- රුසියානු – යුක්රේන යුද ගැටුමට පාස්කු සටන් විරාමයක්
- ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි
- ලොව පුරා කිතුණු බැතිමතුන් අද පාස්කු දිනය සමරයි
- අද නුවර යන අයට විශේෂ දැනුම්දීමක්
- වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන නිවේදනයක්
- සිරි දළදා ප්‍රදර්ශනය නිසා මහනුවර පාසල් 37ක් වසා තැබේ
- අමෙරිකානු නව බදු ගැන රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්
- සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක්
Author: Buzzer Editor
රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හට විශිෂ්ට ජයක් හිමිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව, 71 හැවිරිදි පුටින්, සියයට 87 ක ඡන්ද ප්‍රතිශතයක් දිනාගෙන ඇත. ඒ, සමස්ත ඡන්ද ප්‍රතිඵලවලින් සියයට 60 ක් ප්‍රකාශයට පත් වෙද්දීය. ඒ අනුව, තවත් වසර 6 කට රුසියාවේ ජනාධිපති ධුරය හෙබවීමට පුටින්ට හැකිවෙයි. රුසියාවේ වැඩිම කාලයක් ජනාධිපති ධුරය හොබවන නායකයා බවට ද පුටින් පත්වෙයි. රුසියන් ජනාධිපතිවරණය ආරම්භ වූයේ පසුගිය 15 වැනිදාය. එය ඊයේ (17) අවසන් විය. පුටින්ගේ ජය තහවුරු වූයේ ජනාධිපතිවරණයට විපක්ෂ අපේක්ෂකයකු නොවූ බැවිනි. (අල් ජසීරා) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
පොලිතින් මලු (ෂොපින් බෑග්) නොගන්නා පාරිභෝගිකයන්ට දීමනාවක් ලබාදීමට ප්‍රධාන සුපිරි වෙළෙඳසල් පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී එකඟ වී ඇත. මේ අනුව එලෙස දෙන දීමනාවේ ප්‍රමාණය සම්බන්ධයෙන් අවසාන තීරණයකට පැමිණීම සඳහා සුපිරි වෙළෙඳසල් හිමියන් ලබන 21 වැනිදා කාරක සභාවට කැඳවූ බව එහි සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය. පොලිතින් සහ ප්ලාස්ටික් පාවිච්චිය අධෛර්යමත් කිරීමෙන් පරිසරය ආරක්ෂා කර ගැනීම මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ අරමුණ බවද හෙතෙම සඳහන් කළේය. සුපිරි වෙළෙඳසල්වලින් නිකුත් කරන පොලිතින් මලු සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා එම වෙළෙඳ සල් හිමියෝ පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ…
ඇන්ටාක්ටිකාවේ කලාප රැසක පෙන්ගුවීන් සහ මුහුදු ලිහිණියන් අතරේ H5N1 කුරුලු උණ ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. H5N1 වයිරසය ඇන්ටාක්ටිකාව පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් මතුවී ඇති බවට බියක් ද පැතිරේ. විද්‍යාඥයන් පවසන්නේ ඔවුන් මේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බවය. කුරුලු උණ යනු කුරුල්ලන් අතරේ ව්‍යාප්ත වන වයිරසයකි. එය මනුෂ්‍යයන්ට ආසාදනය වී මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වුවහොත් එය මාරක වෙයි. (BBC) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
බංග්ලාදේශයට එරෙහිව හෙට (18) ආරම්භ වීමට නියමිත තුන්වන සහ අවසන් එක්දින තරගයට වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක ක්‍රීඩා නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ප්‍රතිකාර සඳහා ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි එම ආයතනය නිවේදනය කළේ. දෙවැනි එක්දින තරගයේදී පන්දු යවමින් සිටියදී පිටියෙන් ඉවත් වූ මධුශංකගේ වම් කකුලේ ආබාධයකට ලක්ව ඇති බව MRI ස්කෑන් පරීක්ෂණයෙන් තහවුරු වූ බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.
