Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, July 17
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » සේපාලිකාවල ඖෂධීය ගුණ
Blog 79 Views

සේපාලිකාවල ඖෂධීය ගුණ

Buzzer EditorBy Buzzer EditorDecember 21, 2022No Comments6 Mins Read79 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

බොහෝ දෙනා ඉතා හොඳීන් දන්නා හඳුනන ශාකයක් වශයෙන් සේපාලිකා ශාකය හැඳීනවිය හැකිය. මෙම ශාකය පිළිබඳව බොහෝ දෙනා හඳුනන්නේ එහි ඇති මල් නිසාය. ඉතා සුගන්ධවත් මල් වලින් යුතු වන අතර මෙම මල් බුදුන් පිදීම ඇතුළු පුද පූජා සඳහා ගනු ලබන නිසා බොහෝ දෙනා හොඳීන් හඳුන්වනු ලබයි.

සමන් පිච්ච මල් හා සමාන සුගන්ධයකින් යුක්ත මෙම සේපාලිකා මල් පිපීම සිදු වනුයේ රාත්‍රී කාලයේ වන අතර, එසේ රාත්‍රී කාලයේ පිපී පසු දා පහන් වීමට පෙර සියලුම මල් වැටීම මෙහි විශේෂ ලක්ෂණයක් වෙයි. මේ ආදී වශයෙන් මල්වල ඇති ප්‍රයෝජනය නිසා බොහෝ දෙනෙක් වවනු ලබන මෙම ශාකය ඖෂධීය වශයෙන් ද ඉතා වැදගත් තැනක් ගනු ලබන බව බොහෝ දෙනා නොදනිති. සුගන්ධවත් මල්වලින් යුතු නිසා පුද පූජා සඳහාත්, ගෙවතු අලංකාරය සඳහාත් බොහෝ දෙනා සේපාලිකා ගස් වවනු ලබන අතර මෙම ශාකය ඖෂධීය වශයෙන් ද බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වන බව අපට පැරණි ආයුර්වේද සංහිතා ග්‍රන්ථ පරිශීලනයේ දී පැහැදිලි වේ.

වාත රෝග ප්‍රධාන තවත් බොහෝ රෝගයන් සඳහා සේපාලිකාවල විවිධ අංග අඩංගු ඖෂධ යෝගයෝ රාශියක් දක්නට ලැබෙයි.

වැවෙන ප්‍රදේශ

විදේශීය වශයෙන්

මධ්‍යම භාරතය, වංග දේශය, හිමාලය මිටියාවත් ප්‍රදේශය, මියැන්මාරය ආදී රටවල හොඳීන් වැවෙන බව පෙනී යයි.

දේශීය වශයෙන්

ලංකාවේ සෑම පළාතකම පාහේ හොඳීන් වැවෙන ශාකයකි.

ශාකයේ ස්වරූපය

සාමාන්‍යයෙන් අඩි 10 – 15 ක් පමණ උසට වැවෙන තද සුදු පාටින් යුතු බූව සහිත (රළු) කොළ ඇති ගසකි. මෙහි ඇති මල් සුදු පාට මලේ නැට්ට රතු පාට වූ සමන් පිච්ච හා සමාන සුවඳවත්ව බොහෝ සෙයින් හටගනු ලබයි. මෙම මල් රාත්‍රියට පිපෙන අතර පසුදින පහන් වීමට පෙර සියලු මල් වැටෙයි.

මේ ආදී ස්වරූපයෙන් යුතු ශාකයක් වන සේපාලිකා පිළිබඳව විවිධ භාෂාවලින් හඳුන්වනු ලබන නාමයන් පිළිබඳව සලකා බැලීමේ දී,

පොදු සිංහල නාමය – සේපාලිකා වන අතර,

සංස්කෘත භාෂාවෙන් – ශේඵාලිකා, මන්දාර, පරිජාත, ප්‍රාජක්ත, රාගපුෂ්පී, රජනීභාසා, ශුක්ලාංගී, නිශිපුෂ්පිකා, රක්ත වෘන්තා, විජයා, ශීත මඤ්ජරී යන නාමයන් වෙයි.

