- සබරගමුවේ සිසුවා මියගියේ නවකවධය නිසා බව හෙළිවෙයි
- වලාකුළු ආවරණය හැකිලීම ගෝලීය උණුසුම තීව්ර කරන බවට අධ්‍යයනයකින් අනතුරු අඟවයි.
- ඉරානය මෙතෙක් භාවිත නොකළ නව මිසයිල ගුවන්ගත කරයි
- දුම්රිය වර්ජනය කල්යයි
- නව අභියාචනාධිකරණ සභාපතිවරයෙක් සහ අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක්
- කෙහෙළියගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් ප්‍රශ්න කිරීමට කැඳවයි
- ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල
- සංචාරක ක්ෂේත්රයේ ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප වර්ධනයට පියවර
Author: Buzzer Editor
ඉරානයෙන් ලබාගන්නා ඛනිජ තෙල් වෙනුවට මෙරට තේ නිෂ්පාදනවලින් පියවීම සඳහා 2021 වසරේදී දෙරටේ රජයන් එකඟතාවට එළැඹි අතර එම ක්‍රමවේදය ලබන ජුලි මස සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ඉරාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සොහොයිල් කෙයිරි සඳහන් කළේ, ශ්‍රී ලංකාව ඉරානයෙන් ලබාගත් අමෙරිකානු ඩොලර් මිලියන 250ක් වටිනා ඉන්ධන වෙනුවෙන් පළමුව තේ අපනයන කරනු ලබන බවයි. එම ගිවිසුමට අනුව මසකට අමෙරිකානු ඩොලර් මිලියන 05ක් වටිනා තේ මාස 48ක් පුරා ඉරානයට අපනයනය කිරීමට සැලසුම් කර තිබෙනවා.
ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තුන්වන තරගය අද (25) පැවැත්වෙනවා. අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර මෙම තරගය බුලවායෝ හිදී ආරම්භවීමට නියමිතයි. ඒ අනුව තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.30 ට ආරම්භවීමට නියමිතව ඇති බවට වැඩිදුරටත් සඳහන් වේ. මෙම තරඟය කෙසේ ජයග්‍රහණය කලත් සුපිරි 6 දෙනාගේ වටයේදී එය කිසිමාකරයකින් බාධාවක් නොවන බවටයි විචාරක මතය වන්නේ. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.
යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගයේදී, රුසියාවේ සහායට සිටි ‘වැග්නර්’ කුලී හේවායන්, රුසියන් ජනපති ව්ලැදිමීර් පුටින්ට ද්‍රෝහි වෙමින්, රුසියාවේ දකුණු දෙසින් පිහිටි රස්තව් – ඔන් – දොන් නගරය ග්‍රහණයට ගෙන තිබේ. ද්‍රෝහීන් බවට පත්වුණු මෙම කුලී හේවායන් දැන් සටන් කරන්නේ යුක්රේනයට සහාය පළ කරමින් බවත්, ඔවුන් රුසියාවේ සන්නද්ධ කැරැල්ලක් ඇති කිරීමට උත්සාහ කරන බවත් වාර්තා වේ. ඒ අනුව, මොස්කව් අගනුවර ඇතුළු රුසියාවේ ප්‍රධාන නගරවල ආරක්ෂාව තර කර ඇතැයි ද පැවැසෙයි. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
අද (25) හෙට (26) දිනවලදී දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි අතර වයඹ පලාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියාව පවතිනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද පළාතේත්…
රජයේ විශ්වවිද්‍යාලයන්හි පමණක් නොව, පෞද්ගලික විශ්වවිද්‍යාල වලත් උසස් අධ්‍යාපනය සඳහා උපාධි පාඨමාලා හැදෑරීමට රජය ක්‍රියාත්මක කරන පොළී රහිත ණය යෝජනා ක්‍රමයේ පහසුකම සලසා දීම ඉතා වැදගත් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පෙරේදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඔහු මෙම අදහස් පළ කළේ විපක්ෂ නායකවරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. උසස් අධ්‍යාපනය සඳහා උපාධි පාඨමාලා හැදෑරීමට රජය ක්‍රියාත්මක කරන පොළී රහිත ණය යෝජනා ක්‍රමයේ 2021/2022 කණ්ඩායම සඳහා ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් නිකුත් වී නොමැති බව පවසමින්, අදාළ ප්‍රශ්නය මතු කළ අවස්ථාවේදීය. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් මහතා අතර හමුවක් ප්‍රංශයේ දී සිදු විය. නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවේ දෙවන දින රාජ්‍ය නායක සැසිය අතරතුර මෙම හමුව සිදුවූ අතර රාජ්‍ය නායක දෙපළ සුහද කථා බහක නිරත විය. ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් මහතාගේ ආරාධනය පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සමුළුවට එක්ව සිටී. (ලංකාදීප) Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
මහජන උපයෝගීතා කොමිසමේ නව සභාපති ලෙස මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පත්කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිව ඇත. ඒ මහතා අද සිය ධුරයේ වැඩ බාරගැනීමට නියමිතය. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
ජුනි මස 30 වැනිදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. නිකුත් කල අදාළ ගැසට් නිවේදනය පහතින්.
2023 ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරඟය අද (23) පැවැත්වීමට සියල්ල සුදානම්ව පවතිනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕමාන කණ්ඩායම අතර මෙම තරඟය පැවැත්වීමට නියමිතව තිබෙනවා. තරගය Bulawayo හිදී ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.30 ට ආරම්භවීමට නියමිතයි. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.
‘ටයිටැනික්’ නැවේ සුන්බුන් නැරැඹීමට කිමිදෙද්දී, ‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ සමාගමේ ‘ටයිටන්’ නමැති කුඩා සබ්මැරීනය අතුරුදන් වූයේ, එය මුහුදු පතුළේ පීඩනයට ලක්වී පොඩි පට්ටම් වී පුපුරා ගිය නිසා යැයි ඇමෙරිකන් වෙරළාරක්ෂකයන් මෙන්ම ඇමෙරිකන් නාවික හමුදාව ද පවසයි. පස් දෙනකුගෙන් සමන්විත ‘ටයිටන්’ සබ්මැරීනය මුහුදු පතුළට කිමිඳීම ආරම්භ කළේ පසුගිය 18 වැනිදා රාත්‍රියේය. ‘ටයිටැනික්’ නැවේ සුන්බුන් ඇත්තේ මීටර් 3,800 ක් මුහුදු පතුළේය. ‘ටයිටන්’ සබ්මැරීනයට මුහුදු මතුපිට සිට එම සුන්බුන් ඇති ස්ථානයට ගත වන කාලය පැය 2 1/2 කි. සබ්මැරීනය සමඟ සියලු සබඳතා නැවැතී ගියේත්, සබ්මැරීනය අතුරුදන් වූයේත් පැය 1 යි මිනිත්තු 45 ක් යද්දීය. සබ්මැරීනය අතුරුදන් වූ බව පැවැසුණු වේලාවේ, ඒ අවට මුහුදු කලාපයේ සිටි…