Author: Buzzer Editor

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් අද දින (23) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More

ජාතික චිත්‍රපටි සංස්ථාව ජාතික චිත්‍රපට නියාමන කොමිසම බවට පත් කිරීම සඳහා අවශ්‍ය පනත් කෙටුම්පත මේ වන විට සකස් කර අවසන් බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. රටෙි දියුණු මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම උදෙසා සැබෑ උනන්දුවක් ඇති පිරිස් වෙනුවෙන් නිශ්චිත ඉගෙනුම් ආයතනයක් පිහිටුවීම පිළිබඳව මේ දිනවල සාකච්ඡා කෙරෙමින් පවතින බවද කොළඹ සරසවි චිත්‍රාගාරය පරිශ්‍රය පාදක කර ගනිමින් සිනමා අධ්‍යයනය පිළිබඳව උසස් අධ්‍යාපන ආයතනයක් ඉන්දියා රජයේ ද සහයෝගය ලබාගනිමින් පිහිටුවීම සඳහා ද අවධානය යොමු වී තිබෙන බව අමාත්‍යවරයා කීය. කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ දී පැවති ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ සංවත්සර වැඩසටහන අමතමින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා…

Read More

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම අද (23) මධ්‍යම රාත්‍රී 12.00 සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම තහනම් වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. 2022 අපොස සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන මැයි 29 සිට ජුනි 08 වනදා දක්වා දිවයින පුරා විභාග මධ‍්‍යස්ථාන 3,568කදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More

2023 ආසියානු බාලක හා බාලිකා 12 න් පහළ ටෙනිස් තරගාවලිය සඳහා දකුණු ආසියානු කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලිය පෙරේදා නිමාවට පත්විය. එහිදී නේපාලය සහ භූතානයට එරෙහිව ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ජයග්‍රහණය කළ අතර බංග්ලාදේශය සහ ඉන්දියාව හමුවේ පරාජය විය. බාලිකා කණ්ඩායම භූතානය, නේපාලය, බංග්ලාදේශයට එරෙහිව ජයග්‍රහණ වාර්තා කළ අතර ඉන්දියාව හමුවේ පරාජය විය. ඒ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා බාලක සහ බාලිකා කණ්ඩායම් පහත දැක්වේ. පිරිමි කණ්ඩායම. තේවනේසන් සුබ්‍රමනියම් (පුහුණුකරු – බාලක කණ්ඩායම) කුරුණෑගල මලියදේව විද්‍යාලයේ යුධීර්ය අතපත්තු, මීගමුව ශාන්ත ජෝශප් විදයාලයේ නෙතුෂාන් පුළුනාත්, කොළඹ 10 ආනන්ද විද්‍යාලයේ දම්සත් පීරිස් බාලිකා කණ්ඩායම. අබරජිතන් කජෙන්තරන් (පුහුණුකරු – බාලිකා කණ්ඩායම) බම්බලපිටිය ශුද්ධ වූ…

Read More

ජපානයේ හිරෝෂීමා නගරයේ පැවැත්වෙන ‘ජී7’ සමුළුවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද සහභාගී වෙයි. සමුළුවට සහභාගී වුණු යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ මෝදි අතර හමුවක් සමුළුවට සමගාමීව පැවැත්විණි. රුසියන් යුක්රේන ආක්‍රමණය ආරම්භ වීමෙන් පසු, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී සහ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි අතර මුහුණට මුහුණ හමුවක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙයයි. යුද්ධය අවසන් කිරීමට දේශපාලන විසදුමක් අවශ්‍ය යැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා යුක්රේන ජනාධිපතිවරයාට පැහැදිලි කළේය. (NDTV) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් අද දිනයේ (22) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. උතුරු පළාතෙත් අනුරාධපුර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර 40 ක පමණ තද සුළං ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More

