- මහින්ද සිරිවර්ධන මහතාගේ සේවය ජනපති විසින් අගයයි
- කෙහෙළිය, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට
- සරසවි සිසුවා නවකවධයට ලක්කිරීමේ සිද්ධියට එරෙහි FR පෙත්සම සලකා බැලීමට දින දෙයි
- සාර්ථකත්වය තියෙන්නේ එකට වැඩ කළොත් විතරයි -කොළඹ පුරපතිනිය
- බූස්සේ රැඳවියන් 5ක් විරෝධයක් අරඹයි
- බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි
- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ඉරාන අධ්‍යාත්මික නායකයා පහසු ඉලක්කයක් බව ට්‍රම්ප් කියයි
Author: Buzzer Editor
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සුළං ඊසාන දෙසින් හමාඑන අතර සුළගේ වේගය පැයට කිලෝ මීටර 20ත් 35ත් අතර පමණ වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 40ත් 50ත් අතර පමණ වැඩිවිය හැකියි. මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වාත් , හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
පසුගිය දෙසැම්බර් මස රාජ්‍ය අංශ සේවක වැටුප් ගෙවීම් සිදුකලේ යුරියා පොහොර විකුණා ලැබූ මුදල්වලින් බව කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. පෙර යල කන්නයේ දී හා මෙවර මහ කන්නයේ දී යුරියා පොහොර සහ අනෙකුත් පොහොර අලෙවි කිරීම මගින් රුපියල් බිලියන 10.05ක මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් උපයා තිබෙන බව අමාත්‍යවරයා කීය. එලෙස ලැබුණු මුදල් මහා භාණ්ඩාගාරය වෙත කෙලින්ම යොමු කරන ලද අතර පසුගිය දෙසැම්බර් මාසයේ දී රාජ්‍ය සේවකයින් සඳහා නියමිත වැටුප් ගෙවීම සඳහා එම මුදල්වලින් යම් සැලකියයුතු කොටසක් භාවිතා කිරීමට රජයට සිදු වූ බව කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. අමාත්‍යවරයා මෙම…
විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් එක්ව “නිදහස් ජනතා සන්ධානය” නමින් නව සන්ධානයක් හෙලිකොප්ටරය ලකුණින් එළිදක්වා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය ඇතුළු දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 10 ක් එක්ව මෙම සන්ධානය පිහිටවා ඇති අතර, එළඹෙන පාළාත් පාලන මැතිවරණයට එක්වී තරග කිරීම සඳහායි මෙම සන්ධානය බිහිකර තිබෙන්නේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, ජී.එල්.පීරිස්, දයාසිරි ජයසේකර, උදය ගම්මන්පිළ, වාසුදේව නානායක්කාර, අනුර ප්‍රියදර්ශන යපා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් පාර්ලිමෙන්තුවට පිවිසි මන්ත්‍රීවරු 35 දෙනෙකු මේ සඳහා සහභාගීවී තිබෙනවා. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පළමු එක්දින තරගයෙන් ලකුණු 67 ක ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 373 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දුවට පහරදීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන්,Virat Kohli ලකුණු 113 ක්, Rohit Sharma ලකුණු 83 ක් හා Shubman Gill ලකුණු 70 ක් ලබා ගත්තා.පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කසුන් රාජිත කඩුලු 3 ක්, දිල්ෂාන් මදුසංක, චාමික කරුණාරත්න, දසුන් ශානක හා ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.…
