Author: Buzzer Editor

සරම අපේ රටටම අවේණික දෙයක් නොවුනාට අපේ රටේ වැඩි දෙනෙක් ඉස්සර කාලේ ඉදලම සරම් අදින්න පුරුදු වෙලා ඉන්නවා. හැබැයි මෑත කාලේ අපිට තියන නවීන විලාසිතා නිසාත්, වැඩ කර ගන්න තියන පහසුව නිසාත් ගොඩක් අය සරම් වලින් ඈත් වෙලා කලිසම් අදින්න පටන් අරන්. හැබැයි දැනට ටික දවසකට කලින් සරම් අපේ රටේ විලාසිතා අතර ප්‍රධාන තැනක් ගත්තා. ගොඩක් පිරිමි කට්ටිය මංගල උත්සව සහ විශේෂ උත්සව සදහාත් සරම් අදින්න පටන් ගත්තා. මේ හේතුව නිසාම සාම්ප්‍රධායික සරම විවිධ විලාසිතා එක්ක වෙළද පොලට ආවා. සරම් අදින්නේ පිරිමි අය විතරද? අපෝ නැහැ. ගැහැණු කට්ටියත් සරම් අදිනවා. හැබැයි අපි ඒකට සරම කියලා කෙලින්ම කියන්නේ නෑ. අපි ඒකට…

Read More

2023 වසරේ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් දිනයන් ප්‍රකාශයට පත් කොට තිබෙනවා. ඒ අනුව පෙබරවාරි මස 22,23 සහ 24 යන දිනවල තැපැල් ඡන්දය පැවැත්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පෑවත්වෙන පළමු සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (02 වැනිදා) ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ ආරම්භක පිතිකරු නිශාන් මදුශ්ක ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත් වූවේය. ටොම් අබෙල්ගේ පන්දුවකට පුල් පහරක් එල්ල කරමින් ලබාගත් ලකුණු 4 ත් සමඟ මදුශ්ක සිය ද්විත්ව ශතකය සම්පූර්ණ කර ගත්තේය. තමන් මුහුණ දුන් 334 වැනි පන්දුවේදී එම කඩඉම ඉක්මවා යන විට මදුශ්ක සිය ඉනිම සඳහා මිනිත්තු 515 ක් වැය කර තිබිණ. හතරේ පහර 24 කින් සහ හයේ පහර 2 කින් වර්ණවත් වුණු මදුශ්කගේ මෙම ද්විත්ව ශතකය ශ්‍රී ලංකා ‘ඒ’ තරග ඉතිහාසයේ පිතිකරුවකු රැස් කරන ලද පස්වැනි ද්විත්ව ශතකය…

Read More

ඕස්ට්‍රේලියාවේ මුදල් නෝට්ටුවලින්, අභාවප්‍රාන්ත දෙවැනි එලිසබත් මහ රැජින ගේ රුව ඉවත් කිරීමට එරට ෆෙඩරල් රජය සූදානම් වෙයි. ඕස්ට්‍රේලියාවේ මුදල් ඒකකය වන්නේ ඕස්ට්‍රේලියානු ඩොලරයයි. ඕස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කළේ, රැජිනගේ රුව ඕස්ට්‍රේලියානු ඩොලර් පහේ නෝට්ටුවෙන් ඉවත් කිරීමට ​ෆෙඩරල් රජය තීරණය කර ඇති බවය. නව ඩොලර් පහේ නෝට්ටුව නිර්මාණය වනු ඇත්තේ එරට ස්වදේශීය සංස්කෘතියට මුල්තැන දෙමින් යැයි ඕස්ට්‍රේලියා මහ බැංකුව පවසා තිබේ. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

දිවයින හරහා ගමන් කරමින් පැවති පීඩන අවපාතය ඊයේ දින (02) රාත්‍රියේ අඩු පීඩන කලාපයක් බවට පත් වී දිවයිනෙන් ඉවතට ගමන් කර ඇති බවත් එබැවින් අද දිනයේ (03) සිට දිවයිනේ කාලගුණයට එහි බලපෑම අඩුවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. දකුණු පළාතේ උදෑසන කාලයේදීද වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මි. 50ක ට වැඩි තරමක…