බංකොලොත් බවින් මිදුණු අභිමානයෙන් ජීවත්විය හැකි රටක් ගොඩනැගීමට සියලුදෙනා එක්ව කැපවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කෑගල්ල අරණායක “අසුපිණි ඇල්ල ජල යෝජනා ක්‍රමය” ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, මාවනැල්ල සහ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාවලට අයත් ග්‍රාම නිලධාරී වසම් 135ක පැවති පානීය ජල ගැටලුවට විසඳුම් ලබා දෙමින් රජයේ රුපියල් මිලියන 3,847ක මූල්‍ය ප්‍රතිපාදන සහ නෙදර්ලන්ත රජයේ රුපියල් මිලියන 18,650ක ණය ආධාර යටතේ මෙම ජල යෝජනා ක්‍රමය ක්‍රියාවට නැංවිණි. එහි ඉදිකිරීම් 2018 වසරේ ආරම්භ විය. දිනකට ඝන මීටර 21,000ක ධාරිතාවයකින් යුත් ජල පිරිපහදුවක්, සේවා ජලාශ 07ක්, කිලෝ මීටර් 37ක සම්ප්‍රේෂණ…

Read More

යල කන්නයේ වී වගා කරන ගොවීන්ට පොහොර මිලදී ගැනීම සඳහා සහනාධාර වවුචර්පත් නිකුත් කිරීම අද (22) දිනයේ සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය පරිදි ගොවීන් 650,000ක් සඳහා එම මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමට පියවර ගන්නා බවය් කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ. මෙම වැඩසටහන යටතේ වී වගා කරන හෙක්ටයාර් එකකට රුපියල් 20,000ක් හා හෙක්ටයාර් දෙකක් සඳහා රුපියල් 40,000ක් වශයෙන් සහනාධාර මුදලක් ලබාදීමට නියමිතයි. මෙවර යල කන්නයේ වී වගා කරන ගොවීන් 650,000ට මෙම වවුචර්පත් නිකුත් කිරීම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සිදුකරන අතර මෙම වවුචර්වලින් ගොවීන්ට රසායනික පොහොර හෝ කාබනික පොහොර පමණක් මිල දී ගත හැකි බවයි සඳහන් වන්නේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය තෝරා පත් කර ගැනීම සඳහා පැවැත්වූ නිලවරණයේදී 2023 සිට 2025 දක්වා කාලය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා නිතරගයෙන් තේරී පත් විය. මෙම තීරණය අභියාචනාධිකරණයේ විශ්‍රාමලත් විනිසුරුවරියක වන මාලනී ගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන්, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ශිරෝමි පෙරේරා හා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික සුනිල් සිරිසේන යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව විසින් ප්‍රකාශයට පත් කර ඇත. සිල්වා මහතාගේ නිලවරණය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලෙස ඔහුගේ 3 වැනි ධුර කාලය සනිටුහන් කරන අතර, 2 වැනි වරටත් නිතරගයෙන් තේරී පත් විය. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු…

Read More

ඇෆ්ගන් තලේබාන් රජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මෞලවි අබ්දුල් කබීර් පත් කිරීමට තලේබාන්වරුන් පියවර ගෙන තිබේ. තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර හිතවාදී රජය පෙරළා බලය අල්ලා ගනිමින් ඔවුන්ගේම රජයක් පිහිටුවා ගත්තේ 2021 වසරේ අගෝස්තුවේය. ඒ, ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පියවී ගිය සැණින්ය. 2020 වසරේ දී තලේබාන් නියෝජිතයන් සහ ඇමෙරිකානු රජයේ නියෝජිතයන් අතරේ සාම සාකච්ඡා පැවැත්විණි. ඒ, ඇමෙරිකන් හමුදා පිටව යෑමෙන් පසු ඇෆ්ගනිස්තානයේ අනාගතය සම්බන්ධයෙනි. සාම සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ කටාර් රාජ්‍යයේ දෝහා නුවර තලේබාන් සාම කාර්යාලය හරහාය. එම සාකච්ඡා සඳහා වැදගත් කාර්යයක් ඉටු කළ අයකු ලෙස 60 හැවිරිදි මෞලවි කබීර් සැලකිය හැකිය. ඒ අනුව, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සමඟ යහපත් සබඳතා ඇති අයකු…

Read More