යුද්ධ හමුදා 54 වන පාබල සේනාංකයේ රාජකාරි කරනු ලබන 2 වන ස්වේච්ඡා ශ්රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කෝප්රල් කේ.පී.එම්.එන් ගුණසේකර විසින් 2025.02.11 වන දින මුදලින් රුපියල් 102,220.00 ක් සහ වැදගත් ලියකියවිලි ඇතුලත්වූ මුදල් පසුම්බියක් මන්නාරම නගරයේ බැංකු පරිශ්රයක වැටී තිබියදී සොයා ගෙන එය එහි සැබෑ අයිතිකරු හට ලබා දීම සදහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කර ඇත.
පසුව මන්නාරම පොලිසිය විසින් එම මුදල් පසුම්බිය එහි හිමිකාරිය වූ මන්නාරම පදිංචි සුන්දරරාසා මේරි සුදර්ශනී මහත්මිය වෙත ලබාදීමට කටයුතු කර තිබේ.
මෙම සෙබලියගේ ආදර්ශමත් ක්රියාව යුද්ධ හමුදාව විසින් ප්රදේශවාසී සිවිල් ජනතාව සබැදිව දක්වන මානුෂික බැදීම කදිමට පෙන්නුම් කරයි.
ශ්රී ලංකා යුද්ධ හමුදාවේ ගෞරවය හා ප්රතිරූපය ආරක්ෂා කරමින් යුද්ධ හමුදා කෝප්රල්වරිය විසින් සිදුකරනු ලැබූ මෙම ආදර්ශමත් ක්රියාව හේතුවෙන් මන්නාරම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් මෙම කෝප්රල්වරිය වෙත ඇගයීමේ ලිපියක්ද ප්රදානය කරන ලදී .
