Author: Buzzer Editor

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ පොදු වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අතර පැවති සාකච්ඡාවේ දී එකඟතාව පළ කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය ‍විදේශ අමාත්‍යවරයා අතර හමුව ඊයේ (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. දෙරට අතර දේශපාලන, ආර්ථික සහ සමාජයීය කරුණු රැසක් පිළිබඳ මෙන්ම ආයෝජන කටයුතු සම්බන්ධයෙන් ද එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. එමෙන්ම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු පිළිබඳ ද විශේෂ අවධානයක් යොමු වූ අතර ඒ පිළිබඳ ඉන්දීය රජය පාර්ශ්වයෙන් සුබවාදී ප්‍රතිචාරයක් පළ වූ බවයි සඳහන් වන්නේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත්…

Read More

අපි එදිනෙදා ප්‍රයෝජනයට ගන්නා කුළුබඩු අත් බෙහෙත් වශයෙන්ද ප්‍රයෝජනයට ගත හැකි බව වැඩි දෙනෙක් දන්නේ නැහැ. පැරණි සමාජයේදී නම් කෙනෙකුට කුමක් හෝ රෝගයක් හැදුනු පසු අත් බෙහෙතක් හෝ සරල ප්‍රතිකාරයක් අම්මාගේ දැනුමෙන් සිදුකර සුව වුණේ නැත්නම් අසාධ්‍යම අවස්ථාවකදී තමයි වෛද්‍යවරයෙකු හමු වන්නේ. අද වන විට බොහෝ මේ පිළිබඳ හරිහැටි අවබෝධයක් නැහැ. නමුත් මුළුතැන්ගෙයි තියෙන කුළු බඩු බෙහෙත් ලෙස ප්‍රයෝජනයට ගන්නේ කොහොමද කියලා මේ ලිපියෙන් බලමු. කරාබු නැටි උදරය පුරවා දැමීම ආහාර අරුචිය වගේ තත්ත්වයන් නිසා සිරුර නිතරම අපහසුතාවයට පත්වෙනවා. එවිට බඩගින්න නොදැනෙන අතර ඇතැම් විට හුස්ම ගැනීම අපහසුවීම පවා සිදු වෙනවා. මේ සඳහා කරාබුනැටි තුන හතරක් තලා උණු ජලයට දමා…

Read More

ඉතා අවාසනාවන්ත ලෙසින් පාපන්දු තරගයක් අතරතුර ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 80 දෙනෙකු තුවාල ලබා තිබේ. දකුණු දිග ඉරාකයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේ අරාබි ගල්ෆ් කුසලාන තරගාවලියේ ඉරාකය සහ ඕමානය අතර අවසන් මහා තරගයේදී මෙම තෙරපීම සිදුව ඇති බවයි. රටවල් අටකින් සමන්විත පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේදී ඉරාකය ඕමානය සමඟින් තරග වැදී තිබුනා. දහස් සංඛ්‍යාත පිරිසක් තරගය නැරඹීමට ක්‍රීඩාංගනයට ඇතුළු වීමට උත්සාහ කළ නමුත් ක්‍රීඩාංගනය විවෘතව තිබුණේ ප්‍රවේශපත්‍ර ඇති අයට පමන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ප්‍රවේශපත්‍ර නොමැතිව දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන් බාස්රා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන් පිටත රැස්ව සිට ඇති අතර ඔවුන් ක්‍රීඩාංගනය තුලට ඇතුල් වමට උත්සහ…

Read More

2022 වසරේ PropertyGuru ආසියානු දේපළ වෙළෙඳාම් සමුළුව වගකීම් සහගත නවෝත්පාදන සහ අනුවර්තන ප්‍රතිනිර්මාණය අරමුණු කරගනිමින් පැවැත්වෙයි. අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම දේපළ වෙළෙඳාම් සමාගමක් වන PropertyGuru Group (NYSE: PGRU) විසින් පවත්වනු ලබන ප්‍රමුඛතම වැඩසටහන වන PropertyGuru ආසියානු දේපළ වෙළෙඳාම් සමුළුව ජාත්‍යන්තර ආකර්ෂණය දිනා ගැනීමට සමත් විය. 2020 සහ 2021 වසර වෙනුවෙන් පැවැත්වුණු PropertyGuru ආසියානු දේපළ වෙළෙඳාම් සමුළුව තායිලන්ත සම්මුති හා ප්‍රදර්ශන කාර්යාංශයේ (TCEB) අනුග්‍රහයෙන් පැවැත්වුණු අතර, වසංගත සමයෙන් පසුව මෙවර සමුළුව ‘අනුවර්තන ප්‍රතිනිර්මාණ වැඩසටහන’ යන තේමාව යටතේ පැවැත්විණි. මෙහි දී විටින් විට මුහුණ දීමට සිදු වන විවිධ දේශගුණික හා අනෙකුත් අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් දේපළ වෙළෙඳාම් හා ඒ ආශ්‍රිත තාක්ෂණික අංශ ඉදිරියට…

