- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්නැයි ට්‍රම්ප් දැනුම්දෙයි
- ඉරානයේ රාජ්‍ය ප්රවෘත්ති නාලිකාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්
- ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්
- රුපියල් කෝටි 47ක මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි
- යුද්ධ හමුදාධිපති ඉන්දියාවේ නිල සංචාරය නිම කරයි
- 2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.8%ක වර්ධනයක්
- සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කෙරේ
Author: Buzzer Editor
බොහෝ දෙනා ඉතා හොඳීන් දන්නා හඳුනන ශාකයක් වශයෙන් සේපාලිකා ශාකය හැඳීනවිය හැකිය. මෙම ශාකය පිළිබඳව බොහෝ දෙනා හඳුනන්නේ එහි ඇති මල් නිසාය. ඉතා සුගන්ධවත් මල් වලින් යුතු වන අතර මෙම මල් බුදුන් පිදීම ඇතුළු පුද පූජා සඳහා ගනු ලබන නිසා බොහෝ දෙනා හොඳීන් හඳුන්වනු ලබයි. සමන් පිච්ච මල් හා සමාන සුගන්ධයකින් යුක්ත මෙම සේපාලිකා මල් පිපීම සිදු වනුයේ රාත්‍රී කාලයේ වන අතර, එසේ රාත්‍රී කාලයේ පිපී පසු දා පහන් වීමට පෙර සියලුම මල් වැටීම මෙහි විශේෂ ලක්ෂණයක් වෙයි. මේ ආදී වශයෙන් මල්වල ඇති ප්‍රයෝජනය නිසා බොහෝ දෙනෙක් වවනු ලබන මෙම ශාකය ඖෂධීය වශයෙන් ද ඉතා වැදගත් තැනක් ගනු ලබන බව…
මෙරට බැංකුවක් ඉන්දීය රුපියල්වලින් ද්විපාර්ශ්වික වෙළඳාම් සිදු කිරීම සඳහා එරට වොස්ට්‍රෝ ගිණුමක් ආරම්භ කළ බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා. ඒ අනුව State Bank of India හි දකුණු ආසියානු කලාපීය ප්‍රධානී Vikas Goel සමඟ මේ සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස්වරයා සාකච්ඡා කළ බවයි මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ Twitter පණිවිඩයේ දැක්වෙන්නේ. අදාළ Twitter පණිවිඩය පහතින්, Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.
වසර අවසානයේ නෙළුම් කුළුණ, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ගාලු මුවදොර පිටිය ආශ්‍රිතව පැවැත්වෙන විවිධ වැඩසටහන් සඳහා පැමිණෙන ජනතාව වෙනුවෙන් රථවාහන ගාල් කිරීම සඳහා ස්ථාන කිහිපයක් පොලිසිය වෙන් කර තිබෙනවා. ඒ අනුව නෙළුම් කුළුණ ආශ්‍රිතව පැවැත්වෙන වැඩසටහන් සඳහා පැමිණෙන පුද්ගලයන්ට සිය රථවාහන ගාල් කිරීම සඳහා ලේක් හවුස් ඉදිරිපිට රථගාල, කැප්ටන් ගාඩ්න් කෝවිල් රථගාල මෙන්ම ඩී.ආර්. විජේවර්ධන මාවත, ගාමිණී වටරවුමේ සිට රීගල් දක්වා මාර්ගය දෙපස රථවාහන නැවතුම් ස්ථාන ලෙස භාවිත කළ හැකි බවයි පොලීසිය සඳහන් කළේ. එසේම ජනාධිපති ලේකම් කාර්යාලය සහ ගාලු මුවදොර පිටිය ආශ්‍රිත වැඩසටහන් සඳහා පැමිණෙන පුද්ගලයන්ට MOD රථගාල, ගාලු මුවදොර – ගාලු මැද පාරේ සහ නව බාලදක්ෂ මාවතේ රථවාහන…
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ (playoffs) තරග අද (21) ආරම්භවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අවසන් වටයේ පළමු තරගය (Qualifier 1) ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වන Kandy Falcons කණ්ඩායම හා දෙවැනි ස්ථානයේ පසු වන Jaffna Kings කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත අතර අද ස්වරු 3.00 ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී එම තරගය ආරම්භ වනවා. අවසන් වටයේ දෙවැනි තරගය (Eliminator) එදින රාත්‍රී 7.30 ට පැවැත්වීමට නියමිත අතර ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දිනූ Colombo Stars කණ්ඩායම හා සිව්වැනි ස්ථානය හිමි කර ගත් Galle Gladiators කණ්ඩායම අතර එම තරගය පැවැත්වෙනවා. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු…
