- ඉරානයේ රැඳි සිටින ශ්‍රී ලාංකිකයින් ගණන අමාත්‍යංශය හෙළි කරයි
- ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ට්‍රම්ප් ජාතිය අමතයි
- ලංකාවම අවදානම් කලාපයක්
- සයිබර් අපරාධවල සම්බන්ධ චීන සිරකරුවන් පිරිසක් පිටුවහල් කෙරේ
- ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
- 2029 දී ශිෂ්‍යත්වය වෙනස් වෙයි ද ?
- වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක්
- මාස 6ට රිය අනතුරුවලින් 2,000කට ආසන්න පිරිසක් මරුට
Author: Buzzer Editor
ඉන්දියානු සිනමාව පිළිබඳ වැඩමුළුවක් කොළඹ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී ආරම්භ කරන ලදී. මෙම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා සහභාගී විය. නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ ජේකබ් මහතා සමාරම්භක අවස්ථාවට සහභාගී වූ අතර කන්නඩ සිනමාවේ අධ්‍යක්ෂකවරයකු, නළුවකු, තිර රචකයකු සහ ගීත රචකයකු වන ආචාර්ය නාගතිහල්ලි චන්ද්‍රශේකරන් ප්‍රමුඛ දූත පිරිස සහභාගී වූහ. නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා මෙහිදි අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය. “ඉන්දියාව සහ ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75 ක් සපිරෙන මොහොතක, අප මෙම වැඩමුළුව පැවැත්වීම ඇත්තෙන්ම කාලෝචිතයි. මෙම වැඩමුළුව ජනතාව සමඟ ඇති බැඳීම් ගැඹුරු කිරීමට වඩාත් දායක වනු ඇතැයි ද එසේ වේවා කියාද ප්‍රාර්ථනා…
මහනුවර දිස්ත්‍රික්කයේ උඩපලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා නායයෑමේ පූර්ව අනතුරු නිකුත් කොට තිබෙනවා. ඊයේ (29) පස්වරු 4.00 සිට අද (30) පස්වරු 04:00 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කොට තිබුණා.
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වන Plasticcycle, තරුණ තරුණියන් පිරිසකගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන සමුද්‍රීය සංරක්ෂණ සංවිධානයක් වන The Pearl Protectors සමග විශේෂ ගිවිසුමකට 2023 අප්‍රේල් 12 දින අත්සන් තැබී ය. මෙම ගිවිසුම යටතේ දෙපාර්ශ්වය එක් වී ශ්‍රී ලංකාව වටා පිහිටා ඇති සංවේදී සමුද්‍රීය පරිසර පද්ධතිවල සහ ගල්පරවල අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් දියත් කරනු ඇත. “Cleaner Seabeds for Sri Lanka” ලෙස එම ගවේෂණාත්මක ව්‍යාපෘතිය නම්කර තිබේ. ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය විසින් Plasticcycle ව්‍යාපෘතිය දියත් කරන ලද්දේ ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර හානිය අවම කිරීම සඳහා පුරෝගාමී කාර්යභාරයක් ඉටුකිරීමේ අරමුණිනි. The Pearl Protectors සමග අත්සන් තැබූ මෙම ගිවිසුම, Plasticcycle…
ජාතික වෙසක් දින සැමරුම් උත්සවය හලාවත කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙවර වෙසක් සතිය මැයි 02 වනදා සිට 08 වනදා දක්වා යෙදී තිබෙනවා. එම වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවද බුද්ධ ශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් සෝමරත්න විදානපතිරණ පවසා සිටියා.
