Author: Buzzer Editor

දකුණ, සබරගමුව, ඌව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර පළාතේත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More

පෙබරවාරි 4 වැනිදාට යෙදෙන මෙරට 75 වැනි නිදහස් දින සැමරුම කොළඹ ගාලු මුවදොරදී පැවැත්වීමට රුපියල් මිලියන 200ක් වෙන්කර තිබෙන බවට වාර්තා වෙනවා. 75 වන නිදහස් දින සැමරුම සඳහා අමාත්‍යාංශය දැනටමත් ඇස්තමේන්තු කර ඇති අයවැය රු. මිලියන 200ක් වන අතර මේ සඳහා අවශ්‍ය අයවැය ප්‍රතිපාදන භාණ්ඩාගාරය විසින් මේ වන විටත් සිදු කර ඇත. කෙසේ වෙතත්, නිලධාරීන් වියදම් අවම කර ගැනීමට සහ අඩු කිරීමට උපරිම උත්සාහයක් දරමින් සිටින බවට පුවත් සැලවෙනවා. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වාට්ටුවලින් ඉවත් කරන ලද අපද්‍රව්‍ය සහිත උර තොගයක් පල්දෝරැව පිහිටි භුමියේ කපන ලද වළකට බැහැර කිරිමට යාමේදි පවිත්‍රතා ඒකකයේ සේවක සේවිකාවෝ 28 දෙනෙක් රෝගාතුරව රෝහල් ගත කළහ. මෙම සිද්ධියට ලක්ව ඇත්තේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ පවිත්‍රතා ඒකකයේ සේවය කරන පුද්ගලික ආයතනයක සේවක සේවිකාවන් පිරිසකි. සැත්කම්වලින් ඉවත් කරන ලද අපද්‍රව්‍ය හා වාට්ටුවලින් බැහැර කරන ලද එන්නත් ප්ලාස්ටර් සහිත බෑග් පල්දෝරැ භුමියේ කැණිම් කළ වලක් තුළට බහාලිමට සුදානම්වු අවස්ථාවේදි එම බැග් විවෘත කිරිමත් සමග පිටවු විෂ වායුව ආඝ්‍රාණය විම නිසා මෙම පිරිස රෝගාතුරව තිබුණි. මෙහිදි කාන්තාවන් 21 දෙනකු හා පිරිමි පුද්ගලයන් 07 දෙනකු දැඩි සත්කාර ඒකකයේ සහ අනෙකුත් වාට්ටුවල ප්‍රතිකාර…

Read More

2023 අ.පො.ස උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ජනවාරි 17 වනදා සිට විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පංති පැවැත්වීම සහ සංවිධානය කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කොට ඇති අතර ඊට අදාළ විෂයානුබද්ධ දේශන සහ වැඩමුළු පැවැත්වීමත් තහනම් කොට තිබෙනවා. එමෙන්ම අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදා හැරීම එවැනි දේවල් ප්‍රසිද්ධ කරමින් දැන්වීම් සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණයන් සිදු කිරීමත් තහනම් කර ඇති බව එම නිවේදනයේ සදහන්. උසස් පෙළ විභාගය ජනවාරි 23 වනදා සිට පෙබරවාරි 17 වනදා දක්වා පැවැත්විමට නියමිතයි.

Read More

අපි බලමු මේ ෆුල් සූට් (Full Suit) එක මොකක්ද වගේම එක නිවැරදිව අදින්නේ කොහොමද කියල. සරල සිංහලෙන් ෆුල් සූට් (Full Suit) එකට ෆුල් ගයිඩ් එකක් තමයි මේ. මුලින්ම මොකක්ද මේ ෆුල් සූට් එක කියන්නේ කියලා අඳුනගමු ෆුල් සූට් එක අද වෙද්දී එක එක විදිහට ක්‍රියේටිව් ඩිසයින්ස් වලට එක එක මෝස්තරයට තිබුනත් මන් මේ ආටිකල් වල කියන්න යන්නේ බේසික් සූට් එක ගැන. මේකේ ප්‍රභේද කීපයක් තියෙනවා. ඒ වගේම ඉවෙන්ට් එකෙන් ඉවෙන්ට් එකට මේක වෙනස් කම් වෙන අවස්ථා තියෙනව. මන් මේ ආටිකල් සමුහයෙන් සාකච්චා කරන්න යන්නේ ටූ පීස් සූට් (two piece suit) සහ ත්‍රී පීස් සූට් (three-piece suit) කියන දෙවර්ගේ ගැන. තේරෙන්න…

