- ලංකාවම අවදානම් කලාපයක්
- සයිබර් අපරාධවල සම්බන්ධ චීන සිරකරුවන් පිරිසක් පිටුවහල් කෙරේ
- ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
- 2029 දී ශිෂ්‍යත්වය වෙනස් වෙයි ද ?
- වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක්
- මාස 6ට රිය අනතුරුවලින් 2,000කට ආසන්න පිරිසක් මරුට
- ප්‍රදේශ කිහිපයකට වැසි
- වන සතුන්ගෙන් සිදුවන බෝග හානි පාලනයට විසඳුම් සෙවීමට කමිටුවක්
Author: Buzzer Editor
අන්තර් පළාත් බස් රථ නිෂ්චිත නැවතුම් පොළ නියමු ව්‍යාපෘතිය මේ මස 15 වැනිදා සිට ආරම්භ වන බවත් එම ව්‍යාපෘතිය කොළඹ සිට ගාල්ල දක්වා මාර්ගයේ පළමුවෙන්ම ක්‍රියාත්මක කරන බවත් ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා ඊයේ (12) පැවසීය. මගීන් බස් රථයට ගොඩකරගැනීම සම්බන්ධයෙන් දුර ගමන් සේවා බස් රථ සහ කෙටි දුර බස් රථ අතර නිරන්තරයෙන් ගැටුම් ඇති වීමට පිළියමක් ලෙස මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව කී මිරැන්ඩා මහතා 2019 වසරේ අනුමැතිය ලැබී තිබූ නව සංඥාාවක් සහිත පුවරු මේ වන විට සවි කරමින් ඇති බව ද සඳහන් කළේය. ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්‍ෂ (සැලසුම්) ආලෝකා කරුණාරත්න මහත්මිය පැවසුවේ…
ඉහල ආදායම් ලබාගත හැකි සිංගප්පූරුවේ හෙද ක්ෂේත්‍රයේ රැකියා ශ්‍රි ලාංකිකයින්ට විවෘත කර ගැනීමට හැකියාව ලැබී ඇති බවත්, කණ්ඩායම් වශයෙන් සිංගප්පූරුවේ රැකියා සඳහා යොමු කිරිම මේ වන විටත් ආරම්භ කර ඇති බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා. ඒ අනුව සිංගප්පූරුවේ රැකියා සඳහා යන පළමු හෙද කණ්ඩායම වශයෙන් හෙද හෙදියන් 36 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් ලබාදීම ඊයේ (12) දිනයේ දී සිදුකර තිබුණා.
Batik Air; ලයන් එයාර් සමූහයේ පූර්ණ සේවා අනුබද්ධිත සමාගම 2023 මැයි 13 සිට මැලේසියාවට සහ ශ්‍රී ලංකාවට නව ගුවන් ගමන් විවෘත කරමින් ජාත්‍යන්තර මාර්ගවල සිය වේගවත් ව්‍යාප්තිය දිගටම කරගෙන යනු ලබනවා. Kompas.com හි උපුටා දක්වා ඇති දානං මැන්ඩලා ප්‍රිහන්තොරො ප්‍රකාශ කළේ: “Batik Air සතියකට හත් වතාවක් පියාසර කරමින් 2023 මැයි 13 සිට ඉන්දුනීසියාවට ශ්‍රී ලංකාවට සම්බන්ධ කරයි.” ප්‍රිහන්ටෝරෝ පැවසුවේ නව මාර්ග ඉන්දුනීසියාවේ ප්‍රධාන ගුවන් මධ්‍යස්ථාන හයක් සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කරන බවයි. නව මාර්ග මැලේසියාවේ ක්වාලාලම්පූර් හරහා ගමන් කරනු ඇත. ක්වාලාලම්පූර් සිට ශ්‍රී ලංකාවේ කොළඹ දක්වා ඉදිරි ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ලබන්නේ Batik Air Malaysia විසිනි. Batik Air Malaysia (කලින්…
“ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ට අපි ගරු කරනවා සේම අපේ රටේ නීතියට ද ගරු කරන ලෙස” ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් කවාජා මහතා ඇතුළු අයිසීසී නියෝජිත කණ්ඩායමෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා ඊයේ (11 වැනිදා) ඉල්ලීමක් කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලන මැදිහත්වීම් සිදු වී ඇත්දැයි සොයා බැලීම පිණිස මෙරටට පැමිණි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් කවාජා ප්‍රමුඛ නියෝජිත පිරිස ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා ඊයේ සවස ක්‍රීඩා අමාත්‍යාංශයේ දී හමු වූ අවස්ථාවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කර ඇත. මෙම නියෝජිත පිරිස පෙරේදා හවස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ද හමු වූ…
