Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Saturday, June 20
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » 2023 වසරේ අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාව තුළ ‘සෝයා මාසය’ සැමරීම ඇරඹෙයි
Financial 6 Views

2023 වසරේ අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාව තුළ ‘සෝයා මාසය’ සැමරීම ඇරඹෙයි

Buzzer EditorBy Buzzer EditorApril 12, 2023Updated:April 12, 2023No Comments4 Mins Read6 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ප්‍රෝටීනවල වැදගත්කම පිළිබඳ අවබෝධය ලබා දෙන අධ්‍යාපනික වැඩසටහනක් වන ‘Right To Protein‘ විසින් 2023 අප්‍රේල් මාසයේ දී ‘සෝයා මාසය’ සමරනු ලබන බව නිවේදනය කරයි. තිරසාර ආහාර සංස්කෘතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් ප්‍රෝටීන බහුල ආහාර වැඩි කිරීම සඳහා සෝයා බෝංචි ඉටු කරන කාර්යභාරය ඉස්මතු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, සෝයා මත පදනම් වූ ආහාර සහ කුකුළු මස් හා ඇක්වා වැනි සෝයා ප්‍රෝටීන (Soya Protein) පෝෂණය කරන සත්ව ප්‍රභවයන්ගේ ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කිරීම හරහා ඒ පිළිබඳ සාමාජීය අවබෝධය වැඩිකිරීමට එක් වන ලෙස මෙම වැඩසටහන සියලු ම පාර්ශවකරුවන්ට ආරාධනය කරයි.

ප්‍රෝටීන ඌනතාව වර්තමාන ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගැටලුවක් වන අතර, ආහාර සහ පෝෂණ සමීක්ෂණ වාර්තාවල ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් පෙන්වා දී ඇති පරිදි, වයස අවුරුදු පහට අඩු ශ්‍රී ලාංකික ළමුන්ගෙන් ආසන්න වශයෙන් 27% ක් ප්‍රෝටීන ඌනතාවෙන් පීඩා විඳින අතර, එමඟින් ඔවුන් තුළ වර්ධනය අවම වීම සහ ශරීරය අධික ලෙස ක්ෂය වීම වැනි සෞඛ්‍ය ගැටලු ඇති වේ. මෙම ගැටලු සෝයා මත පදනම් වූ ආහාර ප්‍රභවයන් භාවිතයෙන් විසඳා ගත හැකිය. ජනතාව තුළ ප්‍රෝටීන් තත්ත්වය වර්ධනය කිරීම හා පෝෂණ සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා හොඳ ම විසඳුම වන්නේ ආහාර නවෝත්පාදනය සහ මේ පිළිබඳව ජනතාව තුළ ඇති අධ්‍යාපනික තත්ත්වය ප්‍රවර්ධනය කිරීමයි.

සෝයා බෝංචි යනු විවිධ සෞඛ්‍ය ප්‍රතිලාභ සහිත, බහුකාර්ය මෙන් ම පෝෂ්‍ය පදාර්ථ බහුල රනිල කුලයට අයත් බෝගයකි. එමෙන් ම සෝයා ආහාර යනු අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල නවය ම අඩංගු වන ශාක පදනම් වූ එක ම ප්‍රෝටීන ප්‍රභවය වන අතර, එය නිර්මාංශික පුද්ගලයින් සඳහා කදිම විකල්ප ආහාරයකි. සෝයා බෝංචි ආශ්‍රිත පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාවලිය දිරිමත් කිරීමේ පියවරක් වශයෙන් 2023 අප්‍රේල් මාසයේ දී ‘සෝයා මාසය’ සැමරීම, නේපාලයේ ගොවියන්ට වැඩි අවස්ථා ප්‍රමාණයක් නිර්මාණය කිරීම සඳහා ද උපකාරී වේ. එමෙන් ම මෙම වැඩසටහන වඩාත් තිරසාර, සමබල සහ සෞඛ්‍ය සම්පන්න ආහාර පද්ධතියක් නිර්මාණය කිරීමට සහයෝගය දක්වයි.

ජනතාව පරිභෝජනය කරන මස්, කුකුළු මස් සහ මුහුදු ආහාර වැනි සත්ව මූලික ආහාර නිෂ්පාදනවල ප්‍රෝටීන අන්තර්ගතය වැඩි දියුණු කිරීම සඳහා සෝයා සත්ත්ව ආහාරයක් ලෙස ද භාවිත කරයි. එමෙන් ම මෙම වැඩසටහන සෝයා මත පදනම් වූ ආහාර ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියත්මක කරනු ලබන වැඩසටහන්වල කොටසක් ලෙස ප්‍රෝටීන බහුල පශු සම්පත් නිෂ්පාදන හඳුනා ගැනීම සඳහා පාරිභෝගිකයින්ට සහයෝගය ලබා දෙමින්, ඇසුරුම් කළ සත්ව ප්‍රෝටීන නිෂ්පාදන සඳහා ‘Soy-Fed Product’ ලේබලය භාවිත කිරීමට ප්‍රමුඛ පෙළේ කුකුළු නිෂ්පාදකයින් දිරිමත් කරයි. සත්ව ආහාරවල ගුණාත්මක ප්‍රෝටීන ප්‍රභවයක් ලෙස සෝයා කර්මාන්තය පිළිගැනීමට ලක් කිරීමට ද මෙය සහයෝගය ලබා දෙයි.

