Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, July 17
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » තම සහකරුට හෝ සහකාරියට කිසිදා නොකිවයුතු දේවල් මෙන්න!
Blog 8 Views

තම සහකරුට හෝ සහකාරියට කිසිදා නොකිවයුතු දේවල් මෙන්න!

Buzzer EditorBy Buzzer EditorJanuary 7, 2023Updated:January 8, 2023No Comments6 Mins Read8 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ඔන්න අපි දීර්ඝකාලීන සම්බන්ධතාවයක නැතිනම් විවාහ ජීවිතේක ඉන්නවා නම්, ඒ කියන්නේ තවත් කෙනෙක් එක්ක ජීවිතේ ගත කරනවා කියන එකනේ. ඉතින් එහෙම දෙන්නෙක් එකට ජීවත් වෙනකොට වලි, මතගැටුම්, එකඟ නොවෙන තැන් එහෙමත් නැති වෙන්නෙ නෑ. සමහර වෙලාවට එක්කෙනෙක් නොහිතා කියන වචනයක් ඇවිලිලා ගිහින් දෙන්න දෙමහල්ලෝ මරා ගන්න තැන් වුනත් තියෙනවා. හැබැයි මේ දෙන්නත් එක්ක එකට ඉන්නකොට කියන සමහර වචන තියෙනවා, සෑහෙන්න රිදෙන. විශේෂයෙන්ම ඒ වගේ වචන නිසා හිත පෑරිලා ඉන්න කෙනෙක්ට තවත් තුවාල වෙන්න පුළුවන් . ඉන් පස්සේ හිතේ තුවාලේ කල් යනකොට හොඳ වුනත්, තුවාල කැලලා සදා තියෙන්න පුළුවන්. ආන්න ඒ නිසා ඒ වගේ දේවල් නොකියා ඉන්න ප්‍රවේසම් වෙන තරමට හොඳයි. ඇත්තටම මේ දේවල් විවාහ ජීවිතේ හෝ ආදර සම්බන්ධතාවයේදී විතරක් නෙවෙයි, පොදුවේ එදිනෙදා ජීවිතේදී වුනත් නොකියා ඉන්නවා නම් සෑහෙන ලොකු දෙයක්.

01. පිස්සුද?

කෙනෙක්ගෙන් පිස්සුද කියලා අහන එක සෑහෙන්න භයානක දෙයක්. ඇත්තටම පිස්සුද කියලා අහන එක අපිට බරපතලක් නොතේරෙන, අහිංසක දෙයක් වගේ පෙනුනට, කෙනෙක් ඉන්න මානසික තත්වය එක්ක ඒ කෙනාව ඉන්න ගැට්ටෙන් එපිටට තල්ලු කරන්න පුළුවන් වචනයක්. අපි හැමෝම ජීවත් වෙන්නේ යම් යම් විදියේ මානසික පීඩනයන්, මානසික ආතතීන් එක්ක ගොඩක් දුරට. එහෙම නොවෙන, මනස අතිශයින්ම සැහැල්ලුවෙන් තියෙන කෙනෙක් ඉන්නේ එහෙමත් වෙලාවක තමයි. ඉතින් එදිනෙදා ජීවිතේ ආතතීන්, පීඩනයන් එක්ක ජීවත් වෙන කෙනෙක්ගෙන් පිස්සුද කියලා අහන එකෙන් අපි ඉඟි කරන්නේ ඒ කෙනාට මානසික සංකූලතාවයක් තියෙන බවත්, ඒ මානසික සංකූලතාවය නිසා අපි එයාව පහත් කරන බවත් තමයි.

නිකමට හිතලා බලන්න රණ්ඩුවක් යන වෙලාවක “පිස්සුද” කියලා ඇහුවහම තමන්ට කොහොමද දැනෙන්නේ කියලා!

02. කට වහගන්න

රණ්ඩුවක් හරි මත ගැටුමක් හරි මැද්දේ “කට වහගන්න” කියන එක බොහොම නොහික්මුණු, අවමාන සහගත වචන දෙකක් විතරක් නෙවෙයි. ඒකෙන් අදහස් වෙනවා අනික් කෙනා කියන දේවල්, අනික් කෙනා හිතන දේවල් අපිට වැඩක් නෑ, අදාළ නෑ කියලා. ඒ වගේම අනික් කෙනාගේ අදහසකට හෝ හැඟීමකට මේ සම්බන්ධතාවය ඇතුළේ ඉඩක් නෑ කියන එකත් ඒකෙන් අදහස් වෙනවා. ඇත්තටම රණ්ඩුවක් වෙලාවට හරි මත ගැටුමක් වෙලාවට හරි අනික් කෙනාගේ කට වහලා, බලහත්කාරය යොදලා ඒකෙන් දිනන්න හදනවා නම්, ඒ සම්බන්ධතාවයේ ඇති තේරුමක් නෑ. ඇත්තටම වෙන්න ඕන දිනන්න හදන එකත් නෙවෙයි. ඊට වඩා එක්කෙනෙක් කේන්තියෙන් ඉන්නවා නම්, ඒ මොහොතට ඉවසිල්ලෙන් කටයුතු කරන එක, පස්සේ දෙන්නගේම අදහස් අවංකව ඉදිරිපත් කරලා, දෙන්නටම සම්බන්ධතාවය ඇතුලේ හඬක් තියෙනවා කියන එක ඔලුවේ තියාගෙන ඉස්සරහට යන එකයි වෙන්න ඕන.

