- ලංකාවම අවදානම් කලාපයක්
- සයිබර් අපරාධවල සම්බන්ධ චීන සිරකරුවන් පිරිසක් පිටුවහල් කෙරේ
- ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
- 2029 දී ශිෂ්‍යත්වය වෙනස් වෙයි ද ?
- වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක්
- මාස 6ට රිය අනතුරුවලින් 2,000කට ආසන්න පිරිසක් මරුට
- ප්‍රදේශ කිහිපයකට වැසි
- වන සතුන්ගෙන් සිදුවන බෝග හානි පාලනයට විසඳුම් සෙවීමට කමිටුවක්
Author: Buzzer Editor
Toyota Lanka (පෞද්ගලික) සමාගම පසුගියදා සිය 15 වැනි වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව Shangri La Hambantota Resort & Spa හිදී පවත්වනු ලැබූ අතර Toyota Genuine Motor Oil, Genuine Toyota අමතර කොටස්, PIRELLI සහ Accelera Tyres බෙදා හැරීමේ දී වැදගත් කාර්යභාරයක් ඉටු කරන ලද අලෙවි නියෝජිතයින් 300කට අධික පිරිසක් මෙහිදී ඇගයීමට ලක්විය. Faster. Stronger. Forward. යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්වූ අතර Toyota Tsusho Corporatioin සහ PIRELLI India Regionහි විශේෂ නියෝජිතයින්ද මේ සඳහා සහභාගී විය. 2022/2023 මූල්‍ය වර්ෂය තුළ සුවිශේෂී විකුණුම් කාර්ය සාධනයක් අත්කර ගත් අලෙවි නියෝජිතයන් සඳහා මෙම උත්සවයේදී සම්මාන පිරිනැමිණි. Toyota Lanka හි සභාපති Sachio Yotsukura මහතා සහ Toyota Lanka…
අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල පහත දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ නව මිල ගණන් පහතින් දැක්වෙනවා.
එල්ල වී ඇති අපරාධ චෝදනාවලට මුහුණ දීමට තමන් සූදානම් බව පවසමින්, ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිව්යෝක් නුවරට පැමිණ සිටින බවත්, ඔහු නිව්යෝක් අධිකරණය හමුවේ පෙනී සිටිනු ඇති බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පවසයි. ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට මැන්හැට්න් ජූරි සභාව තීරණය කළේ පසුගිය සතියේය. ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කළ ප්‍රථම අවස්ථාව ලෙස මෙය සැලකෙයි. අධිකරණයට ඉදිරිපත් කිරීමේ දී ට්‍රම්ප්ට මාංචු නොදමනු ඇතැයි තමන් විශ්වාස කරන බව ට්‍රම්ප්ගේ නීතිඥවරයා පවසා ඇත. එසේම ට්‍රම්ප් අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසු ගොනු කර ඇති චෝදනා වල නීතිමයභාවය පිළිබඳව මෝසමක් ගොනු කරන බවත් එල්ල වී ඇති…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව, දකුණු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය, වවුනියා සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී.75 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන වෙරළ බඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන්…
දේශීය බිත්තර කිලෝ ගණනට විකිණීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. අද (04) පළමුවෙන් මධ්‍යම පළාතේ දී දේශීය බිත්තර කිලෝ ගණනට විකිණීම ආරම්භ කරන බවත් බිත්තර ග්‍රෑම් එකක් ශත 80ක මිලකට විකිණීමට තීරණය කර ඇති බවයි එම සංගමයේ සභාපති සරත් රත්නායක සඳහන් කළේ. ඒ අනුව මධ්‍යම පළාතේ බේකරි හිමියන්ට මෙලෙස බිත්තර විකිණීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
