- ලංකාවම අවදානම් කලාපයක්
- සයිබර් අපරාධවල සම්බන්ධ චීන සිරකරුවන් පිරිසක් පිටුවහල් කෙරේ
- ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
- 2029 දී ශිෂ්‍යත්වය වෙනස් වෙයි ද ?
- වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක්
- මාස 6ට රිය අනතුරුවලින් 2,000කට ආසන්න පිරිසක් මරුට
- ප්‍රදේශ කිහිපයකට වැසි
- වන සතුන්ගෙන් සිදුවන බෝග හානි පාලනයට විසඳුම් සෙවීමට කමිටුවක්
Author: Buzzer Editor
රාජකීය ඔස්ට්‍රේලියානු ගුවන් හමුදාවට අයත් KA350 King Air ගුවන් යානයක් ශ්‍රී ලංකා රජයට ප්‍රදානය කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙන බවට සැල වනවා. ශ්‍රී ලංකාවේ ස්වෛරී ගුවන් නාවික නිරීක්ෂණ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා ඔස්ට්‍රේලියානු රජය විසින් එම ප්‍රදානය කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.
සිමෙන්ති මිල අද (14) සිට අඩු කිරීමට තීරණය කළ බව සිමෙන්ති තොග වෙළඳුන් ප්‍රකාශ කර සිටිනවා. එම මිල අඩු කිරීමත් සමඟම කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150කින් අඩුවන අතර එහි නව මිල රුපියල් 2,600 ක් බවයි සඳහන් වන්නේ.
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් අතරේ හමුවක් පැවැත්වීමට නියමිතය. යුක්රේන ජනාධිපතිවරයා, පාප්තුමා හමුවනු ඇත්තේ, රුසියන් යුක්රේන අර්බුදයට වතිකානය මැදිහත් වී සකස් කළ සාම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට යැයි ද පැවැසෙයි. රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ පසුගිය 2022 පෙබරවාරි මාසයේය. ඒ, යුක්රේනය ‘නේටෝ’ සාමාජිකත්වය අපේක්ෂා කළ බැවිනි. උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් ‘නේටෝ’ සංවිධානය යනු ඇමෙරිකාව, කැනඩාව ඇතුළු බටහිර රටවල් එක් වී රුසියාවට එරෙහිව පිහිටුවාගත් යුද සන්ධානයයි. යුක්රේනයට ‘නේටෝ’ සාමාජිකත්වය හිමිවීම රුසියාවට තර්ජනයකි. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ එහෙයිනි. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දින (14) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර 75 ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. සෙසු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර දිවයින පුරා විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ත් 45 ත් අතර තද සුළං ලෙසට පත්විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින්…
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දැනට සක්‍රීයව පවතින “මෝඛා” සුළි කුණාටුව මේ වනවිට චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති හෙයින් ජනතාවට විමසිල්ලෙන් සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සුළි කුණාටුව මේ වනවිට බංග්ලාදේශය දෙසට ගමන් කරමින් තිබුනද එහි බලපෑම නිසා මෙරට ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇති විය හැකි බවටත් 2023 වසරේදී බෙංගාල බොක්ක ආශ්‍රිතව හටගත් පළමු කුණාටුව මෝඛා සුළි කුණාටුව ලෙසින් හැඳින්විය හැකි බවටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය. පැයට කිලෝමීටර 150 – 175 ත් අතර වේගයකින් ඉදිරියේදී සුලිකුණාටුව චණ්ඩ විය හැකි බැවින් විශේෂයෙන් මුහුදු ගමන් යාමෙන් ධීවරයින් වැලකී සිටිය යුතු අතරම එහිදී ගාල්ල , මාතර, හම්බන්තොට, හරහා පුත්තලම, මන්නාරම, යාපනය…
සියලු අන්තර් පළාත් බස් රථ සේවා සඳහා GPS උපකරණ සවි කිරීමට පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිසම ප්‍රකාශ කර සිටිනවා. මේ වනවිට ලියාපදිංචිව ඇති බස් රථවලින් 1/3කට අදාළ උපකරණ සවි කර ඇති බවයි කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා සඳහන් කර සිටියේ. මෙමඟින් බස් රථ කොපමණ වේලාවක් බස් නැවතුම්පොළවල නවත්වාගෙන සිටිනවාද යන්න පිළිබඳවත් නිරික්ෂණය කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබුණා.
