- ලංකාවම අවදානම් කලාපයක්
- සයිබර් අපරාධවල සම්බන්ධ චීන සිරකරුවන් පිරිසක් පිටුවහල් කෙරේ
- ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
- 2029 දී ශිෂ්‍යත්වය වෙනස් වෙයි ද ?
- වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක්
- මාස 6ට රිය අනතුරුවලින් 2,000කට ආසන්න පිරිසක් මරුට
- ප්‍රදේශ කිහිපයකට වැසි
- වන සතුන්ගෙන් සිදුවන බෝග හානි පාලනයට විසඳුම් සෙවීමට කමිටුවක්
Author: Buzzer Editor
රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය යනු අපූරු පිහිටීමකින් යුතු ක්‍රීඩාංගණයකි. කොළඹ එස් එස් සී හෝ ආර් ප්‍රේමදාස හෝ හම්බන්තොට මහින්ද රාජපක්ෂ හෝ දඹුල්ලත් නොව නුවර අස්ගිරියටත් වඩා රදැල්ලේ පිහිටීම අගනේය. මුහුදු මට්ටමේ සිට අඩි 4000ක් පමණ එනම් මීටර් 1200 ක ට පමණ ඉහළින් රදැල්ල පිහිටා ඇත. ඒ අනුව මුහුදු මට්ටමේ සිට වැඩි ඉහළක පිහිටා ඇති ක්‍රීඩාංගණ අතරින් රදැල්ල ලොව පෙරමුණේ ඇත. එමතුද නොවේ, ලොව වඩාත් අලංකාරම ක්‍රීඩාංගණයක් ලෙස රදැල්ල සැලකේ. මෙසේ නොයෙක් අතින් වැදගත් වූ රදැල්ල ක්‍රීඩාංගණය වසර ගණනාවක් පුරා නිසි ප්‍රයෝජනයකට නොගෙන අත් හැර දමා තිබුණි. එහෙත් රදැල්ලේ අගය මෙරට ක්‍රීඩා බලධාරීන්ට වඩාත්ම දැනුනේ පසුගිය පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ…
ජර්මනියේ මියුනිච් නුවර පැවැති ජගත් ආරක්ෂක සමුළුව අතරතුරේ ඊට සහභාගී වුණු චීන විදේශ අමාත්‍ය වැංග් ඊ සහ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අතරේ හමුවක් පැවැත්විණි. ඇමෙරිකා සහ චීන රාජ්‍ය තාන්ත්‍රිකයන් අතරේ මෙසේ හමුවක් පැවැත්වූයේ චීනයේ ඔත්තු බැලන බැලූන ඇමෙරිකා ගුවන් සීමාව උල්ලංඝනය කිරීමේ සිද්ධියෙන් පසුව යැයි ද පැවැසෙයි. චීනය එසේ ඔත්තු බැලීම් කළා නම් එය වගකීම් විරහිත ක්‍රියාවක් යැයි ඇන්තනි බ්ලින්කන් චීන විදේශ අමාත්‍යවරයාට පැහැදිලි කළේය. චීනය තරයේ පවසා ඇත්තේ එම බැලූනය තමන්ට අයත් එකක් වුවත් එය හමුදා ඔත්තු බැලීම් කරන බැලූනයක් නොවන බවය. චීනයට අනුව එම බැලූනය කාලගුණ විද්‍යා දත්ත රැස් කිරීමට යවන ලද්දකි. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා…
අද දිනයේදී දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලි මීටර 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකියාව පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම…
පසුව මුදල් ලබා දීමේ ක්‍රමය යටතේ රජයේ සියලු ආයතනවල මුද්‍රණ කටයුතු සිදුකරන නමුත් පසුගියදා නිකුත් කරන ලද චක්‍රලේඛයක් නිසා රාජ්‍ය ආයතනවල මුද්‍රණ කටයුතු කිරීම ගැටලුවක් වී ඇති බව දේශපාලන අංශ පෙන්වා දෙයි. පසුගියදා මුදල් අමාත්‍යංශය නිකුත් කරන ලද චක්‍රලේඛයක් මගින් පසුව මුදල් ලබාදීමේ පදනම මත කටයුතු නොකළ යුතු බවට ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී ඇත. ඒ අනුව රජයේ මුද්‍රණාලයට පළාත් පාලන මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු කිරීම ගැටලු සහගත වී තිබුණි. ඒ තත්ත්වය යටතේ පාර්ලිමේන්තුවේ සියලු මුද්‍රණ කටයුතු සහ අනෙකුත් සෑම ආයතනයකම නිවාඩු ඉල්ලුම් පත්‍රයේ සිට සියලුම මුද්‍රණ කටයුතු සිදුකරනු ලබන්නේ පසුව ගෙවීමේ පදනම මතය. උදාවී ඇති තත්ත්වය නිසා පාර්ලිමේන්තුව ඇතුළු රජයේ…
විදුලි බල, ඛණිජ තෙල් සහ රෝහල් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් යළිත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝගය පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ. විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඛණිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්වන බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. එසේම රෝහල් වල, සාත්තු නිවාස වල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා වැඩ හෝ ශ්‍රමයද අත්‍යාවශ්‍ය සේවාවන් බවට…
