Author: Buzzer Editor

ඉන්දියාවේ දී පැවැත්වෙන අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා උළෙලේ පළමු පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීමට කාලිංග කුමාරගේ සමත් වූයේය. පිරිමි මීටර් 400 අවසන් තරගයේ රන් පදක්කම ජයග්‍රහණය කරමින් කාලිංග කුමාරගේ ක්‍රීඩකයා මෙම දස්කම දැක්වීය. තත්පර 45.64ක කාලයකින් එම තරගය අවසන් කිරීමට ඔහු සමත් වූයේය. කාලිංග මෙම තරගයේ දී තත්පර 46කට අඩු කාලයක් වාර්තා කිරීම කැපී පෙනෙන අතර ඔහු මෙම තරගාවලියේ වාර්තා කළ වේගවත්ම කාලය ද මෙය වේ. මීටර් 400 මූලික වටයේ දී තත්පර 46.76 ක කාලයක් වාර්තා කරමින් කාලිංග අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. එහිදී ඔහු වාර්තා කළ කාලය තත්පර 46.27 කි. අවසන් පූර්ව වටයේ දී පළමු සහ දෙවන ස්ථාන කේරළ…

Read More

ඇමෙරිකාවත් චීනයත් අතර පවතින එදිරිවාදිකම් අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ බෙයිජීං අගනුවරට ගොස් සිටී. ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ චීන විදේශ අමාත්‍ය සිං ගැංග් විසිනි. රාජ්‍ය ලේකම් බ්ලින්කන් සහ චීන විදේශ අමාත්‍ය සිං ගැංග් අතරේ ඇමෙරිකා චීන එදිරිවාදිකම් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි. එම සාකච්ඡා ඉතාමත් ඵලදායී වූ බව ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුව නිකුත් කළ නිවේදනයක සඳහන් වී තිබේ. ඇමෙරිකාවත් චීනයත් අතර ගුවන් ගමන් වැඩි කිරීම සම්බන්ධයෙන් ද ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයාගේත් චීන විදේශ අමාත්‍යවරයාගේත් අවධානයට ලක් විය. යුක්රේන අර්බුදයේ දී චීනයේ සහාය රුසියාවට හිමිවීම, චීන ඔත්තු නිරීක්ෂණ බැලූන ඇමෙරිකාවට ඉහළ අහසේ පියාසර කිරීම,…

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් අද දිනයේ (20) ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරුමැද පළාතේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු මැද පළාත්වලත්, පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ත් 45ත් අතර තද සුළං බවට පත්විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන…

Read More

ලෝකවාසී ඉස්ලාම් බැතිමතුන් ඉමහත් හරසරින් සමරනු ලබන්නාවූ, හජ් උත්සවය ජුනි 29 වනදා සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරනවා. ඒ අනුව දුල් හජ් මාසය සඳහා නව සඳ දර්ශනය වී ඇති බැවින් ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් මෙලෙස ජුනි 29 වනදා හජ් උත්සවය සමරනු ලබන බවයි සඳහන් වන්නේ.

Read More

PUCSL නව සභාපති තනතුරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට නාම යෝජනාවක් ඉදිරිපත් කර ඇත. මෙසේ යෝජනා කර ඇතැයි පැවැසෙන්නේ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වරයෙකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ලබන 26 වැනිදා රැස්වී මේ නාම යෝජනාව පිළිබඳ තීරණයක් ගැනීමට නියමිතය. මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති ජනක රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණු යෝජනාවක් අනුව ඒ තනතුරෙන් පසුගියදා ඉවත් කරනු ලැබීය. ජනක රත්නායක මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා අතර පසුගිය කාලයේදී මත ගැටුමක් ඇතිවිය. රත්නායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවේ ඉන් අනතුරුවය. ජනක රත්නායක මහතාට එරෙහි එම යෝජනාව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 46 කින්…

Read More

අගෝස්තු 1 සිට එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරයා ලෙස රෝහිත බෝගොල්ලාගම පත් කර තිබෙනවා. මීට පෙර ඔහු විදේශ අමාත්‍යවරයෙක් ලෙසද කටයුතු කර තිබෙනවා. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද (19) පැවැත්වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම අතර තරගය Bulawayo හිදී පැවැත්වීමට නියමිතයි. දෙවැනි තරඟය අයර්ලන්තය සහ ඕමානය අතර පැවැත්වෙනවා. තරග දෙකම ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.30 ට ආරම්භ වීමට නියමිතයි. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Read More

ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා සහ අධිරාජිනී මසාකෝ ඉන්දුනීයාවේ ජකර්තා බලා පැමිණියහ. 2019 වසරේ කිරුළ හිමිවීමෙන් පසු, නරුහිතෝ අධිරාජ්‍යයා සහ අධිරාජිනිය නිල සංචාරයක් අරඹමින් ඉන්දුනීසියාව බලා පැමිණි පළමු අවස්ථාව මෙයයි. අග්නිදිග ආසියානු කලාපයේ ආර්ථික බලවතකු ලෙස ඉන්දුනීසියාව සැලකෙයි. අධිරාජ්‍යයා සහ අධිරාජිනිය ලබන 23 වැනිදා තෙක් ඉන්දුනීසියාවේ රැඳී සිටිනු ඇත. ඔවුන් ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ විඩෝඩෝ හමුවනු ඇත්තේ ජනාධිපති මාලිගයේදීය. දෙවැනි ලෝක යුද්ධයේ දී ජපානය ඉන්දුනීසියාව අල්ලා ගෙන සිටියේය. ඒ, වසර තුකත් තිස්සේය. දෙවැනි ලෝක යුද්ධයේ දී දිවි පිදූ ජපාන සහ ඉන්දුනීසියානු සොල්දාදුවන් වෙනුවෙන් හමුදා සැමරුමකට ද අධිරාජ්‍යයා සහ අධිරාජිනිය සහභාගී වීමට නියමිතව සිටි බව ද පැවැසෙයි. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World…

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් අද (19) දිනය තුල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරුමැද පළාතේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද පළාතේත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ත් 45ත් අතර තද සුළං බවට පත්විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම…

Read More

අඛණ්ඩව පාඩු ලබන ‘සතොස’ වසා දැමීමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර තිබේ. ‘සතොස’ ඈවර කර එහි වත්කම් ලංකා සතොසට පැවරීමට යෝජනා වී ඇති බවත් සතොස ඈවර කරන ආකාරය සහ එහි සේවකයන් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සහ කම්කරු අමාත්‍යංශය සමග සාකච්ඡා කරමින් සිටින බවත් වෙළෙඳ අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. (ලංකාදීප) Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More