Author: Buzzer Editor

Fabeceae උද්භිද කුලයට අයත් කතුරුමුරුංගා ශාකය රනිල කුලයට අයත් ඖෂධීය ශාකයකි. නොයෙක් ඖෂධ සඳහා භාවිතා කරනු ලබන මෙම ශාකය vegetable bumming bird ,Bak Pushpa යන නම් වලින් ඉංග්‍රීසි භාෂාවේ හදුන්වනු ලබයි. මලයාසියාව නිජභූමිය කොටගත් මෙම ශාකය අඩි 25ක් පමණ උසින් යුතු වන අතර පත්‍ර ඒකාන්තර පත්‍ර වන අතර සම පක්ෂ සංයුක්තවේ. අක්‍රමවත් ද්වී ලිංගික පුෂ්ප සුදු පැහැතිය. කහ සහ රතු පැහැති මල්ද විටක දැක ගත හැකිය. මෙහි ඵලය කරලක් ලෙස වැඩෙන අතර එහි අඩංගු බීජ මගින් ව්‍යාප්තිය සිදුවේ. හිමාලයේ විසූ අගස්ති ඉසිවරයා වයසට යාම පාලනය කිරීම සඳහා කතුරුමුරුන්ගා ශාකය භාවිතා කොට ඖෂධ සකස් කළ හෙයින් අගස්ති යන නාමයෙන්ද කතුරුමුරුන්ගා ශාකය…

Read More

නව භාණ්ඩ වර්ග 142 ක් සඳහා ජනවාරි 01 සිට රේගු සංකේතාංක (HS Codes) හදුන්වා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඒ අනුව Twitter පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ, ආනයන – අපනයන පහසු කිරිම හා විධිමත් කිරීම අරමුණු කරගෙන මෙය හඳුන්වාදෙන බවයි. අදාළ Twitter පණිවිඩය පහතින්,

Read More

තාරකා විද්‍යාව කියන්නේ කියන්නෙ ලෝකයේ තියෙන පැරණිම විද්‍යාවන් අතරින් එකක්. ලෝකයේ ලිඛිත ඉතිහාසයක් හමුවන මුල්ම යුගයේ සිටම මිනිසුන් අහස ගැන, තරු ගැන සොයන්නට පෙලඹුණු බවට සාක්ෂි හමු වනවා. විශේෂයෙන් ම ඊජිප්තු ශිෂ්ටාචාර යුගයේදී ඒ මිනිසුන්, තරකා විද්‍යාව පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වා ඇති බව ට පිරමීඩ තුළ ඇති සිතුවම් සාක්ෂි දරනවා. කාලයාගේ ඇවෑමෙන් ලෝකය ලබාගත් දියුණුවත් සමගම තාරකා විද්‍යාවත් අතිවිශාල දියුණුවක් අත්පත් කරගනු ලැබුවා. අද වන විට ලෝකය තාරකා විද්‍යාවට සම්බන්ධ ව්‍යාපෘති වෙනුවෙන් ඩොලර් මිලියන බිලියන ගණනින් මුදල් වියදම් කරනවා. පොදුවේ ඕනෑම කෙනෙකුට නැගිය හැකි සාධාරණ ගැටලුවක් තමයි, ඇයි මිනිසුන් තාරකා විද්‍යාව ඉගෙන ගන්නේ සහ ඇයි මෙතරම් මුදලක් තාරකා විද්‍යාව වෙනුවෙන්…

Read More

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත 2023 වසරට අදාළ පළමු විස්සයි විස්ස තරඟාවලියේ පළමු T20 තරඟය හෙට පැවැත්වෙනවා. ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 7.00 ට මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. තරඟ කාලසටහන පහතින්, Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Read More