Read More

2022 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී සිදුවූ බව කියන අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට පත්කළ පංච පුද්ගල කමිටු වාර්තාවේ නිකුත් වූ කරුණු අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බෝන් අගේන් ආගමේ බලපෑමකට ලක් වී නොමැති බව තහවුරුවී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයන් ගේ පෞද්ගලික ආකල්ප පිළිබඳ එම වාර්තාවේ සඳහන්ව ඇතත් එම සබඳතා ක්‍රිකට් ආයතනයට අදාළ තාවක් නැති බවද ඒ බව අදාළ වාර්තාව මගින්ද තහවුරු වී ඇති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහන් කරයි. ඉහත කී වාර්තාවේ සඳහන් කරුණු ඇතැම් මාධ්‍ය මගින් වරදවා වටහා ගැනීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කනගාටුවට පත්වන බවද එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දිවයින ට…

Read More

ඇමෙරිකාවේ රැඳී සිටින බ්‍රසීලයේ හිටපු ජනාධිපති යාර් බොල්සොනාරෝ ආපසු බ්‍රසීලයට යවන්නැයි ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට බලපෑම් එල්ල වී තිබේ. බොල්සොනාරෝ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා බලා පැමිණියේ පසුගිය දෙසැම්බර් මස ආරම්භයේදීය. බොල්සොනාරෝ, ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ සමීපතම මිතුරෙකි. ඩොනල්ඞ් ට්‍රම්ප් රිපබ්ලිකන් පාක්ෂිකයකු වන අතර, රිපබ්ලිකන් පාක්ෂිකයන් බොහෝ දෙනාගේ සහාය බොල්සොනාරෝට හිමිවෙයි. ඇමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ඇත්තේ රිපබ්ලිකන්වරුන් සතුවය. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

දිවයිනේ දකුණු අර්ධයේ අද අපරභාගයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දකුණ, සබරගමුව සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Read More

තවත් ප්‍රමාද නොකර සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන ලෙස ඉල්ලමින් තමිල්නාඩු ප්‍රාන්ත රජය ඊයේ (12) යෝජනාවක් ඒකමතිකව සම්මත කරන ලදි. සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම අවශ්‍ය සහාය ලබා දීමට සුදානම් බවද තමිල්නාඩු ප්‍රාන්ත රජය ප්‍රකාශ කර ඇත. මෙම යෝජනාව සඳහා බී.ජේ.පි පක්ෂය ඇතුළු සියලුම පක්ෂ සහාය ලබා දී තිබේ. ඉන්දියාවේ සහ තමිල්නාඩුවේ ආර්ථිකය වර්ධනය ශක්තිමත් කිරීම සඳහා සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය අත්‍යවශ්‍ය ව්‍යාපෘතියක් බව එම්.කේ ස්ටාලින් මහතා ප්‍රකාශ කර ඇත. ඇතැම් බලවේග තවත් සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය ප්‍රමාද කිරීමට ගන්නා උත්සාහය ඉන්දියාවේ සංවර්ධනයට බාධාවක් බවද තමිල්නාඩු ප්‍රාන්ත රජය සම්මත කරන ලද යෝජනාවේ සඳහන් වේ. සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ ආර්ථිකය වර්ධනය කිරීම…

Read More

ශ්‍රී ලංකාවේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් බංග්ලාදේශය විසින් ණය ගෙවීම සඳහා මෙරටට තවත් මාස 06ක කාලයක් ලබාදී ඇත. මීට පෙර බංග්ලාදේශ මහ බැංකුව විසින් මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ලබා දී තිබුණි. (දිවයින)

Read More