Author: Buzzer Editor

දෙවැනි වතාවටත් පවත්වනු ලබන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු සතියේදීම තවත් දිනයක් එහෙන් පිටින්ම ඉතිරිව තිබියදී ඉනිමක ජයග්‍රහණ වාර්තා කිරීමට කැන්ඩි සහ ගෝල් කණ්ඩායම් අද (21 දා) සමත්වූහ. කොළඹ එස්.එස්. සී. පිටියේ පැවැති තරගයේදී කැන්ඩි කණ්ඩායම විසින් කොළඹ පිල ඉනිමක සහ ලකුණු 279 ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කරද්දී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී දඹුල්ල පිලට එරෙහිව ඉනිමක සහ ලකුණු 70 ක ජයක් වාර්තා කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. Colombo Vs Kandy කඩුලු 7 කට ලකුණු 554 ක්ව තිබියදී තෙවැනි දිනය ආරම්භ කළ කැන්ඩි කණ්ඩායම අහන් වික්‍රමසිංහ දැවී යෑමත් සමඟ ඉනිම අත්හිටුවීමට පියවර ගත්තේය. ඊට පෙර සිය පළමු පෙළ…

Read More

චීන ජනගහනයෙන් සියයට 80 කට මේවනවිට ‘කොවිඩ් 19’ ආසාදනය වී ඇතැයි පැවැසෙයි. මේ බව අනාවරණය කර ඇත්තේ චීන රජයය. ඒ, සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ දෛනික කොරෝනා දත්ත පාදක කර ගනිමිනි. චීන වැසියන් කොරෝනා වසංගතය මධ්‍යයේ වුවත්, ඔවුන්ගේ චන්ද්‍ර නව වසරට සූදානම් වන බව ද වාර්තා වේ. මේ වනවිට රෝහල් ‘කොවිඩ් 19’ ආසාදිතයන්ගෙන් පිරී ගොස් ඇති බවත්, ආදාහනාගාරවල මළ සිරුරු ගොඩ ගැසෙමින් පවතින බවත් චීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. පසුගිය ජනවාරි 12 වැනිදා සිට මේ දක්වා ‘කොවිඩ් 19’ මරණ 60,000 කට වඩා වාර්තා වෙයි. චීනයේ කොරෝනා වසංගතය ඉහවහා ගියේ එරට සෞඛ්‍ය අංශ සහ රජය එක් වී පැනැවූ සීමා ජනතා විරෝධයට හේතු…

Read More

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පැවතිය හැකි අතර ශීත කාලගුණික තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More

නුවරඑළිය රදැල්ලේදී පෙරේදා සිදුවූ අනතුරින් තුවාල ලැබූ තර්ස්ටන් විදුහලේ සිසුන්, ගුරුවරුන් ,දෙමව්පියන්ගේ සහ අනෙතුත් පුද්ගලයන්ගේ තත්වය සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා නුවරඑළිය රෝහලට පැමිණියේය. අමාත්‍යවරයා රෝහල් බලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක ද නිරත විය. (ලංකාදීප)

Read More

පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වනදා පැවැත්වීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ​පළාත් පාලන මැතිවරණයට අදාළව නාම යෝජනා බාර ගැනීම ඊයේ (21) දහවල් 12 ට අවසන් වීම සිදු උනා. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් විසින් ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ නවසීලන්ත පාලක පක්ෂය වන කම්කරු පක්ෂයේ නායකත්වය සහ අග්‍රාමාත්‍ය ධූරය යන දෙක සඳහා පුරප්පාඩු ඇතිවීමට නියමිතයි. එම පුරප්පාඩුව සඳහා මේ වන වන එරට අධ්‍යාපන ඇමති, පොලිස් ඇමති, රාජ්‍ය සේවා ඇමති සහ සභානායක ධූරයන්ද හොඹ වනු ලබන ක්‍රිස් හිප්කින්ස් (Chris Hipkins) යෝජනා වී තිබෙනවා. ඒ අනුව හෙට (22) පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමෙන් අනතුරුව ඔහු නිල වශයෙන් අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමට නියමිතයි. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