ජනිභාස – රාත්‍රිය හිනස්සන යන අරුතින් යෙදේ.

ශුක්ලාග්නී – ඇඟ සුදු පැහැ ගනු ලබන යන අරුතින් යෙදේ.

රක්ත වෘන්ත – නටුව රතු පැහැ ගනු ලබන යන අරුතින් යෙදේ.

නිශී පුෂ්පිකා – රාත්‍රී මල් යන අරුතින් යෙදෙයි. සීත මඤ්ජරි – සුදු මල් පොකුර යන අරුතින් යෙදෙයි. තාම්බු වෘත්තිකා – නටුව රතු පැහැ යන අරුතින් යෙදේ.

සුවාහා – හොඳ සුවඳක් ගෙනෙන යන අරුතින් යෙදේ. වාතාරී – වාත රෝග සඳහා හිතකර බැවින් යෙදේ. මෙසේ සංස්කෘත භාෂාවෙන් අරුත් බර නාමයන් රාශියක් යෙදේ. හින්දි බසින් – හර ශිංශාර සහ පරජාතෙ යනුවෙන් යෙදේ. වංග බසින් – සේ පාලිකා සඳහා යෙදෙනුයේ ශීඋලී සහ ශිඋල්ඵුල් යන නාමයන්ය. දෙමළ බසින් – මන්ප්පු, පවල මල්ලිගායි සහ මල්ලිපුත යන නම් යෙදේ. තවද ඉංග්‍රීසි බසින් සේපාලිකා සඳහා Sorrowful nyctanthes/ Tree of sadness/ Tree of sorrow යනුවෙන් යෙදෙයි. සේපාලිකාවල උද්භිද විද්‍යාත්මක නාමය වනුයේ Nyctanthes arbor-tristis. කුලය වනුයේ Nyctanthaceae හෙවත් පාරිජාත කුලයයි. මේ ආදී වශයෙන් විවිධ භාෂා වලින් හඳුන්වනු ලබන සේපාලිකාවල ඖෂධ සඳහා ගනු ලබන අංගයන් වනුයේ මල්, කොළ, පොතු, මුල් සහ ඇටයි.

රසායනික උත්පාදන

සේපාලිකා මලෙහි සමන් පිච්ච හා සමාන හෘද්‍යගන්ධ වාෂ්පශීලී තෛල පදාර්ථයක් අන්තර්ගන වන අතර මල්වල නටුවෙහි කුංකුම වර්ණ රංජක පදාර්ථයක් ද පත්‍රවල නයික්ටැන්තයින් (ව්රජබචදබඩඪදඥ) නමැති උපක්ෂාරයක් ද, කසට පදර්ථයක් ද දුම්මල රඤ්ජක පදාර්ථ සහ ශර්කරා ද අන්තර්ගත වේ. මේ ආදී වශයෙන් රසායනික උපාදානවලින් පරිපූර්ණ ඉතා අගනා වටිනා ද්‍රව්‍යයක් ලෙස මෙම සේපාලිකා ශාකය හැඳීන්විය හැකිය.

සේපාලිකාවල ඖෂධීය ගුණ-

සේපාලිකා පිළිබඳව පැරණි ආයුර්වේද සංහිතා ග්‍රන්ථ පරිශීලනයේ දී දක්නට ලැබේ. සුශ්‍රැත සංහිතාවේ සුත්‍ර ස්ථානයේ 8 කාණ්ඩයේ ද අෂ්ටාංග හෘදය සංහිතාවේ උත්තර ස්ථානයේ 9 කාණ්ඩයේ ද, එසේම භාව ප්‍රකාශයේ සහ ධන්වන්තරී නිඝණ්ඩුවේ ද තවත් නිඝණ්ඩු කිහිපයක ද දක්නට ලැබේ.රසයෙන් තිත්ත රස වන අතර ගුණයෙන්

ලඝු සහ රුක්ෂ වන අතර වීර්යයෙන් උෂ්ණ ද විපාකයෙන් කටුක ද වෙයි.

