- දකුණු කොරියාවේ නව ජනපතිට සුබ පතමින් මෝදි කළ ඇරයුම
- කුච්චවේලි මුහුදේදී නාවික හමුදාව සහ සංවිධානාත්මක කණ්ඩායමක් අතර උණුසුම් තත්ත්වයක්
- ජෝන්ස්ටන්ට එරෙහි තවත් නඩුවක් විභාගයට ගැනේ
- පහේ ශිෂ්‍යත්වය අහෝසි ද ? රජයේ ස්ථාවරය
- රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු 2025 IPL කිරුළ තමන් සතු කරගනී
- A330 – 200 අලුත්ම ගුවන්යානය දිවයිනට
- කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම ජුනි 16
- 2025 මැයි මාසයේ දී ඉතිහාසගත සංචාරක පැමිණීමක්
Author: admin
කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් මත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් නියමිත පරිදි ධනුෂ්ක ගුණතිලක නොමැතිව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද පෙරවරුවේ කොළඹ බලා පිටත්ව ගියා. නිව් සවුත් වේල්ස් පොලිස් දෙපාර්තමේන්තුව ධනුෂ්ක ගුණතිලකගේ නම සඳහන් නොකර එහි වෙබ් අඩවියේ මෙම තත්ත්වය යාවත්කාලීන කර ඇත.
ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය විසින් කල ඒකාබද්ධ මෙහෙයුමකින් ජනපති ලේකම් කාර්යාලය අරගලකරුවන්ගෙන් මුදාගැනීමට ආරක්ෂක අංශ පියවරගෙන ඇත.
අනුප්‍රාප්තික ජනාධිපති නාමයෝජනා කැදවීම අද හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු හිස්වූ ජනපති අසුන වෙනුවෙන් සහ හිටපු ජනපතිගේ ඉතිරි ධුරකාලය වෙනුවෙන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා පත්කරගැනීම සඳහා ව්‍යවස්ථානුකුලව සහ කථානායකවරයාට ඇති බලතල ප්‍රකාරව නාමයෝජනා කැඳවීම අද දින සිදුකිරීමට නියමිතයි. දැනට අපේක්ෂකයන් හතර දෙනෙකුගේ නම් පිළිබඳව පාර්ලිමේන්තුවෙන් පිටත කතාබහක් ඇතිවී තිබුනද නීත්‍යනුකුලව අද දින කථානායකවරයා ඉදිරියේ එම නාම යෝජනා බාරදීමෙන් පසු එම අපේක්ෂකයන් වෙත අපේක්ෂකත්වයේ නීත්‍යනුකුල භාවය ලැබෙනවා සමගම නිල වශයෙන් ජනතාවටද එම අපේක්ෂකයන් කවරෙක්ද යන වග දැනගැනීමට ලැබෙනවා. අද දින (19) නාම යෝජනා භාරදීමෙන් පසු හෙට දිනයේ පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයකින් ඡන්දබලය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගේ ( කතානායක සමග)…
පසුගිය ජුලි 9වනදා රටේ උද්ගතවූ තත්වය සමගින් ජනපති නිවාස, අරලියගහ මන්දිරය සහ ජනපති ලේකම් කාර්යාලය අරගල කරුවන් අතට පත් වුණා. ඒ සමගම රනිල වික්‍රමසිංහ වත්මන් වැඩබලන ජනපතිගේ පෞද්ගලික නිවසට ගිණි තැබීමද සුවිශේෂී සිද්ධියකි. මෙම ගිනිතැබීම පිටුපස සිටි පිරිස පිලිබඳ විවිධ මත පළවුවත් එම සිද්ධියත් සමග එම ස්ථානයේදීම සැකකරුවන් කිහිපදෙනෙක් අත්අඩංගුවට පත්වුණා. පසුව මෙම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරනු ලැබීමෙන් පසු එහි ආරංචි මාර්ගයකින් පැවසුනේ මෙම ගිනි තැබීම පිටුපස දේශපාලන අතපෙවීමක් ඇති බවයි. පසුව අනාවරණය කරගත් තොරතුරු අනුව සමගි ජන බලවේගය පක්ෂයේ හිටපු අමාත්‍යවරයකුගේ පුත්‍රයකු මෙම ගිණි තැබීමට ඍජුවම සම්භන්ධ බවටත් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බවත් පැවසුනා.නමුත් එම දේශපාලඥයාගේ…
මෙම මස 21 වනදා සිට අඛණ්ඩව ඉන්ධන බෙදීමට කටයුතුකිරීමට බලාපොරොත්තුවන් බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර තිබේ.
අප බොහෝ දෙනා නින්දට පෙර වතුර වීදුරුවක් පානය කිරීමට හුරුවී නැත. එසේ හුරුවුවහොත් අපට හොඳ නින්දක් ලබාගැනීම පමණක් නොව, රුධිර ගමනා ගමනය ද හොඳින් සිදුකර ගැනීමට හැකියාව උදාකරගත හැකි බව වෛද්‍ය පර්යේෂණ මගින් හෙළිකර ගෙන ඇත. විශේෂයෙන්ම බොහෝ දෙනාට උදෑසනට අවදි වනවිට මතුවන දෙපා හිරිවැටීම දෙපාවල මංශ පේශි වේදනාව ද මෙලෙස ජලය වීදුරුවක් පානය මගින් මඟහරවා ගත හැකිය. දිගු වේලාවක් නිදා ගැනීමේ දී දෙපාවලට රුධිර ගමන් කිරීම අඩපණවීම නිසා දෙපාවල මාංශ පේශි විඩාවට පත්වේ. එවිට මාංශ පේශි වේදනාව මස් පිඬු පෙරළීම ආදිය සිදුවිය හැකිය. ජලය වීදුරුවක් පානය කිරීම නිසා රුධිර ගමනා ගමනය හොඳින් සිදුවන බැවින් මෙම අපහසුතා මඟහරවා ගත හැකිය.…