ඉන්දීය ජාතික රග්බි කණ්ඩායම හා ශ්‍රී ලංකා ආරක්ෂක සේවා රග්බි කණ්ඩායම අතර රත්මලාන ගුවන් හමුදා රග්බි පිටියේදී පැවැති සුහද රග්බි තරගයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක සේවා රග්බි කණ්ඩායමට ජයග්‍රහණය හිමි විය. ශ්‍රී ලංකාවේ පුහුණු සංචාරයක නිරත ඉන්දීය ජාතික රග්බි කණ්ඩායම පසුගියදා ශ්‍රී ලංකා යුද හමුදා, ශ්‍රී ලංකා නාවික හමුදා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායම් සමඟ පුහුණුවීම් සඳහා සහභාගී වීමෙන් අනතුරුව මෙම තරගයට සහභාගි වූයේය. ඉන්දීය රග්බි කණ්ඩායමේ නායකත්වය විකාස් කට්ටි විසින් දරන ලද අතර ශ්‍රී ලංකා ආරක්ෂක සේවා රග්බි කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා නාවික හමුදාවේ තිළිණ වීරසිංහ විසින් දරන ලදී. ඉන්දීය ජාතික කණ්ඩායම ලබාගත් ලකුණු 30ට එරෙහිව ආරක්ෂක සේවා…
මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධාන කරනු ලබන “ජනාධිපති පරිසර සම්මාන 2021-2022” උලෙළ අද පෙරවරු 9 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා පරිසර අමාත්‍ය ඉංජිනේරු නසීර් අහමඩ්, පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී. බී. හේමන්ත ජයසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ලෝටස් ශාලාවේ දී ආරම්භ විය. මෙවර පැවැත්වුවේ 9 වැනි ජනාධිපති පරිසර සම්මාන උලෙළයි. පරිසර සංරක්ෂණයට විශිෂ්ට මෙහෙවරක් සිදුකළ කර්මාන්ත, ව්‍යාපාර ආයතන හා පුද්ගලයින් අගයමින් රාජ්‍ය ගෞරවය ලබාදීම; පරිසර හිතකාමී කර්මාන්ත, ව්‍යාපාර හා සේවා සංස්කෘතියක් ගොඩනැංවීම, පරිසර හිතකාමී ක්‍රියාකාරීත්වයන් සඳහා සමාජය දිරිගැන්වීම;…
පාකිස්තාන හමුදාපති ජනරාල් අසීම් මුනීර් සිවුදින සංචාරයක් සඳහා චීනයට පැමිණ තිබෙනවා. ජනරාල් අසීම් මුනීර්ගේ මෙම සංචාරයේ අරමුණ චීනය සහ පාකිස්තානය අතරේ පවතින ආරක්ෂක සබඳතා තව තවත් ශක්තිමත් කර ගැනීම යැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ. අසීම් මුනීර් පාකිස්තාන හමුදාපති ධුරයට පත් වූයේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේය. ඔහුගේ මෙම චීන සංචාරය සිවුවැනි විදෙස් සංචාරයයි. මීට පෙර අසීම් මුනීර් සෞදි අරාබියට, එමිරේට්ස් රාජ්‍යයට සහ මහා බි්‍රතාත්‍යයට ගියේය. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පසුව අද දින (28 වැනිදා) තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලි මීටර 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. නැගෙනහිර පළාතේත්, දකුණු වෙරළබඩ ප්‍රදේශවලත් උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඩුබායි රටේ විදුලි ඉංජිනේරැවරයකු ලෙස සේවය කරන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයකු රිලවුන්ගෙන් හා වදුරන්ගෙන් සිදුවන හානිය වලක්වා ගැනිම සදහා නව උපකරණයක් නිෂ්පාදනය කොට තිබේ. මෙම නව උපකරණය ඉංජිනේරු මනතුංග ශෙරාන් දීප්ති ජිවකාන්තද සිල්වා මහතා නිශ්පාදනය කර ඇති අතර මෙම උපකරණය පිළිබඳව ලුණුවිල ජාතික පොල් පර්යේෂණ ආයතනය මේ වනවිට එහි සාර්ථකත්වය පිළිබඳව පරිකෂා කිරිමේ කටයුතු නියමු ව්‍යාපෘතියක් ලෙස සිදු කරයි . රිලවුන්ගෙන් හා වදුරන්ගෙන් සිදු වන හානිය වළක්වා ගැනිම සදහා නිශ්පාදිත නව උපකරණය පිළිබඳව අදහස් දැක්වු ඉංජිනේරු මනතුංග මහතා ඒ පිළිබදව අදහස් දක්වමින් මෙසේ පැවසිය. ‘රිලවුන් වඳුරන් පලවාහරින උපකරණය නිශ්පාදනය කළේ ලුණු විල ජාතික පොල් පර්යේෂණ ආයතනයේ ඉල්ලීම මතයි. මම මීට පෙර…
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඊයේ (27) මුදල් අමාත්‍යාංශයේදී භාරදී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ 73 වන වාර්ෂික වාර්තාව ලෙස පිළිගන්වනු ලැබූ මෙය ප්‍රධාන කොටස් 04 කින් සමන්විත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. මුදල් නීති පනතේ 35 වන වගන්තිය අනුව සෑම වර්ෂයකම එම වර්ෂයට අදාළ ආර්ථික තත්ත්වයන් සහ ගන්නා ලද ප්‍රතිපත්ති පිළිබඳ වාර්තාවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් සකස් කොට, අදාළ වර්ෂය අවසන් වී මාස 04ක් ඇතුළත මුදල් අමාත්‍යවරයා වෙත පිළිගැන්විය යුතු බවයි සඳහන් වන්නේ.