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කෙරේ
- තාක්ෂණික දෝෂයක් නිසා එයාර් ඉන්දියා ගුවන්යානයක් නැවත හරවයි
- උසස් පෙළ විශිෂ්ටයින්ට ඇගයීමක්
- වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අයත් වාහන විකිණිමට ටෙන්ඩර් කැඳවයි
- මෙය අවසාන IMF වැඩසටහන බවට පත්කර ගැනීම අපේක්ෂාවයි – ජනපති
- කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට
- කොළඹ නගර සභාවේ උණුසුම – සජීවීව බලන්න
Author: Buzzer Editor
විවිධ පුද්ගලයින්ගේ ATM කාඩ්පත් සොරකම් කර බැංකු ගිණුම්වලින් මුදල් සොරකම් කළ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බම්බලපිටිය පොලීසියට ලද පැමිණිලි 2කට අනුව සිදුකළ විමර්ශනයක් අනුව සිද්ධියට සම්බන්ධ දොම්පේ කපුගොඩ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ. පොලීසිය විසින් සැකකරු ATM යන්ත්‍ර හරහා සොරකම් කරන ලද කාඩ්පත් භාව්ත කර මුදල් ලබාගන්නා අවස්ථාවල CCTV දර්ශන උපයෝගී කරගෙන ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු මෙලෙස රුපියල් ලක්ෂ 4කට අධික මුදලක් වංචා කර ඇති බවද පොලීසිය ප්‍රකාශ කළා. අත්අඩංගුවට ගත් සැකකරු අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් මස 06 වනදා දක්වා රිමාන්ඩ් කර තිබෙනවා.
දවසින් දවස ලෝක ජනගහනයෙන් බොහෝ ප්‍රමාණයක් විවිධාකාරයේ ලෙඩ රෝගවලට ගොදුරු වන ප්‍රමාණය ඉහළ යමින් පවතිනවා. ඒ අතරේ බෝ නොවන රෝගවලට ලොකු කුඩා බොහොදෙනා ගොදුරු වීමේ වැඩි ප්‍රවණාවක් දකින්නට ලැබෙනවා. මීට වසර ගණනාවකට පෙර ජීවත් වුණු අපේ මුතුන් මිත්තන් වැඩි කාලයක් නීරෝගීව ජීවත් වුණත් අද අපිට නීරෝගී ජීවිතයක් ගත කිරීම ඉතා අපහසු කාර්යයක් වෙලා තියෙනවා. ඒ සඳහා බලපාන මූලිකම කාරණය වෙන්නේ අපේ ආහාර රටාව. එදා අපේම මුතුන් මිත්තන් අනුභව කරපු ඉතා ඉහළ ගුණයෙන් යුක්ත වස විස නැති ආහාර අද අපෙන් ඈත්ව ගිහින්. එහි ප්‍රතිවිපාක අද ලොකු කුඩා දරුවාගේ පටන් මහලු වියේ පුද්ගලයා දක්වා සියල්ලෝම අත් විදිමින් සිටිනවා. ඉතින් මුත්‍රා ගල් කියන්නේ…
විසිවන සියවස අවසන් භාගයේදී විශ්වය විනාශ විය හැකි ඉරණම් දෙකක් ඇති බවක් පෙනෙන්නට තිබුණි: එක්කෝ විශ්වයේ ඇති අති විශාල පදාර්ථ ප්‍රමාණය නිසා ගුරුත්වාකර්ෂණය බලවත් වී විශ්වය සංකෝචනය වී, නැවත මහා පිපුරුමට පෙර තිබු singularity අවස්ථාවකට පත් විය හැකි අතර නැතහොත් අවම වශයෙන් විශ්වයේ ප්‍රසාරණය මන්දගාමී විය යුතුය. නමුත් හබල් දුරේක්ෂය විසින් ඈත මන්දාකිණි වල ඇති 1a වර්ගයේ සුපර්නෝවා පිළිබඳ නිරීක්ෂණයන් සමග පෙර සදහන් කල උපකල්පනයන් උඩු යටිකුරු වුණු අතර ඒ මගින් පෙනී ගියේ විශ්වයේ ප්‍රසාරණය වේගවත් වන බවයි. මේ වේගවත් ප්‍රසාරණය පැහැදිලි කිරීම සඳහා තාරකා විද්‍යඥයන් විසින් අඳුරු ශක්තිය පිළිබඳ සංකල්පය යොදා ගත් නමුත් අඳුරු ශක්තියේ ස්වභාවය, නූතන තාරකා විද්‍යාව…
බ්‍රිතාන්‍ය රජය යුක්රේනයට ලබා දෙන ආධාර දීගටම ලබා දීමටත්, ඒවා ක්‍රමාණුකූලව වැඩි කිරීමටත් තමන් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසා තිබේ. රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමනය කළ අවස්ථාවේ පටන්, බ්‍රිතාන්‍ය රජය යුක්රේනයට ආධාර ලබා දුන්නේය. හමුදා ආධාර සහ මානුෂීය ආධාර ඒ අතර විය. බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවීමෙන් පසු ඉන්දීය සම්භවයක් ඇති රිෂී සුනාක්, යුක්රේනයේ කීව් අගනුවරට ගොස්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවා හමුවිය. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
