Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි

June 28, 2026

‘Toy Story 5’ සිනමා ඉතිහාසය අලුත් කරයි

June 28, 2026

කඩදාසි රහිතව සිදු කළ නීතිඥවරු දිවුරුම් දීමේ උත්සවය සාර්ථක බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

June 28, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි
  • ‘Toy Story 5’ සිනමා ඉතිහාසය අලුත් කරයි
  • කඩදාසි රහිතව සිදු කළ නීතිඥවරු දිවුරුම් දීමේ උත්සවය සාර්ථක බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
  • GMOA සභාපති ලෙස වෛද්‍ය චන්දික එපිටකඩුව පත්වෙයි
  • අමෙරිකාවෙන් ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන ගබඩාවලට ප්‍රහාර
  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන්න ආණ්ඩුවට අවශ්‍යතාවයක් නෑ…-විජේදාස රාජපක්ෂ
  • ඩෙංගු රෝගීන් 47,500 පනී – මරණ 29ක් දක්වා ඉහළට
  • හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා විපක්ෂයෙන් කථානායකට ලිපියක්
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Monday, June 29
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » නාවික හමුදාව 2024  දි අල්ලපු  මත්ද්‍රව්‍ය සහ මත්පෙතිවල වටිනාකම මිලියන 28158 පන්නයි
News 1 Views

නාවික හමුදාව 2024  දි අල්ලපු  මත්ද්‍රව්‍ය සහ මත්පෙතිවල වටිනාකම මිලියන 28158 පන්නයි

Buzzer EditorialBy Buzzer EditorialJanuary 6, 2025No Comments3 Mins Read1 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ශ්‍රී ලංකා නාවික හමුදාව මෙරට නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන සහ කලාපීය සමුද්‍රීය පාර්ශවකරුවන් හා එක්ව පසුගිය වර්ෂය තුල (2024) සිදුකල මෙහෙයුම් මඟින් මත්ද්‍රව්‍ය හා මත්පෙති ජාවාරම්, අනවසර භාණ්ඩ ජාවාරම් සහ අනවසර සංක්‍රමණ ඇතුළු නීති විරෝධී කටයුතු සිදුකල දේශීය හා විදේශීය පුද්ගලයින් 407 ක් සමඟ, රුපියල් මිලියන 28158 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය හා මත්පෙති ඇතුළු අනවසරයෙන් මෙරටට රැගෙන ඒමට උත්සහ කල භාණ්ඩ විශාල තොගයක් නීතියේ රැහැනට හසුකරදීමට සමත් විය.

මෙරට සාගර කලාපය ඔස්සේ සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම උදෙසා ශ්‍රි ලංකා නාවික හමුදාව, කලාපීය සමුද්‍රීය පාර්ශවයන් හා එක්ව සාගර කලාපය නිරන්තර ආවේක්‍ෂණය කරමින් මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව; ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතන සමඟ එක්ව සිදු කළ විශේෂ ඒකාබද්ධ බුද්ධි මෙහෙයුම් මඟින් සහ ඉන්දීය නාවික හමුදාව සහ මාලදිවයින් වෙරළආරක්‍ෂක බළකාය සමඟ සිදුකල ඒකාබද්ධ මෙහෙයුම් මඟින්, 2024 වර්ෂයේ දී රුපියල් මිලියන 15554 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 622 කට අධික තොගයක්, රුපියල් මිලියන 11508 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් ක්‍රිස්ටල් මෙතම්පිටමයින් (අයිස්) කිලෝග්‍රෑම් 1211 කට අධික තොගයක්, රුපියල් මිලියන 700 කට අධික දළ වීථි වටිනාකමකින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 1752 කට අධික තොගයක්, රුපියල් මිලියන 23 කට අධික දළ වීථි වටිනාකමකින් දේශීය ගංජා කිලෝග්‍රෑම් 119 කට අධික තොගයක් සහ රුපියල් මිලියන 373 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් මත්පෙති 1,179,746 ක තොගයක්, අත්අඩංගුවට ගැනීමට සමත් වූ අතර, නාවික හමුදාවේ තොරතුරු මත පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය, දේශීය ගංජා පැළ 107626 ක් ද අත්අඩංගුවට ගෙන විනාශ කිරීමට සමත්විය. එමෙන්ම, මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් දේශිය ධිවර යාත්‍රා 21 ක් සමඟ සැකකරුවන් 230 ක්, අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇති අතර,  2024 වර්ෂයේ නීතියේ රැහැනට හසුකරගත් තහනම් මත්ද්‍රව්‍ය සහ මත්පෙති තොගයේ දළ විථි වටිනාකම රුපියල් මිලියන 28158 කට අධික වේ.

