- ලංකාවම අවදානම් කලාපයක්
- සයිබර් අපරාධවල සම්බන්ධ චීන සිරකරුවන් පිරිසක් පිටුවහල් කෙරේ
- ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
- 2029 දී ශිෂ්‍යත්වය වෙනස් වෙයි ද ?
- වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක්
- මාස 6ට රිය අනතුරුවලින් 2,000කට ආසන්න පිරිසක් මරුට
- ප්‍රදේශ කිහිපයකට වැසි
- වන සතුන්ගෙන් සිදුවන බෝග හානි පාලනයට විසඳුම් සෙවීමට කමිටුවක්
Author: Buzzer Editor
ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර, ධවල මන්දිරයට ඉහළින් ආරක්ෂිත ගුවන් කලාපයට කුඩා ගුවන් යානයක් ඇතුළු විය. මෙම ගුවන් කලාපය සිවිල් ගුවන් යානාවලට තහනම් කර තිබේ. එම ගුවන් යානයට ආපසු හැරෙන්නැයි නියෝග කළත් යානයෙන් ප්‍රතිචාරයක් ලැබී නැත. ඒ අනුව, යානයේ පියසැරි මඟ වෙනස් කිරීමට හෝ අවශ්‍ය වුවහොත් එය පහර දී බිම හෙලීමට ඇමෙරිකන් ගුවන් හමුදාවේ එෆ් 16 ප්‍රහාරක ජෙට් යානා, සැකකටයුතු යානය පසුපස ලුහුබැඳ ගියේය. සැක සහිත යානය වර්ජීනියා ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශයකට කඩා වැටී පිපිරී විනාශ විය. යානයේ කිසිවකු නොසිටි බව පොලිසිය සහ ගුවන් හමුදාව පසුව පැවැසුවේය. (අල් ජසීරා) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
අද දිනයේ (06) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මිලි මිටර 75 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඌව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලත් විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ත් 45ත් අතර තද සුළං බවට පත්විය…
කොළඹ සිනමා ශාලාවක් තුළ වැටී තිබියදී මීට වසරකට පමණ ඉහතදී අහුලාගත් රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා රන් මාලයක් සුරැකිව තබාගෙන සිටී චිත්‍රපටි නිෂ්පාදකවරයකු වූ අනුර සමරජීව මහතා එහි අයිතිකාරිය හමුවීමෙන් පසු පොසොන් පොහොය දිනයේ ඇයට එය බාර දී ඇත. රන් මාලයේ අයිතිකාරිය වූයේ නුගේගොඩ නාවල ප්‍රදේශයේ පදිංචි ජයමිනි මහත්මියයි. චිත්‍රපට නිෂ්පාදක අනුර සමරජීව මහතා මේ සම්බන්ධයෙන් මෙරට ප්‍රධාන පුවත්පතකට තොරතුරු හෙළි කරමින් මෙසේ පැවසීය. “පසුගිය වසරේ ජුනි මස 16 වැනි දා “ද ගේම්” චිත්‍රපටයේ මංගල දර්ශනය ලිබර්ටි සිනමා ශාලාවේදී පැවැත් වුණා. මේ අවස්ථාවට සහභාගි වූ ප්රේක්ෂකයකු මෙම රන්මාලය අහුලාගෙන අයිතිකරු හොයාගෙන භාර දෙන ලෙස පවසා මට දුන්නා රන්මාලය අහුලා ගත්…
මේ දිනවල ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළයෑම හමුවේ ඖෂධ මිල අඩුකරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා. ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධ මිල ජුනි 15 වනදා සිට 16%කින් අඩු කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්රවෘත්ති අංශයට පිවිසෙන්න.
ලෝක පරිසර දිනය නොහොත් ජගත් පරිසර දිනය අද (05) දිනයට යෙදී තිබෙනවා. “ප්ලාස්ටික් දූෂණය පිටුදකිමු” යන්න මෙවර ජගත් පරිසර දිනයේ තේමාව බවයි මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරන්නේ. මෙම තේමාව යටතේ වැඩසටහන් රාශියක් සංවිධානය කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරනවා. ජගත් පරිසර දිනයේ ප්‍රධාන උත්සවය කොළඹ පිටකොටුව ප්‍රදේශයේ අද පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන එක්දින තරගයෙන් ලකුණු 132 ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 323 ක් ලබා ගැනීමට සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 78 ක්, දිමුත් කරුණාරත්න ලකුණු 52 ක්, සධීර සමරවික්‍රම ලකුණු 44 ක්, පැතුම් නිස්සංක ලකුණු 43 ක්, ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 29 ක් හා වනිඳු හසරංග නොදැවී ලකුණු 29 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් ෆරීඩ් අහමඩ් හා මොහොමඩ් නබි කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත්…
ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ සිදුවුණු දුම්රිය අනතුරින් 300 කට ආසන්න පිරිසක් මියයෑම සහ 1,000 කට වැඩි පිරිසක් තුවාල ලැබීම දැනගත් සැණින් තමන් මහත් සේ කම්පනයට පත්වුණු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත. මියගිය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් ජනාධිති ජෝ බයිඩන් සහ බිරිඳ ජිල් බයිඩන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ශෝකය පළ කර ඇතැයි ද වාර්තා වේ. එය මාරක අනතුරක් බවත් අනතුර ගැන සැලවීමත් අනතුරේ දසුන් පුවත් නාළිකා ඔස්සේ දකින්න ලැබීමත් තමන් කම්පනය කිරීමට සමත් වූ බව බයිඩන් වැඩි දුරටත් පවසා තිබේ. (NDTV) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද දිනයේ (05) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මිලි මිටර 75 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි අතර වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. ඌව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික…
ශ්‍රී ලංකා යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා, ඩුබායිහි ‘ගෝල්ඩන් වීසා’ සම්මානය හිමිකරගත්තාය. කලා, සංස්කෘතිය සහ විනෝදාස්වාදය ඇතුළු විවිධ ක්ෂේත්‍ර සඳහා දායකත්වයක් දුන් පුද්ගලයන්ට ඩුබායිහි බලධාරීන් පිරිනමන ගෞරවනීය සම්මානය ‘ගෝල්ඩන් වීසා’ ලෙස හදුන්වයි. යොහානි සාම්ප්‍රදායික ශ්‍රී ලාංකේය ජන සංගීතය සහ සමකාලීන පොප් සංගීතයේ අනන්‍ය සම්මිශ්‍රණයෙන් ප්‍රේක්ෂකයන් ආකර්ශනය කර ගනිමින් සිටින අතර ‘ගෝල්ඩන් වීසා’ ඇයගේ කලාත්මක විශිෂ්ටත්වය සඳහා වූ නොසැලෙන කැපවීම සහ ගෝලීය පරිමාණයෙන් සංස්කෘතික විවිධත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා කැපවීම ඇගයීමට ලක්කරයි. (ලංකාදීප) Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.
මහජන මතය ඇත්තේ කාටදැයි විමසා බැලීම සඳහා ජනාධිපතිවරණයක් පවත්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආණ්ඩුවට අභියෝග කර සිටිනවා. ඒ අනුව ජනාධිපතිවරණයක් පැවැත්වීම මඟින් ඡන්ද 50% ක් ලබා ගැනීමට හැකියාව ඇත්තේ සහ නැත්තේ කාටදැයි එවිට දැක බලා ගැනීමට හැකියාව ලැබෙන බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ. පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ එකට එක් වුවත් මේ මොහොතේ ඒ කිසිවකට 50%ක ඡන්ද පදනමක් නොමැති බවට ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.