Read More

බත්තරමුල්ලේ ඉසුරුපාය කාර්යාලයේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනිමට පැමිණෙන පුද්ගලයින්ට ඒ සඳහා උපකාර කළ හැකි බව පවසමින් රුපියල් දහස් ගණනින් මුදල් බලහත්කාරයෙන්ලබා ගැනීමේ සහ ව්‍යාජ ලේඛන සකස් කිරීමේ නිරතව සිටි බව කියන තැරැව්කරුවන් යැයි පැවසෙන පුද්ගලයින් සිව්දෙනෙකු පෙරේදා (1) සැකපිට අත්අඩංගුවට ගත්බව තලංගම පොලිසිය පවසයි. ව්‍යාජ ලේඛණ ලේඛණ සකස් කිරීම ඒ සඳහා මුදල් බලහත්කාරයෙන් ලබා ගැනීම සහ අන්සතු විදෙස් ගමන් බලපත්‍ර ළඟ තබා ගැනීමේ චෝදනා යටතේ මොවුන් සිව්දෙනා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. අත්අඩංගුවට සැකකරුවන් මාලඹේ වත්තල සහ කොළඹ 11 යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් යැයි පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් තලංගම…

Read More

අමුද්‍රව්‍ය ලෙස තව දුරටත් රබර් ආනයනය කිරීම වැළැක්වීමට සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඇතැම් බහුජාතික සමාගම් රබර්වල ගුණාත්මකභාවය හුවා දක්වමින් ඉහළ මිල ගණන් යටතේ තව දුරටත් රබර් ආනයනය සිදුකරන බවට තොරතුරු අනාවරණයවී ඇති බවයි සඳහන් වන්නේ. අදාළ කමිටුව මුදල් අමාත්‍යාංශයේ දී රැස්වී දීර්ඝ වශයෙන් සිදුකළ සාකච්ඡාවේ දී එම තීරණය ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

ශ්‍රී ලංකාව අපනයනය ආදායම ලෙස ඉපයූ ඉතිහාසයේ වැඩිම අගය 2022 වසරේදී වාර්තා කර තිබෙනවා. එය අමෙරිකානු ඩොලර් බිලියන 13කට අධිකයි. ශ්‍රී ලංකා මහ බැංකු පැවසුවේ 2022 වසරේ අපනයන ආදායම, 2021 වසරේ වාර්තා වූ ඉහළම අගයට වඩා සියයට 4යි දශම 9ක ඉහළ යෑමක් බවයි. මෙරට අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 13 ඉක්මවා ගියේ ඉතිහාසයේ ප්‍රථම වරටයි. මීට පෙර ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ලබා තිබුණේ 2021 වසරේයි. එහිදී ලද ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 12යි දශම 5ක්. ඉකුත් 2022 වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 13යි දශම 1ක අපනයන ආදායමක් ලබා තිබෙනවා. මෙම වර්ධනය සඳහා ඇඟලුම්, මැණික්, දියමන්ති හා ස්වර්ණාභරණ, යන්ත්‍රසූත්‍ර හා යාන්ත්‍රික උපකරණ සහ…

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO පසුගියදා දික්ඕවිටදී දියත් කරන ලද සමුද්‍ර ඉංජිනේරු වැඩපොළ හරහා, සිය වාර්ෂික පොත් බෙදා දීමේ වැඩසටහන ධීවර අංශයේ ප්‍රජාවන් සඳහා ද ව්‍යාප්ත කරන ලදී. මෙම ආයතනයේ හි තිරසාර වැඩසටහනට අනුව අවස්ථාවන් සහ හවුල්කාරිත්වයන් වර්ධනය කිරීම තුලින් ශක්තිමත් ප්‍රජාවක් ගොඩනැගීමේ අරමුණෙහි එක් පියවරක් ලෙස මෙම පොත් බෙදා දීමේ වැඩසටහන හැඳින්විය හැකිය. සැමට සාධාරණ ගුණාත්මක අධ්‍යාපනයක් සහතික කිරීම අරමුණු කරගත් තිරසාර සංවර්ධන ඉලක්ක (SDG) #4ද මෙම වැඩසටහන තුලින් ඉස්මතු වේ. වාර්ෂිකව මෙම ආයතනයේ හි විවිධ අංශ ස්ථාපිත වී ඇති සියඹලාපේ, වැලිවේරිය සහ තොටළඟ යන ප්‍රදේශවල ළමුන් අතර පාසල් පොත් බෙදා දීම සිදු කරයි.…

Read More

පෙබරවාරි මස 17 වනදා දක්වා කිසිදු ආකාරයක විදුලි කප්පාදුවක් සඳහා අවසර ලබා නොදෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඒ අනුව උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසුන් 331,000 කට අධික පිරිසකගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කරන්නේ. එම කාලසීමාව තුළදී විදුලි කප්පාදුවක් සිදුවන්නේ නම් එය අනවසර සහ නීතිවිරෝධී ලෙසට සලකන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Read More