- ඉරානයේ රැඳි සිටින ශ්‍රී ලාංකිකයින් ගණන අමාත්‍යංශය හෙළි කරයි
- ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ට්‍රම්ප් ජාතිය අමතයි
- ලංකාවම අවදානම් කලාපයක්
- සයිබර් අපරාධවල සම්බන්ධ චීන සිරකරුවන් පිරිසක් පිටුවහල් කෙරේ
- ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
- 2029 දී ශිෂ්‍යත්වය වෙනස් වෙයි ද ?
- වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක්
- මාස 6ට රිය අනතුරුවලින් 2,000කට ආසන්න පිරිසක් මරුට
Author: Buzzer Editor
ව්‍යාජ පන්දහසේ නෝට්ටු වලින් සූදු සෙල්ලම් කරමින් සිටි පුද්ගලයෙකු හා ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ අයෙකු අත් අඩංගුවට ගත් බව කටුවන පොලීසිය පවසයි. කටුවන පොලීසියට ලැබී තිබුණු තොරතුරකට අනුව කටුවන බින්තැන්නේ සූදු පොලක් ඊයේ (11) දින පොලීසිය විසින් වටලා තිබුනු අතර එහිදී ව්‍යාජ මුදල් නෝට්ටු බාවිතා කරමින් සූදු සෙල්ලම් කළ අයෙකු පොලිස් අත් අඩංගුවට පත්ව තිබේ. ඔහු සන්තකයේ තිබූ ව්‍යාජ 5000 නෝට්ට්‍රු 17 ක් පොලීසිය විසින් සොයා ගෙන තිබුණි.ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමු වලින් පසුව ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ තැනැත්තෙකු කටුවන නගරයේදී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ යන්ත්‍රයක්ද පරිඝණයක්ද පොලීසිය විසින් සොයා…
ප්‍රෝටීනවල වැදගත්කම පිළිබඳ අවබෝධය ලබා දෙන අධ්‍යාපනික වැඩසටහනක් වන ‘Right To Protein’ විසින් 2023 අප්‍රේල් මාසයේ දී ‘සෝයා මාසය’ සමරනු ලබන බව නිවේදනය කරයි. තිරසාර ආහාර සංස්කෘතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් ප්‍රෝටීන බහුල ආහාර වැඩි කිරීම සඳහා සෝයා බෝංචි ඉටු කරන කාර්යභාරය ඉස්මතු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, සෝයා මත පදනම් වූ ආහාර සහ කුකුළු මස් හා ඇක්වා වැනි සෝයා ප්‍රෝටීන (Soya Protein) පෝෂණය කරන සත්ව ප්‍රභවයන්ගේ ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කිරීම හරහා ඒ පිළිබඳ සාමාජීය අවබෝධය වැඩිකිරීමට එක් වන ලෙස මෙම වැඩසටහන සියලු ම පාර්ශවකරුවන්ට ආරාධනය කරයි. ප්‍රෝටීන ඌනතාව වර්තමාන ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගැටලුවක් වන අතර, ආහාර සහ පෝෂණ සමීක්ෂණ වාර්තාවල…
අද දින (12) දහවල් 12:11 ට මාන්කුලම්, පෙරියකුලම්, කුරටියාව, මොරවැව සහ මහදිවුල්වැව යන ප්‍රදේශ වලට හිරු මුදුන් වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
වසර තුනකට පසු, ‘කොවිඞ් 19’ වසංගතය හේතුවෙන්, ඇමෙරිකාවේ පනවා තිබූ ‘හදිසි තත්ත්වය’ ඉවත් කරන බව ජනාධිපති ජෝ බයිඩන් පවසයි. ඇමෙරිකාවේ ‘කොවිඞ් 19’ හදිසි තත්ත්වය අවසන් බව දන්වමින්, ඊට අදාල පනත් කෙටුම්පතට ජනාධිපති බයිඩන් අත්සන් කළ අතර, ඊට කොංග්‍රසයේ අනුමැතිය හිමිවිය. ‘කොවිඞ් 19’ හදිසි තත්ත්වය අවසන් කෙරුණේ ඒ අනුවය. ‘කොවිඞ් 19’ හදිසි තත්ත්වය අවසන් කිරීම කාලය එලැඹී ඇතැයි දැනුම් දුන්නේ ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන්ය. ඒ, 2020 දී ‘කොවිඞ් 19’ වයිරසය ගෝලීය වසංගතයක් බවට පත්වුණු බැවිනි. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් සභාව සිය ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යන පෞද්ගලික සමාගමකට අයත් ගොඩනැඟිල්ලක් සඳහා බදු කුලී වශයෙන් රජයේ තක්සේරු වටිනාකමට වඩා රුපියල් දෙකෝටි අනූනව ලක්ෂ තිස්හත්දහස් අටසිය හැට හතක (29,937,867) මුදලක් වැඩිපුර ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. කොමිසම් සභාවේ ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යෑම සඳහා 2016 දෙසැම්බර් මස 01දා සිට 2017 නොවැම්බර් 30 දක්වා වසරක කාලයකට බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික සමාගමකට අයත් ගොඩනැඟිල්ලක් කුලී පදනම මත ලබාගෙන තිබුණි. එම ගිවිසුම දීර්ඝ කිරීමකින් තොරව කොමිසම් සභාවේ ප්‍රධාන කාර්යාලය එහි පවත්වාගෙන යමින් රජයේ තක්සේරු වටිනාකමට වඩා රුපියල් 29,937,867ක් ගෙවා ඇති බව විගණනය මගින් අනාවරණය කොට ඇත. රාජ්‍ය වියදම් කාර්යක්ෂමව, පලදායීව හා…
