- ලංකාවම අවදානම් කලාපයක්
- සයිබර් අපරාධවල සම්බන්ධ චීන සිරකරුවන් පිරිසක් පිටුවහල් කෙරේ
- ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
- 2029 දී ශිෂ්‍යත්වය වෙනස් වෙයි ද ?
- වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක්
- මාස 6ට රිය අනතුරුවලින් 2,000කට ආසන්න පිරිසක් මරුට
- ප්‍රදේශ කිහිපයකට වැසි
- වන සතුන්ගෙන් සිදුවන බෝග හානි පාලනයට විසඳුම් සෙවීමට කමිටුවක්
Author: Buzzer Editor
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලන මැදිහත්වීම් සිදු වී ඇත්දැයි සොයා බැලීම පිණිස මෙරටට පැමිණි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් ක්වාජා ප්‍රමුඛ නියෝජිත පිරිස සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර හමුව ඊයේ (10 වැනිදා) සවස කොළඹ දී සිදු වී ඇත. කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක මෙම දෙපාර්ශ්වය අතර හමුව සිදු වී ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විවිධ දේශපාලන බලපෑම් එල්ල වන බවත් ඒ හේතුවෙන් පරිපාලනයට එල්ල වන බලපෑම් පිළිබඳව ද ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජිතයෝ අයිසීසී නියෝජිතයන් හමුවේ එහිදී ප්‍රකාශ කර ඇත. මෙම බලපෑම් මත තම ආයතනයේ ස්වාධීනත්වයට ද හානි සිදුවී ඇති බව ද ඔවුහු අයිසීසී නියෝජිතයන් හමුවේ සඳහන් කර ඇත.…
අදින් වසර 33 කට පෙර, මාධ්‍යවේදිනියකට ලිංගික අතවර කළැයි ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට චෝදනා එල්ල වූ අතර, නිව්යෝක් අධිකරණයක් හමුවේ ට්‍රම්ප් එම චෝදනාවලට වරදකරු විය. ට්‍රම්ප්ගේ නීතීඥවරුන් මාධ්‍ය හමුවේ පැවැසුවේ, අධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ට්‍රම්ප් සූදානම් වන බවය. එල්ල වන එම චෝදනා සියල්ල ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. ජීන් කැරොල් නැමැති එම මාධ්‍යවේදිනියට ට්‍රම්ප් ලිංගික අතවර කළ බව පැවැසෙන්නේ 1990 වසරේ දී ඇඟලුම් වෙළෙඳසැලක් තුළදීය. ජීන් කැරොල් ට්‍රම්ප්ට එරෙහිව සිවිල් නඩුවක් ගොනු කර තිබුණු අතර, ජූරි සභාව තීන්දු කළේ ට්‍රම්ප් වරදකරු බවටය. ජූරි සභාව අදාළ මාධ්‍යවේදිනියට අමෙරිකානු ඩොලර් මිලියන 5ක වන්දි මුදලක් ලබාදෙන…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලි මීටර 75 ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ව්ශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ත් 45 ත් අතර තද සුළං ලෙසට…
ඇමෙරිකාවේ සවුත් වෙස්ටර්න් නීති විද්‍යාලයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඩිලන් මහේන් ගුණරත්න 2023 වසරේ ඇමෙරිකාවේ හොඳම නීති ශිෂ්‍යයා ලෙස සම්මානයට යෝජනා වී ඇත. ‘සවුත් වෙස්ටර්න් ලෝ ස්කූල්’ නීති විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය ලබන 19 වැනිදා පැවැත්වෙන අතර, නීති සිසුන් වෙනුවෙන්, විශේෂ කතාවක් පැවැත්වීමට තෝරාගෙන ඇත්තේ ද ඩිලන් මහේන් ගුණරත්න වීම විශේෂත්වයකි. ‘සවුත් වෙස්ටර්න් ලෝ කොලේජ්’ නීති විද්‍යාලයේ විශේෂ කතාවක් පැවැත්වීමට ලාංකික නීති ශිෂ්‍යයකු තෝරාගත් පළමු අවස්ථාව මෙයයි. කැනඩාවේ උපන් ඩිලන් මහේන් ගුණරත්නගේ මවුපියෝ ලාංකිකයෝය. ඩිලන්, සිය ප්‍රථම උපාධිය ලබාගත්තේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ‘කැල් ස්ටේට්’ විශ්වවිද්‍යාලයෙනි. ඉන්පසු ඔහු කැනඩාවේ ටොරොන්ටෝ නුවර ‘වයිටීවී’ නාළිකාව හා සම්බන්ධවී කටයුතු කළේය. ‘සවුත් වෙස්ටරන්’ නීති…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩල නියෝජිත කණ්ඩායමක් අද (11) සිට මැයි මස 23 වනදා දක්වා ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ පළමු ඇගයීමට පෙර නිත්‍ය උපදේශන ක්‍රියාවලියේ පියවරක් ලෙස ඔවුන් ලංකාවට පැමිණීමට නියමිත බවයි එම අරමුදල සඳහන් කරන්නේ. මෙම සංචාරය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා – පැසිෆික් කලාප අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා සිරිනිවාසන්ද එක්විමට නියමිත බවයි සඳහන් වන්නේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල අද දින (10) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලි මීටර 75 ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර…
මධ්‍යම ආසියානු රාජ්‍යයක් වන කසක්ස්තානයේ හමුදා ශක්තිය වැඩි දිරීමට තමන් පූර්ණ සහාය ලබා දෙන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. කසක්ස්තානය යනු රුසියානු හිතවාදී මධ්‍යම ආසියානු රාජ්‍යයකි. රුසියානු හමුදා කඳවුරු කසක්ස්තානයේ පිහිටුවීම සම්බන්ධයෙන් ද රුසියාවේ අවධානය යොමු වී ඇති බව ජනාධිපති පුටින් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
ඉන්දියාව අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයන කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලබා දී තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකමේ කාලය තවත් වසරකින් දීර්ඝ කර ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත. ණය පහසුකම මෙම වසරේ මාර්තු මස අවසන් වීමට නියමිතව තිබූ අතර ඒ අනුව ණය පහසුකම ලබන වසරේ මාර්තු මස දක්වා කාලය දීර්ඝ කිරීමක් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දෙනු ලැබ තිබේ. තවමත් මෙම ණය පහසුකමේ ඇමෙරිකානු ඩොලර් මිලියන 350 ක පමණ මුදලක් ශ්‍රී ලංකාව භාවිත කර නොමැති බවත් ඒ සඳහා සාකච්ඡාවලින් අනතුරුව ලබන වසරේ මාර්තු දක්වා ඉන්දියාව ශ්‍රී ලංකාවට කල් ලබා දුන් බවත් නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ප්‍රියන්ත රත්නායක මහතා සඳහන් කළ බව…
ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණය කර තිබෙනවා. දූෂිත චෝදනා ලබා සිටින චන්ද්‍රසේන බණ්ඩාර වෙත වාණිජ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) තනතුර පිරිනැමීමට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි සඳහන් වන්නේ. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සියලුම සේවා වාර වලින් ඉවත් වීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.
රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා. මෙරට පුරවැසියන් රැසක් විවිධ සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රම මඟින් ආවරණය ලබාගෙන ඇති බවත්, ඇතැම් පුරවැසියන් පෞද්ගලිකව මුදල් ගෙවා එම පහසුකම් ලබා ගැනීමට කැමැත්තෙන් සිටින බවත් අදාළ කැබිනට් යෝජනාවේ සඳහන් වනවා. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් 2023 අයවැය යෝජනාවක් ලෙස රජයේ රෝහල්වල ගෙවන වාට්ටු ක්‍රමයක් ඇති කිරීමට යෝජනාවක් ඉදිරිපත් කළ අතර, එය පාර්ලිමේන්තුව විසින්ද සම්මත කර තිබුණා. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.