Author: Buzzer Editor

බ්‍රසීල නව ජනාධිපති ලූලා ද සිල්වා සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, බ්‍රසීල ජනාධිපතිවරයා ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට පැමිණි අවස්ථාවේදීය. ධවල මන්දිරයේ දී ජනාපධිති ලූලා ද සිල්වා උණුසුම් ලෙස පිළිගැනීමට ඇමෙරිකන් ජනාපධිති බයිඩන් කටයුතු කළේය. වාමාංෂික දේශපාලනඥයෙකු වන ලූලා ද සිල්වා බ්‍රසීලයේ ජනාධිපති ධුරයට පත්වුණු තෙවැනි අවස්ථාව මෙයයි. ඔහු තෙවැනි වරට ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නේ පසුගිය ජනවාරියේය. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔහු ඇමෙරිකාව බලා පැමිණියේ පළමු විදෙස් සංචාරය ආරම්භ කරමිනි. බ්‍රසීලයේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට අවශ්‍ය සහාය ලබා දෙන බව ජනාධිපති බයිඩන්, බ්‍රසීල ජනාපධිතිවරයාට පැහැදිලි කළේය. දෙරට අතර ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට ද ජනාධිපතිවරුන් දෙදෙනාට හැකිවුණු බව…

Read More

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 100 ක් මේ වනවිට ලබාදී ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා. ඒ අනුව ඔහු සඳහන් කළේ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම නියමිත පරිදි මේ මස 22, 23, 24 යන දිනවලදි සිදු කරන බවයි. යම් දෙයකින් මෙම දින තුනේදී තමන්ගේ ඡන්දය සලකුණු කර ගැනීමට නොහැකි වුවහොත් 28 වනදා තමන්ගේ ආයතනය පිහිටි දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරියා ඉදිරියේ තමන්ගේ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ හැකියාව ඇති බවද ඔහු සඳහන් කළා. එසේම තැපැල් ඡන්ද අයදුම්පත් සංඛ්‍යාවෙන් 36,000 ක් ප්‍රතික්ෂේපවී ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත්…

Read More

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිය ක්‍රීඩා සමාජ පාපන්දු දිවියේ 500 වැනි ගෝලය වාර්තා කිරීමට පසුගිය බ්‍රහස්පතින්දා සමත් වූයේය. අල් නස්ර් කණ්ඩායම වෙනුවෙන් ගෝල 4ක් වාර්තා කරමින් රොනාල්ඩො එම කඩඉමට පැමිණි අතර ඔහු මේ වන විට රැස් කරගෙන ඇති ගෝල් සංඛ්‍යාව 503කි. සවුදි ප්‍රො ලීග් තරගාවලියේ දී අල් වෙහ්දා කණ්ඩායමට එරෙහිව රොනාල්ඩෝ එම දස්කම දැක්වූ අතර එම ගෝල් 4ම මිනිත්තු 30ක කාල පරාසයක් ඇතුළත දී ඔහු විසින් වාර්තා කරන ලදී. මැන්චෙස්ටර් යුනයිටඩ් වෙනුවෙන් ගෝල 103ක්, රියාල් මැඩ්රිඩ් වෙනුවෙන් ගෝල 311ක්, ජුවෙන්ටස් වෙනුවෙන් ගෝල 81ක්, ස්පෝටින් ලිස්බන් වෙනුවෙන් ගෝල 3ක් සහ දැනට අල් නස්ර් වෙනුවෙන් ගෝල 5ක් රොනාල්ඩෝ වාර්තා කර ඇත.…

Read More

රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සුළං ඊසාන දෙසින් හමා එනඅතර සුළගේවේගය පැ.කි.මී. (20-30)පමණ වන අතර මන්නාරම සිට පුත්තලම, කොළඹ හරහා ගාල්ල දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-45) දක්වා වැඩිවීමේ හැකියාව පවතිනවා.

Read More

තුර්කිය සහ සිරියාව කැලඹූ භූමි කම්පාවෙන් මියගිය ගණන 25,000 පසු කළේය. භූමි කම්පාවලින් වැඩිපුරම හානි සිදුවී ඇත්තේ තුර්කියටය. තුර්කියේ පමණක් මියගිය ගණන 21,000 ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. භූමි කම්පා හටගත්තේ මීට සතියකට පෙරය. දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක වෙයි. දින පැය 100 කට වඩා වැඩි ගණනක් සුන්බුන් අතරේ සිරවීී සිටි යුවතියක මුදා ගැනීමට දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් විය. කෙසේ නමුත් රෝහල් ගත කිරීමෙන් පසු ඇය මියගිය බව ද පැවැසිණි. භූමි කම්පාවෙන් හානියට පත්වුණු ඇන්ටක්යා නගරයේ නිවාස සහ වෙළෙඳසැල් සොරුන්ගෙන් ආරක්ෂා කිරීමට පොලිසියට සිදුවී ඇතැයි ද වාර්තා වේ. භූමි කම්පාවෙන් හානි සිදුවුණු පළාත්වල හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට තුර්කි…

Read More

ඩොලර් අර්බුදය හේතුවෙන් පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය සතු අශ්වයින්ට දේශීය ආහාර ලබාදීමේ වැඩපිළිවෙල සාර්ථක වූ බව එම කොට්ඨාසය පවසයි.පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් විදෙස් රටවලින් මෙම අශ්වයින්ට ලබාදෙන ආහාර ආනයනය කිරීම අපහසු වීමත් සමග දේශීය ආහාර ලබාදීමේ වැඩපිළිවෙලක් පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය විසින් ආරම්භ කර ඇත. ඒ අනුව, පසුගිය මාස තුනක කාලයේදී අශ්වයින්ට කොල්ලු, කඩල, මුං ඇට සහ බඩඉරිගු වැනි දේශීය ආහාර ලබාදීමට පියවර ගෙන තිබුණි.ඒ අනුව මේ වන විට මෙම අශ්වයින්ගේ බර ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බව පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය සඳහන් කළේය. (දිවයින)

Read More

බුත්තල ප්‍රදේශයේ සිදුවූ භූ චලනවලට හේතුව ඉන්දු සාගර පතුලේ ඇති කාල්ස්බර්ග් මවුන්ට් කඳුවැටියේ ඇති වූ භූ කම්පනයක් විය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න පවසනවා. ඔහු කියා සිටියේ ජාත්‍යන්තර දත්ත අනුව බුත්තල ප්‍රදේශයේ භූකම්පනයන් වාර්තා නොවන බවත් කාල්ස්බර්ග් මවුන්ට් නම් මුහුදු පතුලේ තිබෙන කන්දක සිදුවුණු කම්පනයක් මෙලෙස දැනෙන්නට ඇති බවයි ඔහු පවසා සිටියේ. එමෙන්ම ‍ඊයේ (10) සහ අද (11) දිනයේ වාර්තා වූ භූකම්පනයන් පිළිබඳව සොයා බැලීම සඳහා මොනරාගල, බුත්තල ප්‍රදේශවලට විද්‍යාඥයින් කණ්ඩායම් දෙකක් පිටත්ව ගොස් ඇති බවත් වාර්තා වනවා.

Read More

අද අලුයම 3 ට පමණ බුත්තල, වැල්ලවාය ප්‍රදේශයෙන් රිච්ටර් මාපකයේ 2.3ක ප්‍රබලත්වයෙන් යුත් තවත් සුළු කම්පනයක් වාර්තා වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ඊයේ දිනයේදී රික්ටර් මාපකයේ 3.0 ක කුඩා කම්පනයක් වාර්තා වුවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) මෙමගින් කිසිදු අනතුරක් නොමැති බවත් අනවශ්‍ය ලෙස කලබල නොවී සන්සුන්ව සිටින ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටී. (නෙත් නිව්ස්)

Read More

කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ඊයේ (10) දකුණු අප්‍රිකාවේ දී ආරම්භ වුණා. ඒ අනුව පළමු තරඟය පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතරයි. මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 04ක් දැවී ලකුණු 129ක් රැස් කළා. එහිදී නායක චමරි අතපත්තු ලකුණු 68ක් රැස් කරගත් අතර විශ්මි ගුණරත්න ලකුණු 35ක් රැස් කළා. පන්දු යැවීමේ දී ද.අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ෂබ්නිම් ඉස්මයිල්, මර්සාන් කැප් සහ නඩීන් ද ක්ලාක් විසින් කඩුල්ල බැගින් බිඳ දැම්මා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ රැස් කරගැනීමට හැකිවුණේ කඩුළු 09ක් දැවී ලකුණු 126ක් පමණයි. එහිදී නායක සුනේ…

Read More

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර පැවැති දෙවන ටෙස්ට් තරගය ද ඊයේ (10 වැනිදා ) ජය පරාජයෙන් තොරව නිමාවට පත් වූයේ ය. ජයග්‍රහණය සඳහා ලකුණු 284 ක ඉලක්කයක් හඹා ගිය සංචාරක කණ්ඩායම තරගය නිමාවට පත්වනවිට කඩුලු 7ක් දැවී ලකුණු 173 ක් ලබා සිටියේය. ඒ වන විට එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට වඩා ලකුණු 111ක් පිටුපසින් රැඳී සිටියේය. කණ්ඩායම් දෙක අතර පැවති පළමු සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගය ද ජය පරාජයෙන් තොරව නිමාවට පත්වූයේ ය. ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ලක්ශිත මානසිංහ එංගලන්ත නායකයාගේ කඩුල්ල සහ ටොම් හේන්ස්ගේ කඩුල්ල…

Read More