03. ඔයා හැමදාම ඔහොමමයි/ ඔයා කවදාවත් හැදෙන්නෙ නෑ

මෙන්න මේකත් ඔය කසාද බැඳපු ඈයෝ කසාදේ පරණ වෙනකොට නිතරම කියන දෙයක්. ඒ කියන්නේ මෙහෙමනේ. ගොඩක් දෙනෙක් හිතනවා කෙනෙක්ගේ නරකයි කියලා තමන්ට හිතෙන ගතිගුණ කාලයත් එක්ක වෙනස් වෙයි කියලා. වෙනස් වෙන්න පුළුවන් සමහර වෙලාවට. ඒත් ගොඩක් දුරට බැන්දට පස්සේ ඉන්නෙත් පරණ සතාමයි. අන්න එතකොට නිරන්තරයෙන් කරන වැරැද්දක් සම්බන්ධයෙන් තමයි මේ වගේ කතා කියවෙන්නේ. හැබැයි ප්‍රශ්නේ මේකයි. මෙහෙම කියනකොට කවදාවත් අනික් කෙනා වැරදි හදාගන්නෙ නෑ. විවාහ ජීවිතේකදී මේ වගේ ඇනුම්පද නෙවෙයි වැඩ කරන්නේ, එකිනෙකාගේ ආදරබර සන්නිවේදනය.

04. ඔව් ඉතින් අඬන්න, පුළුවන් එකම දේ ඒකනේ

මෙන්න මේක ඉතාම නරක දෙයක්. ගැහැණු පිරිමි භේදයක් නැතුව සමහරු ඉන්නවා මළාට අඬන්නෙ නෑ. තවත් සමහරු ඉන්නවා මදුරුවෙක් අතක වැහුවත් ඇති ටැප් එක ඇරගන්න. තව ගොඩක් දෙනෙක් ගොඩක්ම හිත රිදෙන දෙයක් වුනොත් අඬනවා. හැබැයි ඒ කොයි එක වුනත්, අඬන එකෙන් ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ චිත්ත පීඩනයක් පිට කරන එක. එතකොට “ඔව්, අඬන්න, තව අඬන්න, ඔච්චරනේ කරන්න පුළුවන්” වගේ දෙයක් කිව්වහම හිත රිදෙනවා විතරක් නෙවෙයි, ඒ චිත්ත පීඩනය පිට කරන්න තියෙන මාර්ගයත් අපි අහුරනවා. එතකොට ඒ චිත්ත පීඩනය තව තව වැඩි වෙලා, අපි නොහිතන තැනකින් පිට වෙන්න පුළුවන්. අන්න ඒ නිසා ගැහැණු හෝ වේවා, පිරිමි හෝ වේවා කෙනෙක් අඬනවා නම් කරන්න තියෙන හොඳම දේ තමයි අඬන්න දෙන එක සහ තමන් එයත් එක්ක ඉන්නවා කියන එක දැනෙන්න ඉඩ හරින එක.

05. මට ඔයිට වඩා හොඳ කෙනෙක් එක්ක යන්න තිබුණා/ මොකට ඔයා එක්ක ආවද මන්දා

මෙන්න මේකත් ඔය කසාද බැඳලා පරණ වුණු අය අතරේ සෑහෙන්න අහන්න ලැබෙන දෙයක්. අපි විවාහ වෙන්න කෙනෙක්ව තෝරගන්නේ හොඳට හිතලා මතලා වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් දැක්ක ගමන් බැඳුණු ආදරේ නිසා වෙන්න පුළුවන්. පිට පෙනුමට හෝ ඇතුළත ගතිගුණ වලට හෝ සමාජ තත්වයට හෝ ධනවත්කමට හෝ උගත්කමට වෙන්න පුළුවන්. අම්මලා තාත්තලා කියපු නිසා වෙන්නත් පුළුවන්. මේ මොකක් වුනත්, කෙනෙක් එක්ක විවාහ වෙන්න අපි ගන්න තීරණේට සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් හෝ අපිත් පංගුකාරයි. අන්න එතකොට ඒ විවාහ ජීවිතේ හරි ආදර සම්බන්ධය හරි අසාර්ථක වුණු වෙලාවකදී වුනත්, “ඔයාට වඩා හොඳ කෙනෙක් එක්ක මට යන්න තිබ්බා” හරි “මොකට ඔයා එක්ක ආවද මන්දා” හරි වගේ දේවල් කියන්න හොඳ නෑ. විශේෂයෙන්ම ප්‍රශ්න ගැටළු ලිහාගෙන ඉස්සරහට යන්න හිතන මොහොතකදී වුනත්, එයා අපිට සුදුසු නෑ, එයා අපේ තත්ත්වෙට මදි වගේ හැඟීම් අපේ හිතේ තියෙනවා කියලා එයාට දැනෙන එක නවතින එකක් නෑ.

