- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්නැයි ට්‍රම්ප් දැනුම්දෙයි
- ඉරානයේ රාජ්‍ය ප්රවෘත්ති නාලිකාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්
- ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්
- රුපියල් කෝටි 47ක මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි
- යුද්ධ හමුදාධිපති ඉන්දියාවේ නිල සංචාරය නිම කරයි
- 2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.8%ක වර්ධනයක්
- සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කෙරේ
Author: Buzzer Editor
2023 වසරේදී ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් 1,100ක් පමණ විශ්‍රාම ගැනීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව එම පුරප්පාඩු සඳහා නව බඳවාගැනීම් කිසිවක් නොකරන බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ. එසේම 2022 සැප්තැම්බර්, ඔක්තෝබර් සහ නොවැම්බර් මාස සඳහා විදුලිබල මණ්ඩලයේ සේවක වැටුප් සහ දීමනා සඳහා රුපියල් බිලියන 3.5ත් 3.7ත් අතර ප්‍රමාණයක් මාසිකව වැයවී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ඕස්ට්‍රේලියා මහාද්වීපයේ හොඳම දේශගුණයක් ඇති නගර අතරින් එකකි පර්ත් පුරවරය. ලෝකයේ ජීවත්වීමට හැකි හොඳම පරිසරයක් ඇති හා ආකර්ෂණීය නගර දහය අතර පර්ත් පුරවරය රැඳී සිටින්නේ අඛණ්ඩවමය. වඩාත්ම හුදකලා වූ නගරය ලෙස සැලකෙන පර්ත් නගරයට ආසන්නතම විශාල නගරය වූ ඇඩ්ලේඩ් පිහිටා ඇත්තේ කි.මී. 2700 ක් දුරිනි. එහෙත් මෙහි ඇති සුන්දරත්වය හා මනස්කාන්ත බව නිසා කිසිවිටකත් හුදකලා බවක් දැනෙන්නේ නැත. ස්කොට්ලන්තයෙන් සංක්‍රමණය වූ වැඩි දෙනකුගෙන් පැවතෙන ජනතාවක් වාසය කළ පර්ත් අගනුවරක් ලෙස ප්‍රකාශයට පත් කළේ වර්ෂ 1829 අගෝස්තු 12 වන දිනය. 1850 දී නීතියෙන් වැරදිකරුවන් වූ අයගේ ශ්‍රමය සංවර්ධන කටයුතු සඳහා හඳුන්වා දුන් අතර මුල් අවධියේ රජයේ ගොඩනැගිලි, මංමාවත් හා පාලම් ඉදිකිරීම…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් පත්කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය අද (29) දින ගැනීමට නියමිතව තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වී සිවිල් නියෝජිතයින් පත්කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි සඳහන් වන්නේ. 21 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ස්ථාපිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සාමාජිකයින් 10 දෙනෙකු ඇතුළත් වන අතර ඊට සිවිල් නියෝජිතයින් තිදෙනෙකු පත්කිරීමට නියමිතයි. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
ඉන්දීය සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. මෙම සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇති අතර විස්සයි විස්ස සංචිතයේ උප නායකයා ලෙස වනිඳු හසරංග පත් කර ඇති අතර එක්දින තරග සඳහා උප නායකත්වයට කුසල් මෙන්ඩිස් පත් කර තිබෙනවා. අදාළ සංචිතය පහතින්. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.