පාකිස්තානයේ පසුගිය වසරේ ඇති වූ දරුණු ගං වතුරෙන් ඇති වූ හානිය මග හරවා ගනිමින් නැවත යථා තත්ත්වයට පැමිණීම සඳහා ඉදිරි වසර 3 ක කාලය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 8 ක මුදලක් ලබා දෙන ලෙස ජිනීවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සමුළුවේදී පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ඉල්ලීමක් කර තිබේ. 1700 ක් මරණයට පත් කරමින් තවත් මිලියන 33 කට බලපෑ පසුගිය වසරේ ඇතිවූ ගං වතුරෙන් පිඩාවට පත් පාකිස්තානය නැවත ගොඩ නැගීම සඳහා ජපානය ඇතුළු රටවල් 40 ක නිලධාරීහු මෙම සමුළුවට සහභාගී වෙති. එසේම ඇමෙරිකා එක්සත් ජනපදය පාකිස්තානය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක මානුෂීය සහායක් ලබා දෙන බව ප්‍රකාශයට පත් කර ඇත. ඒ…
අද දින දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළගේ වේගය පැයට කිලෝ මීටර (25-35)පමණ වේ. කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) පමණ වැඩිවිය හැකියි. කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වාත් , හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
රජයේ සේවකයින්ගේ වැටුප් ගෙවීම සඳහා අයවැයෙන් අමාත්‍යංශ වලට වෙන්කර ඇති ප්‍රතිපාදන වලින් සියයට පහක් කපා හරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත. එසේම සමෘද්ධි දීමනා ගෙවීම සතියකින් හෝ දෙකකින් ප්‍රමාද විය හැකි බව ද පවසයි. (දිවයින) Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
අතීතයට බලපාන ආකාරයට විදුලි බිල වැඩි කළ නොහැකි බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති යෝජනාවෙහි ඇති ගණනය කිරීම් වැරදි බැවින් ඊට අනුමැතිය ලබාදීමට පෙර එම යෝජනාව සම්බන්ධයෙන් ගැඹුරින් සලකා බලන බවයි ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ. විදුලිබිල වැඩි කිරීමට අදාළ යෝජනාව ලැබුණේ ඊයේ දිනයේ බවත් මෙය සලකා බැලීම දින 45 ක 50 ක අතර කාලයක් යන බවත් විදුලිබල මණ්ඩලය අසාධාරණයක් නොවන ලෙසත් පාරිභෝගිකයන්ට සාධාරණයක් වන ලෙසත් සියලු කටයුතු සිදුකරන බවයි ජනක රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ
බිත්තර ආනයනය කරන ටෙන්ඩරය සඳහා ආනයනකරුවන් 20 දෙනෙකු සිය ඇස්තමේන්තු ඉදිරිපත් කර ඇත. ඊයේ (09) පෙරවරුවේ ටෙන්ඩර් කැඳවීම අවසන් වූ අතර, එය රාජ්‍ය වෙළඳ සංස්ථාව විසින් වෙළඳ අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුව වෙත භාර දී ඇත. මෙම ටෙන්ඩරයට ඉදිරිපත් කළ සියලුම ආනයනකරුවන් ජාත්‍යන්තරව පිළිගත් ඇපකර සහතික ද ඉදිරිපත් කර තිබූ බව STC සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය. (ඩේලි නිව්ස්)
මේ කියන්න යන්නේ විශ්වය ගැන හොයල බලන්න ආස අයට ඉනරස්ටින් ටොපික් එකක්. මේ කියන්න යන්නේ ගැලැක්සි දෙකක්… ඒ කියන්නේ චක්‍රාවාට දෙකක් එකිනෙක හා උනොත් වෙන දේ. වෙන කොහෙවත් තියෙන ගැලැක්සි නෙමේ මේ. අපි අයත් වෙන කිරි සයුරයි අපේ ලහම හිතවතා ඇන්ඩ්රෝමීඩා එකිනෙක ගැටුනොත් මොකද වෙන්නේ කියල. මොනාද මේ ඇන්ඩ්රෝමීඩා? මිල්කි වේ?? මේ දෙකම අයත් වෙන්නේ චක්‍රාවාට ගණයට, චක්‍රාවාට කියන්නේ තාරකා පන්ති බිලියන ගානක්, දුවිලි අංශු, වායුන්, විවද ග්‍රාහක කොටස් වගේ එකී නොකී දේවල් ගුරුත්වයක් මගින් එකිනෙකට ආකර්ශයනය වෙලා තියෙන ආලෝක වර්ෂ මිලියන ගණන් වලින් දුර මනින්න පුළුවන් දැවැන්ත පද්දති. ව්වනේ අපේ ලගම හිතවතා ඇන්ඩ්රෝමීඩා කියලා. ඉතින් ලගම කිව්වට ඇන්ඩ්රෝමීඩා චක්රවාටය…