Read More

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (21) ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව හෙට (21) පෙරවරු 11.00 සිට රාත්‍රී 8.00 දක්වා පැය 9ක කාලයක් ජල සැපයුම අත්හිටුවට නියමිත බවයි සඳහන් වන්නේ. ඒ අනුව කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ සහ මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශ, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

Read More

Colombo Vs Kandy මෙවර ජාතික සුපර් ලීග් සිව්දින තරගාවලියේ පළමු අර්ධ ශතකය වාර්තා කිරීමට කොළඹ කණ්ඩායමේ අංක 10 පිතිකරු ප්‍රභාත් ජයසූරියට හැකි විය. කොළඹ කණ්ඩායමේ කඩුලු 8ක් ලකුණු 126 කට බිඳවැටී තිබියදී පිටියට පැමිණි ප්‍රභාත්, නිසල් තාරක සමග එක්ව 9 වැනි කඩුල්ල සඳහා ලකුණු 82ක සම්බන්ධතාවයක් පැවැත්වූ අතර එය මෙවර තරගාවලියේ පළමු අර්ධ ශතක සබඳතාවය ද විය. කොළඹ කණ්ඩායමේ අවසන් පිතිකරුවා ලෙස ප්‍රභාත් දැවී ගිය අතර ඔහු හතරේ පහර 5ක් ද ඇතුළුව ලකුණු 51ක් ලබා ගත්තේය. කොළඹ කණ්ඩායමට එරෙහිව විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නුවර කණ්ඩායමේ ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 60කට කඩුලු 5ක් දවාගත් අතර ඔහුට අනගි සහායක් ලබා දුන් නිම්සර…

Read More

අධික සීතල දරා ගැනීමට නොහැකිව, ඇෆ්ගන් වැසියන් 70 දෙනකු සහ ගවයන් 70,000 ක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇෆ්ගන් ආපදා කලමණාකරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකට අනුව, ඇෆ්ගන් වැසියන් සහ ගවයන් මියගොස් ඇත්තේ පසුගිය සති දෙකක කාලයේය. ඇෆ්ගනිස්තානයට බලපෑ මෙම අධික සීතල මානුෂීය ඛේදවාචකයක් නිර්මාණය කිරීමට හේතුවක් වී ඇතැයි ද පැවැසෙයි. ඇෆ්ගනිස්තානයේ පළාත් රැසක උණුසුම සෙල්සියස් අංශක රින 33 කෙන් අඩු වී ඇති බව පැවැසෙයි. අධික සීතලෙන් වැඩිපුරම බලපෑම් එල්ල වී ඇත්තේ ඝෝර් දිස්ත්‍රික්කයටය. මෑත ඉතිහාසයේ ඇෆ්ගනිස්තානයට බලපෑ දැඩි සීතල කාලගුණ තත්ත්වය මෙය යැයි ද පැවැසෙයි. දේශීය ආහාර නිෂ්පාදන කටයුතුවලට ද අධික සීතලෙන් බලපෑම් එල්ල වී තිබේ. ඇෆ්ගන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…

Read More

ඉදිරි දින වලදී දිවයිනේ නැගෙනහිර සහ ඌව පලාත්වල පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින අතර ඌව සහ උතුරු පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී.40ක පමණ තරමක තද සුළං ඇතිවීමේ හැකියාව පවතිනවා.

Read More

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහෝදරයාගේ ඕමාන සංචාරය අතරතුරදී, ඕමානයේ ශ්‍රී ලංකා තානාපති සහ තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය හමුවී සුහද සාකච්ඡාවක නිරත විය. ඉන් අනතුරුව මන්ත්‍රීවරයා ආරක්ෂිත නිවාසයේ මේ වනවිට රැඳී සිටින 100කට අධික ශ්‍රී ලංකික ගෘහ සේවිකාවන් හමුවී තිබේ. එහිදී ඔවුන්ගේ දුක්ගැනවිලිවලට ඉතා සාවදානව සවන්දුන් මන්ත්‍රීවරයා, මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ අදාළ අංශ සහ පාර්ලිමේන්තුව දැනුවත් කරන බව සඳහන් කළේය. මෙම කාන්තාවන් ඉතා අඩු පහසුකම් යටතේ ඉතා සීමිත ඉඩ ප්‍රමාණයක දැඩි අපහසුතා යටතේ රැඳී සිටින ආකාරය මන්ත්‍රීවරයාගේ නිරීක්ෂණයට ලක්විය. ආරක්ෂිත නිවාසයේ සිටිය හැකි ප්‍රමාණය 20ක් පමණ වුවත්, මේ වනවිට සියයකට අධික ප්‍රමාණයක් එහි රැඳී සිටින්නේ අවම පහසුකම්වත් නැති…

Read More

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත ඊයේ (19) දින පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මතවී තිබෙනවා. ඒ අනුව මෙම පනත් කෙටුම්පත සඳහා පක්ෂව ඡන්ද 97ක් සහ විරුද්ධව ඡන්ද 36ක් හිමිවී ඇති බවයි සඳහන් වන්නේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More