බංග්ලාදේශයේ ප්‍රථම මෙට්‍රෝ දුම්රිය පද්ධතිය එරට අගමැතිනි ෂීක් හසීනා විසින් අද (28) ඩකා නුවරදී විවෘත කර තිබෙනවා. ඩකාහි උත්තරා අගනුවර සිට අගර්ගෝන් ප්‍රදේශය දක්වා මෙම මෙට්‍රෝ දුම්රිය පද්ධතිය ඉදි කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙහි සම්පූර්ණ ඉදිකිරීම් 2030 වන විට නිම කිරීමට නියමිත අතර එහි පළමු කොටස කිලෝමීටර් 12 ක දුරින් යුක්ත බවයි සඳහන් වන්නේ. පැයට කිලෝමීටර් 110ක උපරිම වේගයක් සහිත පළමු අධිවේගී දුම්රිය සේවාව බංග්ලාදේශය ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් බවයි අද ඩකා හි මෙට්‍රෝ මාර්ගය විවෘත කරමින් එරට අගමැතිනි ෂෙයික් හසීනා සඳහන් කළේ. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
අද (29) සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ප්‍රතිසංස්කරණ හේතුවෙන් අනුරාධපුර සිට වව්නියාව දක්වා උතුරු දුම්රිය මාර්ගය මාස පහක කාලයක් වසා තැබීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව 2023 ජනවාරි 05 සිට මාස පහක කාලයක් මෙලෙස එම දුම්රිය මාර්ගය වසා තැබෙන බවයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.
ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී සමන් ජයසිංහ නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව 2023 වසරේ ජනවාරි මස 02 වනදා සිට මෙම නව පත්කිරීම ක්‍රියාත්මක වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
වයසට නොයා හැමදාමත් තරුණ පෙනුම රැකගන්න පුළුවන් නම් හොඳයි නේද ? ඒ සඳහා යම් කිසි දෙයක් කිරීමට ඔබට අවස්ථාව ලැබුණොත් ඔබ කුමක් කරයිද ? ඔව් , අනිවාර්යයෙන්ම ඔබ එම ක්‍රම අත්හදා බලන බව අප දන්නවා. මෙසේ තරුණ භාවය රැකගැනීමට විවිධ වූ පෙති එන්නත් වර්ග ගැනීම සිදුකළද එහි ප්‍රතිඵල යම් අවස්ථාවකදී කෙනෙකුට ඉතා භායනක ප්‍රතිඵලයක් ලබා දීමටද හැක. ලංකාවේ අපිට නම් මෙවැනි බෙහෙත් හෝ එන්නත් වලට වඩා දේශීය ගුණයෙන් යුත් ආහාර , පාන වර්ග බොහෝමයක්ම තිබෙනවා. අද අපි ඔයාලට ගෙනාවේ මේ තරුණ බව රැකගෙන ඔබගේ සෞඛ්‍යයත් හොඳ මට්ටමේ පවත්වාගෙන යා හැකි ගුණදායක වන පාන වර්ග කිහිපයක් පිළිබඳවයි. එහෙමනම් මේ ආටිකල් එක…
කොල්ලන්ට ගොඩක් වෙලාවට තියෙන ලෝක ප්‍රශ්නයක් තමයි කොහොමද කෙල්ලෙක්ව සෙට් කරගන්නේ කියන එක. එහෙම නැතිනම්, කොහොමද කෙල්ලෙක්ව ආකර්ෂණය කරගන්නේ කියන එක. සමහරු කෙල්ලෙක්ව දාගන්න කියලා හිතාගෙන කරාටි ක්ලාස් යනවා, ගිටාර් ගහන්න ඉගෙනගන්නවා, සන්ග්ලාස් දානවා, පොත් කියවනවා. ඒ අතරේ තව සමහරු පොල්ගසුත් නගිනවා! හැබැයි ඔය මොන දේ තිබුණත්, ඇත්තටම ගෑණු ළමයෙක් කොල්ලෙක් සම්බන්ධයෙන් ආකර්ෂණය වෙන වඩාත් සරල දේවල් තියෙනවා. ඒ කියන්නේ පිරිමි ළමයෙක් ගොඩක් වෙලාවට කෙල්ලෙක්ව ආකර්ෂණය කරගන්න කියලා නොහිතා කරන යම් යම් දේවල් වලට බොහොම පහසුවෙන් ගෑණු ළමයෙක් ආකර්ෂණය වෙනවා. එහෙමනම් ඉතින් ඒ වගේ දේවල් ගැන දැනගෙන ඉන්න එක පාඩු නෑනේ! 01. මනා පිරිසිදු බව සාමාන්‍යයෙන් සමහර කොල්ලෝ ඉන්නවා ලොකුවට…