ආහාරවල සුවඳ, රසය, ගුණය ඇතිකර ගැනීමට යොදා ගන්නා රස කාරක වලට කවදත් වැදගත් තැනක් හිමි වේ. වටිනා ඖෂධයක් වන රම්පෙ ව්‍යාංජනයට දමන නිවැරැදි ක්‍රමය කෙසේ දැයි අපි මුලින්ම බලමු. මේ දැනුවත් බව ඔබේ ඔසුකුටියෙන් පවුලේ පෝෂණය සඳහා සැකසෙන ආහාරවල ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමට හේතු වේවි. රම්පෙ ඉංග්‍රීසි භාෂාවෙන් Pandan Leaf ලෙස හැඳින්වෙයි. සුවඳ කාරකයක් හා රස කාරකයක් ලෙස භාවිත කරයි. කුසගිනි වඩවයි. එසේ වුවත් පසුගිය කාලයේ රම්පෙ පිළිබඳ විවිධ වූ කටකතා පැතිරෙන්නට විය. එයින් කියැවුණේ රම්පෙ ආහාරයට ගැනීමට සුදුසු නොවන බවයි. මේ කතා සත්‍යය නොවේ. ඒ කටකතා බහුජාතික සමාගම් විසින් අපේ ජනතාව අතරට ගෙන ආ මතයකි. ඒවාට නොරැවටී අපේ…
මැතිවරණ කටයුතු සඳහා අවශ්‍ය මුදල්, මුදල් අමාත්‍යාංශය මගින් ලබානොදීම ඇතුළු මැතිවරණ කටයුතු පවත්වාගෙන යාමට ඇති බාධා පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෝසමක් මගින් දැනුවත් කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසම පවසනවා. මුද්‍රණාලය මගින් මුද්‍රණ කටයුතු ප්‍රමාද කිරීම, ඛනිජ තෙල් සංස්ථාව මගින් ඉන්ධන ප්‍රමාණවත්ව ලබානොදීම, පොලීසිය මුද්‍රණාලයට ආරක්ෂාව ලබානොදීම ඇතුළු කරුණු ද අදාළ මෝසම මඟින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම් දීමට නියමිත බවයි වාර්තා වන්නේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණයහිමියා වන චීනයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහය පිළිබඳ විධිමත් සහතිකයක් නොමැතිව වුවද ශ්‍රී ලංකාව සඳහා ණය අනුමත කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සලකා බලමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. නිල හිඟ මුදල් වලට ණය දීම සම්බන්ධයෙන් කලාතුරකින් භාවිතා වන ප්‍රතිපත්තිය යටතේ චීනයේ ණය සහතිකය නොමැතිව වුවද ශ්‍රී ලංකාවට ණය අනුමත කිරීම සලකා බැලීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තීරණය කර ඇති බව සඳහන්. මෙම ප්‍රතිපාදනය දැඩි මූල්‍ය අවශ්‍යතාවයක් ඇති රටකට ණයහිමියා විසින් ආධාර අවහිර කිරීම වැලැක්වීම ඉලක්ක කර ඇති අතර ණය කොන්දේසි සපුරාලීමට කැපවීම පෙන්නුම් කර ඇත. දිළිඳු රටවල ණය බර ලිහිල් කිරීමට G-20 රටවල් සහ අනෙකුත්…
ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රීඩා පනත සංශෝධනය කරනු ලැබුවේ මෙරට මිලියන 22ක ජනතාවට මිස පුද්ගලයන් 22 දෙනකුට සාධාරණයක් කිරීමට නොවන බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළේය. මෙරට ක්‍රීඩා සංගම්වල ඇතැම් නිලධාරීන් තනතුරුවල කටයුතු කරනු ලබන්නේ දීර්ඝ කාලපරිච්ඡේදයක සිට බවත්, ඉන් ඇතැම් අය තමා ක්‍රීඩා කළ කාලයේදී ද එම තනතුරුවල රැඳී සිටි බවත් අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා පසුගියදා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැක නව ක්‍රීඩා පනත පිළිබඳ උන්වහන්සේලාට කරුණු පැහැදිලි කළ අතර, පසුව මාධ්‍ය අමතමින් මේ අදහස් පළ කළේය. ක්‍රීඩා පනතට විරෝධය පළ කරනු ලබන්නේ ක්‍රීඩා…
සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්ට වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක් ආධාර සපයන ලෝක බැංකුවේ වත්මන් සභාපති ඬේවිඞ් මැල්පාස් තමාගේ ධුර කාලය අවසන් වීමට පෙර ලබන ජූනි මස තම ධුරයෙන් ඉල්ලා අස්වන බව පසුගියදා ප්‍රකාශ කර ඇත. සභාපතිවරයාගේ පස් අවුරුදු ධුර කාලය ලබන වසරේ අප්‍රේල් මස අවසන් වීමට නියමිතව තිබිණි.ලෝක බැංකුවේ සභාපති ධුරය සඳහා ඉතිහාසයේ සිට එහි ප්‍රධානතම කොටස්කරුවකු වන ඇමෙරිකා එක්සත් ජනපදය නියෝජනය කරන පුද්ගලයෙකු තේරී පත් විය.නමුත් මෙවර සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ නැගී එන ආර්ථිකයන් සතු රටවල් මීළඟ ලෝක බැංකු සභාපතිවරයා කවුරුන්ද යන්න තීරණය පුළුල් කර ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත. මේ වන විට මීළඟ ලෝක බැංකු සභාපතිවරයා…