එමෙන්ම, පසුගිය වර්ෂය තුලදී සිදුකල මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස අලෙවි කිරීමට තැත්කල මත්පැන් බෝතල් 226 ක තොගයක් සමඟ සැකකරුවන් 02 ක්, නීතිවිරෝධී දුම්වැටි 234670 ක තොගයක්, මදන මෝදක 972 ක තොගයක් සමඟ සැකකරුවන් 52 ක්, ගජමුතු 11 ක ප්‍රමාණයක් හා නීතිවිරෝධී ලෙස විදේශ ගත කිරීමට සූදානම් කර තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 04 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 14 ක්, මෙරට මුහුදු කලාපය ඔස්සේ වන සතුන් ජාවාරම් කල යාත්‍රාවක් (01) සමඟ පුද්ගලයින් 05 ක්ද  නාවික හමුදාව මගින් නීතියේ රැහැනට හසුකර දී ඇත.

පසුගිය වසර තුලදී, නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට තැත්කල බීඩී කොළ කිලෝග්‍රෑම් 65687 කට අධික තොගයක්, වියළි කහ කිලෝග්‍රෑම් 7272 කට අධික තොගයක්, ඉඟුරු කිලෝග්‍රෑම් 368 කට අධික තොගයක්, කෘෂි රසායනික දියර බෝතල් 8330 ක් හා පැකට් 56786 ක්, රූපලාවන්‍ය නිෂ්පාදන 727 ක තොගයක් සමඟ ශ්‍රී ලාංකික සැකකරුවන් 81 දෙනෙකු සහ ඉන්දීය ජාතික සැකකරුවන් 03 දෙනෙකු හා ඉන්දීය ඩව් යාත්‍රාවක් නාවික හමුදාව විසින් නීතියේ රැහැනට හසුකර දී ඇත. නීතිවිරෝධී සංක්‍රමණ සහ මිනිස් ජාවාරම් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව  නිරන්තරයෙන් මෙහෙයුම් සිදු කරනු ලබන අතර, 2024 වසරේ සිදුකල මෙහෙයුම් මඟින් නීතිවිරෝධී ලෙස ඉන්දියා‍වේ සිට ශ්‍රී ලංකාවට සංක්‍රමණය වීමට උත්සහ කල පුද්ගලයින් 20 ක් රැගත් යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇත.

තවද, “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනට සමගාමීව, මෙරට සාගර කලාපය ඔස්සේ සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපවත්වා, සමුද්‍රීය ආරක්‍ෂාව තහවුරු කර, සාගරය ඔස්සේ සිදු කෙරෙන ආර්ථික කටයුතු සුරක්‍ෂිතව සිදු කිරීම සඳහා අවශ්‍ය  ස්ථායි සමුද්‍රීය කලාපයක් පෝෂණය කර, ජාතික සමුද්‍රීය අභිලාශය සාක්ෂාත්කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව, නව උපායමාර්ගීක සැලැස්මක් සහිතව 2025 වර්ෂයේදී ද අඛණ්ඩව මෙහෙයුම් සිදුකරනු ලබයි.

featured News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleඅස්වැන්නට හානි කරන පණු උවදුරක්
Next Article පැරණි පොලිස් මූලස්ථානයේ තිබූ cctv කැමරා 7ක් අතුරුදන්
Buzzer Editorial

Related Posts

දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි

June 28, 2026

‘Toy Story 5’ සිනමා ඉතිහාසය අලුත් කරයි

June 28, 2026

කඩදාසි රහිතව සිදු කළ නීතිඥවරු දිවුරුම් දීමේ උත්සවය සාර්ථක බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

June 28, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි

June 28, 2026

‘Toy Story 5’ සිනමා ඉතිහාසය අලුත් කරයි

June 28, 2026

කඩදාසි රහිතව සිදු කළ නීතිඥවරු දිවුරුම් දීමේ උත්සවය සාර්ථක බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

June 28, 2026

GMOA සභාපති ලෙස වෛද්‍ය චන්දික එපිටකඩුව පත්වෙයි

June 28, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 28, 20262 Views

දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි

By Buzzer EditorialJune 28, 202602 Views

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට…

‘Toy Story 5’ සිනමා ඉතිහාසය අලුත් කරයි

June 28, 2026

කඩදාසි රහිතව සිදු කළ නීතිඥවරු දිවුරුම් දීමේ උත්සවය සාර්ථක බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

June 28, 2026

GMOA සභාපති ලෙස වෛද්‍ය චන්දික එපිටකඩුව පත්වෙයි

June 28, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි
  • ‘Toy Story 5’ සිනමා ඉතිහාසය අලුත් කරයි
  • කඩදාසි රහිතව සිදු කළ නීතිඥවරු දිවුරුම් දීමේ උත්සවය සාර්ථක බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
  • GMOA සභාපති ලෙස වෛද්‍ය චන්දික එපිටකඩුව පත්වෙයි
  • අමෙරිකාවෙන් ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන ගබඩාවලට ප්‍රහාර
  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන්න ආණ්ඩුවට අවශ්‍යතාවයක් නෑ…-විජේදාස රාජපක්ෂ
  • ඩෙංගු රෝගීන් 47,500 පනී – මරණ 29ක් දක්වා ඉහළට
  • හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා විපක්ෂයෙන් කථානායකට ලිපියක්
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.