දෝෂ අනුව සැලකීමේදී සෙම් හා වාත නසන අතර පිත් සංශෝධක ගුණ යුක්තය. මේ නිසා සෙම් වාත රෝග වලදී උපයෝගී කර ගනු ලබන අතර පිත් රෝගවලදී සංශෝධනය පිණිස යොදා ගනු ලබයි. සේපාලිකා ශාරීරික ව්‍යුහා ආශ්‍රිතව ක්‍රියා කරන ආකාරය සලකා බැලීමේ දී

බාහිර වශයෙන්

ඡන්තුස්න සහ කේශ්‍ය ගුණ යුතුවේ. මෙහිදී සේපාලිකා බීජ ජලයෙන් අඹරා ගත් ලේපය බාලිත්‍ය රෝගය හෙවත් කෙස් වැටීමේ රෝගයේදී සහ ඉස්හොරි සහ ඉසේ කොරපොතු ආදී රෝග අවස්ථාවල ආලේපය සඳහා යොදයි. මේ මඟින් අලුත් නිරෝගී කෙස් සහිත හිසක් ඇති වේ.

අභ්‍යන්තර වශයෙන්

ආහාර පරිපාචක ව්‍යුහාවේදී දීපන අනුලෝම කෘමිස්ණ සහ පිත්ත සාරක ගුණයන්ගෙන් යුක්ත වෙයි. මෙනිසා සේපාලිකා පත්‍ර යුෂය අග්නි මාන්ද්‍ය, මල බද්ධය, අක්මා රෝග, පිත්ත රෝග, අර්ශස්, කෘමි රෝග ආදී අවස්ථාවල දී ප්‍රයෝජනවත් වේ. එසේම සේපාලිකා කොළ යුෂය මීපැණි සහ ලුණු සමඟ යෙදීමෙන් රවුම් පණුවන් සහ කිරි පණුවන් වැටෙයි. එම යුෂය කුඩා ළදරුවන්ට ප්‍රවේශම්කාරී විරේචනයකි. එසේම මෙය මෘදු විරේචක සහ පිත්ත නිස්සාරන ගුණයෙන් ද යුතුය.

ශ්වසන ව්‍යුහාවේදී

සෙම් නසන ගුණයෙන් යුක්ත වන අතර කාස හා ශ්වාස අවස්ථාවල දී සේපාලිකා පොතු චූර්ණය රක්තිකා 2ක් පමණ බුලත් යුෂයෙන් යෙදූ විට ඝන වූ සෙම ලිහිල් කර බැහැර කරයි. සමහර ප්‍රදේශවල වැසියන් එම පොතු චූර්ණය බුලත් සහ පුවක් සමඟ සෙම පිට කිරීම සඳහා යොදනු ලබයි. සමහරු එම පොතු බුලත් සමඟ හපා සූප්පු කරති.

රුධිර සංසරණ ව්‍යුහාවේදී

මෙය රක්ත ශෝධක ගුණයෙන් යුතු අතර රක්ත රෝගවලදී ප්‍රයෝග කරනු ලබයි.

මුත්‍ර ව්‍යුහාවේදී

මෙහි මුත්‍රකාරී ගුණ පවතින අතර එනිසා මුත්‍ර කෘච්ජ්‍ර ආදී රෝග අවස්ථාවල උපයෝගී කර ගනු ලබයි.

