- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්නැයි ට්‍රම්ප් දැනුම්දෙයි
- ඉරානයේ රාජ්‍ය ප්රවෘත්ති නාලිකාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්
- ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්
- රුපියල් කෝටි 47ක මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි
- යුද්ධ හමුදාධිපති ඉන්දියාවේ නිල සංචාරය නිම කරයි
- 2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.8%ක වර්ධනයක්
- සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කෙරේ
Author: Buzzer Editor
දුම්රියෙන් කොළඹට එළවළු ප්‍රවාහනය කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අයවැය මඟින් ඉදිරිපත් කළ යෝජනාවක් අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙළඳ හා අලෙවි අංශය විසින් එළවළු ප්‍රවාහනය සඳහා විශේෂ දුම්රිය මැදිරි 5 ක් සකස් කර ඇති බවයි සඳහන් වන්නේ. නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මෙය ඊයේ (27) පස්වරුවේ නානුඔය දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා එළවළු ප්‍රවාහනය කරමින් ආරම්භ කර තිබෙනවා. කොළඹ සුපිරි වෙළඳසැල්වලට සහ මැනිං වෙළඳපොළ වෙත අවශ්‍ය එළවළු තොග එම දුම්රියෙන් ප්‍රවාහනය කෙරෙන බවයි සඳහන් වන්නේ.
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය සහ එක්දින තරගාවලිය සඳහා වන ඉන්දීය සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙස හර්ඩික් පාණ්ඩ්‍යා කටයුතු කිරීමට නියමිත අතර එක්දින කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ, රෝහිට් ෂර්මාටයි. ඉන්දියාව හා ශ්‍රී ලංකාවට අතර විස්සයි විස්ස තරගාවලිය ජනවාරි 3 වැනිදා මුම්බායි හී දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. අදාළ සංචිත පහතින්, Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.
දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී, 17 වසරක සිරදඬුවමකට යටත්ව සිටි දකුණු කොරියාවේ හිටපු ජනාධිපති ලී මියුන්ග් බක්, ජනාධිපති සමාව හිමිවිය. හිටපු ජනාධිපතිට සමාව දීමට වත්මන් ජනාධිපති යූන් සියුක් යෝල් පියවර ගත්තේ නත්තල නිමිත්තෙනි. නත්තල් නිවාඩු කාලයේ දකුණු කොරියාවේ ද සිරකරුවන් බොහෝ දෙනකුට ජනාධිපති සමාව හිමිවෙයි. මෙම 2022 වසරේ එසේ සමාව ලැබූ සිරකරුවන් ගණන 1,300 කි. ලී මියුන්ග්, දකුණු කොරියාවේ ජනාපධිතිවරයා ලෙස කටයුතු කළේ 2008 සිට 2013 තෙක් කාලයේය. ජනපති බලතල අවභාවිත කරමින් අල්ලස් ගැනීමේ චෝදනා රැසක් ඔහුට එල්ල විය. ලී මියුන්ග් බක්, එම චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගය ආරම්භ වූයේ 2018 වසරේදීය. චෝදනා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති වරදකරු වූයේ 2020 වසරේය.…
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
කිලෝවොට් 5ක සූර්යබල පද්ධතියක් සෑම ආගමික සිද්ධස්ථානයකටම නොමිලේ ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා. ඒ අනුව ඉන්දීය ණය සහනාධාර යටතේ, මාස තුනක් ඇතුළත එම සූර්යබල පද්ධති ලබාදීමට කටයුතු කරන බවයි අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
2022 වසරේ දෙසැම්බර් 26 දින දක්වා කාලසීමාව තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 701,331 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. 2022 දෙසැම්බර් මාසය තුළ සංචාරකයින් 73,314 ක් දිවයිනට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ. දෙසැම්බර් මාසය තුළ වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 15,681 ක් ලෙසයි. දෙසැම්බර් මාසය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි අනෙකුත් රටවල් අතර ඉන්දියාව, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව, ජර්මනිය, එක්සත් ජනපදය ඉදිරියෙන් පසුවනවා.