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, එරට බැක්මුට් නගරයේ යුද පෙරමුණට ගොස්, රුසියන් හමුදා සමඟ සටන් වදින යුක්රේන සොල්දාදුවන් හමුවී ඔවුන්ට වීර පදක්කම් පිරිනැමුවේය. පසුගිය මාස පහක කාලය තිස්සේ බැක්මුට් නගරයේ යුක්රේන හමුදා සහ රුසියන් හමුදා අතරේ දරුණු අවි ගැටුම් පැවැති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ. පදක්කම් පිරිනැමීම සිදුවූයේ එම යුක්රේන සොල්දාදුවන්ගේ වීරත්වය ඇගයීමට ලක් කරමිනි. බැක්මුට් නගරය ඩොනෙක්ස් පළාතට අයත් ප්‍රධාන නගරයකි. රුසියන් ප්‍රහාර හේතුවෙන් බැක්මුට් නගරයට සිදුවී ඇති මහා විනාශය දැක යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී කම්පාවට පත් වුණු බව ද යුක්රේන මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ. බැක්මුට් නගරයේ යුද පෙරමුණේ සිටින යුක්රේන සොල්දාදුවන්, රුසියන් හමුදාවලට පහර දෙන්නේ, ඇමෙරිකාව ඇතුළු…
දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේඋතුරු, උතුරු-මැද, වයඹ සහ ඌව පළාත්වල අහස වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. උතුරු, නැගෙනහිර, ඌව සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි සඳහන් වන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු…
අද (21) සිට ක්‍රියාත්මක වන පරිදි තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 5ක මිල අඩුකිරීමට ලංකා සතොස පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ලොකු ලූණු, රතු පරිප්පු, ටින් මාළු (දේශීය), මිරිස් සහ හාල්මැස්සන් මිල මෙලෙස අඩුකිරීමට පියවර ගෙන ඇති බවයි එම ආයතනය සඳහන් කරන්නේ. ඒ අනුව අඩු කරන ලද භාණ්ඩ ලැයිස්තුව පහතින්,
භාණ්ඩ 10ක් සඳහා පනවා තිබූ ආනයන සීමා ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ. සීමා ලිහිල් කර ඇති අයිතම 10 අතර ශක්තිජනක පාන, ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවශ්‍ය තුනී ලෑලි (MDF) පුවරු, ආවේෂන කැමරා පද්ධති (CCTV) සඳහා අවශ්‍ය උපකරණ සහ ක්‍රීඩා භාණ්ඩ ඇතුළත් වන බවයි සඳහන් වන්නේ. මෙලෙස ආනයන සීමා අවස්ථා තුනකදී ලිහිල් කර ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කරන්නේ. Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.
සේවා කාලය නිමා කර සිය රට බලා නික්ම යන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් (Hanaa Singer) ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබෙනවා. හනා සිංගර් සමග සුහද කතාබහක නිරත වූ ජනාධිපතිවරයා ශ්‍රි ලංකාව වෙනුවෙන් කළ සේවය ඇගයීමට ලක් කරමින් ස්තූතිය පිරිනැමූ අතර ඉදිරි කටයුතු වෙනුවෙන් සුභාශිංසනද පිළිගැන්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්, Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ playoffs වටයට සුදුසුකම් ලබා ගැනීමට Galle Gladiators කණ්ඩායම සමත් වුණා. ප්‍රසාද ලකුණු සටහනට අනුව Galle Gladiators කණ්ඩායම තරග 8 කින් තරග 2ක් ජය ගනිමින් සිව්වැනි ස්ථානය දිනාගත් අතර Dambulla Aura කණ්ඩායම තරග 8කින් තරග 2 ක් ජය ගනිමින් 5 වන ස්ථානය දිනා ගත්තා. දල ලකුණු ලබා ගැනීමේ වේගය අනුව ගාලු කණ්ඩායම ඉදිරියෙන් පසු වූ බැවින් ඔවුන් playoffs වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර Dambulla Aura කණ්ඩායම තරගාවලියෙන් ඉවත්වීමට සිදු වුණා. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.