Author: Buzzer Editor

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර එක්දින තරගාවලිය අද (10) ආරම්භවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පළමු එක්දින තරගය Guwahati නගරයේ Barsapara ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී අද පස්වරු 1.30 ට ආරම්භවීමට නියමිතයි. ඉන්දීය කණ්ඩායම රෝහිත් ශර්මා විසින් මෙහෙයවන අතර ශ්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානකගේ නායකත්වයෙන් තරග කිරීමට නියමිතයි. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Read More

පැසිෆික් සාගරයේ පිහිටි වනවාටු දූපත් රාජ්‍යය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ සටහන් වූයේ ඒකක 7 ක් ලෙසය. භූමි කම්පාවෙන් පසු සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරුණි. එය වනවාටු වැසියන් බියට පත් කිරීමට හේතුවක් වූ බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. භූමි කම්පාව හටගත්තේ වනවාටු දූපතේ පෝට්විලා නගරයේ සිට කිලෝ මීටර් 400 ක් ඈත මුහුදු පතුළේය. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

අද දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී. (25-35) පමණ වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) පමණ වැඩිවිය හැකියි. කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වාත් , හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මඳ වශයෙන් රළු විය හැකි බවයි…

Read More

ඉන්දියාවෙන් රැගෙන විත් කොළඹ ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කල්පිටිය සිංහකුඩිරිප්පුව ප්‍රදේශයෙදී අත් අඩංගුවට ගත් බව කියයි. රුපියල් කෝටි තුනකට ආසන්න වීථි වටිනාකමක් ඇති මෙම අයිස් තොගය ත්‍රිරෝද රථයකින් ප්‍රවාහන කළ දෙදෙනකුද පොලිස් බාරයට ගෙන ඇත. අ කල්පිටිය පොලිස් විශේෂ කාර්යාංශ නිළධාරින්ගේ බුද්ධි තොරතුරකට අනුව කල්පිටිය පොලිසියෙ නිළධාරිහු පිරිසක් මෙම වැටලීම කළහ. මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයෙ ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම් වල නිරත ප්‍රධාන පෙලේ සැකකරුවකු හා කල්පිටිය තොරඅඩිය ප්‍රදේශයෙ පදිංචිකරුවකු බව කියයි. (ලංකාදීප)

Read More

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට සහභාගී නොවීම සහ ඒ පිළිබඳව විධිමත්ව කාරක සභාව දැනුවත් නොකිරීම පිළිබඳව රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී අප්‍රසාදය පළවී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස් වූ අවස්ථාවේදී මේ බව අවධාරණය කර ඇති බවයි සඳහන් වන්නේ. වාර්ෂික විගණන වාර්තා කඩිනමින් ඉදිරිපත් කිරීම සහතික කරන ලෙස කාරක සභාව කොමිෂන් සභා නිලධාරීන්ට නියෝග කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ. කැසිනෝ ව්‍යාපාරය නියාමන වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබඳව අධීක්ෂණය සඳහා​ද අනුකමිටුවක් ස්ථාපනය කළ බව රජයේ මුදල් පිළිබඳ කාරක…

Read More

ඉතින් කොහොමද ඔයාලට? ඔයාල බලනවා ඇති මම ලියාගෙන එන්න හදන්නේ මේ මොකක්ද කියල. මේ ඉතින් කියන්න යන්න ලෝකේ පාවිච්චි කරපු රහසිගත භාෂා කීපයක් ගැනත් ඒවා භාවිතා කරපු හේතුවත්… 01. Leet ඔයා පිළිගන්නවද ඔයත් මේ භාෂාව පාවිච්චි කරලා ඇති කියල මන් කිව්වොත්. පුදුම වෙන්න එපා. මේක සරල භාෂාවක්. අන්තර්ජාලය භාවිතා කරන ගොඩක් අය මේ භාෂාව යොදාගන්නවා තමන්ගේ පාස්වර්ඩ් එහෙම හදාගන්න. දැන් නම් තේරෙන්න ඇති නේද මොකක්ද මේ භාෂාව කියලා. ඔව් ඔයා හරි… මේ තමයි අකුරු වෙනුවට අදාළ අකුරේ හැඩයට තියෙන සංකේත පාවිච්චි කරලා වචන ලියන ක්‍රමය. මේ ක්‍රමය ආරම්භ කරන්න මුල් වෙන්නෙත් පරිගණක සම්බන්ද කොටසක් තමයි. 1980 ගණන් වල හිටපු සුපිරි…