Colombo Vs Kandy ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ නුවර කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර තරගයේ දෙවෙනි දිනය වූ ඊයේ (20 දා) දිනයේ තේ පානය සඳහා තරගය නතර කරන විට නුවර කණ්ඩායම කඩුලු 6ක් අතැතිව කොළඹ කණ්ඩායමට වඩා ලකුණු 155ක් ඉදිරියෙන් සිටියේය. නුවර කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන ඉනිම් දෙකක් ක්‍රීඩා කළ ඕෂධ ප්‍රනාන්දු සහ සඳුන් වීරක්කොඩි ශතක ලබා ගැනීමට සමත් වූහ. තේ පානය සඳහා තරගය නතර කරන විටත් නොදැවී පන්දුවට පහර දෙමින් සිටි ඕෂධ ප්‍රනාන්දු ලකුණු 137 ක් රැස් කර ගෙන සිටි අතර සඳුන් වීරක්කොඩිගේ ශතකයේ ඉනිම ලකුණු 144කදී නිමා විය. ඒ වන විට සඳුන් සහ ඕෂධ අතර තෙවැනි කඩුල්ල…

Read More

සින්ට් මාර්ටෙන් නමැති කැරිබියානු දූපත් බලධාරීන්, එම දූපතේ ජීවත් වන ‘වර්වෙට්’ නමැති වඳුරන් සියලු දෙනා මරා දැමීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ඊට හේතුව. මෙම ‘වර්වෙට්’ වඳුරන් දූපත් වැසියන්ට හිසරදයක් වීම සහ වගා හානි සිදු කිරීමය. සින්ට් මාර්ටෙන් රජය. වඳුරන් මරා දැමීම සිදු කරන්නේ රාජ්‍ය නොවන සංවිධාන කීපයක ද සහාය ඇතිවය. මරා දැමීමට පෙර, වඳුරන් 450 ක් අල්ලා උන් වෙනත් දූපතකට රැගෙන යෑමට ද නියමිතය. වඳුරන් 450 දෙනා අල්ලා ගැනීම වසර 3 ක කාලයක් තිස්සේ සිදුවනු ඇතැයි ද පැවැසෙයි. ‘වර්වෙට්’ කැරිබයානු දූපත්වලට ආවේණික සත්ව විශේෂයක් නොවෙයි. වඳුරන් කැරිබියානු දූපත්වලට පැමිණීම සිදුවූයේ 17 වැනි සියවසේ පැමිණි සංචාරකයන්ගෙනි. ඒ, දකුණු…

Read More

ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව පළාතේ, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි. මී 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්. සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. Buzzer.lk සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම ආකාරයේ පුවත් සහ තොරතුරු දැන ගන්න.

Read More

ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 14 දෙනකු එරටින් පිටුවහල් කර ඊයේ (20 දින) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි. මොවුන් අතර සිටි ගෘහ සේවිකාවන් 06 දෙනකු එරටේ දී විවිධ ප්‍රශ්නවලට භාජන වී, පසුව ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුබද්ධිත ‘සුරක්ෂා’ රැඳවුම් නිවාසයේ තබා සිටි අයයි. මීට අමතරව තවත් ගෘහ සේවිකාවන් 08 දෙනකු, ඔවුන් සේවය කළ නිවාසවල දී සුළු වැරදිවලට චෝදනා ලබා එරට කම්කරු උසාවියෙන් වැරදිකරුවන් වී පිටුවහල් කර මෙසේ එවා තිබුණි. මෙසේ පැමිණි ගෘහ සේවිකාවන් පිරිස අතර ගර්භණී තත්ත්වයේ පසු වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් ද සිටියාය. මෙම ගෘහ සේවිකාවන් පිරිස 01/20 දින අලුයම…

Read More