- ලංකාවම අවදානම් කලාපයක්
- සයිබර් අපරාධවල සම්බන්ධ චීන සිරකරුවන් පිරිසක් පිටුවහල් කෙරේ
- ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
- 2029 දී ශිෂ්‍යත්වය වෙනස් වෙයි ද ?
- වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක්
- මාස 6ට රිය අනතුරුවලින් 2,000කට ආසන්න පිරිසක් මරුට
- ප්‍රදේශ කිහිපයකට වැසි
- වන සතුන්ගෙන් සිදුවන බෝග හානි පාලනයට විසඳුම් සෙවීමට කමිටුවක්
Author: Buzzer Editor
ඓතිහාසික මහනුවර නගරය පූර්ණ සංවර්ධිත නගරයක් බවට පත් කිරීම සඳහා විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
පානදුර ප්‍රදේශයේ ක්‍රියාත්මක ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ ප්‍රධාන ගෝලයෙකු වන මුරවත්ත චන්දන නැමැත්තා පානදුර උතුර පොලිසිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පානදුර හොරේතුඩුව පාලම අසලදීයි. වෙනත් පුද්ගලයෙකුට ලබාදීම සඳහා රැගෙන ආ හෙරොයින් ග්‍රෑම් 16ක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වී තිබුනේ. සැකකරු පානදුර උතුර, මොරටුව, හොරේතුඩුව, මෝදර ඇතුළු ප්‍රදේශ රැසකටම වට්ස්ඇප් මාර්ගයෙන් තොරතුරු ලබාගනිමින් ඉතා රහසිගතව එම ජාවාරම සිදු කර ගෙන ගොස් ඇති බවටයි පොලීසිය තොරතුරු අනාවරණ කර ගෙන ඇත්තේ. සැකකරුට මීට පෙරද හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බව පොලීසිය පැවසුවා. සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස පළමු වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර…
2023 පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර ඇති පෙත්සම ලබන 23 වනදා ට පෙර සලකා බැලීම සඳහා කැඳවන ලෙස ඉල්ලමින් මීට පෙර ගොනුකළ මෝසම සලකා බැලීමට අනවශ්‍ය බව පෙත්සම්කරුගේ නීතිඥවරු අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබෙනවා. ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා කලින් නියම කළ පරිදි ලබන 23 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇති බවයි සඳහන් වන්නේ. පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු විසින් මෙම රිට් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
2023 පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැති තරගය ලකුණු 102කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 162ක් රැස් කළා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලබාගත හැකිවූයේ පන්දුවාර 15යි පන්දු 05ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 60 ක් පමණයි. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.
යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ රුසියාවට, ආයුධ සහ පතුරම් ලබා දීමට චීනය සූදානම් වන බව ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසයි. මේ වනවිටත් චීන රජයේ අනුදැනුම පරිදි චීන සමාගම්, යුක්රේන යුද්ධයේදී රුසියාවට එරෙහිව ඇමෙරිකාවට සහාය ලබා දෙන බව ද ඇන්තනි බ්ලින්කන් පෙන්වා දී තිබේ. ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා මේ බව පෙන්වා දුන්නේ, ඇමෙරිකාවේ සී.බී.එස්. පුවත් නාළිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. කෙසේ නමුත් ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා එල්ල කරන එම චෝදනා චීන රජය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. චීන ජනාධිපති ෂී ජින්පින් රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ සමීපත මිතුරාය. කොන්දේසි විරහිතව රුසියාවට අවහ්‍ය ඕනෑම සහායක් ලබා දෙන බව චීන ජනාධිපති පවසා තිබේ. යුක්රේන…
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
විදුලිය ගාස්තු වැඩි කිරීමට සාපේක්ෂව ජල ගාස්තු ඉදිරියේදී අනිවාර්යෙන්ම වැඩි කිරීමට සිදුවනු ඇතැයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ජල නිෂ්පාදන සහ බෙදාහැරීමේ කටයුතු සඳහා දරන පිරිවැයෙන් සියයට 35 ක් පමණ විදුලිය වෙනුවෙන් වැය වන බව එම මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසීය. නව විදුලි ගාස්තු සංශෝධනය සමග මෙම පිරිවැය තවත් වැඩිවන බවද ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත් ජල ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තවමත් තීරණයක් ගෙන නැතැයි වාර්තා වේ. දිවයින පුරා ජල පාරිභෝගිකයෝ ලක්ෂ 30කට ආසන්න පිරිසක් සිටිති. ඉන් සියයට අනූ දෙකක් ගෘහස්ථ ජල පාරිභෝගිකයෝ වෙති. ඉතිරි සියයට 8 ගෘහස්ථ නොවන පාරිභෝගිකයන්ය. මේ අතර ජල බිල්පත් ගෙවීම පැහැර…
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වසර තිස් හතරකට පසුව පවත්වන ලද ජනරජ පෙරහර ඊයේ (19) මහනුවර නගරයේ දී වීථි සංචාරය කරනු ලැබුවා. මෙහි සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. මෙම ජනරජ පෙරහර 75 වන නිදහස් දින සැමරුමට සමගාමීව සංවිධානය කර තිබුණා.
ආරක්ෂක හේතුවක් මත වසා දමුණු කොළඹ පිහිටි ඉන්දීය වීසා මධ්‍යස්ථානය යළි විවෘත කරන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැනුම් දී ඇත. ඒ අනුව හෙට (20 වැනිදා) සිට සාමාන්‍ය පරිදි වීසා ලබා දීමේ සහ අනෙකුත් සේවාවන් සිදුකරන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි. ආරක්ෂක හේතුවක් මත පසුගිය පෙබරවාරි 15 වැනිදා කොළඹ පිහිටි ඉන්දීය වීසා මධ්‍යස්ථානය යළි දැනුම් දෙනතුරු වසා දැමීට කටයුතු කළේය. (දිවයින)
නුවරඑලිය සිට කැප්පටිපොල සහ වැලිමඩ දක්වා ඩිසල් ඉන්ධන ප්‍රවාහනය කල බවුසර් රථයක් නුවරඑලිය හග්ගල මහ වංගුව ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත්විමෙන් එම බවුසර් රථයේ ගමන් ගත රියදුරා සහ රිය සහයකයා තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර ඇති බවත්, පෙරලුණු බවුසර් රථයේ ප්‍රවාහනය කල ඉන්ධන කාන්දු වන බව නුවරඑලිය පොලිසිය සඳහන් කර සිටියි. කොලොන්නාවේ සිට නුවරඑලිය දක්වා ඩිසල් ඉන්ධන ප්‍රවාහනය කල බවුසර් රථය නුවරඑලිය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හල් වලට ඉන්ධන නිකුත් කිරිමෙන් අනතුරුව කැප්පටිපොල සහ වැලිමඩ යන ප්‍රදේශවල පිහිටි ඉන්ධන පිරවුම්හල් වලට ඉන්ධන නිකුත් කිරිම සදහා බවුසර් රථය ධාවනය කරන අවස්ථාවේ දී හග්ගල උද්භිත උද්‍යානයට ආසන්නයේ පිහිටි මහ…