- බූස්සේ රැඳවියන් 5ක් විරෝධයක් අරඹයි
- බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි
- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ඉරාන අධ්‍යාත්මික නායකයා පහසු ඉලක්කයක් බව ට්‍රම්ප් කියයි
- ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස්වෙයි
- විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු තිදෙනා රිමාන්ඩ්
- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්නැයි ට්‍රම්ප් දැනුම්දෙයි
Author: Buzzer Editor
විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව අද (09) යළිත් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. පසුගිය සතියේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව ඉදිපත් කර තිබූ අතර පසුව ඒ සම්බන්ධයෙන් සලකා බැලීම මෙම සතිය දක්වා කල් දමා තිබුණා. යෝජිත විදුලි ගාස්තු සංශෝධය මඟින් විදුලි ඒකකයක් සඳහා අය කරනු ලබන ගාස්තුව සහ ස්ථාවර ගාස්තුව ඉහළ දැමීමට යෝජනා ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට ඕමන්තේ දක්වා ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ සහ ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ. මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව කොළඹ සිට යාපනය – කන්කසන්තූරේ දක්වා දැනට දුම්රියෙන් ගමන් කිරීමට ගතවන කාලය පැයකින් අවම කර ගත හැකි වන බවයි සඳහන් වන්නේ.
නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය මඟින් අද (08) සිට යළි විදුලි උත්පාදනය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. නොරොච්චෝල බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් පසුගිය මස 23 වනදා අක්‍රිය කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබුණා. මේවන විට ගල් අඟුරු මෙට්‍රික්ටොන් 60,000 බැගින් වූ නෞකා දෙකක් දිවයිනට පැමිණ ඇති බවයි විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.
අපේ බාහිර පෙනුම කියන්නේ ඇත්තටම අපි ඕනම කෙනෙක් සෑහෙන්න හිතන දෙයක්නේ. ඒ කියන්නේ, පෙනුම නෙවෙයි ගතිගුණ තමයි වැදගත් වගේ කතන්දර ඇහුණට, ඇත්තටම ඔය පෙනුම ගැන උනන්දු වෙන කීයෙන් කී දෙනෙක් ඉන්නවද? අපි කෙනෙක්ව හරියට දැන අඳුනගන්නකොට ඔය පෙනුම කියන එක වැදගත් නොවී යන්න පුළුවන්. හැබැයි එහෙම වුණත්, ගොඩක් වෙලාවට මුලින්ම කෙනෙක්ව දකිනකොට වුණත්, කෙනෙක්ගේ හිතේ අපි ගැන ඇතිවෙන හැඟීමට ඔය පෙනුම කියන එක සෑහෙන්න දායකත්වයක් දක්වනවා. හරි, ඔය පෙනුම ගැන කියනකොට ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් වෙන්නේ ඇඟ වුවමනාවට වඩා මහත් වෙලා කියන එකනේ. ඔන්න ඔය ප්‍රශ්නේ ගොඩදාගන්න පුළුවන් ඉතින්. හොඳ ඩයට් ප්ලෑන් එකකට ගිහිල්ලා, පොඩ්ඩක් එක්සයිස් එහෙම කරලා, ඉවසිල්ලෙන් කටයුතු…
බිත්තර ආනයනය සඳහා ටෙන්ඩර් කැඳවීම හෙට (09) දිනයේ ආරම්භ කරන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා. ඒ අනුව මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා සඳහන් කරේ ලබන සතිය වන විට බිත්තර ආනයනය ආරම්භ කිරීමට කටයුතු කරන බවයි. ඒ අනුව බිත්තර ආනයනය කිරීම රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා සිදු කිරීමට නියමිත අතර සතොස ඇතුළු සියලුම වෙළඳසැල්වලට ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන විස්සයි විස්ස තරඟයේ ජය ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 05ක් පමණක් දැවී ලකුණු 228ක් රැස් කළා. එහිදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සූර්ය කුමාර් යාදව් ලකුණු 112 ද, ශූබ්මාන් ගිල් ලකුණු 46 ක්ද රැස් කළා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඩිල්ෂාන් මධුසංඛ කඩුළු 02ක් ද, වනිඳු හසරංග, චාමික කරුණාරත්න සහ කසුන් රාජිත කඩුළු එක බැගින් ද බිඳ දැම්මා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 04ක් තුළ සියලු දෙනා දැවී ලබාගැනීමට…
උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසිවාර කීපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සබරගමුව පළාතෙත්, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඇමෙරිකාවේ වර්ජීනියා ප්‍රාන්තයේ නිව්පෝට් නගරයේ පාසලකත 6 හැවිරිදි සිසුවකු තම ගුරුවරියට වෙඩි තබා ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 33 හැවිරිදි එම ගුරුවරිය, බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බව මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පවසා තිබේ. වෙඩි තැබීම සිදුවී ඇත්තේ රික්නෙක් පාසලේ යැයි ද පැවැසෙයි. සිසුවා වෙඩි තැබීම කර ඇත්තේ පිස්තෝලයකින් බවත්, ඔහු වහා පොලිස් අත්අඩංගුවට ගත් බවත් නිව්පෝට් පොලිස්පති ස්ටීව් ඩෲ මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
ඊයේ (07) දිනයේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අවශ්‍ය බිත්තර නොමිලේ ලබාදීමට කටයුතු කළ බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. එහි සභාපති සරත් රත්නායක පවසා සිටියේ බිත්තර ලක්ෂ 8ක ප්‍රමාණයක් ඊයේ දිනයේ කොළඹට රැගෙන ආ බවයි. එමෙන්ම කොළඹ සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත රුපියල් 53කට බිත්තර ලබාදීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
ඔන්න අපි දීර්ඝකාලීන සම්බන්ධතාවයක නැතිනම් විවාහ ජීවිතේක ඉන්නවා නම්, ඒ කියන්නේ තවත් කෙනෙක් එක්ක ජීවිතේ ගත කරනවා කියන එකනේ. ඉතින් එහෙම දෙන්නෙක් එකට ජීවත් වෙනකොට වලි, මතගැටුම්, එකඟ නොවෙන තැන් එහෙමත් නැති වෙන්නෙ නෑ. සමහර වෙලාවට එක්කෙනෙක් නොහිතා කියන වචනයක් ඇවිලිලා ගිහින් දෙන්න දෙමහල්ලෝ මරා ගන්න තැන් වුනත් තියෙනවා. හැබැයි මේ දෙන්නත් එක්ක එකට ඉන්නකොට කියන සමහර වචන තියෙනවා, සෑහෙන්න රිදෙන. විශේෂයෙන්ම ඒ වගේ වචන නිසා හිත පෑරිලා ඉන්න කෙනෙක්ට තවත් තුවාල වෙන්න පුළුවන් . ඉන් පස්සේ හිතේ තුවාලේ කල් යනකොට හොඳ වුනත්, තුවාල කැලලා සදා තියෙන්න පුළුවන්. ආන්න ඒ නිසා ඒ වගේ දේවල් නොකියා ඉන්න ප්‍රවේසම් වෙන තරමට හොඳයි.…