පැය 8 ක විදුලි කප්පාදුව සම්බන්ධයෙන් ඇති අවදානම කිසි ලෙසකින් අඩුවී නොමැති බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා. ඒ අනුව ඉන්ධන හා ගල්අඟුරු හිඟ වූවොත් 2022 වසරේ මුල් භාගයට වඩා දරුණු තත්ත්වයක් ඇතිවිය හැකි බවයි එහි සභාපති නිහාල් වීරරත්න සඳහන් කළේ. පසුගිය දින කිහිපයේ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී තිබීම හේතුවෙන් මීට පෙර විදුලි ඉංජිනේරු සංගමය සඳහන් කළ ජනවාරි 1 වනදා සිට පැය 10 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවදාම පහව ගිය බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
2022 වසරේදී ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා වන ඉල්ලීම් ඉහළ ගොස් ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව 2022 වසරේදී ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා පුද්ගලයින් 5401 දෙනෙකු ඉල්ලීම් ඉදිරිපත් කර ඇති අතර ඉන් වැඩි පිරිසක් ඔස්ට්‍රේලියාවේ වෙසෙන අය වන අතර එම සංඛ්‍යාව 1,621 ක් වන බවයි සඳහන් වන්නේ. එක්සත් රාජධානියෙන් 885 දෙනෙකු, අමෙරිකාවෙන් 795 දෙනෙකු, කැනඩාවෙන් 371 දෙනෙකු ඇතුළු තවත් රටවල් කිහිපයකින් ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා ඉල්ලීම් කර ඇති බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
වර්තමානයේ පවතින රෝග ගණනාවකට කදිම ඖෂධයක් ලෙස ලබාගත හැකි ප්‍රනීත පලතුරක් ලෙස අන්නාසි හැඳින්විය හැකිය. මෙහි පෝෂණය ගැන සැලකූ කල ශරීරයට හිතකර වෙනත් ආහාරවල දුර්ලභ විටමින් වර්ග රැසක් මෙම පලතුර තුළ අන්තර්ගත බව වෛද්‍යවරුන් සහ විද්‍යාඥයින්ගේ නිගමනයයි. එවන් රසවත් සහ ගුණවත් මෙම පලතුර යොදා ගනිමින් වඩාත් රසවත් වයින් පිළියෙල කරගන්නා ආකාරය පාඨක ඔබට වටහා දීම මෙම ලිපියේ අරමුණයි. අවශ්‍ය ද්‍රව්‍ය: සාදාගන්නා ආකාරය: පළමුවෙන්ම මද රස්නය ඇති වතුර කෝප්ප භාගයකට ඊස්ට් සහ සීනි මේස හැන්දක් දමා හොඳින් කලවම් කර ඊස්ට් ද්රාවණය සාදා මදකට පසෙකින් තබන්න. පිරිසිදු භාජනයකට වතුර ලීටර් දෙකක් දමා මද ගින්නේ තබන්න. ඒ තුළට ඉතිරි සීනි ටික එකතු කරගන්න.…
ඇෆ්ගනිස්තානයේ බඩාක්ෂාන් පළාතේ කාර් බෝම්බයක් පුපුරා ගියේය. එම කාර් බෝම්බයට බඩාක්ෂාන් ප්‍රාන්ත පොලිස්පතිවරයා ඇතුළු තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකු බිලිවුණු බව ඇෆ්ගන් තලේබාන් රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. බෝම්බ ප්‍රහාරය සිදුවූයේ බඩාක්ෂාන් පොලිස් මූලස්ථානය ඉදිරියේය. පිපිරීමට හසුවීමෙන් තවත් දෙදෙනකු තුවාල ලැබූ බව ද පැවැසෙයි. ප්‍රහාරයේ වගඛීම තවමත් කිසිවකු විසින් බාර ගනු ලැබ නැත. ඇෆ්ගන් තලේබාන්වරුන්ට එරෙහිව යන ‘අයි.එස්.’ ත්‍රස්තවාදීන් ප්‍රහාරය එල්ල කරන්න ඇතැයි සැක කෙරේ. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.