ජනතාවගේ ප්‍රෝටීන අවශ්‍යතා සපුරාලීම සහ පෝෂණ සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා සෝයාවලට හැකියාව ඇත. නිදසුනක් වශයෙන්, සෝයා බෝංචි තෙල් වෙනත් බොහෝ එළවළු තෙල් නිෂ්පාදනවලට වඩා සෞඛ්‍ය සම්පන්න බව සැලකෙන අතර, සෝයා ආහාර අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල නවය ම සමඟ ශාක පදනම් වූ ගුණාත්මක ප්‍රෝටීන සැපයීම දැක්විය හැකිය. සෝයා ආහාර සත්ව ප්‍රෝටීන ප්‍රභවයන් තුළ අඩංගු ප්‍රෝටීන අන්තර්ගතයන් වර්ධනය කරයි. අප්‍රේල් මාසයේ සැමරෙන ‘සෝයා මාසය’ මගින් සියලු ම වයස් කාණ්ඩවල කාන්තා, පිරිමි සහ ළමුන් යන සෑම කෙනෙකුට ම සෝයාවලින් ඇති විවිධ ප්‍රයෝජන පිළිබඳව දැනුවත් කිරීම, ඒ පිළිබඳව ඇති මිථ්‍යා මත දුරු කිරීම සහ ආහාර වේලෙහි ප්‍රෝටීන මට්ටම වැඩි කරමින් පෝෂණය වැඩි දියුණු කිරීමේ හැකියාව වර්ධනය කිරීම වැනි අපේක්ෂා මුදුන්පමුණුවාගැනීම අරමුණු කරයි. තිරසාර කෘෂිකාර්මික හා ආහාර නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා සෝයාවල කාර්යභාරය ප්‍රවර්ධනය කිරීම සහ මෙම පෝෂ්‍යදායී ආහාර වැඩි වශයෙන් පරිභෝජනය කිරීම දිරිමත් කරමින් ගොවියන්ට සහ පාරිභෝගිකයින්ට ප්‍රයෝජනවත් තිරසාර කෘෂිකාර්මික පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම ද මෙම සෝයා මාසයෙහි අරමුණකි.

ප්‍රෝටීන පරිභෝජනය වැඩි දියුණු කිරීමේ දී සෝයා බෝංචිවල ප්‍රතිලාභ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා අත්වැල් බැඳගන්නා ලෙස ‘Right To Protein’ සංවිධානය සැමට ආරාධනය කරයි.

‘Right To Protein‘ පිළිබඳව

‘Right To Protein’ මහජන සෞඛ්‍ය වැඩසටහනක් වන අතර, එය ආහාර වේලෙහි ප්‍රෝටීන් අඩංගු වීමේ වැදගත්කම සහ ප්‍රමාණවත්, දැරිය හැකි හා උසස් තත්ත්වයෙන් යුත් ප්‍රෝටීන් ලබා ගැනීම සඳහා සෑම පුද්ගලයෙකුට ම ඇති අයිතිය පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වේ.  මෙම වැඩසටහන යහපත් සෞඛ්‍යක් ගොඩනැංවීම සඳහා සහාය වීම, මන්දපෝෂණය අවම කිරීම සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම යනාදිය සඳහා ප්‍රෝටීනවල කාර්යභාරය අවධාරණය කරයි.

‘Right To Protein’ වැඩසටහනේ අරමුණ වන්නේ ප්‍රෝටීනවල වැදගත්කම පිළිබඳ මහජන අවබෝධය වර්ධනය කිරීම සහ ප්‍රෝටීන නිෂ්පාදනය, බෙදා හැරීම හා පරිභෝජනය සඳහා ප්‍රමුඛතාව ලබා දීම  සඳහා රජයන්, ව්‍යාපාර සහ අනෙකුත් සංවිධාන දිරිමත් කරමින් ප්‍රතිපත්ති සම්පාදනයයි. මේ සඳහා  තිරසාර කෘෂිකාර්මික හා සත්ත්ව පාලන පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම, ප්‍රෝටීන විද්‍යා ක්ෂේත්‍රයේ පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාවලිය සඳහා සහාය වීම සහ විවිධ පෝෂ්‍යදායී ප්‍රෝටීන ප්‍රභවයන් ජනතාවට ලබා ගැනීමේ හැකියාව පවතින බව සහතික කිරීම ආදී කරුණු ද ඇතුළත් වේ.  විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල සැලකිය යුතු මහජන සෞඛ්‍ය ගැටලුවක් වන ප්‍රෝටීන ඌනතාව පිළිබඳව ගෝලීය වශයෙන් ජනතාව දැනුවත් කිරීමට ද මෙම වැඩසටහන කටයුතු කරයි.  ‘Right To Protein’ වැඩසටහනෙහි ඉලක්කය වන්නේ සෞඛ්‍ය වැඩිදියුණු කිරීම, දරිද්‍රතාව හා කුසගින්න අවම කිරීම සහ තිරසාර සංවර්ධනයට සහාය වීම සඳහා පෝෂණ සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීමයි.

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

featured Financial pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleදවසේ කාලගුණ අනාවැකිය (අප්‍රියෙල් 12, 2023)
Next Article ව්‍යාජ රුපියල් පන්දහසේ නෝට්ටු සමඟ දෙදෙනෙක් අත් අඩංගුවට
Buzzer Editor
  • Facebook

Related Posts

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 19, 20262 Views

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

By Buzzer EditorialJune 19, 202602 Views

ඖෂධ වර්ග 60 ක උපරිම මිල සංශෝධනය කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. එහි…

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.