මේ දිනවල බොහෝ දෙනා අතර, පැතිර යන උණ, සෙම්ප්‍රතිශ්‍යා රෝගය වෙනුවෙන් අත්බෙහෙත් කීපයක් මෙසේ සටහන් කරමු. මෙය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අත් බෙහෙත් පිළිබඳ නිකුත් කළ ප්‍රකාශනයෙන් උපුටා ගන්නා ලද්දකි. සාමාන්‍ය උණට ප්‍රතිශ්‍යා උණට මෙය කළු ජ්වරයට අයිති ය. සොටු දියර ගැලීම, කැස්ස, හිසරදය සහ උණ එහි ප්‍රධාන ලක්ෂණයයි. චිකිත්සා වශයෙන් එයට ප්‍රධාන කොට ඉඟුරු,කොත්තමල්ලි තම්බා දීමත්, ලංඝන කිරීමෙන් අනතුරුව ඉඟුරු, කොත්තමල්ලි, තිප්පිලි සහිත ලාජා ( විලඳ) පේයාව සහිඳ ලුණු දමා දීමත් හිතකර ය. විලඳ නැත්නම් බැදිහාල් යෙදිය හැකි ය. ඊට පසු ඉඟුරු, කොත්තමල්ලි, එළබටු මුල්, කටුවැල්බටු, ආඩතෝඩා මුල් කලං 2යි, මන්චාඩි 8 බැගින් වතුර පත 8 -1 ට සිඳ පෙරා සීනි,…
බංග්ලාදේශය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති තෙවැනි හා අවසන් පන්දු වාර 20-20 තරගයෙන් ද ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරග තුනකින් යුත් තරගාවලිය 2-1 ක් වශයෙන් ජය ගැනීමට ඊයේ (12 වැනිදා) සමත් වූහ. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවති එම අවසාන තරගයෙන් ලකුණු 44 ක විශිෂ්ට ජයක් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ට හිමිවිය. මුල් තරග දෙක අවසානයේ කණ්ඩායම් දෙකම තරග එක බැගින් ජයගෙන 1-1 ක් වශයෙන් සම මට්ටමේ සිටි අතර ඊයේ පැවති තරගයෙන් ලද ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගාවලිය ජයග්‍රහණය කළහ. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 3ක් දැවී ලකුණු 158 ක් ලබාගත්…
තමා ‘ට්විටර්’ සමාගමේ ප්‍රධාන විධායක ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ බවත්, එම ධුරයට ලින්ඩා යකැරිනෝ පත් කළ බවත් ‘ටිවිටර්’ සමාගම මිලට ගෙන සිටින බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක් පවසා තිබේ. මස්ක් මේ බව පවසා ඇත්තේ ද සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමිණි. දැන්වීම් ක්ෂේත්‍රයේ හසල අත්දැකීම් ඇති ලින්ඩා යකැරිනෝ තව සති 6 කින් ‘ට්විටර්’ සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස රාජකාරි ආරම්භ කරනු ඇතැයි ඉලොන් මස්ක් පැහැදිලි කර තිබේ. ලින්ඩා දශකයකට වැඩි කාලයක් ‘එන්බීසී යුනිවර්සල්’ රූපවාහිනී සමාගමේ ප්‍රධානියා ලෙස කටයුතු කළාය. දැන්වීම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු ලෙස ලින්ඩා යකැරිනෝ ප්‍රකටය. ලින්ඩා, ලිබරල් කලා සහ විදුලි සංදේශ හැදෑරූ පෙන් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර 75 ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්. සෙසු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර දිවයින පුරා විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ත් 45 ත් අතර තද සුළං ලෙසට පත්විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.