කොළඹ සිනමා ශාලාවක් තුළ වැටී තිබියදී මීට වසරකට පමණ ඉහතදී අහුලාගත් රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා රන් මාලයක් සුරැකිව තබාගෙන සිටී චිත්රපටි නිෂ්පාදකවරයකු වූ අනුර සමරජීව මහතා එහි අයිතිකාරිය හමුවීමෙන් පසු පොසොන් පොහොය දිනයේ ඇයට එය බාර දී ඇත.
රන් මාලයේ අයිතිකාරිය වූයේ නුගේගොඩ නාවල ප්රදේශයේ පදිංචි ජයමිනි මහත්මියයි. චිත්රපට නිෂ්පාදක අනුර සමරජීව මහතා මේ සම්බන්ධයෙන් මෙරට ප්රධාන පුවත්පතකට තොරතුරු හෙළි කරමින් මෙසේ පැවසීය.
“පසුගිය වසරේ ජුනි මස 16 වැනි දා “ද ගේම්” චිත්රපටයේ මංගල දර්ශනය ලිබර්ටි සිනමා ශාලාවේදී පැවැත් වුණා. මේ අවස්ථාවට සහභාගි වූ ප්රේක්ෂකයකු මෙම රන්මාලය අහුලාගෙන අයිතිකරු හොයාගෙන භාර දෙන ලෙස පවසා මට දුන්නා රන්මාලය අහුලා ගත් අහුලාගත් ප්රේක්ෂකයා කවුද කියාවත් මට කිව්වේ නැහැ මාලයේ අයිතිකරු සොයා ගන්නා තෙක් මම එය මගේ බිරිඳට සුරැකිව තබා ගන්නා ලෙස පවසා ඇයට බාර දුන්නා. පසුව එහි අයිතිකරු හමුවීමෙන් පසු මම එම රන් මාලය බාරදුන්නා.” (ලංකාදීප)
Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.