- ලංකාවම අවදානම් කලාපයක්
- සයිබර් අපරාධවල සම්බන්ධ චීන සිරකරුවන් පිරිසක් පිටුවහල් කෙරේ
- ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
- 2029 දී ශිෂ්‍යත්වය වෙනස් වෙයි ද ?
- වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක්
- මාස 6ට රිය අනතුරුවලින් 2,000කට ආසන්න පිරිසක් මරුට
- ප්‍රදේශ කිහිපයකට වැසි
- වන සතුන්ගෙන් සිදුවන බෝග හානි පාලනයට විසඳුම් සෙවීමට කමිටුවක්
Author: Buzzer Editor
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ (UNGA) 78 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාව උප ජනාධිපති ලෙස කටයුතු කිරීමට ඒකමතිකව තෝරා ගන්නා ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස ආසියා පැසිෆික් කලාපය සඳහා සුදුසු තනතුර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මහතාට 2023 සිට 2024 සැප්තැම්බර් දක්වා හිමිවනු ඇත. මොරොක්කෝව, බොලිවියාව, කොංගෝව, එස්තෝනියාව, ගැම්බියාව, අයිස්ලන්තය, මැලේසියාව, ඉරානය, සෙනගාලය, සිංගප්පූරුව, සුරිනාමය, උගන්ඩාව, උස්බෙකිස්තානය, සැම්බියාව සහ නෙදර්ලන්තය ද සැප්තැම්බර් 12 – 25 දක්වා පැවැත්වීමට නියමිත 78 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සඳහා තේරී පත් වූ උප සභාපතිවරුන් 21 දෙනා අතරට ඇතුළත් වේ.
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල පහළ දැමීමට ලිට්රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.
ඉන්දියාවේ මගී දුම්රිය දෙකක් එකිනෙක ගැටී 207 දෙනකු මියගිය බවත්, 1000 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවත් වාර්තා වේ. තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි යැයි මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ ඔඩිෂා ප්‍රාන්තයේ බලසෝර් දිස්ත්රික්කයේය. දුම්රිය දෙක එකිනෙක හැපුණේ සංඥා දෝෂයක් නිසා යැයි පැවැසෙයි. සිද්ධිය ගැන පුළුල් විමර්ශනයක් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. දුම්රිය මැදිරි දුම්රිය මාර්ගයෙන් පිටතට විසිවී පෙරැළී ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. අනතුරට ලත්වූයේ කොල්කටා සිට චෙන්නායි දක්වා ධාවනය වන ‘කොරොමැන්ඩල් එක්ස්ප්‍රෙස්’ ශීඝ්‍රගාමී මගී දුම්රිය සහ ‘යෂ්වෝන්ත්පූර් එක්ස්ප්‍රෙස්’ ශීඝ්‍රගාමී මගී දුම්රියයි. (ANI) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
නිරිත දිග මෝසම ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද දිනයේ (04) බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මිලි මිටර 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝ මීටර 40 ත් 45ත් අතර තද…
ජපාන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය මෙන්ම ජපන් ණය මත ක්‍රියාත්මක දැනට අත්හිටුවා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සහ නව ව්‍යාපෘති ආරම්භ කිරීම රඳා පවතින්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවල ප්‍රගතිය මත බව ජපාන තානාපති කාර්යාලය පවසයි. ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ මූල්‍ය පහසුකම් යටතේ ආරම්භ කිරීමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.2 ක සැහැල්ලු දුම්රිය පද්ධතිය නැවත ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදි.මාලඹේ සහ කොළඹ කොටුව යා කරමින් මෙම මාර්ගය ඉදිකිරීමට නියමිතය. යහපාලන රජය මගින් ආරම්භ කිරීමට තීරණය කරන ලද මෙම ව්‍යාපෘතිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය මගින් නැවත්වීමට තීරණය කරන ලදි.පසුගියදා පැවති ජපාන සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
2021/12/31 වන දිනට සේවා කාලය සම්පූර්ණ කළ හා ගුරු ස්ථාන මාරු ලිපි ලැබී ඇති සියලුම ගුරුවරු ජූනි මස 12 වනදා වන විට සේවා ස්ථානයට වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. යම් ගුරුවරයෙකුට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම්, සේවයට වාර්තා කිරීමෙන් පසු විදුහල්පති මඟින් අභියාචනය ගුරු මාරු අංශයට යොමු කළ හැකි බවයි එම අමාත්‍යංශය සඳහන් කරන්නේ. මේ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු මාරු අංශයට පෞද්ගලිකව පැමිණීම අවශ්‍ය නොවන බවත් අභියාචනයට යොමු කළ අයදුම්පත් පිළිබඳ අභියාචනා තීරණය කඩිනමින් දැනුම් දෙන බවත් අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරනවා.
