Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, July 17
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ස්වභාවික රසකාරකවලින් අපේ ආහාර වලට රස ගුණ ලැබෙන හැටි
Blog 24 Views

ස්වභාවික රසකාරකවලින් අපේ ආහාර වලට රස ගුණ ලැබෙන හැටි

Buzzer EditorBy Buzzer EditorFebruary 18, 2023Updated:February 18, 2023No Comments3 Mins Read24 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ආහාරවල සුවඳ, රසය, ගුණය ඇතිකර ගැනීමට යොදා ගන්නා රස කාරක වලට කවදත් වැදගත් තැනක් හිමි වේ. වටිනා ඖෂධයක් වන රම්පෙ ව්‍යාංජනයට දමන නිවැරැදි ක්‍රමය කෙසේ දැයි අපි මුලින්ම බලමු. මේ දැනුවත් බව ඔබේ ඔසුකුටියෙන් පවුලේ පෝෂණය සඳහා සැකසෙන ආහාරවල ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමට හේතු වේවි.

රම්පෙ

ඉංග්‍රීසි භාෂාවෙන් Pandan Leaf ලෙස හැඳින්වෙයි. සුවඳ කාරකයක් හා රස කාරකයක් ලෙස භාවිත කරයි. කුසගිනි වඩවයි.

එසේ වුවත් පසුගිය කාලයේ රම්පෙ පිළිබඳ විවිධ වූ කටකතා පැතිරෙන්නට විය. එයින් කියැවුණේ රම්පෙ ආහාරයට ගැනීමට සුදුසු නොවන බවයි. මේ කතා සත්‍යය නොවේ. ඒ කටකතා බහුජාතික සමාගම් විසින් අපේ ජනතාව අතරට ගෙන ආ මතයකි. ඒවාට නොරැවටී අපේ දේ රැක ගැනීම හා ඒවායින් නිසි ප්‍රයෝජන ගැනීමට උනන්දු විය යුතුයි.

රම්පෙ වටිනා ඖෂධයකි. නමුත් රම්පෙ කැබැල්ල ඉතා සිහින්ව කැපීම නොකළ යුතුය. ව්‍යාංජනයකට දැමීමේ දී රම්පෙ කැබැල්ල තරමක ප්‍රමාණයට කපා දැමිය යුතුයි. නැතිනම් ආහාර ගැනීමේ දී රම්පෙ කැබැලි ඉවත් කිරීමට නොහැකි වේ.

කරපිංචා

Curry Leaf ලෙස ඉංග්‍රී‍සියෙන් හැඳින් වේ. රස කාරකයක් මෙන්ම සුවඳ කාරකයකි. අජීර්ණය, කෑම අරුචිය, බඩගින්න නැතිකම, බඩේ කැක්කුම, බඩ පුරවා දැමීම වැනි අවස්ථා වල දී සහනයක් ලබා ගත හැකිය. සෑම ව්‍යාංජනයකට ම කරපිංචා එකතු කරයි.

එමෙන්ම විස නසන ගුණයක් ඇති නිසා හෙළ වෙදකමේ දී ද යොදා ගනී. කොලෙස්ටරෝල් ප්‍රමාණය පහත හෙලීමට ද උපකාරී වේ.

අප බොහෝ විට පුරුදු වී සිටින්නේ ව්‍යාංජනයට කරපිංචා ඉත්ත සූරා කොළ ටික දැමීමටයි. එසේත් නැතිනම් අතින් කරපිංචා කොළ ටිකක් දෙකට කඩා ව්‍යාංජනයට දැමීමටයි. නමුත් එහෙම දැමීමේදී කරපිංචාවල ඇති ඖෂධීය ගුණය අපට ලබා ගැනීමට නොහැකි වේ. ආහාර ගැනීමේ දී අපි කරපිංචා කොළ පිඟානේ පසෙකින් තැබීමට අප පුරුදු වී සිටියි. එහි ඇති ඖෂධීය ගුණය ලබා ගැනීමට කරපිංචා කොළ සිහින්ව ලියා ව්‍යාංජනයට එකතු කළ යුතුය.

