Author: Buzzer Editor

ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ බත් පැකට්වල මිල 20% කින් අඩු කිරීමට තීරණය කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එසේම ප්ලේන්ටියක මිල රුපියල් 30 ක් දක්වා අඩු කර ඇති බවයි එහි සභාපති අසේල සම්පත් වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

සිංහල හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් දැනට පවතින ඉන්ධන කෝටාව ඉහළ දමා ඇති අතර එය ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට යාවත්කාලීන ව​න බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. කලින් සැලසුම් කළ පරිදි උත්සව සමයේ වැඩිවන අවශ්‍යතාවය අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවශ්‍ය ඉන්ධන තොග ඇණවුම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. අදාළ ඉහළ දැමූ ආකාරය පහතින්, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ මෙම යාවත්කාලීන කිරීම ප්‍රකාශ කළේය.

Read More

නෙදර්ලන්තයේ මගී දුම්රියක් පීලි පැනීමට ලක් වීමෙන්, එක් අයෙකු ජීවිතක්ෂයට පත් වුණු බවත්, 30 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ. පීලීපැනීමට ලක් වුණු දුම්රිය මැදිරි ගණන 50 කි. දුම්රිය පීලි පැනීමට ලක් වූයේ ද හේග් නුවර ආසන්නයේ පිහිටි ගම්මානයක් පසු කරයද්දීය. ඒ, අලුයම 3.25 පමණි. දුම්රිය පීලි පැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු දිගටම සිදුවෙමින් පවතී. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

ශ්‍රී ලංකාවේ සිංහ සහ ලියෝ සමාජ බහු දිස්ත්‍රික් 306 (MD 306), අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව, ‘ළමා පෝෂණය සුරකිමු’ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය කොළඹ 02, හෝලි රොසරි පාසලේදී පවත්වනු ලබයි. මෙම උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අධ්‍යාපන අමාත්‍ය ගරු. ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ ගෞරවනීය ආරාධිතයා වශයෙන් ලයන්ස් ඉන්ටර්නැෂනල් හි හිටපු ජාත්‍යන්තර සභාපති මහේන්ද්‍ර අමරසූරිය මහතා සහභාගී වේ. මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින් ආහාර අනාරක්ෂිතතාවයට පත් වී ඇති වත්මන් ආර්ථික අර්බුදය තුළ, ශ්‍රී ලංකාවේ දරුවන් කුසගින්නෙන් මුදවාලීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි. දිවයින පුරා විසිරී සිටින දහස් ගණන් පාසල් සිසුන්ට දෛනික ආහාර වේලක් වසර තුනක් පුරාවට ලබාදීම ව්‍යාපෘතියේ අරමුණයි. සිංහ බහු දිස්ත්‍රික් 306,…

Read More

තලංගම “කිඹුලා ඇල” ප්‍රදේශයේ දියවන්නා ඔයේ පාවෙමින් තිබූ නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද සවස හමුවූ බව තලංගම පොලිසිය කියයි. එම පුද්ගලයාගේ වයස අවුරුදු 45ක් පමණ විය හැකි බව පොලිසිය කියයි. පාර්ලිමේන්තු පොලිසියෙන් ලද පණිවිඩයක් අනුව මළ සිරුර සොයාගෙන ගැනිණි. මියගිය පුද්ගලයාගේ උඩුකය රෝස පාටට හුරු කමිසයකින් හා කළු පාට දිගු කලිසමක් හැඳ සිටි බවත් පොලිසිය කියයි. මොහු මාළු ඇල්ලීම සඳහා ගොස් වැටුණා ද යන්න සැකයක් පවතින බවත් පොලිසිය සඳහන් කරයි. මළ සිරුර තිබූ ස්ථානයට පැමිණි හෝකන්දර දකුණ හදිසි මරණ පරීක්ෂක ඒ එල් ඒ ප්‍රේමලතා මහත්මිය මළ සිරුර පරික්ෂා කිරීමෙන් අනතුරුව, ඥාතීන් හඳුනාගැනීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පොලිස් මෘත…

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගයෙන් කඩුලු 9 ජයක් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 19 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 141 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුනු 37 ක්, කුසල් ජනිත් පෙරේරා ලකුණු 35 ක් හා චරිත් අසලංක ලකුණු 24 ක් ලබාගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් දැවී සිටියදී 15 වන පන්දුවාරයේදී සිය ජයග්‍රාහී ඉල්ලක්කය පසුකර යාමට සමත් වුණා. ඒ අනුව මේ වන විට…

Read More

ජර්මන් බලශක්ති සහ ආර්ථික කටයුතු අමාත්‍ය රොබට් හෙබෙක් හදිසියේ යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණියේය. ඒ රුසියන් ප්‍රහාරවලින් විනාශ වූ යුක්රේනය යළි ගොඩනැගීමට ගෙන ඇති ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමය. යුක්රේනය යළි ගොඩනැගීමේ දී සහාය ලබා දීමට ජර්මන් රජය කැමැත්ත පළ කර තිබේ. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

අද (05) දින ඌව, මධ්‍යම, දකුණු, සබරගමුව, බස්නාහිර, වයඹ සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අනුරාධපුර, වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල උදේ කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More

වැල්ලවාය නුගයාය ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු මියගොස් දරුවෙකු තුවාල ලබා තිබේ.වැල්ලවාය තණමල්විල මාර්ගයේ ගමන්ගත් ත්‍රීරෝද රථයක ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කැබ් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව සඳහන්ය.‍අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් කළ තිදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය. මියගිය පිරිස අතර ත්‍රීරෝද රථයේ රියදුරු ලෙස කටයුතු කළ 44 හැවිරිදි පොලිස් සැරයන්වරයෙක් 42 හැවිරිදි ඔහුගේ බිරිඳ හා 70 හැවිරදි ඔහුගේ පියා වන බව වාර්තා වේ.ත්‍රීරෝද රථයේ ගමන් ගත් 11 හැවිරිදි දරුවෙකු තුවාල ලබා මොනරාගල රෝහලේ ප්‍රතිකාර ලබයි.අනතුර සම්බනධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේ ඔහු බීමත්ව සිට ඇති බව පොලීසිය පවසයි. (දිවයින)

Read More

අද (05) බක් පුර පසළොස්වක පොහොය දිනයයි. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වන්නේ, බක් පුර පසළොස්වක පොහොය දිනයක වන අතර චූලෝදර සහ මහෝදර නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කළ බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ. එමෙන්ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලෙකු දැක ඇත්තේ ද බක්පුර පසලොස්වක පොහෝ දිනකයි. පොහොය දිනය වෙනුවෙන් අද උදෑසන සිටම දිවයිනේ වෙහෙර විහාරස්ථානවල ආමිස හා ප්‍රතිපත්ති පූජා රැසක් පැවැත්වෙනවා.

Read More