ණය සීමාව ඉහළ දැමීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට එක්සත් ජනපද කොංග්‍රසය සමත් විය. ඒ අනුව, ඒ අනුව ලොව විශාලතම ආර්ථිකය හිමි අමෙරිකාව, ණය පැහැරහැරෙතැයි ඇතිව තිබු සැකය මඟහැරී ගියේය. ඇමෙරිකන් මාධ්‍ය සඳහන් කළේ, ඡන්ද 63-36ක් ලෙස එම යෝජනාව සම්මත වී ඇති බවය. කෙටුම්පත අනුමත නොවුයේ නම් ඩොලර් ට්‍රිලියන 31.4ක ණය පැහැරහැරීමක් සිදුවීමට ඉඩතිබුණි. අනුමත වූ යෝජනාවට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අත්සන් කළ යුතුව තිබුණි. (CNN) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
අද දිනයේ (03) නිරිත දිග මෝසම ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මිලි මිටර 100ක පමණ තද වැසි ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝ මීටර 40 ත් 45ත් අතර තද සුළං ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය…
ලංකාවේ කෘෂිකර්මය දියුණු කිරීම සඳහා ලෝක ප්‍රකට මයික්‍රොසොෆ්ට් ආයතනයේ හිමිකරු බිල් ගේට්ස් මහතාගේ බිල්ගේට්ස් පදනම ඉදිරිපත් වී සිටී. කෘෂි ක්ෂේත්රයේ ඵලදාව වැඩි කිරීම හා පෝෂණය වැඩි කිරීමේ කටයුතු වෙනුවෙන් ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ මෘදුකාංගයක් හදුන්වාදෙමින් බිල්ගේට්ස් පදනම මෙරට කෘෂිකර්මය නැංවීමට ඉදිරිපත්ව සිටින අතර ඒ සඳහා වන මූලික සාකච්ඡාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පවත්වා තිබේ. මෙරට කෘෂිකර්මාන්තය කෘෂි කර්මාන්තය දියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 250 ක ප්‍රදානයක් මෙම ව්‍යාපෘතියෙන් ලැබෙන අතර කෘෂි ක්ෂේත්රයේ දත්ත එකතු කිරීම සහල් සහ අනෙකුත් භෝග වගාවන්ගේ පෝෂණය වැඩි කිරීම මෙහි මූලික අරමුණයි. බිල් සහ මිලින්ඩා ගේට්ස් පදනමෙි නිලධාරීන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
ලෝකවාසී ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් පවත්වන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට (14) යෙදී තිබෙනවා. ධර්මාශෝක රජු සහ දේවානම්පියතිස්ස රජු අතර පැවති රාජ්‍ය තාන්ත්‍රික කල්‍යාණ මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් ලෙස මිහිඳු මාහිමියන් වහන්සේ ලක්දිවට වැඩම කරනු ලැබුවේ අද වැනි පොසොන් පොහොය දිනයකයි. මහින්දාගමනයට අමතරව පොසොන් පුර පසළොස්වක පොහොය දිනය ශාසන ඉතිහාසයේ වැදගත් සිද්ධීන් රැසක් සිදුවූ පොහොය දිනයක් ලෙසද සැලකෙන අතර බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් ප්‍රථමවරට සවණක් ඝණ බුදුරැස් විහිදීම සිදුවූයේද අද වැනි පොහොය දිනක බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ. මෙරට බෞද්ධ ජනතාව පොසොන් පොහොය ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන ලබාදෙමින් සමරනු ලබනවා.