Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, July 17
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » පිරිමි කරනවට ගැහැණුන් ආස දේවල් 7ක්!
Blog 11 Views

පිරිමි කරනවට ගැහැණුන් ආස දේවල් 7ක්!

Buzzer EditorBy Buzzer EditorDecember 28, 2022No Comments5 Mins Read11 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

කොල්ලන්ට ගොඩක් වෙලාවට තියෙන ලෝක ප්‍රශ්නයක් තමයි කොහොමද කෙල්ලෙක්ව සෙට් කරගන්නේ කියන එක. එහෙම නැතිනම්, කොහොමද කෙල්ලෙක්ව ආකර්ෂණය කරගන්නේ කියන එක. සමහරු කෙල්ලෙක්ව දාගන්න කියලා හිතාගෙන කරාටි ක්ලාස් යනවා, ගිටාර් ගහන්න ඉගෙනගන්නවා, සන්ග්ලාස් දානවා, පොත් කියවනවා. ඒ අතරේ තව සමහරු පොල්ගසුත් නගිනවා! හැබැයි ඔය මොන දේ තිබුණත්, ඇත්තටම ගෑණු ළමයෙක් කොල්ලෙක් සම්බන්ධයෙන් ආකර්ෂණය වෙන වඩාත් සරල දේවල් තියෙනවා. ඒ කියන්නේ පිරිමි ළමයෙක් ගොඩක් වෙලාවට කෙල්ලෙක්ව ආකර්ෂණය කරගන්න කියලා නොහිතා කරන යම් යම් දේවල් වලට බොහොම පහසුවෙන් ගෑණු ළමයෙක් ආකර්ෂණය වෙනවා. එහෙමනම් ඉතින් ඒ වගේ දේවල් ගැන දැනගෙන ඉන්න එක පාඩු නෑනේ!

01. මනා පිරිසිදු බව

සාමාන්‍යයෙන් සමහර කොල්ලෝ ඉන්නවා ලොකුවට අපිරිසිදු කමක් නැති වුනාට එහෙමට පිරිසිදු කමකුත් නෑ, පිළිවෙලකුත් නෑ. හැබැයි උන් කෙල්ලෙක් හම්බෙන්න යනකොට සෙන්ට් නාලා, තව සෙන්ට් ටිකක් බීලත් යන්නේ! එතකොට ඉතින් අමුම අමු හඩ්ඩොත් ඉන්නවා. දැන් ඔය ෆිල්ම් එකක වුනත් කෙල්ලෙක් හදිසියේ කොල්ලෙක්ගේ ගෙදරට කඩාපාත් වුනොත් එහෙම පෙන්නනව නේද කොල්ලා දඩි බිඩි ගාලා කාමරේ අස් කරනවා? ආන්න ඒක තමයි පිංවත තත්වේ. හැබැයි එහෙමයි කියලා කෙල්ලෝ හෙනම පිළිවෙලකට කාමර තියාගෙන ඉන්න එවුන් නෙවෙයි හරිද!

කොහොම හරි කතාවට ආයෙත් ආවොත්, තමනුත් කොයි මොහොතෙත් ඉතාම පිරිසිදුවට ඉන්න, තමන්ගේ ගෙදර දොරත් පිරිසිදුවට තියාගෙන ඉන්න, කාර් එකක්, බයික් එකක් වුනත් පිරිසිදුවට තියාගෙන ඉන්න ඩයල් එකකට කෙල්ලෝ ආකර්ෂණය වෙනවා!

02. සෞඛ්‍ය සම්පන්න පුරුදු

මේක නම් එක කාරණයක් නෙවෙයි, දේවල් ගොඩක එකතුවක්. සාමාන්‍යයෙන් ඉතින් අපි කොල්ලෝ දිනචරියාවකට වැඩ කරන එවුන් නෙවෙයිනේ. හැබැයි ජීවිතේ එක කාලෙක හරි නියම පිළිවෙලක දිනචර්‍යාවක් පටන් ගන්න ඕන. ඒ කියන්නේ දිනපතා තමන්ගේ සෞඛ්‍යය ආරක්ෂා කරගන්න කරන්න ඕන දේවල් පිළිවෙලක් තියෙන්න ඕන. ඒ කියන්නේ උදේ නැගිටලා මූණ හෝදන එක, දත් මදින එක, ජිම් එකට යන එක, රැවුල කොණ්ඩේ පිළිවෙලකට හදා ගන්න එක වගේ දේවල ඉඳලා, රෑට නිදාගන්න යන්න කලින් දත් මැදලා, මූණ කට හෝදලා ඕන නං නයිට් ක්‍රීම් එකක් එහෙමත් ගාලා නිදාගන්න එක දක්වා පිළිවෙලක් තියෙන්න ඕන.