අප්‍රේල් මස 10 වැනිදාට පෙර රාජ්‍ය සේවකයින් සඳහා වැටුප් ගෙවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එසේම මෙම වසරේ අවසන් කාර්තුව වන විට රාජ්‍ය සේවකයින් වෙනුවෙන් විශේෂ දීමනාවක් ලබාදීමට ද රජය කටයුතු කරන බවද කීවේය. “අප්‍රේල් මාසය වෙනකොට අපිට අපේ මුදල් ප්‍රවාහවලට ලොකු බරක් එනවා. සාමාන්‍යයෙන් මාසේ 25 රාජ්‍ය සේවකයාට ගෙවන වැටුප ගෙවන්නේ.නමුත් අප්‍රේල් මාසයේ වැටුප 10 වැනිදාට පෙර ගෙවිය යුතුයි. එය මුදල් ප්‍රවාහයට ලොකු බරක්. විශ්‍රාම වැටුප සහ සමෘද්ධියත් 10 වැනිදාට පෙර දිය යුතුයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දුන්නා එය ගෙවිය යුතු බව.එනිසා මූල්‍ය උපක්‍රම භාවිත කරලා එම ගෙවීම් කරනවා” යැයි ද ඇමැතිවරයා පැවසීය.…
මැයි මාසයේදී නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා. “එක්සත් ජනරජ පෙරමුණ” ලෙස එම පක්ෂය නම් කර ඇති බවයි බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ. හැකියාව මත පදනම් වුණ දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍ය බවත්, පවුල් පාලනය නැතිනම් පවුල් උරුමයෙන් සිදුකරන දේශපාලනයට තිත තැබිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
නව සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම වහාම අත්හිටුවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත. එසේම දැනට ලබාදී ඇති සුරාබදු බලපත්‍ර පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ද මුදල් අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබේ. ඒ අනුව මුදල් අමාත්‍යාංශය විසින් අදාළ විමර්ශනයක් සිදු කර වාර්තාවක් ලබාදෙන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත. දිවයිනේ ඇතැම් ප්‍රදේශවල සුරාසැල් නොමැති බවත් තවත් ප්‍රදේශවල සුරාසැල් රැසක් ඇති බවත් හෙළි වී තිබේ. එවැනි පසුබිමක නව සුරා බලපත්‍ර නිකුත් කිරීම සඳහා අයැදුම්පත් නිකුත් කර තිබීම මත ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත. මේ සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා පැවසූවේ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අයැදුම්පත් ලබාගත්ත…
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස තරගයේ සුපිරි පන්දුවාරයෙන් ජය ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 196 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් ජතිත් පෙරේරා නොදැවී ලකුණු 53 ක්, චරිත් අසලංක ලකුණු 67 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 25 ක් හා ධනංජය ද සිල්වා ලකුණු 15 ලබා ගත්තා. පන්දු යැවීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ජේම්ස් නීෂම් (James Neesham) කඩුලු 2 ක් හා…
ඇමෙරිකාවේ ආකන්සාස් සහ ඉලිනොයි යන ජනපද හරහා ටෝනේඩෝ සුළි කුණාටු හමා යෑමෙන් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 40 ක් යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ටෝනේඩෝවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකට හානිවුණු බවත්, ගස් කඩා වැටීම හේතුවෙන් නගර රැසක විදුලිය බලය අහිමි වුණු බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පෙන්වා දුන්නේය. පසුගිය සතියේ ද බිහිසුණු ටෝනේඩෝවකින් මිසිසිපි ජනපදය කැලැඹී ගියේය. නිවාස 400 කට වැඩි ගණනක් එම ටෝනේඩෝවෙන් විනාශ වුණු අතර, 25 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ආකන්සාස් සහ ඉලිනොයි ප්‍රාන්ත හරහා ටෝනේඩෝ සුළි කුණාටු හමා යද්දී ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, මිසිසිපි ජනපදය බලා ගොස් සිටියේය. ඒ, මිසිසිපි ජනපදයට බලපෑ ටෝනේඩෝවෙන් සිදුවුණු…