06. ඔයාගේ පෙනුම තව මෙහෙම වුනා නම්…

අපිට අපේ පෙනුම යම්තාක් දුරකට වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ රූපලාවණ්‍ය පාවිච්චියෙන්, ශාරීරික ව්‍යායාම වලින් අපිට පෙනුම වෙනස් කරන්න පුළුවන්. හැබැයි ස්වභාවික සහ අනතුරුදායක බවෙන් අඩු ක්‍රම වලින් අපිට අපේ ඉන්ද්‍රියන්ගේ ප්‍රමාණය, සමේ වර්ණය, මුහුණේ හැඩය වගේ දේවල් වෙනස් කරන්න බැහැ. එහෙම අවශ්‍යත් නැහැ. අපි කෙනෙක්ව කසාද බඳින්න උඩිනුත් කිව්වා වගේ විවිධ හේතු තියෙනවා. හැබැයි අපි කෙනෙක්ව කසාද බඳින කොට එයාගේ සම්පූර්ණ පැකේජ් එකම තමයි භාරගන්නේ. ඒ කියන්නේ පෙනුමත් ඇතුළත්ව. අන්න එතකොට බැන්දට පස්සේ පෙනුම ගැන හිතන එක, ඇඟේ එක එක දේවල් වෙනස් වුනා නම් කියලා හිතන එක අන්තිම කැතයි. ඒවා ගැන කතා කරන එකත් අශිෂ්ට දෙයක් විදියට තමයි සැලකෙන්නේ. තමන්ගේ සහකරුවා හෝ සහකාරිය සෞඛ්‍ය සම්පන්න නොවෙන තරමට තරබාරුයි නම්, ඒක වෙනස් කරගන්න ධනාත්මක උනන්දුවක් ලබාදෙන්න පුළුවන් ආකාර තියෙනවා. හැබැයි පෙනුම ගැන කමෙන්ට් කරන එකෙන් ඒක වෙන්නේ නෑ. ගොඩක් වෙලාවට වෙන්නේ, ඒකෙන් එයාට තමන්ගේ පෙනුම ගැන අනාරක්ෂිත හැඟීම් ඇතිවීම සහ, අපිට එයාව මදියි කියලා හැඟීමක් ඇතිවෙන එක.

දෙවෙනියට ඔය බොඩි පාට්ස් අරෙහෙම වුනා නම් හොඳයි, මෙහෙම වුනා නම් හොඳයි වගේ කියන ඒවා ඊටත් වඩා භයානකයි. ඒ වලින් තමන් ගැන තියෙන ආත්ම සම්මානය බිඳ වැටෙන එක තමයි වෙන්නේ.

07. ඔයා මොනවද මට කරලා තියෙන්නේ?

මෙන්න මේක ඔය තමන් ලෝකේ කේන්ද්‍රය කියලා හිතාගෙන ඉන්න ගොඩක් දෙනෙක් කරන වැරැද්දක්. රණ්ඩුවක් වුනාට පස්සේ “ඔයා මට මොනවද කරලා තියෙන්නේ?” කියලා අහන එක. ඇත්තටම විවාහයක් වුනත්, ආදර සම්බන්ධයක් වුනත් පංගුපේරුව මත ක්‍රියාත්මක වෙනවා නම්, ඒකට වැඩි ආයුෂක් නැහැ. යාලුකමක් වුනත් එහෙමයි. එතකොට අපේ සහකරුවා හෝ සහකාරිය අපේ කිසිම දේකට සහයෝගයක් දෙන්නෙ නැතිනම්, හැමවෙලේම කරන දේටත් අකුල් හෙලනවා නම්, ඒකේ තේරුම ඒ සම්බන්ධතාවය සාර්ථක නැහැයි කියන එක. හැබැයි කෙනෙක් අනෙකා වෙනුවෙන් කරන කියන දේවල් අවස්ථාවෙන් අවස්ථාවට වෙනස්. උදාහරණයක් විදියට ගත්තොත්, කෙනෙක් අපි වෙනුවෙන් අසීරු අවස්ථාවකදී ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි අපි බලාපොරොත්තු වෙන්නේ මූල්‍යමය උදවු වෙන්න පුළුවන්. හැබැයි එහෙම මොහොතකදී “ඔයා මට මොනවද කරලා තියෙන්නේ” කියලා අහන එක අසාධාරණයි. කැතයි. ඒකෙන් සම්බන්ධතාවය ආයෙමත් හදන්න බැරි විදියට පළුදු වෙන එක තමයි වෙන්නේ. (Lifie)

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer Blog සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම ආකාරයේ විවිධාකාරවූ ආකර්ෂණීය තොරතුරු දැන ගන්න.

blog featured pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleඅද රාත්‍රියේ සිට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
Next Article ළමා රෝහලට අවශ්‍ය බිත්තර නොමිලේ ලබාදේ
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 20269 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 202609 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.