උද්ධමනය පහත දමා රට ආර්ථික වශයෙන් ස්ථාවර කිරීම නව වසරේ ප්‍රධානතම අපේක්ෂාව බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ඒ අනුව මේ වනවිට උද්ධමනය අඩුවෙමින් පවතින බවයි මල්වතු සහ අස්ගිරි මහ නා හිමිවරුන් බැහැදැකීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ. උද්ධමනය තවදුරටත් අඩුවී රටේ පොලී අනුපාත තවදුරටත් පහළ ගොස් ජනතාවට සහ සියළුදෙනාට රටේ ආර්ථිකය යම්කිසි ආකාරයට නැවත යථා තත්ත්වයට පත්වීමේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට හැකිවේ යැයි බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

Read More

රුසියන් ආක්‍රමණයට එරෙහිව දිගටම සටන් කරන බවත්, රුසියන් හමුදා පරාජය කරන බවත්, 2023 නව අවුරුදු උදාවත් සමඟ යුක්රේන වැසියන් ආමන්ත්‍රණය කරමින් එරට ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා තිබේ. රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ පසුගිය 2022 පෙබරවාරි 24 වැනිදාය. ඒ, යුක්රේනය ‘නේටෝ’ සංවිධානය සමඟ එක්වීමට කැමැත්ත පළ කළ බැවිනි. ‘උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය’ හෙවත් ‘නේටෝ’ ව ඇමෙරිකාව, කැනඩාව ඇතුළු බටහිර රටවල් එක් වී රුසියාවට එරෙහිව පිහිටුවාගත් යුද සංවිධානයයි. මේ අතර, 2023 නව වසර උදා වී පැය කීපයක් ගතවෙද්දී රුසියන් හමුදා යුක්රේනයේ කීව් අගනුවරටත් සෙසු ප්‍රධාන නගරවලටත් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළේය. කීව් අගනුවරට මිසයිල එල්ල වූයේ 2023 නව වසර උදා…

Read More

දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. හිමිදිරි උදෑසන කාලයේදී සීතල කාලගුණ තත්ත්වයක් අදත් අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වාත්, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළුවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවැනි වාරයේ දෙවන අදියර අද (02) ආරම්භ වනවා. ඒ අනුව එම අදියර ලබන 20 වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ. උසස් පෙළ විභාගය හේතුවෙන් ජනවාරි 21 වනදා සිට පෙබරවාරි 19 වනදා දක්වා යළිත් පාසල් සඳහා නිවාඩු ලබාදීමට නියමිත අතර ‍තෙවන පාසල් වාරයේ අවසන් අදියර පෙරවාරි 20 සිට මාර්තු 24 දක්වා පැවැත්වීමට නියමිතයි.

Read More

වාහන අංක තහඩු සඳහා ඊයේ (01) සිට පළාත් අක්ෂරයක් නිකුත් නොකරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව රථවාහන ලියාපදිංචියේදී සහ පැවරීමේදී අංක තහඩුවේ පළාත් අක්ෂරය ඉවත්කරන බවයි එහි කොමසාරිස් ජනරාල් නිෂාන්ත අනුරුද්ධ සඳහන් කළේ. එක් වාහනයක් පළාත් අතර අවස්ථා කිහිපයකදී විකුණන අවස්ථා ඇති බවත් එහිදී අංක තහඩුව අලුතින් මුද්‍රණය කළද රියදුරන් එය ලබා ගැනීමට නොපැමිණෙන බවත් ඒ අනුව මෙම වියදම ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

ඉන්දියානු තරඟ සංචාරය සඳහා සහභාගී වන දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (31) දිවයිනෙන් පිටත්ව ගියා. එහිදී ඉන්දියානු කණ්ඩායම සමඟ එක්දින තරඟ 03ක් සහ T20 තරඟ 03ක් පැවැත්වීමට නියමිත අතර ලබන වසරේ ශ්‍රී ලංකාව සහභාගී වන ප්‍රථම ක්‍රිකට් සංචාරය ද මෙය වනවා. තරඟ කාලසටහන පහතින්, Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Read More