Author: Buzzer Editor

නිදාගැනිම සඳහා අපි අනුගමනය කරන ඉරියව්වෙන් රුධිර සංසරණය යහපත් කරගැනීම සහ කෝටර දාහය සුවකරගැනීම වැනි විවිධ සෞඛ්‍ය වාසිත් අත්කරගන්නට පුළුවන් බව ඔබ දැන සිටියාද? ඉතින් ඔබට අද අප මේ පෙන්වා දෙන සෞඛ්‍ය ගැටලු කිහිපයෙන් එකක් හෝ තිබේනවා නම් පහත දක්වා ඇති ඉරියව් භාවිතයෙන් නිදාගෙන එය පහසුවෙන්ම සුවකරගන්නට හැකි වේවි. උරහිස් වේදනා ඔබ උරහිසක වේදනාවෙන් පීඩා විදිනවා නම් එය නිදාගන්නා අතර තුළදීම ලෙහෙසියෙන්ම සුවකරගන්නට පුළුවන්. මේ සඳහා ඔබේ වේදනාව රහිත උරහිස පැත්තට ඇලවී පාද දෙක ඉදිරියට නමා එක් කොට්ටයක් පපුවට යටින් තබා තවත් කොට්ටයක් දණහිස් දෙක මැදට වන්නට තබා නිදාගන්න. කොන්දේ වේදනා කොන්දේ වේදනාවට ඔබ නිදියන ඉරියව්ව දැඩි ලෙස බලපානවා. ඔබ…

Read More

ප්‍රධාන භූමි කම්පාවලින් පසු තුර්කිය සහ සිරියාව අතුරු භූ කම්පන 120 කින් කැලැඹී ගොස් ඇතැයි භූ විද්‍යාඥයෝ පෙන්වා දෙති. අවසන් වරට රික්ටර් පරිමාණයේ ඒකක 5.5 ක ප්‍රබලත්වයක් සටහන් කළ අතුරු භූ කම්පනයකින් කැලැඹුණු බව ද පැවැසෙයි. තුර්කිය සහ සිරියාව අසල්වැසි රාජ්‍යයන් වන අතර, ඒවා පිහිටා ඇත්තේ භූ තැටි මායිම් දෙකකට මැදිව, ඉහළිනි. මෙම භූ තැටි එකිනෙක ගැටෙද්දී භූමි කම්පා නිර්මාණය වෙයි. සාමාන්‍යයෙන් ප්‍රධාන භූමි කම්පාවලින් පසු හටගන්නා අතුරු භූ කම්පන හෙවත් පසු කම්පනවල ප්‍රබලත්වය අඩුය. කෙසේ නමුත් තුර්කියටත් සිරියාවටත් බලපෑ අතුරු භූමි කම්පාවලින් ද දැඩි හානි සිදුවිය. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් ලබන 11 වන දින මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබෙනවා. ඒ අනුව පළාත් පාලන මැතිවරණයට අදාළව දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා එම කැදවීම සිදුකර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මූලික කටයුතු පිළිබඳව දැනුවත් කිරීම මෙහිදී සිදුකිරීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න

Read More

සාමාන්‍යයෙන් එක්දින තරගයකටත් වඩා වේගවත් පිතිහරඹයක් ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව ප්‍රබල පිළිතුරක් ලබාදීමට සංචාරක එංගලන්ත ලයන්ස් ක්‍රීඩකයෝ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (08 වැනිදා) සමත් වූහ. ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කළ ලකුණු 332ට පිළිතුරු ලෙස එංගලන්ත ලයන්ස් කඩුලු 3ක් දැවී ලකුණු 234ක් රැස් කිරීමට සමත්ව සිටි අතර ඒ සඳහා ඔවුන් වැය කර තිබුණේ පන්දුවාර 35ක් පමණි. පන්දුවාරයකට 6.68ක ලකුණු වේගයක් රඳවා ගෙන ඊයේ දිනයේ පන්දුවට පහර දී තිබූ එංගලන්ත ලයන්ස් ක්‍රීඩකයෝ දිනය නිමාවන විට ශ්‍රී ලංකා මුල් ඉනිමට වඩා ලකුණු 98ක් පිටුපසින් සිටි අතර තවත් කඩුලු හතක් අතැතිව සිටියහ. එංගලන්ත…

Read More

තුර්කියට සහ සිරියාවට බලපෑ විනාශකාරී භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 15,000 ඉක්මවා ගොස් තිබෙනවා. කඩාවැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවූවන් මුදාගැනීම සඳහා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ. දිවි ගලවා ගත් අය ආහාර සහ නවාතැන් සඳහා පොරබදමින් සිටින අතර ඔවුන්ගේ ඥාතීන් බේරා ගැනීම සඳහාද දැඩි වෙහෙසක් ගන්නා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. රිච්ටර් මාපකයේ 7.8 ක ප්‍රබලත්වයක් පෙන්වූ මෙම භූ කම්පනය පසුගිය 06 වැනිදා එරට වේලාවෙන් අලුයම 4.00 ට පමණ සිදුව තිබූ අතර භූ කම්පනය සිදුවූ ප්‍රදේශය තුර්කි-සිරියා දේශසීමාවේ පිහිටා තිබෙනවා. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More