චර්ම ව්‍යුහාවේදී

මෙය ස්වේද ජනන ගුණයෙන් යුතු වන අතර චර්ම රෝගවලදී ආලේපය සඳහා යොදා ගනු ලබයි. තවද ජීර්ණ ජ්වර සහ විෂම ජ්වරවලදී මෙය ප්‍රයෝග කරනු ලබන අතර ඒ සඳහා සේපාලිකා කොළ 6ක් හෝ 7ක් අමු ඉඟුරු ස්වල්පයක් සමඟ වතුරෙන් අඹරා වැළඳීය යුතුය. එසේම පිත්ත ජ්වරයේ දී ද සේපාලිකා කොළ ප්‍රයෝග කරනු ලබන අතර ජීර්ණ ජ්වරයේ දී කොළ යුෂය මී පැණි සමඟ යොදනු ලබයි.

තවද මෙය මෘදු තික්ත සහ බලකාරී ගුණ යුක්ත වන අතර, සර්ප විෂ නාශක ගුණ යුක්තය. ඒ සඳහා සේපාලිකා පොතු යොදා ගනු ලබයි. මේ ආදී වශයෙන් විශිෂ්ට ඖෂධීය ගුණයෙන් යුක්ත සේපාලිකාවල ඖෂධීය මාත්‍රාව සැලකීමේදී,

ස්වරසය කර්ෂ 1 – 2 දක්වා ද,

චූර්ණය රක්තිකා 2 – 8 දක්වා ද, ක්වාථය කර්ෂ 5 – 10 දක්වා ද වෙයි.

විවිධ රෝග සඳහා යොදනු ලබන සේපාලිකා අඩංගු ඖෂධ යෝග පිළිබඳ සැලකීමේ දී,

ගුධ්‍රසි වාත රෝගයට – සේපාලිකා තෛල කෂාය ශ්‍රේෂ්ඨ වේ.

වටපණු රෝගයට – සේපාලිකා පත්‍ර චූර්ණය හා ක්වාථය යොදනු ලබයි.

සියලු ජ්වර රෝග සඳහා – සේපාලිකා පත්‍ර යුෂය මී පැණි සමඟ යොදයි.

ඌරුස්තම්භ රෝගයට – සේපාලිකා පත්‍ර ක්වාථය යොදයි.

නාසාරක්ත ස්‍රාවයට – සේපාලිකා මුල් යුෂ නස්‍ය කරයි.

වාතජ සන්ධි ශෝථයට – සේපාලිකා පත්‍ර ප්‍රලේපය යොදයි. එසේම අර්ක සහ ද්‍රාක්ෂාසවය වැනි ඌර්ධවපාපිත ආසව වර්ග සහ සුරා වර්ග වර්ණවත් කිරීම සඳහා සේපාලිකා මල් රඤ්ජකය (ච්කඡ්) යොදයි. මේ ආදී වශයෙන් ඖෂධීය වශයෙන්ද ඉතා වැදගත් තැනක් ගනු ලබන ද්‍රව්‍යයක් ලෙසද සේපාලිකා හැඳින්විය හැකිය. එනිසා බොහෝ දෙනා අලංකාරය සඳහා මෙන්ම මල් ලබා ගැනීම සඳහා වවනු ලබන බව මෙම සේපාලිකා ශාකය පිළිබඳව කතා කිරීමේදී පෙනේ. එහි ඇති ඖෂධීය ගුණ ගැන අවබෝධයක් ඇතිව වවන්නේ නම් එයින් ලබා ගත හැකි ඖෂධීය ඵල ප්‍රයෝජන අති මහත්ය.

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද වෛද්‍ය විද්‍යාලයේකථිකාචාර්ය වෛද්‍ය මධුර පරණවිතාන මහතාගේ සටහනක් ඇසුරිණි.

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්‍රවෘත්ති අංශයට පිවිසෙන්න.

blog featured medical pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleශ්‍රී ලාංකික බැංකුවක් වොස්ට්‍රෝ ගිණුමක් ආරම්භ කරයි
Next Article උද්ධමනය 65% අගයක් දක්වා පහළට
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 20269 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 202609 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.