Author: Buzzer Editor

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල පහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ දෙවන විස්සයි විස්ස තරගය අද (05) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව තරගය අද රාත්‍රී 7.00 ට ආරම්භවීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ. දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 2 ක තියුණු ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Read More

1968 වසරේ නාසා ආයතනයේ ‘ඇපලෝ 7’ මෙහෙයුමට සම්බන්ධ වූ ඇමෙරිකන් ගගනගාමීන් තිදෙනාගෙන් මෙතෙක් ජීවතුන් අතර සිටි ගගනගාමී වෝල්ටර් කනිංහැම් ද අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. පළමු වරට සඳට මිනිසුන් පය තැබුවේ ‘ඇපලෝ 11’ මෙහෙයුමේදීය. ඊට පෙරමග සකස් කළේ ‘ඇපලෝ 7’ මෙහෙයුමය. ‘ඇපලෝ 7’ සඳට ගියේ නැත. ‘ඇපලෝ 7’ මෙහෙයුමට සම්බන්ධ වුණු අනෙක් ගගනගාමීන් දෙදෙනා වන්නේ වෝල්ටර් ෂිරා සහ ඩොන් ඉසෙල් යන දෙදෙනාය. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

දැනට පවතින වියලි කාලගුණ තත්ත්වයේ වෙනස්වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මි. 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි අතර උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි සඳහන් වන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට…

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාදෙන පහසුකම 2023 වසරේ මුල් භාගයේ ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමඟ සිදු කළ සාකච්ඡා සම්බන්ධයෙන් දැනට සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බවයි 2023 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති ඉදිරිපත් කරමින් මහ බැංකුව සඳහන් කරන්නේ. ශ්‍රී ලංකා ආර්ථික 2022 වසරේ 8.0% කින් පමණ මූර්ථ වශයෙන් සංකෝචනය වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර 2023 වසරේ දෙවන භාගයේ සිට ආර්ථික ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වී ඉන් ඉදිරියට වර්ධන වේගය අඛණ්ඩව පවත්වා ගනු ඇතැයි අපේක්ෂා කරන බවයි මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ. මේ සම්බන්ධයෙන් නිකුත්…

Read More

පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්දය දීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාරගැනීම අද (05) සිට ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලැබූ අයදුම්කරුන් සිය අයදුම්පත් එළඹෙන ජනවාරි මස 23 වනදා මධ්‍යම රාත්‍රී 12.00 ට පෙර සිය ආයතන ප්‍රධානීන් හරහා ඉදිරිපත් කළ යුතු බවයි සඳහන් වන්නේ. එම දිනය නැවත කිසිසේත් දීර්ඝ නොකරන බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරන්නේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

PropertyGuru සමූහය (NYSE: PGRU), අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම දේපළ තාක්‍ෂණික සමාගමක් වන Kohler ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ දේපළ වෙළෙඳාම් සමාගම්වල සහාය ඇති ව 17 වැනි වරටත් සංවිධානය කළ වාර්ෂික ‘PropertyGuru Asia Property Awards’ සම්මාන උළෙලෙහි අවසාන මහා තරඟයෙහි දී ආසියානු කලාපයේ ජයග්‍රාහකයින් නිවේදනය කෙරිණි. New World Development Company Limited, චීනය (හොංකොං සහ මකාවූ) නියෝජනය කරමින් හොඳ ම සංවර්ධකයා (ආසියාව) ට හිමි සම්මානය දිනා ගත්තේය. Lead8 ප්‍රායෝගික සැලසුම්කරණය සමඟින්, SKIES 11 සඳහා හොඳ ම මහා පරිමාණ මිශ්‍ර භාවිත සංවර්ධන (ආසියාව) සම්මානය ද එම සමාගමට හිමි විය. චීනයේ මේන්ලන්ඩ් නියෝජනය කළ Lead8, නිර්මාණය කළ Shougang Park හොඳ ම සිල්ලර වාස්තු විද්‍යාත්මක නිර්මාණයට (ආසියාව)…

Read More

බිත්තර ආනයනය කිරීමට රජය පියවර ගතහොත් එම ආනයනික බිත්තරවලට වඩා අඩුවෙන් බිත්තර අලෙවි කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. බිත්තර ආනයනය සඳහා 16 දෙනෙකුට පමණ ටෙන්ඩර් ලබාදී ඇති බවට තමන්ට දැනගන්නට ලැබුණු බවයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ භාණ්ඩාගාරික විජය අල්විස් සඳහන් කළේ. ඒ අනුව බිත්තර ආනයනය කළහොත් දේශීය බිත්තර ආනයනික බිත්තරවලට වඩා අඩුවෙන් ලබාදෙන බවත් ආනයනික බිත්තරයක් රුපියල් 25 ට ලබාදුන හොත් දේශීය බිත්තරයක් රුපියල් 20 කට ලබා දීමට හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ පළමු විස්සයි විස්ස තරගය ලකුණු 2 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 162 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දුවට පහරදීමේදී Ishan Kishan ලකුණු 37 ක්, නොදැවී පන්දුවට පහරදුන් Deepak Hooda ලකුණු 41 ක් හා Axar Patel ලකුණු 31 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී දිල්ශාන් මදුසංක, මහීෂ් තීක්ෂණ, චාමික කරුණාරත්න, ධනංජය ද සිල්වා හා වනිඳු හසරංග එක් කඩුල්ල බැඟින් බිඳ…

Read More

ඇමෙරිකන් පාර්ලිමේන්තුවේ (කොංග්‍රස් මණ්ඩලය) නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහා කතා නායකයකු පත් කර ගැනීමේ පළමු වරයේ ඡන්ද විමසුම පැවැත්වුණු නමුත් කතානායක ධුරයට සුදුසුස්සකු තෝරා ගැනීමට නොහැකි විය. ඇමෙරිකන් ඉතිහාසයේ පළමු වටයේ ඡන්ද විමසුමින්, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහා කතා නායකයකු තෝරා පත් කර ගැනීමට නොහැකි වුණු පළමු අවස්ථාව මෙයයි. පසුගිය 2022 වසරේ නොවැම්බර් මාසයේ මධ්‍ය ධුර කාල මැතිවරණයෙන් පසු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ ඩිමොක්‍රටික්වරුන්ට නොව, ප්‍රතිවාදීන් වන රිපබ්ලිකන්වරුන්ටය. ඒ අනුව, ඩිමොක්‍රටික් කතානායිකා නැන්සි පොලෝසි කතා නායක ධුරයෙන් ඉවත් වෙයි. රිපබ්ලිකන්වරුන් නව කතානායකයා ලෙස එම ධුරයට නම් කර ඇත්තේ කෙවින් මැකාති ය. මැකාතිට කතා නායක ධුරයට පත්වීමට…

Read More