නව සීමානිර්ණ කොමිෂන් වාර්තාව අනුව පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වන සභික සංඛ්‍යාව අඩුකර ඇති බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. ඒ අනුව පත්කර ගන්නා නව පළාත් පාලන නියෝජිතයින් ගණන 4,714 ක් බවයි ඔහු සඳහන් කරන්නේ. ඊයේ පෙරවරුවේ එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් අදාළ වාර්තාව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත භාරදී තිබුණා. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
අයර්ලන්තය සමග ලබන 16 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරග දෙකකින් යුතු තරගාවලිය සඳහා නම් කරන ලද 15 දෙනකුගෙන් යුතු සංචිතය සඳහා පා දඟ පන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්ත කැඳවා ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි. එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව මේ වසර මුලදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නියෝජනය කරමින් දඟ පන්දුවෙන් දස්කම් පෑ දුෂාන් හේමන්ත බීආර්සී ක්‍රීඩා සමාජය නියෝජනය කරන තුන් ඉරියව් දස්කම් ඇති ක්‍රීඩකයෙකි. ශාන්ත පීතර විද්‍යාලයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන හේමන්ත ඔහුගේ පළමු පෙළ ක්‍රිකට් දිවිය තුළ තරග 44කදී කඩුලු 5 බැගින් දවාගත් අවස්ථා තුනක් ඇතුළුව කඩුලු 98ක් දවාගෙන ඇති අතර ‘ඒ’ කාණ්ඩය යටතේ ඔහු තරග 58කදී කඩුලු 64ක්…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයක අද දින (11) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අද දහවල් 12:11 ට කල්පිටිය, දුනුපොතගම, නිකවැව, සෝමාවතී පුදබිම සහ වෙරුගල් යන ප්‍රදේශ වලට හිරු මුදුන් වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
යුක්රේන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරිය එමින් ස(z)පොරෝවා, සිවුදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණියාය. නියෝජ්‍ය විදේශ අමාත්‍යවරියගේ මෙම සංචාරයේ අරමුණ වී ඇත්තේ රුසියාව යුක්රේනයට එරෙහිව ගෙන යන හමුදා ආක්‍රමණය සම්බන්ධයෙන් ඉන්දීය රජයේ සහාය යුක්රේන රජයට ලබා ගැනීමය. රුසියන් යුක්රේන අර්බුදයේ දී ඉන්දියාව මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. රුසියාව මෙන්ම යුක්රේනය ද මිතුරන් ලෙස තබා ගැනීමට ඉන්දියාව කටයුතු කර ඇත. එසේ වුවත්, ඉන්දියාවේ ස්ථාවරය නම්, යුද්ධය නවත්වා දේශපාලන විසඳුමක් සෙවිය යුතුය යන්නය. යුක්රේනයේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරිය, ඉන්දීය රජයේ අමාත්‍යවරුන් කීප දෙනකු මෙම සංචාරයේ දී හමුවීමට නියමිතව ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත…
ශ්‍රී ලංකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළට පිවිසෙන විදේශීය සමාගම් තුනට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරන අනුමත මිලට වඩා අඩුවෙන් ඉන්ධන අලෙවි කිරීමට අවසර ලබා දීමට රජය තීරණය කර ඇත. මෙම මස අවසාන වන විට සමාගම් තුන සමඟ ගිවිසුම් ගත වීමට නියමිත බවත් ගිවිසුම් ගත වූවාට පසුව මසක් තුළ එම සමාගම් මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කර තිබේ. චීනයේ සිනොපෙක් සමාගම, ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම සහ ෂෙල් සමාගම සමඟ එක්ව ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්.එම් පාර්ක්ස් සමාගමට ශ්‍රී ලංකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළට පිවිසීම සඳහා අනුමැතිය හිමිව ඇත. මෙරටට පැමිණෙන විදේශ සමාගම් තුනට නියමිත මිලට…