2021/2022 අධ්‍යයන වර්ෂයේ උසස් පෙළ විභාග ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සඳහා ශික්‍ෂණලාභීන් ඇතුළත් කර ගැනීමට අදාළ අයදුම්පත් කැඳවා තිබෙනවා. ඒ අනුව මීට අදාළ ගැසට් නිවේදනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2376 දරන ඊයේ (15) ගැසට් පත්‍රයේ පළ කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ. ඊයේ දහවල් 12.00 සිට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මේ සඳහා අයදුම් කළ හැකි අතර අයදුම් කිරීමේ කාල සීමාව 2024.04.05 දිනයෙන් අවසන් වන බවද සඳහන් වනවා. මාර්ගගත ක්‍රමය ඔස්සේ මේ සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අතර අයදුම්පත් අතරින් සුදුස්සන් තෝරා ගැනීම ද මාර්ගගත ක්‍රමය ඔස්සේ ම මෙවර සිදුකරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ. දිනපතා…
කුඹුරු ඉඩම් ගොඩ කිරීම සඳහා මින් ඉදිරියට කිසිදු අවසරයක් නොදෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරීන්ට උපදෙස් දුන්නේය. පුරන් කුඹුරු වැඩිපුරම පවතින්නේ බස්නාහිර පළාතේ නිසා බොහෝ දෙනෙක් කුඹුරු ඉඩම් ගොඩ කිරීම සඳහා අවසර ඉල්ලන නමුත් ඉඩම් ගොඩ කිරීමට අවසර නොදීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බැවින් මින් ඉදිරියට කුඹුරු ඉඩම් ගොඩ කිරීම සඳහා කිසිදු නිර්දේශයක් ඉදිරිපත් නොකරන ලෙස අමාත්‍යවරයා අදාල නිලධාරින්ට උපදෙස් දුන්නේය. ඇතැම් පුද්ගලයින් මාර්ග දෙපස ඇති කුඹුරු ඉඩම් හිතා මතා පුරන්වීමට ඉඩ හැර ඇති බව තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පවා පෙන්වා දුන් බව කී අමාත්‍යවරයා කුඹුරු ඉඩම් ගොඩ කිරීමට අවසර නොදෙන ලෙස ජනපති තමන්ට…
ටයිටැනික් නැව ප්‍රතිනිර්මාණය කිරීමට ඔස්ට්‍රේලියානු ජාතික ක්ලයිව් පාර්මර් නම් බිලියනපතියා සූදානම් වෙයි. ටයිටැනික් 2 යනුවෙන් නම් කෙරෙන මෙම නැව, 2027 දී සදම්ප්ටන් වරායේ සිට නිව්යෝර්ක් බලා යාත්‍රා කරවීමට ද නියමිතය. 1912 වසරේ, ටයිටැනික් නැවේ ගමන් මඟ වූයේ ද සම්ප්ටන් වරායේ සිට නිව්යෝර්ක් දක්වාය. එහෙත්, කිසිදා ගිල්විය නොහැකි යැයි පැවසූ සුඛෝපභෝගී ටයිටැනික් නැව පුද්ගලයින් 1500 කට මරු කැඳවමින් 1912 වසරේ අප්‍රේල් 15 වැනිදා අත්ලාන්තික් සාගරයේ ගිලී ගියේ අයිස් කුට්ටියක ගැටීමෙනි. ටයිටැනික් 2 නිර්මාණය සඳහා සැලැසුම් සකස් කෙරුණේ මීට අවුරුදු 10 කට පෙර යැයි ද පැවැසෙයි.තට්ටු නවයකින් යුත් ටයිටැනික් 2 ඉදිකිරීමට ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 500 ත් බිලියනයත් අතර මුදලක් වැය වෙයි. මගීන්…
අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා අයදුම්පත් කැඳවීමේ දිනය මාර්තු 22 දක්වා දීර්ඝ කර තිබෙනවා. මේ වනවිට නව අයදුම්පත් 130,000ක් දෙවැනි වටය සඳහා දත්ත පද්ධතිය වෙත ලැබී ඇති බවයි වාර්තා වෙන්නේ. තවත් අයදුම්පත් ප්‍රමාණයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් දත්ත පද්ධතිය වෙත ඇතුළත් කළ යුතුව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
ජපාන පෞද්ගලික සමාගමක්, පළමු වරට, චන්ද්‍රිකාවක් ගුවන්ගත කිරීමට උත්සාහ ගත් නමුත් එය අසාර්ථක විය. ‘ස්පේස් වන්’ නමින් නම් කළ එම චන්ද්‍රිකාව, උඩු ගුවනට යැවීමට සැලැසුම් කර තිබුණේ ජපානයේම නිෂ්පාදිත ‘කරියෝස්’ නමින් නම් කළ රොකට්ටුයේ ආධාරයෙනි. මීටර් 18 ක් දිග මෙම රොකට්ටුව බටහිර ජපානයේ වකයාමා පළාතේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කිරීමට සැලැසුම් කර තිබුණි. රොකට්ටුව පුපුරා ගියේ, එය ගුවන්ගත වී මිනිත්තු කීපයක් යද්දීය. ඒ සමඟ රොකට්ටුව තුළ වූ චන්ද්‍රිකාව ද විනාශ විය. ජපාන අභ්‍යවකාශ ආයතනයේ මැදිහත් වීමෙන් රොකට්ටුව ගුවන්ගත කෙරෙද්දී, එය එන්.එච්.කේ. ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කෙරුණි. රොකට්ටුව පුපුරා යන අයුරුද සජීවීව දකින්න ලැබුණි. (NDTV) Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන්…
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමය වන Associated Motorways (Private) Limited (AMW), සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuys මහතා තෝරා පත් කර ගන්නා ලදී. 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින් ආරම්භ කරන ලද AMW සමාගම re-treading සහ අපනයන කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත. AMW සමාගම වසර 75ක දිගු කාලපරිච්ඡේදයක් පුරාවට මෝටර් රථ අලෙවිය සහ සේවා, ලිහිසි තෙල්, බැටරි, ටයර් සහ මූල්‍ය සේවා දක්වා සිය සමාගමේ කටයුතු ව්‍යාප්ත කර තිබෙන අතර Nissan, Yamaha, Suzuki, Renault, සහ Castrol වැනි සුප්‍රසිද්ධ ජාත්‍යන්තර සන්නාම රැසක මෙරට ප්‍රධාන නියෝජිතයා ලෙසද කටයුතු කරනු ලබයි. 2008 වසරේ ජූලි මාසයේ සිට AMW සමාගම…