Read More

එක්සත් රාජධානියේ ‘I news’ වෙබ් අඩවිය පවසන්නේ පෙබරවාරි මාසයේ සංචාරකයින් සඳහා ලෝකයේ වඩාත්ම ලාභදායී නිවාඩු ගමනාන්තය ශ්‍රී ලංකාව බවයි. වියදම් ගැන සැලකිලිමත් වන නිවාඩු ගත කරන්නන් ශ්‍රී ලංකාවට ශීත සවාරියක් ගැන සලකා බැලීම ඉතා වටිනේය. මේ ලියන අවස්ථාව වන විට, පවුම් 1ක් ශ්‍රී ලංකා රුපියල් 441ක් (LKR) මිලදී ගනු ඇත- 2022 අප්‍රේල් මස රුපියල් 145කින් වැඩි වන අතර ගුවන් ගමන් මිල සාමාන්‍යයෙන් මෙම මාසයේ අඩුම වේ. නව Pekoe ඇවිදීමේ මාර්ගයක් Ceylon tea විරුදාවලියලත් අප රටෙහි සැතපුම් 185 ක් හරහා මාර්ග 22 ක් ආවරණය කරයි. එය පෙබරවාරි 4 වන දින ශ්‍රී ලංකාවේ 75 වන ජාතික දිනය වන අතර රට පුරා සැමරුම්…

Read More

එළඹෙන 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාවේ පළමු වටයේ ප්‍රතිවාදීන් ලෙස ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය තරගාවලියට එකතු වන බව ආසියානු ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වෙයි. නිකුත් කරන ලද නිවේදනය අනුව ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ ඇෆ්ගනිස්ථානය දෙවන කාණ්ඩයේ තරගාවලියට සහභාගි වේ. ලබන සැප්තැම්බර් මාසයේදී තරගාවලිය පැවැත්වීමට නියමිත අතර ආසියානු ක්‍රිකට් ශූරයෝ ලෙස ශ්‍රී ලංකාව තරගාවලියට එක් වෙයි. තරගාවලියේ සත්කාරකත්වය පසුගිය වර අනුශූරතාව හිමිකර ගත් පකිස්ථානයට හිමිව ඇති අතර ඉන්දියාව ද ඇතුළත් එම කාණ්ඩය දෙවැනි කාණ්ඩය ලෙස දක්වා ඇත. එම කාණ්ඩයේ අනෙක් කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් තේරී පත්වන කණ්ඩායම වේ. තරගාවලියේ පළමු වටයේදී එක් එක් කාණ්ඩයේ පෙරමුණ ගන්නා…

Read More

ඇෆ්ගනිස්තානයේ උතුරුදිග ප්‍රදේශවල තෙල් කැණීමේ කටයුතු සඳහා තලේබාන් පාලකයන් චීන සමාගමක් සමඟ ගිවිසුමකට එළැඹී සිටී. ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසු පිහිටවූ තලේබාන් රජය, එරට බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමේ අරමුණින් ඇතිකරගත් ප්‍රධාන පෙළේ ගිවිසුමක් ලෙස මෙය සැලකෙයි. වසර විසි පහක් සඳහා අත්සන් තැපූ මෙම ගිවිසුමට අමතරව, චීනයේ රාජ්‍ය හිමිකාරීත්වය සහිත සමාගමක් ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර ප්‍රදේශයේ පවතින තඹ නිධියක කැණීම් සිදුකිරීම ද ගිවිසුම් අත්සන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ.‍ ඇෆ්ගනිස්තානයේ ඉන්ධන, ස්වභාවික ගෑස්, තඹ ඇතුලු ඛනිජ ද්‍රව්‍යවල වටිනාකම අමෙරිකානු ඩොලර් ට්‍රිලියන ඉක්මවන බව ඇස්තමේන්තුගත කර තිබේ. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසිවාර කීපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සබරගමුව පළාතේත්, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More