2022 පාපන්දු ලෝක කුසලානයේ ඊයේ (27) පැවති තරඟ 04 දී ජයග්‍රහණ ලබා ගැනීමට කොස්ටාරිකාව, මොරොක්කෝව, ක්‍රෝඒෂියාව සමත් වූ අතර ස්පාඤ්ඤ කණ්ඩායම හා ජර්මනි කණ්ඩායම අතර පැවති තරඟය සම තත්ත්වයෙන් අවසන් වුණා. පළමු තරඟය ලෙස ජපාන කණ්ඩායම හා කොස්ටාරිකා කණ්ඩායම අතර පැවති තරඟයෙන් ගෝල 0-1 ක් ලෙස ජය ගැනීමට කොස්ටාරිකා කණ්ඩායම සමත් වූ අතර එම කණ්ඩායම වෙනුවෙන් Keysher Fuller එම ගෝලය වාර්තා කළා. දෙවන තරඟය ලෙස බෙල්ජියම් කණ්ඩායම හා මොරොක්කෝ කණ්ඩායම අතර පැවති තරඟයෙන් ගෝල 0-2 ක් ලෙස ජය ගැනීමට මොරොක්කෝ කණ්ඩායම සමත් වූ අතර එම කණ්ඩායම වෙනුවෙන් Romain Saïss හා Zakaria Aboukhlal ගෝල වාර්තා කළා. ක්‍රෝඒෂියා කණ්ඩායම හා කැනඩා කණ්ඩායම…
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2023 වසරේ අප්‍රේල් මස අග භාගයේදී හෝ මැයි මස මුලදී පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ඒ අනුව එළැඹෙන වසරේදී නියමිත කාලය තුළ විභාග පැවැත්වීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ. මේ අතර පාසල් නිල ඇඳුම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, චීනයෙන් නිල ඇඳුම් 70% ක් ලැබෙන බවත් එහි පළමු තොගය දෙසැම්බර් 03 වන සතිය වන විට ලැබීමට නියමිත බවයි.
අද (28) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඌව, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, වයඹ, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයකද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. සබරගමුව, මධ්‍යම පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ලොකු ලූණු සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු (SCL) අනුපාතය අඩු කිරීමට ආහාර ප්‍රතිපත්ති කමිටුව පසුගිය 24 වනදා රැස් වූ අවස්ථාවේදී නිර්දේශ කර තිබෙනවා. 2022 වර්ෂයේ සැප්තැම්බර් මස 22 වැනි දින සිට රජය විසින් ආනයනික ලොකු ලූණු කිලෝග්‍රෑමයක් සඳහා අදාළ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද (SCL) රු. 10/- සිට රු. 50/- දක්වා වැඩි කිරීමත් සමඟ ලොකු ලූණු ආනයනය පහත වැටී තිබුණා. ලොකු ලූණු සඳහා ජාතික අවශ්‍යතාවය වසරකට මෙට්‍රික් ටොන් 300,000 ක් පමණ වන අතර එම අවශ්‍යතාවයෙන් 86%ක් ප්‍රධාන වශයෙන් සපුරාගනු ලබන්නේ ආනයන මගිනි.
ලබන 30 වනදා දක්වා වෙළෙඳපොළට ගෘහස්ථ ගෑස් නිකුත් කිරීම සීමාසහිතව සිදුකරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඒ අනුව හෙට (28) සහ අනිද්දා (29) දිනයන්වලදී සිලින්ඩර 42,000 බැගින් නිකුත් කරන බවයි එම සමාගම පවසන්නේ. දෙසැම්බර් උත්සව මාසය සඳහා වැඩිවන ඉල්ලුමට සරිලන පරිදි ගෑස් ලබාදීම සඳහා ගෑස් මෙට්‍රික් ටොන් 34,000ක් ඇනවුම් කර ඇති බවත් ඉන් ප්‍රථම නෞකාව නොවැම්බර් 30 වනදා මෙරටට පැමිණෙන බවත් එම සමාගම පවසනවා.
මුරුංගා කියන්නේ ඉබේ වැවෙන වටිනා ඖෂධීය ආහාර බෝගයක්. මෙය අතිශය ගුණදායක ආහාරයක්. මුරුංගා විස නසන පිළිකා නසන අක්මාවට ගුණදායක ආහාරයක්. මුරුංගා කරල් කොළ ආහාරයට ගන්නා අතර මල් ද ආහාරයට ගන්නවා. බොහෝ රෝග සුවපත් කිරීමේ හැකියාව මුරුංගාවලට තියෙනවා. මේ නිසා එළවළු අතරින් විශිෂ්ටතම එළවළුව ලෙස මෙය හැදින්වීම වරදක් නැහැ. මුරුංගා වියලි පත්‍ර ග්‍රෑම් 100ක අඩංගු ඛනිජ ලවණ ප්‍රමාණය ඉතාම අධිකයි. එසේම මෙහි අඩංගු තන්තු ප්‍රමාණය ඉතාම ඉහළයි. මෙහි අඩංගු විටමින් සී ප්‍රමාණය දොඩම් වල මෙන් හතර පස් ගුණයක් බව ඔබ දන්නවාද. එහි කරලක සී විටමින් 120mg ද අමු පත්‍රවල 220mg ද පමණ වෙනවා. මේවා කොල වල අඩංගු කැල්සියම් ප්‍රමාණය කිරි වල…