වියළි මිරිස්

ඉංග්‍රීසියෙන් Dry Chilies ලෙස හැඳින් වේ. මෙය ආහාරවලට රතු වර්ණකය සහ සැර රසයක් එකතු කරයි.

වියළි මිරිස් නිවෙසට ගෙන ඒමෙන් පසුව එහි නැටි කඩා සෝදා හොඳින් වියළා ගන්න. පසුව මෙම මිරිස් වංගෙඩියේ කොටා හෝ ග්‍රයින්ඩරයෙන් කුඩු කරගත හැකියි. මෙහිදී මිරිස් කුඩු මෙන්ම මිරිස් කෑලි නිවෙසේ දී ම සකස් කරගැනීමට හැකියාව ලැබේ. මෙලෙසින් පිරිසුදු බවින් යුතු මිරිස් කැබැලි සහ මිරිස් කුඩු භාවිතයට ගත හැකියි.

බැදුම් වර්ග, තෙල් දැමීම්, පොල් සම්බෝල ආදිය සැකසීමේ දී යොදා ගනී. කිරි එළවළු සඳහා යොදා ගන්නේ නැත.

අමු මිරිස්

Green Chillie ලෙස ඉංග්‍රීසියෙන් හඳුන්වයි. සැර රසයක් ව්‍යාංජනයට ලබා දීමට සමත් ය. කොළ පැහැති වර්ණ කාරකයක් ද වේ.

අප සකසන බොහෝ ආහාරවලට අමුමිරිස් යොදා ගැනේ. බොහෝ දෙනා පුරුදු වී සිටින්නේ හැම ආහාරයකට ම එකම ලෙසින් අමු මිරිස් කරල් කපා එකතු කිරීමටයි. නමුත් ආහාර වර්ගයෙන් වර්ගයට අමු මිරිස් කපන ආකාරය වෙනස් විය යුතුයි.

සාමාන්‍යයෙන් ව්‍යාංජන සඳහා අමු මිරිස් සිහින්ව දිගට කැපිය යුතු වන්නේ ඒවා හොඳින් තැම්බී එළවළු සමඟ මිශ්‍ර වීම සඳහා ය. සම්බෝල වර්ග සඳහා අමු මිරිස් සිහින්ව ලියා එකතු කළ යුතුයි. ඩෙවල්, අච්චාරු, පැහි, මෝජු ආදී කෑම වර්ග සැකසීමේ දී අමුමිරිස් කරල් දෙකට පලා හෝ නටුව අසලින් වෙන් නොවන සේ හතරට පලා හෝ ගත යුතුයි.

බිලිං

ඉංග්‍රීසියෙන් Belimbi ලෙස හඳුන්වයි. අම්ලකාරකයක් ලෙස යොදා ගනී. ආහාර රුචිය ඇති කරයි.

වාරයකට පමණක් හැදෙන බිලිං ලුණු දමා කල් තබා ගැනීමට අපේ කාන්තාවන් පුරුදු වී සිටියත් දැන් දැන් ඒ පුරුදු නැති වී ගොස් ඇති බවක් පෙනේ. ඇඹුලක් මිශ්‍ර කොට සැකසිය යුතු ආහාරයකට වෙනත් ඇඹුල් වර්ගයකට ආදේශකයක් ලෙසින් ද බිලිං යොදා ගත හැකිය.

එමෙන්ම ලුණු දමා වියළා ගත් බිලිං ව්‍යාංජනයක් ලෙසින් ද රසවත්ව සකසා ගත හැකියි. (Tharunie)

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer Blog සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම ආකාරයේ විවිධාකාරවූ ආකර්ෂණීය තොරතුරු දැන ගන්න.

blog featured Food pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleමැතිවරණ කොමිෂමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්
Next Article විදුලිබල, ඛණිජ තෙල් සහ රෝහල් අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කෙරේ
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 20269 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 202609 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.