දැන් ඊලඟ ප්‍රශ්නේ. කෙල්ලෙක් කොහොමද දන්නේ අපිට ඔහොම පිළිවෙලක් තියෙනවා කියලා? එව්වා කොල්ලෙක්ව දැක්ක ගමන් අහුවෙන දේවල් පුතා! දැක්ක ගමන් මනුස්සයෙක්ව කියන්න පුළුවන් හොඳ සෞඛ්‍ය පුරුදු තියෙන හාදයෙක්ද කියලා.

03. හොඳ සුවඳක්!

මෙන්න මේ කාරණේ ඇත්තටම උඩ කියපු කාරණා දෙකම එක්කත් සම්බන්ධ වෙනවා. ඒ තමයි ලඟට ආවම හොඳ සුවඳක් තියෙන මනුස්සයෙක් වෙන එක. මෙතනදී ඇත්තටම කාරණා දෙකක් වැදගත් වෙනවා. එක තමයි තමන්ගේ ජීවන සුවඳ. ඒක හොඳට තියෙන්න නම් ඉතින් නිරන්තරයෙන්ම පිරිසිදුව ඉන්න ඩයල් එකක් වෙන්න ඕන. දිනපතාම වොෂ් එකක් දාලා, දත කට මැදලා ඉන්න මනුස්සයෙක් ගාව හැම මොහොතකම පිරිසිදු සුවඳක් වහනය වෙනවා. දෙවෙනි කාරණය තමයි තමන්ට ගැලපෙන සුවඳ විලවුන් වර්ගයක් තෝරාගන්න එක. ඒ කියන්නේ ඔය පාර අයිනේ රුපියල් පනහට තියෙන සැන්ට් කුප්පියක් නැතුව, ටිකක් වැඩි ගාණක වුනත් ඉහළ මට්ටමේ පර්ෆ්‍යුම් එකක් ගන්න එක සහ තමන්ට ගැලපෙනම සුවඳ තෝරගන්න එක. එහෙම ගත්තු සුවඳ විලවුන් වර්ගයක් ගෑවහම ටිකක් වෙලා යනකොට ඒ සුවඳ තමන්ගේ ශරීරයේ පිරිසිදු සුවඳත් එක්ක මිශ්‍ර වෙලා, තමන්ටම ආවේණික සුවඳක් හැදෙනවා. ආන්න ඒහෙම මනුස්සයෙක්ට කෙල්ලෝ කොහොම ආකර්ෂණය වෙනවද කියලා හිතාගන්න පුළුවන් නේ?

04. සුදුසු වෙලාවට හිනාවෙන්න දන්න කොල්ලෙක්!

මොකද්ද මේ කතන්දරේ? හිනාවෙන්නත් ඕන, වෙලාවට හිනාවෙන්නත් ඕන. ඕක මහ අමාරු කාරියක් නෙවෙයි. එකක් තමයි කොයි වෙලේත් හිනාවෙන්න ට්‍රයි කරන ජෝකර් මොඩ්ල් එකේ කොල්ලෙක් නොවීම. ඇත්තටම කෙල්ලෝ කැමතියි හොඳ හාස්‍ය රසයක් තියෙන කොල්ලෙක්ට. හැබැයි හොඳ හාස්‍ය රසයක් කියන්නේ දේක ෆනී පැත්ත දකින්න පුළුවන්, අනුන්ව හිනස්සන්න පුළුවන් ඩයල් එකක් මිසක් හැම වෙලේම තමන් හිනාවෙන කෙනෙක්ට නෙවෙයි. හැබැයි බුම්මට්ටන්ටත් කෙල්ලො කැමති නෑ. සාමාන්‍යයෙන් සීරියස් ඩයල් එකක් හිතමු. ඒත් මනුස්සයා මොකක් හරි දේකට හිනාවෙනකොට පළාතම එළියයි, හඳ පායලා වගේ. ආන්න කෙල්ලෝ ආකර්ෂණය වෙන ජාතියේ කොල්ලෙක්!

05. අහන් ඉන්න, සවන් දෙන්න!