කුරුණෑගල නගරයේ ප්‍රධානම පාසලක උසස් පෙළට ශිෂ්‍යයකු ඇතුළත් කිරීම සඳහා රුපියල් ලක්ෂ තුනක මුදලක් ඉල්ලා එය ලබා ගැනීමට ගිය එම පාසලේ ගුරුවරයෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ පොලිස් නිලධාරීන් විසින් කුරුණෑගලදී අත්අඩංගුවට ගනු ලැබීය. එම පාසලේ උසස් පෙළ කලා අංශය බාර ප්‍රධාන ගුරුවරයා ඊයේ (8) පස්වරුවේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. අනුරාධපුර ප්‍රදේශයේ ශිෂ්‍යයකු උසස් පෙළ කලා අංශයට ඇතුළත් කර ගැනීමට ශිෂ්‍යයාගේ පියාගෙන් රුපියල් ලක්ෂ තුනක මුදලක් ඉල්ලා ඇති සැකකාර ගුරුවරයා කුරුණෑගල නගරයේදී එම මුදල ලබා ගැනීමට ගිය අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර වෙසෙන එම ශිෂ්‍යයාගේ පියා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට…

Read More

රාජ්‍ය ආදායම් තත්ත්වය යහපත් වන තෙක් රාජ්‍ය සේවය පවත්වාගෙන යාමේ අරමුණින් අත්‍යාවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන සැපයීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහා භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් දී තිබෙනවා. රජයේ කටයුතු සඳහා පෙර සිදු කළ පරිදි අරමුදල් නිකුත් කිරීම ජනතාවගේ අත්‍යාවශ්‍ය සේවා සැපයීමේ කාර්යයට මේ මොහොතේ අහිතකර ලෙස බලපාන අතර එය රටේ ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලියට ද බාධාවක් බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. මේ සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට ද පසුගියදා කටයුතු කළ බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ. Buzzer.lk සහ Buzzer…

Read More

ඒකාකාරී බවින් අත්මිදී ගමේ රසට අපේ කමට රසවත් පලතුරක් භාවිතා කරමින් ව්‍යාංජනයක් සාදා ගන්නට හැකි නම් එය කෙතරම් වටීවි ද කෙතරම් අපූරුද. අන්නාසි යනු බාල මහලු වැඩිහිටි සියලුම දෙනා වඩාත් ප්‍රියකරන රස ගුණ පිරි පළතුරු විශේෂයකි. ඕනෑම දේශගුණික තත්ත්වයක් යටතේ වගා කළ හැකි අන්නාසි වෙළඳපොළෙන් මිලදී ගන්නවා වෙනුවට ඔබගේ ගෙවත්තේ ද පහසුවෙන් වවා ගත හැකි අඩු සාත්තුවක් සහිතව වුවද ඵල නෙලාගත හැකි අපූරු පලතුරකි. එවැනි රසවත් අන්නාසි යොදාගනිමින් අන්නාසි මාලුවක් පිළියෙල කරගන්නා ආකාරය පිළිබඳව ඔබ දැනුවත් කිරීම මෙම ලිපියෙහි අරමුණයි. අවශ්‍ය ද්‍රව්‍ය: පිලියෙල කරගන්නා ආකාරය – හොඳින් පොත්ත ඉවත් කර ගත් ඉදුණු අන්නාසි ගෙඩි දෙකක නාරටිය ඉවත් කරගෙන කොටු ආකාරයට…

Read More

පොළොන්නරුව තඹාල ප්‍රදේශයේදී කුඹුක්කන් ඔය අසල සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය පියෙකු සහ දියණියක ඊයේ (07) දහවල් දියෙහි ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම පියා සහ දියණිය සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී ඔයට ඇදවැටී තිබෙන බවයි වාර්තා වන්නේ. ඔයට වැටුණු දෙදෙනා සැඩ පහරකට හසුවී ගසාගෙන ගොස් අතුරුදන් වී තිබෙනවා. අතුරුදන් වූ දෙදෙනා සොයා පොලීසිය, ප්‍රදේශවාසීන් සහ පොලිස් ජීවිතාරක්ෂන නිලධාරීන්, නාවික හමුදා නිලධාරීන් හා ස්වේච්ඡා කිමිදුම්කරුවන් එක්වී මෙහෙයුමක් දියත් කර තිබුණා. එහිදී දියේ ගිලුණු පියාගේ සහ දියණියගේ මෘතශරීර ඔවුන් ඔයට වැටී තිබූ ස්ථානයේ සිට කිලෝමීටර දෙකක පමණ දුරින් පරණගම ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇත. එසේ මියගොස් ඇත්තේ, කාන්තාන්කුඩිය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පියෙකු සහ 12…

Read More