ඉස්ලාමාබාද් මහාධිකරණයට පැමිණෙද්දී, අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කෙරුණු පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වහා නිදහස් කරන්නැයි පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (11) නියෝග කළේය. ඉම්රාන් වහා නිදහස් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කළේ ඔහු අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බව පෙන්වා දෙමිනි. පසුගිය 9 වැනිදා හිටපු අග්රා මාත්යයවරයා ඉස්ලාමාබාද් මහාධිකරණය පැමිණියේ ඔහුට එරෙහිව එල්ල වී ඇති දූෂණ චෝදනා සම්භන්ධයෙන් පැවැති නඩුවකට පෙනී සිටීමටය. එම අවස්ථාවේ, අධිකරණ භූමියට පැමිණ සිටි පාකිස්තාන හමුදාවේ අතිරේක බලඇණියක්, පාකිස්තාන ජාතික වගවීමේ කාර්යාංශයේ මෙහෙයවීම යටතේ, ඉම්රාන් අත්ඩඅංගුවට ගත්තේ තවත් දූෂණ චෝදනා කීපයක් සම්බන්ධයෙනි. පාකිස්තාන ජාතික වගවීමේ කාර්යාංශය ඊයේ (11) ඉම්රාන් ඛාන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර අතර, එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයට නියෝග කළේ ඉම්රාන්…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල අද දින (12) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලි මීටර 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බවයි ඔවුන් සඳහන් කරන්නේ. උතුරු සහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර ඌව සහ නැගෙනහිර පළාත්වල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ත් 45 ත් අතර තද සුළං…
පුනර්ජනනීය බලශක්තිය සහ පරිසරය පිළිබඳ වට මේස සාකච්ඡාවක් ශ්‍රී ලංකාවෙි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මියගේ මූලිකත්වයෙන් කොළඹදී පැවැත්විණි. දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන ,බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහත්වරු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් කරා යන ගමනේදී පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ට යොමු වීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු බව ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය. (ලංකාදීප) Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
ලබන ජුලි මාසයේ සිට සතියකට ගුවන් ගමන් වාර 03ක් ශ්‍රී ලංකාව වෙත ක්‍රියාත්මක කිරීමට එයා(ර්) චයිනා ගුවන් සමාගම තීරණය කර ඇති බවට වාර්තා වනවා. ඉදිරි මාසවලදී එම ගුවන් ගමන් වාර සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බවයි සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කළේ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඝන හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය හා ප්‍රතිචක්‍රිකරණ විසඳුම් සේවා සැපයුම්කරු වන Cleantech පුද්ගලික සමාගම පසුගියදා පාරිසරික වගකීම් පිළිබඳ සහ නිසි අපද්‍රව්‍ය කළමනාකරණ භාවිතයන් උදෙසා පිරිනමනු ලබන ISO 14001:2015 තත්ත්ව සහතිකය දිනාගැනීමට සමත්වීය. මෙයට අමතරව කෘත්‍රීම පාරිසරික පද්ධති නඩත්තුකරණය, සනීපාරක්ෂක සේවා පහසුකම් සැපයීම Cleantech හී තවත් සේවාවන් ලෙස හඳුන්වාදීය හැකිය. Cleantech පුද්ගලික සමාගමේ තත්ත්ව සහතික ප්‍රධානී ජනුක කුලරත්න මහතා මෙම ජයග්‍රහණය පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය.”Cleantech සමාගම මෙබඳු ජාත්‍යන්තර වශයෙන් පිළිගත් තත්ත්ව සහතිකයකින් පිදුම් ලැබීම අපගේ පාරිසරික විශිෂ්ටත්වය නැවත නැවතත් තහවුරුකිරිමක් ලෙස සලක්න පුළුවන්. අප සෑමවිටම අපගේ පාරිභෝගිකයන් වෙනුවෙන් වඩාත් හොඳ තිරසර පාරිසරික විසඳුම් සැපයීමට කටයුතු කරනු ලබනවා.…
දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කතානායකවරයා සිය සහතිකය සටහන් කළේය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව අනුව 2023 මැයි 08 දින “දේශීය ආදායම් (සංශෝධන)” පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (10) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය. එම පනත් කෙටුම්පත පසුගිය අප්‍රෙල් 28 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඒ අනුව, කථානායකවරයාගේ සහතිකය සටහන් කිරීමත් සමග “දේශීය ආදායම් (සංශෝධන)” පනත් කෙටුම්පත 2023 අංක 04 දරන “දේශීය ආදායම් (සංශෝධන)” පනත වශයෙන් බලාත්මක වේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.