ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL) ජනාධිපති ධූරයට තරග වදින සියලුම අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටින්නේ තම වත්කම් බැරකම් හෙළි කරන ලෙසත් විනිවිදභාවය සඳහා තම පුද්ගලික කැපවීම ප්‍රදර්ශනය කරන ලෙසත්ය.
දූෂිත නායකයින් තවදුරටත් පිළිනොගන්නා බවට ශ්‍රී ලාංකිකයන් පැහැදිලි පණිවිඩයක් ලබාදී ඇති බැවින් විනිවිදභාවය සහ වගවීම සම්බන්ධයෙන් මහජනතාවට ඇති කැපවීම පෙන්වීමට වත්කම් බැරකම් ප්‍රසිද්ධියට පත් කිරීම වැදගත් බව ඔවුන් පෙන්වා දෙයි.
පිරිසිදු දේශපාලන සංස්කෘතියක් සඳහා වන ජනතා ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කරමින් රටට අවශ්‍ය වෙනස සිදු කරන ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා වැඩිදුරටත් ඉල්ලා සිටී.