මෙන්න මේක බොහොම සරල, හැබැයි ඒ වගේම ටිකක් වලේ වැටෙන්න පුළුවන් තැනක්. කෙල්ලෝ අනිවාර්‍යයෙන්ම කැමතියි හොඳ සවන් දෙන්නෙක්ට. ඒ වගේම කථා කරන්න දේවල් තියෙන කොල්ලෙක්ට. මේ දෙක හොඳ බැලන්ස් එකක තියෙන්න ඕන. ඒ කියන්නේ හැම වෙලේම මැද්දෙන් පැනලා බාධා නොකර අහගෙන ඉන්න හොඳ ඉවසීමක් තියෙන්න ඕන. ඒ වගේම කථා කරන වෙලාවට අහගෙන ඉන්න එවුන් වශී කරගන්න විදියේ කථා කරන හැකියාව සහ කථා කරන්න දේවල් තියෙන්නත් ඕන.

හැබැයි ප්‍රධාන වශයෙන්ම මතක තියාගන්න, නිකම්ම අහගෙන විතරක් ඉන්න ඩයල් එකක් ෆ්‍රෙන්ඩ්සෝන් එකේ නවතින අවදානමකුත් තියෙනවා කියන එක!

06. ඉවීමට දක්ෂයෙක්!

සාමාන්‍යයෙන් අපේ රටවල උයන්න පිහන්න පුළුවන් වෙන්න ඕන ගෑණු ළමයින්ට කියලා මතයක් සාම්ප්‍රදායිකවම එනවනේ. තාමත් ගොඩක් ගෙවල් වල උයන්නෙ පිහන්නේත් ගෑණු ළමයි තමයි. ඇත්තටම ඕක ලෝකෙම පොදු සම්ප්‍රදායක් මිසක් ලංකාවට විශේෂ දේකුත් නෙවෙයි. හැබැයි කටට රහට කෑමක් කාරිය හදාගන්න දන්න කොල්ලෙක්ට කෙල්ලෙක්ගෙන් ලකුණු වැටෙන්නේ මේම මේම!

සමහරු ඉන්නවා ඉතින් කටට කීමට කියල දානවා තමන්ට උයන්න පුළුවන් කියලා. හැබැයි ඉවුම් පිහුම් ගැන පොඩ්ඩක් කථා කරනකොට පට ගාලා අහුවෙනවා කොල්ලට උයන්න පුළුවන්ද බැරිද කියන එක. ආන්න ඒ නිසා කොල්ලෙක් වුනහම ඉවුම් පිහුම් දැනගෙන ඉන්න එක හොඳා. කෙල්ලෝ ආකර්ෂණය වෙන පොයින්ට් එකක් ඒක!

07. රැවුල්කාර අයියලා!

මෙන්න මේ කතන්දරේ නම් ටිකක් නවීන දෙයක්. ඒ කියන්නේ මෑතකාලේ තියෙන ලොකු ෆැෂන් එකක් තමයි රැවුල වැවීම. ඔය රැවුල වවන අයියලාත් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ඔහේ කැලේ වැවෙන්නැහේ රැවුල වැවෙන්න දීලා ඉන්න කම්මැලි අයියලා. අනෙක් කොටස තමයි රැවුලට මනාව සාත්තු සප්පායම් කරලා වවාගන්න, ගාණට තෙල් ගාලා, ට්‍රිම් කරලා, සාත්තුව දීලා ලස්සනට තියාගෙන ඉන්න අයියලා. ඔන්න ඔය අතරින් දෙවෙනි අයියලාට නංගිලා බොහොම පහසුවෙන් ආකර්ෂණය වෙනවා. රැවුල වවපු කොල්ලොන්ට ආස නැති කෙල්ලොත් ඉන්නවා, නැත්තෙ නෑ. හැබැයි මේ කාලේ රැවුල වවපු කොල්ලන්ට වැඩි ආකර්ෂණය තියෙනවා. (Lifie)

දැන් මෙච්චරද කොල්ලන්ගේ කෙල්ලෝ ආකර්ෂණය වෙන දේවල් තියෙන්නේ? අපොයි නෑ, තව ඕනෑතරම් තියෙනවා. හැබැයි එව්වා තවත් දවසක!

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer Blog සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම ආකාරයේ විවිධාකාරවූ ආකර්ෂණීය තොරතුරු දැන ගන්න.

blog featured pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleඑළවළු තොග දුම්රියෙන් කොළඹට ප්‍රවාහනය කිරීමේ කටයුතු ඇරඹේ
Next Article වයසට නොයා හැමදාමත් තරුණ පෙනුම රැකගන්න මෙන්න ක්‍රමය
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 20269 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 202609 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.